settings icon
share icon
ප්‍රශ්නය

කළු විමුක්ති දේව ධර්මය යනු කුමක්ද?

පිළිතුර


කළු විමුක්ති දේව ධර්මය යනු විශාල වශයෙන් මානවීය, එනම් දරි෿්‍රතාවයෙන් පෙළෙන අය වෙත කිතුණු දේව ධර්මය යොමු කිරීමට ගත් උත්සාහයක් වන අතර එය දකුණු අප්‍රිකානු දේව ධර්මයෙහි අංකුරයක්ය. කළු විමුක්ති දේව ධර්මය සාමාන්‍යයෙන් අප්‍රිකානුවන් වෙත අවධානය යොමු වන අතර, සමාජීය, දේශපාලන, ආර්ථික හෝ ආගමික අප්‍රිකානු-අමෙරිකානු අසාධාරණයෙන් හා වහල්කමින් මුදනාලද අය ලෙස සැබෑ ලෙස හෝ ප්‍රත්‍යක්‍ෂ වූවන්ය.

කළු විමුක්ති දේව ධර්මයෙහි ඉලක්කයවන්නේ "කිතුණු දහම කළු ජාතිකයන්ට සත්‍යවාදී එකක්වීමය". කළු විමුක්ති දේව ධර්මය මූලික වශයෙන් සාවද්‍යවන්නේ එහි ඉලක්කයයි. කළු විමුක්ති දේව ධර්මයෙහි උත්සාහය වන්නේ කිතුණු දහම මෙහි (පොලොවෙහි) සහ දැන් සමාජීය වශයෙන් අසාධාරණයට ලක් වූවන් මුදවා ගැනීමක් මිස ඉන් එහා ජීවිතය පිළිබඳ නොවීමය. යේසුස් වහන්සේ උගන්වනු ලැබුවේ ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක්ය. "මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේය" (යොහාන් 18:36). කළු / අප්‍රිකානු සහ විශේෂයෙන් අප්‍රිකානු-අමෙරිකානුවන්ට අසාධාරණ ලෙස සහ අයුක්ති සහගත ලෙස සහ වර්තමාන ඉතිහාසයේදී ෿ුෂ්ට සලකනු ලැබුවේද? අනිවාර්යෙන්ම සුභාරංවියෙහි එක් ප්‍රතිඵලයක් විය යුත්තේ වර්ගවාදය, පරිහාරය, අගතිය සහ අසමානාත්මතාවයට අවසානයක් ඇතිවීමය. නැවතත් එසේය, අනිවාර්යෙන්ම (ගලාති 3:28). සමාජීය අසාධාරණයෙන් ගැළවීම සුභාරංචියෙහි මධ්‍යය ප්‍රතිපත්තියද? නැත.

සුභාරංචියෙහි පණිවිඩය නම් මෙය වේ. අප සියලුම දෙනා පාපය කරණකොටගෙන ආසාදනයට ලක් වූවන්ය (රෝම 3:23). අප සියලුම දෙනා දෙවියන් වහන්සේගෙන් සදාකාලික වෙන්වීමකට සු෿ුසුකම් ලැබූවන්ය (රෝම 6:23). අපගේ දඬුවම යේසුස් වහන්සේ මත ගනිමින් එතුමන් කුරුසියෙහි දිවි පූජා කරනු ලැබුයේ (2 කොරින්ති 5:21, 1 යොහාන් 2:2) අපට ගැළවීම සපයා දෙමින්ය. ඉන් පසුව එතුමාණන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානවී, එතුමන්ගේ මරණය සැබවින්ම අපගේ පාපයේ දඬුවමට සෑහෙන මිලයක් බව පෙන්වා ෿ුන්සේක (1 කොරින්ති 15:1-4). ගැළවුම්කරු ලෙස අපි අපගේ විශ්වාසය යේසුස් වහන්සේ මත තබන්නෙමු නම්, අපගේ සියලු පාපයන් කමාකර මරණයෙන් පසුව ස්වර්ගයට ඇතුළුවීමේ අවසරය ප්‍රදානය කරනවා ඇත (යොහාන් 3:16). එයයි සුභාරංචිය. මනුෂ්‍යය සංහතියේ සැබෑ වසංගතයට එකම සුවය එයවේ.

යමෙක් යේසුස් වහන්සේ තමන්ගේ ගැළවුම්කරු ලෙස අදහා ගැනීමෙන් පසුව ඇය / ඔහු අලුත් මැවිල්ලක් වන අතර (2 කොරින්ති 5:17), ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට ගොඩනැඟීමේ ඇතුලාන්තර ක්‍රියාවලිය ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ආරම්භ කරනු ලබයි (රෝම 12:1-2). මෙම ආත්මීක පරිවර්තනයෙන්ම පමණය වර්ගවාදය ජය ගත හැකි වන්නේ. කළු විමුක්ති දේව ධර්මය පාපයට පත් වන්නේ එය රෝගයට ප්‍රතිකර්ම නොයොදා රෝග ලක්‍ෂණ ආක්‍රමණය කිරීම නිසාය. පාපය / වැටීම රෝගය වන අතර වර්ගවාදය බොහෝ රෝග ලක්‍ෂණ අතරින් එක් රෝග ලක්‍ෂණයක් වේ. සුභාරංචියෙහි පණිවිඩය නම් යේසුස් වහන්සේ අපගේ සමගි කිරීමේ පූජාව වන අතර ඇදහීම කරණකොටගෙන ගැළවීම ලැබිය හැකි බවත්ය. සෙනඟ සැබවින්ම යේසුස් වහන්සේ අදහා ගැනීම වර්ගවාදයේ අවසානය වන නමු෿ු වර්ගවාදය පිළිබඳ විශේෂයෙන් සුබසුනෙහි සඳහන්කර නැත.

මන්දයත් වර්ගවාදය පිළිබඳ ඉතා තීව්ර ලෙස ප්‍රකාශ කිරීම, කළු විමුක්ති දේව ධර්මයට අශුභවාදී ප්‍රතිඵල ගෙනෙන්නේ එය කළු සහ සු෿ු ජාතික කිතුණුවන් අතර වෙන්වීමක් ඇතිවීමට ආධාර / අනුබල දෙන අතර එය සම්පූර්ණයෙන්ම බයිබලයට අනුකුල නොවේ. ක්‍රිස්තුස් වහන්සේ වහන්සේ පොලොවට පැමිණියේ එතුමන් විශ්වසකරන්නන් එකම විශ්වීය සභාව තුළ එක්සත් කරණ පිණිසත්, එය එතුමාගේ ශරීරය වන අතර, එතුමා එහි හිසත් (එපීස 1:22-23) වේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයවයන් / සාමාජිකයින් පසුබිම, ජාතිය හෝ පුරවැසිභාවය නොසළකා හරිමින් සියලුම කිතුණුවන් සමඟ එකම බැම්මකින් බැඳෙනු ඇත. "නමුත් ශරීරයෙහි කිසි භේදයක් නොව, අවයව එකිනෙක ගැන ඒකාකාර සලකන පිණිස, දෙවියන් වහන්සේ අඩුකම් ඇති කොටසට වඩා නම්බු දී ශරීරය සංයෝජනය කළසේක (1 කොරින්ති 12:25). අප එකම සිතක් ඇතිව මෙන්ම, ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතුව, එකම ඉලක්කයක් ඇතිව, "ලොවට යන්න" ක්‍රිස්තුස් වහන්සේගේ අණ සම්පූර්ණ කිරීම කරණකොටගෙන දෙවියන් වහන්සේ මහිමයට පත් කළ යුතුය. එමඟින් අන් අයට එතුමන් ගැන ප්‍රකාශ කරමින්, සුබසුනෙහි සුභාරංචිය දේශණා කරමින් එතුමන්ගේ අණපණත් පැවැත්වීමට ඉගැන්විය යුතුය (මතෙව් 28:19-20). යේසුස් වහන්සේ අපට උතුම් අණපණත් දෙක සිහි කැඳවමින් පවසන්නේ අප දෙවියන්ට ප්‍රේම කර යුතුවාක් මෙන්න, තමන්ට ප්‍රේම කරන්නාසේම ජාති භේදයන් ගෙන් තොරව අන්අයටද ප්‍රේමකළ යුතු බවය.

English


නැවතත් සිංහල මුල් පිටුවට
කළු විමුක්ති දේව ධර්මය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries