settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර


“ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය” යන වැකිය නව ගිවිසුමෙහි කිහිප වරක්ම භාවිතා ඇති අතර අප වෙනුවෙන් යේසුස්වහන්සේගේ සම්පූර්ණ පව් කමාව සහ උන්වහන්සේගේ ජීවිත පූජාව පිළිබදව කරනු ලබන්නාවූ ප්‍රකාශනයකි. ගැළවුම්කරුවාණන්ගේ රුධිරය පිළිබදව නිර්දේශයන් තුළ අඩංගු වන්නේ උන්වහන්සේ වචනානුසාරයෙන්ම කුරුසිය මත එතුමන්ගේ රුධිරය වැගුරූ බවත් අර්ථාන්විතව කිවහොත් උන්වහන්සේගේ රුධිරය වගුරනු ලැබුවේ සහ ජීවිතය පූජා කරනු ලැබුවේ පව්කරුවන් උදෙසා බවය. සියලූ මනුශ්‍යයන් දීර්ඝ කාලයක් පුරාවටම සිදු කරනු ලැබූ පාපයන් අපරිමිත ප්‍රමාණයටම සමාව දීමට ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරයට බලය ඇත, එසේම එම රුධිරය මත යම් අයවලූන්ගේ ඇදහිල්ල රදා පවතීද ඔවුන් ගැළවෙන්නහුය.

ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරයෙහි යථාර්ථය පාපයට සමාව දීමේ විධික්‍රමයක් ලෙස මූලාරම්භය ගනු ලබන්නේ මෙසෛයික ව්‍යවස්ථාව තුළිනි. වසරකට වරක් පූජකයා විසින් දේවමාලිගයේ පූජාසනය මත මනුෂ්‍යයන්ගේ පාපය වෙනුවෙන් සතුන්ගේ ලේ පූජාවක් ඔප්පු කරනු ලැබිණි. “ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලූ දේවල්ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යයි කියන්ට පුළුවන් වාගේ පෙනේල ලේ වැගිරිමක්ද නැතුව ක්ෂමා කිරීමක්ද නැත” (හෙබ්‍රව් 9:22). එනමුත් මෙම ලේ වැගිරිම එහි කාර්යක්ෂමතාව තුළට සීමා වූ හෙයින් එය වරින් වන ඔප්පු කිරීමට සිදුවුණි. මෙය යේසුසවහන්සේ කුරුසිය මත ”එක් වරක්ම” කළාවූ (හෙබ්‍රව් 7:27) ජීවිත පූජාවට ලකුණු පහළ වීමකි. එම යාග පූජාව ඔප්පු කලායින් පසුව ගොනුන්ගේ සහ එළුවන්ගේ ලේ පිළිබදව අවශ්‍යයතාවයක් නොවුණි.

නව ගිවිසුමේ පදනම ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරයවේ. උන්වහන්සේ කුරුසිපත් වීමට ප්‍රථම රාත්‍රියේ මුද්‍රිකපාන කුසලානය උන්වහන්සේගේ ශ්‍රාවකයක්ට පිරිනමමින් කියනු ලැබුවේ “මේ කුසලාන නුඹලා උදෙසා දෙන මාගේ ලෙයෙහි අළුත් ගිවිසුමය”. (ලුක් 22:20) කුසලානයෙහි මුද්‍රිකපාන වැගිරීම සංකේතාත්මක වනු ලබන්නේ උන්වහන්සේ කෙරෙහි අදහන්නන් වෙනුවෙන් වගුරුවනු ලබන්නාවූ ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරයවේ. කුරුසිය මත යේසුස් වහන්සේගේ ලේ වැගිරීම කරණකොටගෙන පැරණි ගිවිසුමේ සතුන්ගේ ලේ පූජාව කෙරෙහි වූ අඛණ්ඩ අවශ්‍යයතාවය ඉවත් කරනු ලැබූ සේක. මනුෂ්‍යයන්ගේ පාපය තාවකාලිකව වසා ලීමට විනා උන්ගේ ලේ ප්‍රමාණවත් නොවූයේ ශුද්ධ සහ අපරිමිත දෙවියන්වහන්සේට විරුද්ධව කළ පාපය වෙනුවෙන් ශුද්ධ සහ අපරිමිත යාග පූජාවක් අවශ්‍යය වූ හෙයිනි. “නමුත් ඒ යාගවලින් අවුරුදු පතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය” (හෙබ්‍රව් 10:3). ගොනුන්ගේ සහ එළුවන්ගේ ලේ, පාපය පිළිබදව “මතක් කිරීමක්” වූ අතරම “කැළලක්වත් පලූද්දක්වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනිවූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය”. (1 පේත්‍රැස් 1:19) මෙය අප විසින් දෙවියන්වහනසේට ගැතිව සිටින පාපය පිළිබදව වූ ණය සම්පූර්ණයෙන්ම ගෙවන ලද හෙයින් තව දුරටත් පාපය වෙනුවෙන් කිසිඳු යාග පූජාවක් අවශ්‍යය නොවේ. යේසුස්වහන්සේ විසින් උන්වහන්සේගේ මරණ මොහොතේදී “සියල්ල නිම විය” යන්නෙන් අර්ථවත් කරනු ලැබුවේ ගැළවීමේ සම්පූර්ණ ක්‍රියාවලියම සදාකාලයටම අවසන් වූ වගය, මන්දයත් අප වෙනුවෙන් “සදාකාල මිදීම ලබා ගැනීම” තුළිනි (හෙබ්‍රව් 9:12).

ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය ඇදහිලිවන්තයින්ව පාපයෙන් සහ සදාකාල දඩුවමෙන් ගළවා ගන්නවා පමණක් නොව “ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස මළ ක්‍රියා වලින් නුඹලාගේ හෘද්‍ය සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද?” (හෙබ්‍රව් 9:14). මෙයින් අදහස් කරනු ලබන්නේ ගැළවීම ලබා ගනු වස් “මළ ක්‍රියා” ඔප්පු කිරිමෙන් අප නිදහස් වී ඇති මෙන්ම දෙවියන්වහන්සේව සතුටු කරනු වස් නොවටින සහ නිෂ්ඵල මාංශයේ ක්‍රියා තුළ විශ්වාසය තැබීම ආදිය වලිනුත් නිදහස් වී සිටිමු. ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය අපව ගළවා ඇති හෙයින් අප ක්‍රිස්තුස්වහන්සේ තුළ නව මැවිල්ලක් වන්නෙමු. (2 කොරින්ති 5:17) එමෙන්ම අප පාපයෙන් නිදහස් වී සිටින්නේ ජීවමාන දෙවියන්වහන්සේට සේවය කිරීමටත්, උන්වහන්සේට මහිමය ගෙන ඒමට සහ උන්වහන්සේ තුළ සදාකාලයටම ප්‍රීතිමත් වීමටය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය යන්නෙහි අර්ථය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries