settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයේ පොත් මොනවාද? බයිබලය විවිධ පොත් වලින් සමන්විත බව එයින් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


ශුද්ධ බයිබලය යනූ පොත් 66 ක් අඩංගු ලේඛන වල එකතුවකි. බයිබලය කොටස් දෙකකින් සමන්විත වේ. පැරණි ගිවිසුම සහ නව ගිවිසුම. පැරණි ගිවිසුමට පොත් 39 ක් ඇතුළත් වන අතර නව ගිවිසුමට පොත් 27 ක් ඇතුළත්ය.

පරණ ගිවිසුමේ පොත්වල ප්‍රධාන බෙදීම් හතරක් ඇත. පළමු බෙදීම වන්නේ උත්පත්ති, නික්මයාම, ලෙවී කථාව, ගණන් කථාව, සහ ද්වීතීය කථාව යන පංචේන්ද්‍රීයය.

දෙවෙනි බෙදීම ඓතිහාසික ග්‍රන්ථ ලෙස හැඳින්වෙන අතර ලිවුම් 12 ක් ඇතුළත් වේ. යොෂුවා, යූදස්, රූත්, 1 සහ 2 සාමුවෙල්, 1 සහ 2 රාජාවලිය, 1 සහ 2 වංශාවලිය, එස්රා, නෙහෙමියා, සහ එස්තර්.

තෙවන කොටස කාව්‍ය ග්‍රන්ථ (හෝ ප්‍රඥාවන්ත පොත්) ලෙස හැඳින්වෙන අතර ජෝබ්, ගීතාවලිය, හිතෝපදේශ, දේශනාකාරයා සහ සලමොන්ගේ ගීතය (හෝ ගීතාවලියේ ගීතයන්) අඩංගු වේ.

ප්‍රධාන බෙදීම් අනාගතවක්තෘන් 5 දෙනෙකු (යෙසායා, ජෙරමියා, විලාප ගී, එසකියෙල්, සහ දානියෙල්) සහ සුළු අනාගතවක්තෘන් 12 ක් (හොෂෙයා, ජෝවෙල්, ආමොස්, ඔබදියා, ජෝනා, මීකා, නාහුම්, හබක්කුක්, ශෙපනියා, හග්ගයි , සෙකරියා, සහ මලාකි.

නව ගිවිසුමේ ප්‍රධාන අංශ 4 ක්ද ඇතුළත්ය. පළමු කොටස වන්නේ ශුභාරංචි පොත් වන අතර ඒවා මතෙව්, මාර්ක්, ලූක් හා යොහන්ය.

දෙවන අංශයට ඇතුළත් වන්නේ ඓතිහාසික පොත් හා ක්‍රියා පොතය.

තෙවන කොටස වන්නේ ලිපිය. මේවාට පාවුල්ගේ ලිපි 13 ක් ඇතුළත්ය. (රෝම,1 සහ 2 කොරින්ති, ගලාති, එපීස, පිලිප්පි, කොලොස්සි, 1 සහ 2 තෙසලෝනික, 1 සහ 2 තිමෝති, තීතස්, සහ පිලමොන්) සහ ප්‍රධාන ලිපි 8 කි. (හෙබ්‍රෙව්, 1 සහ 2 පේදුරු, යාකොබ්, 1 2 සහ 3 වන යොහන් සහ ජූද්).

සිව්වන කොටසට අනාගතය හෙළි කරන පොත, එළිදරව් පොත ඇතුළත් වේ.

මෙම පොත් 66 හෙබ්‍රෙව්, ඇරමෙයික්, සහ ග්‍රීක භාෂාවෙන් විවිධ කතුවරුන් 40 දෙනෙකු විසින් ආසන්න වශයෙන් වසර 1400 ක් පමණ කාළයක් තුළ ලියා ඇත. මුල් දේවස්ථාන නායකයින් (පැරණි ගිවිසුමේ ලියවිලි සම්බන්ධයෙන් යුදෙව් නායකයන්) විසින් මෙම ලියවිලි තහවුරු කර ඇත. බයිබලයේ පොත් 66 යනු දෙවියන්වහන්සේගේ ආනුභාවලත් වචන වන අතර ඒවා වර්තමානයේ ශ්‍රාවකයන් බවට පත් කිරීමට හා (මතෙව් 28:18-20 ට අනුව යේසුස්වහන්සේ ඔවුන් වෙතට ඇවිත් කතා කොට, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියළු බලය මට පවරා තිබේ. එබැවින් ඔබ ගොස්, සකළ ජාතීන් ශ්‍රාවකයන් කරන්න, පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම ස්නාපනය කරන්න). ඇදහිලි වන්තයන් වර්ධනය කිරීමට භාවිතා කරයි. බයිබලය නිර්මාණය කර ඇත්තේ හුදු මිනිස් ප්‍රඥාවෙන් නොව දෙවියන් වහන්සේ විසින් දේවානුභාවයෙන් (2 පේදුරු 1:20-21 ට අනුව එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි එන දිවැස් වැකියක් කිසිවෙකුට තමා විසින්ම විසඳා ගැනීමට නොහැකි බව පළමුකොට ඔබ දැන ගත යුතුය). වන අතර එය සදහටම පවතිනු ඇත (මතෙව් 24:35 ට අනුව අහසත් පොළොවත් පහව යන්නේය. එහෙත්, මාගේ වචනය කිසිදා පහවී නොයන්නේමය).

බයිබලය බොහෝ මාතෘකා වලට ආමන්ත්‍රණය කරන අතර, එහි ප්‍රධාන පණිවිඩය නම් යුදෙව් මෙසියස් වන යේසුස්ක්‍රිස්තුස් ලොවට පැමිණියේ සියළුම මිනිසුන්ට ගැළවීමේ මාර්ගය ලබාදීම සඳහාය. (යොහන් 3:16 ට අනුව දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක්දැයි කීවොත්, ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. එසේ කළේ, උන් වහන්සේ අදහන සියළු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය). පුද්ගලයෙකු ගැළවීම ලැබිය හැක්කේ බයිබලයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පමණකි. (යොහන්14:16 ට අනුව එවිට මම පියාණන්වහන්සේගෙන් අයැදින් නෙමි: උන්වහන්සේද ඔබ සමඟ සදහටම සිටින පිණිස වෙනත් සහාය දායකයෙකු දෙන සේක, ක්‍රියා 4:12 ට අනුව අන් කිසිවෙකු මඟින් ගැළවීමක් නැත: මන්ද අපේ ගැළවීම සළසා දෙන අන් කිසි නාමයක් මුළු ලොවෙහිම මිනිසුන් අතර නැත). ඇදහිල්ල පැමිණෙන්නේ පණීවිඩය ඇසීමෙන් වන අතර පණිවිඩය ඇසෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ වචනයෙනි. (රෝම 10:17 ට අනූව ඇදහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙනි, පණිවිඩය ඇතිවන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැන දෙසීමෙනි.).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයේ පොත් මොනවාද? බයිබලය විවිධ පොත් වලින් සමන්විත බව එයින් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries