settings icon
share icon
ප්‍රශ්නය

ද්විලිංඟිකත්වය පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද? ද්විලිංගිකයෙකුවීම පාපයක්ද?

පිළිතුර


බයිබලයේ ද්විලිංගිකත්වය ගැන කෙලින්ම සදහන් නොවේ. කෙසේ වෙතත්, සමලිංගික සේවනය පිළිබඳව බයිබලය හෙළා දැකීමෙන් පැහැදිලි වන්නේ ද්විලිංගිකත්වයද පව්කාර දෙයක් ලෙස සලකන බවයි. ලෙවි කථාව 18:22 ප්‍රකාශ කරන්නේ එකම ලිංගය සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම පිළිකුලක් බවයි. රෝම 1:26-27 එකම ලිංගිකත්වය අතර ලිංගික සම්බන්ධතා හෙළා දකී. පළමු කොරින්ති 6:9 හී සඳහන් වන්නේ සමලිංගික වැරදිකරුවන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම නොවන බවයි. මෙම සත්‍යයන් ද්විලිංගිකයන්ට හා සමලිංගිකයන්ට සමානව අඳාළ වේ.

පාපය නිසා පුද්ගලයෙකු ද්විලිංගික හෝ සමලිංගිකයෙකු බවට පත්වන බව බයිබලය අපට පවසයි (රෝම1:24-27). මෙයින් අදහස් කරන්නේ පුද්ගලයා කළ පාපයන් නොවේ. ඒ වෙනුවට එයින් අදහස් කරන්නේ පාපයමය. පාපය මැවිල්ලේ සෑම දෙයක්ම විකෘති කරයි. ද්විලිංගිකත්වය හා සමලිංගිකත්වය ඇති වන්නේ පාපය නිසා වන අතර එයින් අපට මානසිකව, අධ්‍යත්මිකව, චිත්තාවේගීව හා ශාරීරීකව හානි කරයි. පාපය වසංගතය වන අතර ද්විලිංගිකත්වය යනු රෝග ලක්‍ෂණ වලින් එකකි.

බොහෝ කිතුනුවන් ද්විලිංගිකත්වය සහ සමලිංගිකත්වය කෙරෙහි විශේෂයෙන් නපුරු පාප ලෙස වැරදියට අවධානය යොමු කරති. සමලිංගික සේවනය වෙනත් කිසිම පාපයකට වඩා සමාව දිය නොහැකි බව බයිබලයේ කොතනකවත් විස්තර කර නැත. ද්විලිගකයෙකු යනු සදාචාරාත්මක නීතියානුකුලත්වයෙන් ඈත්වීම හා සමානව ගැලවීමෙන් ඈත්වීමේ පියවර ගණනකි. ගැලවීම උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ඕනෑම කෙනෙකුට දෙවියන්වහන්සේ සමාව දෙයි. ද්විලිංගිකත්වයට සම්බන්ධ අය මෙයට ඇතුළත්ය. ක්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන ගැලවී ලැබීමෙන් පසු, දෙවියන්වහන්සේ මාංසයේ ක්‍රියාවන් විනාශ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත (ගලාති 5:19-21) සහ ආත්මයේ ඵල වල වර්ධනය කිරීම (ගලාති 5: 22-23). සමහරවිට දෙවියන්වහන්සේ යම් පාපයන් සඳහා වූ අපගේ ආශාව ඉවත් කරන අතර තවත් විටෙක පරීක්‍ෂාවන්ට එරෙහි වීමට උන්වහන්සේ අපට ශක්තිය ලබා දෙයි. පරිණාමන ක්‍රියාවලියට ජීවිත කාලයක් අවශ්‍ය වේ. අප අසමත් වූ විට, දෙවියන්වහන්සේ සමාවදීමට හා පවිත්‍ර කිරීමට විශ්වාසවන්තව සිටියි (1 යොහාන් 1:9). උන්වහන්සේ අප තුළ උන්වහන්සේගේ වැඩය නිම කිරීමට විශ්වාසවන්තය (පිලිප්පි 1:6). ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ඕනෑම කෙනෙකුට 'නව මැවිලලක්' පිළිබඳ පොරොන්දුව ඇත (2 කොරින්ති 5:17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ද්විලිංඟිකත්වය පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද? ද්විලිංගිකයෙකුවීම පාපයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries