settings icon
share icon
ප්‍රශ්නය

ජීවන පොත නම් කුමක්ද?

පිළිතුර


එළිදරව් 20:15 ප්‍රකාශ කරනුයේ "යමෙකුගේ නම ජීවන පොතෙහි ලියා නැති බව සම්බ වීද ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය." ජීවන පොත වනාහී මෙම පෙළ යෙදුම තුළ දෙවියන්වහන්සේ සමග ස්වර්ගයේ සදාකල් ජීවත් වන අයගේ නම් සමූහයකි. එය වූ කලී ගැලවීම ලැබුවාවූ අයවලූන්ගේ නම් වට්ටෝරුව වේ. – ජීවන පොත පිළිබදව එළිදරව් 3:5; 20:12 හී සහ පිලිප්පි 4ථ3හිද සදහන්වේ; ස්වාමින් වන යේසුස්වහන්සේගේ රුධිරයෙන් මුදවාගනු ලැබූ අයගේ නම්ද එහි අඩංගු බැවින් එම පොත බැටළු පැටවාණන්ගේ ජීවන පොත ලෙස හැදින්වේ. (එළිදරව් 13:8; 21:27).

ඔබගේ නම ජීවන පොතෙහි ලියා තිබෙන බවට ඔබට සහතික වන්නේ කෙසේද? ඔබ ගැළවීම ලබා ඇති බවට සහතික වන්න. පාපය පිළිබදව පසුතැවිලි වී ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්න (පිලිප්පි 4:3; එළිදරව් 3:5). ඔබගේ නාමය ජීවන පොතෙහි ලිවීමෙන් අනතුරුව එය කිසිවිටෙකත් මකා දමනු නොලැබේ (එළිදරව් 3:5; රෝම 8:37–39). කිසිම සැබෑ ඇදහිලිවන්තයෙකු ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔහුගේ සදාකාලික සුරක්ෂිතභාවය පිළිබදව සැක නොකල යුතුය. (යොහාන් 10:28–30)

එළිදරව් 20:11–15 හී විස්තර කොට ඇති මහත් සුදු සිංහාසනය වූ කලී නොඇදහිවන්තයන්ට ඇති විනිශ්චයකි. එම පාඨයෙන් පැහැදිලි වන්නේ එම විනිශ්චයට ඇතුළත් වී ඇති කිසිවකුගේ නම් ජීවන පොතෙහි සදහන් වී නොමැති බවය (එළිදරව් 20:12–14). අභක්තියන්ගේ ඉරණම මුද්‍රා කොට ඇතත ඔවුන්ගේ නම් ජීවන පොතෙහි සදහන් වී නොමැත; ඔවුන්ගේ දඩුවම නියතය.

සමහරුන් එළිදරව් 3:5 පෙන්වා දෙන්නේ යම් පුද්ගලයෙකුට ගැළවීම නැති වි යා හැකි බවට "සාක්ෂියක්" ලෙසය. කෙසේ නමුත් එළිදරව් 3:5 හී සදහන් පොරොන්දුව තුළින් පැහැදිලි වන්නේ ස්වාමින්වහන්සේ විසින් කිසිඳු නමක් මකා නොදමන සේක් බවය; "ජයගන්නා නම්.... ඔහුගේ නම ජීවන පොතෙන් කිසිසේත් මකා නොහැර" ජයගන්නෙකු යනු මේ ලෝකයේ පරීක්ෂාවන් වලින්, බලවත් හිරුහැරයන් තුළින් සහ දුෂ්ටකම් වලින් ජයග්‍රාහිත්වය ලබන්නාවූ කෙනෙකි. වෙනත් වචන වලින් කිවහොත් මුදවා ගනු ලැබූ පුද්ගලයෙකි. ගැළවීම ලැබුවාවූ අය දෙවියන්වහන්සේගේ ලේඛනයේ ලියා තිබෙන අතර ඔවුනට සදාකාලික සුරක්ෂිතභාවය පිළිබද පොරොන්දුව ඇත.

ඇතැම් විට ව්‍යාකූලත්වය ඇති කරවන තවත් පාඨයක් නම් ගීතාවලිය 69:28 වේ: "ඔවුන් (දාවිත්ගේ සතුරන්) ජීවන පොතෙන් මැකීයෙත්වා" මෙම "ජීවන පොත" බැටළු පැටවාණන්ගේ ජීවන පොත හා සමග වරදවා වටහා නොගත යුතුවේ. දාවිත් සදහන් කරනු ලබන්නේ ස්වර්ගයේ සදාකාල ජීවිනය නොව භූමික, භෞතික ජීවිතය පිළිබදය. නික්මයාම 32:32–33 හී සදහන් "පොත" පිළිබදවද මෙය සත්‍යයවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජීවන පොත නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries