settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයෙහි උපත් පාලනය පිළිබඳව කුමක් පවසයිද? කතුනුවන් උපත් පාලනයන් භාවිතා කළ යුතුද?

පිළිතුර


මිනිසා දෙවියන් වහන්සේගෙන් අණ ලැබුවා “ඵල දරා වැඩි වන්නට” (උත්පත්ති 1:28). විවාහය දෙවියන් වහන්සේ විසින් ඇති කළ දෙයකි දරුවන් ඇති කිරීමට හා ඔවුන්ව රැකබලාගැනීමට. නමුත් අද දුකට කරුණක් නම් දරුවන් කරදරයක් හා බරක් වී ඇත සමහර අවස්ථාවලදී (සමහර මිනිසුන් එසේ සිතන නිසා). මන්ද දරුවන් සමහර දෙමව්පියන්ගේ රැකියාව හා ආර්ථික ඉලක්කයන් වලට බාධාවක් වෙලා ඇත. එමෙන් ඔවුන් “අපගේ ජීවන රටාවට බාධාවක්” සමාජයේ බොහෝවිට. මෙවැනි ආත්මාර්ථකාමිත්වය උපත් පාලන උපක්‍රම වලට මුල වේ.

සමහර උපත් පාලන ක්‍රම වල ආත්මාර්ථකාමි හේතුන්ට විරුද්ධව, බයිබලයෙහි අපට පවසනවා දරුවන් දෙවියන් වහන්සේගෙන් ලැබෙන දීමනාවක් බවට (උත්පත්ති 4:1; උත්පත්ති 33:5). දරුවන් දෙවියන් වහන්සේගෙන් ලැබෙන උරුමයකි (ගීතාවලිය 127:3-5). දරුවෝ නම් දෙවියන් වහන්ගෙන් ලැබෙන ආශීර්වාදයක් (ලූක් 1:42). මහල්ලන්ගේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝය (හිතෝපදේශ 17:6). දෙවියන් වහන්සේ වඳ ස්ත්‍රියන් දරුවන්ගෙන් ආශීර්වාද කරයි (ගීතාවලිය 113:9; උත්පත්ති 21:1-3; 25:21-22; 30:1-2; 1 සාමුවෙල් 1:6-8; ලූක් 1:7; 24-25). දෙවියන් වහන්සේ දරුවන්ව ගර්භයෙහි සාදන සේක (ගීතාවලිය 139:13-16). දෙවියන් වහන්සේ දරුවන්ව ඔවුන්ගේ උත්පත්තියට පෙර දන්නා සේක (යෙරමියා 1:5; ගලාති 1:15).

උපත් පාලනයට විරුද්ධව නැති නම් එය වරදට පත්කරන අදහසට කිට්ටුම පරිච්ඡේදය උත්පත්ති 38, යුදාගේ පුත්‍රයන් වන ඒර් හා ඕනාන්ගේ ගණනට තැබූවිට. ඒර් තමාර් නම් ස්ත්‍රියක්ව විවාහ කර ගත්තා, නමුත් ඔහු නපුරුව සිටියා දෙවියන් වහන්සේ ඔහුව මරණයට පත් කළා, තමාර් ස්වාමියෙකුත් දරුවනුත් නොමැතිව. තමාර්ව ඒර්ගේ සහෝදරයාට විවාහ කර දෙන ලදි ඕනාන්ට, ලෙවි ගෝත්‍රයේ නීතියට අනුව ද්විතීය කථාව 25:5-6. ඕනාන්ට කිසිසේත් තමාගේ සහෝදරයා වෙනුවෙන් ඔහු විසින් උපදවන ලද දරුවන්ට වූවත් තමාගේ උරුමයෙන් බෙදා දීමට අකමැති විය. එමනිසා ඔහු පැරණිම උපත් පාලන ක්‍රමය භාවිතා කළේය, ඉවතට හෙලීම. උත්පත්ති 38:10 පවසනවා, “ඔහු කරපු දෙය දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ නපුරුව තිබුණ බව.” එම නිසා දෙවියන් වහන්සේ ඔහුවද මරණයට පත් කළා. ඕනාන්ගේ දරමුණ ආත්මාර්ථකාමි, ඔහු තමාර්ව තමාගේ සුවය උදෙසා පාවිච්චිකරා. නමුත් තම සහෝදරයා වෙනුවෙන් ඔහු කළ යුතුව තිබුණ යුතුකම ඉටු කළේ නැත. මෙම පරිච්ඡේදය දෙවියන් වහන්සේ උපත් පාලනය එපා කරන බවට සාධකයකි. කෙසේ වෙතත්, ඕනාන්ව දෙවියන් වහන්සේ මරණයට පත් කළේ ඔහුගේ ක්‍රියා වලිය නිසාම නොවේ, ඒ පිටුපස තිබුණාවූ ඔහුගේ ආත්මාර්ථකාමි සිතුවිල්ලයි.

දෙවියන් වහන්සේ දරුවන්ව දකින බව, ලෝකය අපට පවසන අයුරින් නොවේ. පවසා ඇති ලෙසට, බයිබලය උපත් පාලනයට විරුද්ධව කථා නොකරයි. උපත් පාලනයට අර්ථ දැක්වීම පිළිසිඳ ගැනීමට විරුද්ධ දෙයයි. උපත් පාලනය යන දෙය නිවැරදිද වැරදිද යන්නට නොවෙයි. අප ඕනාන්ගෙන් ඉගෙන ගත් සේ එම ක්‍රියාවලිය පිටුපස ඇති අරමුණ තමයි එය වැරදිද නිවැරදිද තීරණය වන්නේ. විවාහක යුවලක් උපත් පාලනය තමාගේ පහසුව සතුට උදෙසා නම් එය වැරදි. නමුත් විවාහ යුවල තමා තව මේරු ස්වභාවයට පැමිණෙන තෙක් හා ආර්ථිකව හා ආත්මිකව යහපත් ස්ථානයකට පැමිණෙන තෙක් උපත් පාලනය කරනවා නම් එම තත්වය තුළ උපත් පාලනය පිළි ගත හැකිය. නැවතත් ඒවා සියල්ල තීරණය වන්නේ එහි පිටුපස ඇති අරමුණයි.

බයිබලය නිතරම දරුවන් ලැබීම යහපත් දෙයක් ලෙසට පවසයි. බයිබලය “බලාපොරොත්තුවනවා” ස්වාමියෙකුට හා භාර්‍යාවකට දරුවෝ සිටිය යුතුය. දරුවන් ලැබීමට නොහැකියාව අසුභ දෙයක් බවට බයිබලය පවසයි. බයිබලයේ කිසදු පුද්ගලයකු කිසිම දරුවකු නොලැබ සිටීමේ ආශාව තුළ ඉදිරියටම යාම පිළිබඳව බයිබලයේ සඳහන් නොවේ. එම අවස්ථාවේදීම බයිබලයෙන් ගෙන කෙටි කලට උපත් පාලනය වැරදි බවට තර්ක කිරීමට අපහසුය. විවාහක යුවලක් නිරම ඔවුන්ට දරුවන් ලැබීමට උත්සහ කරන අවස්ථාවේදී හෝ දරුවන් කී දෙනෙකුද යන්න පිළිබඳව දෙවියන් වහන්සේගේ කැමැත්ත සෙවිය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයෙහි උපත් පාලනය පිළිබඳව කුමක් පවසයිද? කතුනුවන් උපත් පාලනයන් භාවිතා කළ යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries