settings icon
share icon
ප්‍රශ්නය

නැවත උත්පාදනය කරණකොටගෙන කන්‍යාභාවය නැවත ඇති විය හැක්කක්ද?

පිළිතුර


නැවත උත්පාදනය කරණකොටගෙන ඇති වන කන්‍යාභාවය වූ කලී යම් පුද්ගලයෙකුට ලිංගිකත්වයකින් අනතුරුව අධ්‍යාත්මික අළුත් වීම හේතුවෙන් කන්‍යාභාවය නැවතත් ප්‍රතිෂ්ඨාපනය කල හැකි වන්නේ විවාහය තෙක් ලිංගික පවිත්‍රතාවය තබා ගැනීමට ගිවිසුම් දෙමින් සහ දෙවියන් වහන්සේගෙන් කමාව අයදිම තුළිනි. සමහර කාන්තාවන් මෙම නැවත උත්පාදනය කරණකොටගෙන ඇති වන කන්‍යාභාවය යන අදහස ඉතාමත් ඔබ්බට ගෙන ගොස් ඔවුන් සැබවින්ම කන්‍යාවක් ලෙස තමන් ශාරිරකව ප්‍රතිෂ්ඨාපනය කර ගනු වස් ශල්‍යකර්මයන්ට භාජනය කොටගෙන ඇත්තේ ශාරිරක / ලිංගික තත්වය හේතුවෙනි.

"නැවත උත්පාදනය ලැබූ කන්‍යාවන්" බවට පත්වනු සදහා සමහර කිතුණුවන්ට ඇති පීඩනය නම් කිතුණු සහෝදර සහෝදරියන්ගෙන් ඇති විය හැකි ද්‍යෝෂාරෝපණය පිළිබද ඇති බිය හෝ ඇතැම්විට ඇය "නැවත උත්පාදනය ලැබූ කන්‍යාවන්" බවට පත්වනු සදහා පියවර නොගතහොත් විවාහ පූර්ව ලිංගිකත්වයක නියැලි සිටිම හේතුවෙන් දෙවියන්වහන්සේ එම පුද්ගලයාව පිළිගනු නොලබනු සේකැයි යන බිය හේතුකොටගෙනය. මින් එකකුදු හෝ හේතූන් සැලකිල්ලට භාජනය නොකල යුත්තේ දෙවියන්වහන්සේ විසින් අව්‍යාජ හදවතකින් යුක්තව කමාව අයදින්නාවූ සියල්ලන්ටම උන්වහන්සේ විසින් කමාව සහ කරුණාව දානය කරනු ලබන හෙයිනි (1 යොහාන් 1:9). දෙවියන්වහන්සේ විසින් අප තුළ අධ්‍යාත්මිකව ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබ ඇති දේ අප විසින් නැවතත් ප්‍රතිෂ්ඨාපනය කිරීමට තැත් නොකල යුතුවෙමු.

දේව වචනයෙහි පවසනු ලබන්නේ අප නැවත උත්පාදනය ලැබූ කල අප අළුත් මැවිල්ලක් බවට පත්වී අපගේ පරණ ජීවිත මිය ගොස් දෙවියන්වහන්සේගේ ශුද්ධ ආත්මයාණන්වහන්සේ විසින් අපට අළුත් ජීවිතයක් දෙනු ලබන සේක (2 කොරින්ති 5:17). මින් අර්ථවත් වන්නේ විවාහයට පෙරාතුව කන්‍යාභාවය නැති කරනු ලැබීම ඇතුළු අපගේ අතීත අපරාධයන් තව දුරටත් මතක තබා ගැනීමට දෙවියන්වහන්සේ තෝරා ගනු නොලබන සේක් බවය (යෙරමියා 31:34). නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක් මෙන් උන්වහන්සේ අපගේ වරද අපෙන් දුරු කල සේක. (ගීතාවලිය 103:12) විවාහ පූර්ව ලිංගිකත්වය හේතුවෙන් දෙවියන්වහන්සේ විසින් කමාව දෙනු ලබන බවට කිසිඳු සැකයක් නොමැත. යම් පුද්ගලයෙකු විසින් කර ඇති ද්‍යේෂ්‍යයන් හේතුකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය එම පුදගලයාට හීන වී නොයයි.

කෙසේ වෙතත් අපගේ පාපයන් තවදුරටත් අපට එරෙහිව ගණන් ගනු නොලබන නමුත් ඒවා තවමත් ඉතා තාත්වික වන අතර මේ පොළොවෙහි ප්‍රතිවිපාක ගෙන එනු ලබයි. වරක් යම් ක්‍රියාවක් කළද එය කළ අවසන්ය. එසේ හෙයින් ශරීරමය නැවත උත්පාදනය කන්‍යාභාවය හිමි කර ගැනීමට භව්‍ය නොවන්නේ අප විසින් සිදු කරනු ලබන අනෙකුත් පාපයන්හී ප්‍රතිවිපාක ප්‍රතිවර්තනය කිරීමට නොහැකි වා සේමය. අපට අත්හැර දමා ආ හැක්කේ කුමක්දල කෙසේ වූවත්, විවාහ පූර්ව ලිංගිකත්වය අනුබද්ධව ඇති වන වරදකාරිත්වයේ හැගීම්ය. මෙවන් වරදකාරිත්වයන් වනාහී දෙවියන් වහන්සේගේ කමාවදීමේ බලය අනුමාන කිරීමට තුඩු දිය හැක්කේ අප විසින් අපටම සමාව දිය නොහැකි හෙයිනි. අපගේම චිත්තවේගයන් කරණකොටගෙන අප බිය ගැන්වී පාලනය වී හැකි අතර අපට කමාව ලැබ ගැනීමට ඉතාමත් නොමනා බවට හැගී යා හැක. මේ සදහා හේතු කිහිපයක් තිබිය හැක. පළමුවල හෘද්‍යසාක්ෂ්‍ය කමාව දීමට එරෙහිව කථා කරනු ලබයි. හෘද්‍යසාක්ෂ්‍ය වරදකාරිත්වය සහ ද්‍යේෂණය හා සමග කටයුතු කරනු ලබන නමුත් දයාව සහ කරුණාව හා සමග එසේ නොවේ. දෙවනුව, "සහෝදරයන්ට වරදතබන්නා" සාතන්වේ (එළිදරව් 12:10), එසේම දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ කරුණාභාවය අඳුරු කර දැමීමට කළ හැකි සියල්ලම ඔහු විසින් කරනු ලබයි. එනමුත් සාතන් බොරුකාරයෙක් මෙන්ම "බොරුවේ පියා" වේ (යොහාන් 8:44). අපෙගේ වරදකාරිත්ව හැගීම් කරණකොටගෙන අපව අක්‍රීය කිරීම තුළින් ඔහුට ලාභ ප්‍රයෝජනයක් ඇති බව අප විසින් ඒත්තු ගන්නා කල අපට ඔහුගේ බොරු ප්‍රතික්ෂේප කර, ශුද්ධ ලියවිල්ලෙහි ඇති පොරොන්දු වලට ඇළුම් කරමින්, අප පාපයට මිය ගොස් ඇති බවට සත්‍යය වශයෙන්ම විශ්වාස කරමින් අපට ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ වෙනුවෙන් ජීවත් විය හැකිවේ (රෝම 6:11).

අපෝස්තුළු පාවුළුව සලකා බලන්න – ක්‍රිස්තුස්වහන්සේට එරෙහිව කෝපාවිෂ්ට වී "ස්වාමින්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනය කරමින්ද" (ක්‍රියා 9:1), අභක්තික සහ දේව අපහාසයෙන් පිරුණු නමුත් දෙවියන්වහන්සේ ඔහුට කමාව දී සුභාරංචිය මුළු ලොවටම ප්‍රකාශ කරනු වස් පාවුළුව උන්වහන්සේගේ තෝරාගත් බඳුනක් ලෙස පත් කල සේක. පාවුළු කොරින්තිවාසීන්ට ප්‍රකාශ කරනු ලබන්නේ අන් සමහරක් අය රූප වදින්නෝවත්, කාමමිථ්‍යාචාරිකයෝවත්, ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත්, පිරිමින් සමග අනාචාරකරන්නෝවත්, සොරුවත්, බේබද්දෝවත්, නින්දා කරන්නෝවත්, කොල්ලකන්නෝවත් (1 කොරින්ති 6:9–12) වි සිටියද දෙවියන්වහන්සේගේ අපරිමිත යහපත්කම සහ නොමිලයේ දෙනු ලබන කරුණාව කරණකොටගෙන ඔවුන්ගේ පාපයන්හී අපවිත්‍රතාවයෙන් සහ වරදකාරිත්වයෙන් සෝදා හරිනු ලැබල ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම තුළින් යුක්ති සහගත කොට, ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන පවිත්‍ර කරනු ලැබ සහ ක්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ කරුණාවෙන් අලංකාර කරනු ලැබ, දෙවියන් වහන්සේගේ ඇස් හමූහයෙහි ශුද්ධ සහ සම්පූර්ණද කරනු ලබන බවය. ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ කමාව දැන සිටියදීත් අපගේ වරදකාරිත්ව හැගීම් කෙරෙහි එල්බෙනු ලබන්නේ කෙසේද?

නැවත උත්පාදන කන්‍යාභාවය සොයනවා වෙනුවට විවාහ පූර්ව ලිංගිකත්වය නමැති ද්‍යේෂයෙහි යෙදුනු කිතුණුවකු තමන් දෙවියන්වහන්සේ වෙතට කැප විය යුතු මෙන්ම විවාහය තෙක් ලිංගික සංසර්ගයෙහි යෙදීමෙන් වැළකිය යුතුවේ. නැවත උත්පාදන කන්‍යාභාවය හිමි කරගැනීම දේව වචනානුකූල නොවේ. දෙවියන්වහන්සේගේ සම්පූර්ණ කමාව කෙරෙහි මුළු හදවතින්ම විශ්වාස කරමින් මෙන්ම ධර්මිෂ්ඨව සහ උන්වහන්සේට ප්‍රසන්න වන ආකාරයට ජීවත් වීමට තීරණය කිරීම – එකල ඒවා දේව වචනානුකූල වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නැවත උත්පාදනය කරණකොටගෙන කන්‍යාභාවය නැවත ඇති විය හැක්කක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries