settings icon
share icon
ප්‍රශ්නය

අවමන් කිරීම යනු කුමක්ද? දේව අපහාසය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


අවමන් කිරීම යනු දෙවියන්වහන්සේට අවඥාවෙන් කථා කිරීම හෝ නොහොබිනා ලෙස නොසලකා හැරීමයි. දේව අපහාසය යනු දෙවියන් වහන්සේගේ නාමය, චරිතය, කාර්යය හෝ ගුණාංග වාචිකව හෝ ලිඛිතව නින්දා කිරීමයි. දේව අපහාසය මෝසෙස්ට දුන් ව්‍යවස්ථාවේ බරපතළ අපරාධයකි. ඉශ්‍රායෙල්වරු දෙවියන්වහන්සේට නමස්කාර කොට කීකරු විය යුතුය. ලෙවි කථාව 24:10-16 හි මිනිසෙක් දෙවියන්වහන්සේගේ නාමයට අපහාස කළේය. හෙබ්‍රෙව්වරුන්ට නාමයක් උචිත ලේබලයක් පමණක් නොවීය. එය පුද්ගලයෙකුගේ චරිතයේ සංකේතාත්මක නිරූපණයකි. දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කළ ලෙවි කථාවේ සිටි මිනිසාට ගල් ගසා මරා දමන ලදී.

යෙසායා 36 අෂූරියේ රජවූ සෙනකෙරිබ්ගේ කතාව හා ඔහු පහර දීමට පෙර යෙරුසලෙම අධෛර්යමත් කිරීමට ගත් උත්සාහය ගැන කියයි. අසිරියාවේ බොහෝ ජයග්‍රහණ පෙන්වා දුන් ඔහු "මේ රටවල සියලු දෙවිවරුන්ගෙන් කවරෙකුට ඔවුන් ගේ ඉඩම් මගෙන් බේරා ගැනීමට හැකි වී ඇත්ද? එසේ නම් සමිඳාණන්වහන්සේ මගේ අතින් යෙරුසලෙම මාගේ අතින් ගලවා ගන්නේ කෙසේද?" (යෙසායා 36:20). ඉශ්‍රායෙලයේ දෙවියන්වහන්සේ අවට ජාතීන් ගේ බොරු දෙවිවරුන්ට සමාන යැයි උපකල්පනය කරමින් සෙනකරිබ් අපහාස කළේය. යුදාහි රජ හෙසකියා දෙවියන්වහන්සේට කළ යාඤාවෙන් මෙම අපහාසය පෙන්වා දෙන අතර, දෙවියන්වහන්සේ තම ගෞරවය ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔවුන් ගලවා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියි (යොසායා 37: 4,17). එහිදී දෙවියන්වහන්සේ සත්‍ය වශයෙන්ම කරනු ලැබූවේ එයයි. යෙසායා 37:36-37 මෙසේ විස්තර කරයි. "ඒ රාත්‍රියේදී ස්වාමින වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්‍ෂ අසූපන්දහසක් දෙනෙකුට පහර දුන්නේය. මිනිසුන් අළුයම නැඟුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළ කඳන් වූහ. එවිට අෂූර්හි රජවූ සෙනෙකෙරීබ් පිටත්ව හැරී ගොස් නිනිවයෙහි වාසය කෙළේය." පසුව, සෙනෙකෙරිබ් ඔහුගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයේදී ඝාතනය කරන ලදී (යෙසායා 37:38).

අනුගාමිකයන්ගේ වගකීම වන්නේ තමන්ගේ හැසීරීම් රටා නිසා දෙවියන් වහන්සේට අපහාස කිරීමට අන් අයව පොළඹවන්නේ නොනැතිව සිටීමට වග බලා ගැනීමයි. රෝම 2:17-24 හි පාවුල්තුමා ව්‍යවස්ථාවෙන් ගැළවීම ලැබූ නමුත් තවමත් පාපයෙහි ජීවත්වන බවට පවසන අයට බැණ වදින්නෙ යෙසායා 52:5 භාවිතා කරමින්ය. "දෙවියන් වහන්සේ ගේ නාමය අන්‍ය ජාතීන් අතරේ ඔබලා නිසා අපහාස කරනු ලබයි. (24 පදය). 1 තිමොති 1:20 පාවුල්තුමා පැහැදිලි කරන්නේ බොරු ගුරුවරුන් දෙදෙනෙකු සාතන්ට අතහැර දමා ඇති නිසා "අපහාස නොකිරීමට උගන්වනු" ඇති බවය. මේ අනුව, බොරු ධර්ම ප්‍රචාරය කිරීම සහ දෙවියන්වහන්සේ ගේ සෙනඟ නොමඟ යැවීම අපහාස කිරීමකි.

යේසුස්වහන්සේ එවකට සිටි ආගමික නායකයන් විසින් කරන ලද විශේෂ අපහාසයක් එනම් ශද්ධාත්මයාණන්වහන්සේට අපහාස කිරීම ගැන කථා කළේය. සිදුවී දෙය නම් යේසුස්වහන්සේ සිදු කළ හාස්කම් වලට පරිසිවරුන් ඇසින් දුටු සාක්‍ෂිකාරයන් වුවද, ඔවුන් ශුද්ධාත්මායාණන්වහන්සේගේ කාර්යය යක්‍ෂයෙකුගේ අභිමුඛයට පවරන ලදී (මාර්ක් 3:22-30). මෙම ශුද්ධ ක්‍රියාව යක්‍ෂනික ලෙස නිරූපණය කිරීම හිතාමතාම දෙවියන්වහන්සේ අවමන් කිරීමට හා ප්‍රතික්‍ෂේප කිරීමට හේතු වූ බැවින් සමාව දීමට නොහැකි විය. අපහාස කිරීම පිළිබඳව වඩාත්ම වැදගත් චෝදනාව වූයේ සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. පූජකයන් හා පරිසිවරුන් යේසුස් වහන්සේව හෙළා දුටුවේ අපහාස කිරීමේ වරද නිසාය (මතෙව් 26:65). යේසුස්වහන්සේ තමන් දෙවියන්වහන්සේ බව පවසන බව ඔවුන් තේරුම් ගනු ලැබුවා. එය සත්‍යයයක් නොවේ නම් දෙවියන් වහන්සේගේ චරිතයට නින්දාවක් වනු ඇත. තමන් දෙවියන්වහන්සේ යැයි කියා ගන්නා යේසුස්වහන්සේ මිනිසෙක් නම්, සැබවින්ම ඔහු අපහාස කරන්නෙකු වනු ඇත. කෙසේ වෙතත්, ත්‍රිත්වයේ දෙවෙනි පූද්ගලයා ලෙස යේසුස් වහන්සේට සත්‍ය වශයෙන්ම දේවත්වය ප්‍රකාශ කළ හැකිය (පිලිප්පි 2:6).

සැබෑව නම්, දෙවියන්වහන්සේගේ මහිමය, ශුද්ධකම, අධිකාරිය, සහ චරිතය පිළිබඳ ව්‍යාජ නිරූපණයක් අන් අයට ලබා දෙන හෝ කරන සෑම අවස්ථාවකම අපි අපහාස කරන්නෙමු. දෙවියන්වහන්සේ දරුවන් වශයෙන් අපගේ ස්ථාවරය වැරදි ලෙස නිරුපණය කරන සෑම අවස්ථාවකම අපි උන්වහන්සේ ගේ කීර්ති නාමයට හානි කරමු. වාසනාවකට මෙන්, අපහාසයේ පාපයට පවා යේසුස් වහන්සේ සමාව දෙනු ලබයි. පේතෘස් යේසුස්වහන්සේගේ අරමුණට පහර දෙනු ලැබුවා (මතෙව් 16:22). පාවුල්තුමා අන්අයට අපහාස කිරීමට උත්සාහ කරන ලදී (ක්‍රියා 26: 9-18). යේසුස්වහන්සේගේම සහෝදරයෝ සිතුවේ එතුමන් උමතුවී ඇති බවය (මාර්ක් 3:21). සියල්ලෝම පසුතැවූන අතර සියල්ලන්ටම සමාව ලැබුණි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවමන් කිරීම යනු කුමක්ද? දේව අපහාසය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries