settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තියානි මිශ්‍ර පවුල් ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


ශ්‍ර පවුල් වඩ වඩාත් ඉතා ප්‍රකට වෙමින් පවතී. දෙවියන් වහන්සේ පවුල කෙරෙහි ඉතා ඉහළ වටිනාකමක් ලබා දෙන අතර එකිනෙකා රැකබලා ගැනීම සහ උපකාර කිරීම. පුරුෂයන් තම පවුල් හොඳින් කළමනාකරණය කර ඔවුන්ට ගරු කරන දරුවන් ඇති දැඩි කළ යුතුය (1 තිමෝති 3:4). කාන්තාවක් අන් අයට යහපත් දේ ඉගැන්විය යුතු අතර, නිහතමානීව හා යටහත් පහත් ලෙස හැසිරවිය යුතු අතර තරුණ කාන්තාවන්ට තම ස්වාමිපුරුෂයන්ට හා දරුවන්ට ප්‍රේම කළ යුතු ආකාරය පුහුණු කළ යුතුය (තීතස් 2:3-5). අපගේ ඥාතීන්, විශේෂයෙන් අපේ නිවසේ වෙසෙන අයව රැකබලා ගැනීම අතිශයින්ම වැදගත්ය (1 තිමෝති 5:8). දෙවිවහන්සේගේ කැමැත්තට විරුද්ධව කිසිවක් කරන්න කියා දෙමාපියන් දරුවන්ගෙන් ඉල්ලා නොසිටින තාක් කල් දරුවන් තම දෙමාපියන්ට කීකරු විය යුතුයි. (එපීස 6:1-3). දරුවන් වැඩුණු පසු, මහලු වියේදී ඔවුන්ව රැකබලා ගැනීමෙන් දෙමාපියන්ට ආපසු ගෙවීමේ වගකීම ඔවුන්ට ඇත (1 තිමෝති 5:4). මෙම මූලධර්ම පවුල් වලට සමානව අදාළ වේ, මිශ්‍ර හෝ නැති.

විවාහයට වඩා ප්‍රමුඛතාවය දිය යුත්තේ එකම දෙය නම් අප දෙවියන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවයටයි උන්වහන්සේ විවාහයක කේන්ද්‍රස්ථානය වූ විට, උන්වහන්සේ ඉබේම පවුලක කේන්ද්‍රස්ථානය බවට පත්වේ. දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව පළමු සැමියා හා භාර්යාව ලෙස ගෙනාවා. උන්වහන්සේ ආදම්ගේ ඉළ ඇටයෙන් ඒව පිහිටුවා ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ පුරුෂයන් හා ස්ත්‍රීන් තම පියා සහ මව අත්හැර වෙන් කළ නොහැකි ලෙස සදහටම එකට එක්විය යුතු ආකාරයයි (උත්පත්ති 2:24; මතෙව් 19:5). විවාහ ඒකකය ශක්තිමත් වන තරමට, මුළු පවුලම ශක්තිමත් වනු ඇත.

එක් මිශ්‍ර පවුලක් පිහිටුවීම සඳහා පවුල් දෙකක් එකට එකතු වූ විට, ඔවුන් විවිධ කුටුම්භයන්ගෙන් (ගෘහස්ථයන්ගෙන්) විවිධ නීති, විවිධ සම්ප්‍රදායන් සහ විවිධ දේ කරන විවිධ ක්‍රම වලින් පැමිණේ. නව මිශ්‍ර පවුල් ජීවිතයකට මාරුවීමේදී දරුවන් අත්විඳින දැවැන්ත වෙනස්කම් තුළින්, ඔවුන්ට උපකාර කිරීම ඉතා වැදගත්ය. සහයෝගිතාව, ඉවසීම සහ සන්නිවේදනය ප්‍රධාන වේ. දෙමව්පියන්ගේ සහ සුළු දෙමාපියන්ගේ ආදරය තුළ දරුවන් පිළිගැනීමට හා සුරක්ෂිතභාවයට පත්විය යුතුය. විනය සඳහා නීති රීති සකස් කර සියලු දරුවන්ට සාධාරණ ලෙස බලාත්මක කළ යුතුය.

සුඵ-පවුලක් ඇති විට, බොහෝ විට දරුවා හෝ දරුවන් අවිධිමත් මාපිය අවිවාහක දෙමව්පියන් බැලීමට කාලය බෙදී යයි. අනෙක් දෙමව්පියන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට උත්සාහ කරන්න, හැකි නම්, නිවාස දෙකෙහිම විනය / ගෙදර දොරේ වැඩ / නීති පිළිබඳ එකම උපාය මාර්ගයක් අනුගමනය කරන්න. ගෘහස්ථ ව්‍යුහගත හා පුරෝකථනය කළ හැකි කරන්න. අප සැමවිටම එකිනෙකාට සහයෝගය දැක්විය යුතුය; යේසුස්වහන්සේ උන්වහන්සේගේ "සුළු පියා" වන යෝසෙප්ව ඇසුරු කළේ උපකාරය සහ මිත්‍රත්වය සඳහායි. උපකාරක පද්ධතියක අවශ්‍යතාවය (මතෙව් 26:38) සහ ආත්මිකව ප්‍රබෝධයක් ලැබීමට පෞද්ගලික කාලය අවශ්‍ය බව යේසුස්වහන්සේ හඳුනාගත්තේය. පවුලක, අපි සැමවිටම ධෛර්යමත්කම හා අභිවෘද්ධිය නඟා සිටුවිය යුතුය. අප දේවභක්තිය පිළිබඳ හොඳ ආදර්ශයක් විය යුතු අතර, අවංකව හා ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ලබා ගත යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තියානි මිශ්‍ර පවුල් ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries