settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනයේ සදහන් කළු ජාතික මනුෂ්‍යයන් සිටිත්ද?

පිළිතුර


එසේය තරමක් දුරට අපට එය නිශ්චිතව කිව හැකිවේ. දේව වචනය කළු ජාතිකයන් පිළිබදව සදහන් කරනු ලබයි. එනමුත් කිසිම පුද්ගලයෙකු කළු සම ඇති අය බව පැහැදිලිව හඳුනාගෙන නැත. එසේම කිසිම පුද්ලගයෙකුට සුදුසම තිබූ බවද දේව වචනය මගින් හඳුනාගෙනද නොමැත. යම් පුද්ගලයෙකුගේ සමෙහි වර්ණය පිළිබදව දේව වචනයේ සදහන් වන්නේ ඉතාමත් කලාතුරකිනි; කෙනෙකුගේ සමෙහි වර්ණය දේව වචනයේ මූලික පණිවුඩයට අර්ථ විරහිතවේ. දේව වචනයේ වෘත්තාන්තයේ බහුතරය සිදු වනු ලබන්නේ මැද පෙරදිග සහ ඊශ්‍රායලය අවට ප්‍රදේශ වලය. ප්‍රදේශවල "කළු" හෝ "සුදු" ජාතික මනුෂ්‍යයන් පොදු නොවේ. දේව වචනයේ බහුතරයක් දෙනා සෙම්ටික් ජාතිකයින් වන අතර ඔවුන්ගේ ශරීර වර්ණ ලා දුඹුරු පැහැයක් හුරු දුඹුරු පැහැයක් ගනියී. අවසානයේදී දේව වචනයේ සදහන් පුද්ගලයන්ගේ සමෙහි වර්ණය කුමක් වූවත් එය වැදගත් නොවේ.

සමහර විද්වත්හූ අනුමාන කරනු ලබන්නේ මෝසෙස්ගේ බිරිද වන ශිප්පොරා කුෂ් ජාතිකයෙකුවූ හෙයින් (ගණන් කථාව 12:1) ඇය කළු ජාතිකයෙකු වූ බවය. කුෂ් වනාහී අප්‍රිකාවේ යම් ප්‍රදේශයක් හඳුන්වනු ලබන පෞරාණික නාමයකි. (සලමොන්ගේ ගීතිකා 1:5) මෙම පෙළ යෙදුමෙහි ඇයගේ සම කළු වර්ණයක් ගැනීමට හේතුව ඇය හිරු එළියට වීවෘතව වැඩ කිරීම බව සදහන් කළත් ෂුලම්මීය කාන්තාව කළු ජාතිකයෙකු වන්නට ඇත. සමහරුන් යෝජනා කරනු ලබන්නේ බැත්ශෙබා කළු ජාතිකයෙකු වූ බවය (2 සාමුවෙල් 11:3) සමහරුන් විශ්වාස කරනු ලබන්නේ සලොමොන් රජුව බැහැදකීමට ගිය ශෙබාහී රැජිණද (1 රාජාවලිය 10:1) කළු ජාතිකයෙකු වූ බවය. කිරේනියේ සීමොන්ද (මතෙව් 27:32) එසේම ක්‍රියා 13:1 හී සදහන් වන "නීගර් නම් සිමියොන්ද" කළු ජාතිකයන් වන්නට ඇත. ක්‍රියා 8:37 හී ඉතියෝපීය නපුංසකයාද ඒකාන්තයෙන්ම කළු ජාතිකයකු විය. ඉතියෝපියානුවන් පිළිබදව දේව වචනයේ 40 වතාවක් පමණ සදහන් කර ඇති අතර ඉතියෝපියානුවන් කළු ජාතිකයන් හෙයින් මේ කරුණු ඔවුන් පිළිබදව සදහන් කර ඇතැයි අපට උපකල්පනය කළ හැක. අනාගතවක්තෘ වූ යෙරමියා විසින් අසනු ලැබුවේ "ඉතියෝපියාට තමාගේ සම වෙනස් කළ හැකිද?" යන්නය (යෙරමියා 13:23) — ස්වභාවික උපකල්පනය නම් යෙරමියා මෙහිදී යොමු කරනු ලබන්නේ කළු සම පිළිබදව යන්නය. බොහෝ දේව වචන ගුරුවරුන් විශ්වාස කරනු ලබන්නේ කළු ජාතිකයන් නෝවාගේ පුත් හාමිගෙන් පැවත එනු ලබන බව (උත්පත්ති 10:6-20), නමුත් දේව වචනයේ නිශ්චිතව ඒ පිළිබදව සදහන් නොකරන හෙයින් අපට ස්ථිර විය නොහැකි වෙමු. සමෙහි වර්ණය පිළිබදව කථා කරන කළ දේව වචනය නිත්‍ය වශයෙන්ම නිශ්චලය. දෙවියන්වහන්සේට හදවතෙහි ස්වභාවය තරමට සමෙහි වර්ණය වැදගත් නොවේ. සුභාරංචිය වනාහී සමස්ත වශයෙන්ම යහපත් පුවත් වේ. කළු ජාතිකයන්, සුදු ජාතිකයන් සහ ඒ අතර ඇති සෑම පැහැයක්ම ගන්නාවුන්ට ගැළවීම ලබා ගැනීම පිණිස ක්‍රිස්තුස්වහන්සේ වෙතට ආරාධනා කරනු ලබති. දෙවියන්වහන්සේගේ කරුණාව කරණකොටගෙන අපට අපගේ නෙත් සමෙන් ඉවතට ගෙන ප්‍රාණය වෙතට යොමු කර ගත හැකි වෙමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනයේ සදහන් කළු ජාතික මනුෂ්‍යයන් සිටිත්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries