settings icon
share icon
ප්‍රශ්නය

දේව සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන්නේ කෙසේද?

පිළිතුර


"ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය" යන පාඨය නව ගිවිසුම තුල දේව සභාවේ (සැබවින්ම ගැලවීම ලැබු සියඵ දෙනාගේ) රූපාලංකාරය බවට පත්වී ඇත. රෝම 12:5 හි දේව සභාවේ හදුන්වන්නේ "ක්‍රිස්තුස් වහන්සේ තුල" එකම සිරුරක් ලෙසය. එසේම 1 කොරින්ති 10:17 හි "එකම සිරුරක්" ලෙසද, 1 කොරින්ති 12:27 සහ එපීස 4:12 හි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙසද, හෙබ්‍රෙව් 13:3 හි "ශරීරය" ලෙසද දේව සභාව හදුන්වා ඇත. එපීස 5:23 සහ කොලොස්සී 1:24 හි දේව සභාවට පැහැදිලිවම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙසට සමානාත්වයක් දී ඇත.

ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට වැඩිය විටදී, උන්වහන්සේට සුදානම් කරන ලද භෞතික සිරුරක් ලබාගත් සේක. (හෙබ්‍රෙව් 10:5, පිලිප්පි 2:7) එතුමාගේ භෞතික ශරීරය මගින් යේසුස් වහන්සේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය පැහැදිලිව, නිශ්චිතව සහ නිර්භිත ලෙස ප්‍රදර්ශනය කළ සේක. එමෙන්ම විශේෂයෙන්ම එතුමාගේ කුරුසිය මත දිවි පිදීමෙන් එම ප්‍රේමය විදහා දැක්වු සේක. (රෝම 5:8) උන්වහන්සේගේ උදාර උත්තානයට පසුව තමන් වහන්සේගේ සේවය ලොව තුල පවත්වාගෙන යනුයේ උන්වහන්සේ මුදා ගත් ජනතාව තුලින් වන අතර, දේව සභාව දැන් දෙවියන්වහන්සේගේ ප්‍රේමය පැහැදිලිවම නිශ්චිතවම සහ උදාර ලෙස ප්‍රදර්ශනය කරයි. මේ මගින් දේව සභාව "ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය" ලෙස ක්‍රියා කරයි.

දේව සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙස හැදින්වීය හැක්කේ පහත සදහන් හේතු සාධක මතය.

1. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට අයත් අවයවයන් වන සියඵ දෙනාම ගැලවීම මගින් ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වී ඇත (එපීස 4:15–26)

2. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට අයත් සියඵ සාමාජිකයන් උන්වහන්සේ හිස මෙන් පිලිගෙන උන්වහන්සේව අනුගමනය කරති (එපීස 1:22,23).

3. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට අයත් සියඵ සාමාජිකයන්ම ක්‍රිස්තුස් වහන්සේව මෙලොවදී භෞතිකව නියෝජනය කරති.

4. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයන් තුල උන්වහන්සේගේ ශුද්ධාත්මය වැඩ වසන සේක (රෝම 8:9).

5. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයන් හට එක් එක් අවස්ථාවන්ට ගැලපෙන ලෙස විවිධ දීමනා ලැබී ඇත. (1 කොරින්ති 12:14–31) එසේම "මනුෂ්‍ය ශරීරයේ" බොහෝ අවයව තිබුණද, ඒ අවයව විවිධාකාර වුවත්, ඒ සියල්ල එකම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ තුලත් සියල්ලන්ම එකම ශරීරයක් වන්නේය (1 කොරින්ති 12:12).

6. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයන් වන අය අනෙකුත් සියඵම කිතුනුවන් සමග පොදු බැදීමක් ඇති කරගෙන ඇති අතර, ඔවුන් අතර එකිනෙකාගේ පසුබිම, ජාතිය හෝ සේවය සම්බන්ධව කිසිම භේදයක් නොමැත. ශරීරයේ බෙදීමක් නොතිබිය යුතුය. එහෙත් සෑම අවයවයක්ම අනෙක් අවයවයන් හට එකාකාරීව සැලකීය යුතුය (1 කොරින්ති 12:25).

7. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයන්ගේ ගැලවීම සුරක්ෂිතය (යොහාන් 10:28–30) කිතුනුවකුට ගැලවීම අහිමි වීමට නම් දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙන් ඔහුව කපා වෙන් කළ යුතුය.

8. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයන් උන්වහන්සේගේ මරණයේ සහ උත්තානයේ පංගුකරුවන් වෙති (කොලොස්සි 8:12).

9. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයන් උන්වහන්සේගේ උරුමක්කාරයන් වෙති (රෝම 8:17).

10. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නැමැති දීමනාව ලබා ගනිති (රෝම 5:17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries