ලෝකය නිර්මාණය කරණ පිණිස දෙවියන් වහන්සේ 'මහා පිපුරුම' පරිහරණය කළාද?


ප්‍රශ්නය: ලෝකය නිර්මාණය කරණ පිණිස දෙවියන් වහන්සේ 'මහා පිපුරුම' පරිහරණය කළාද?

පිළිතුර:
20 වෙනි ශත වර්ෂයට ප්‍රථම, මහා පිපුරුම් න්‍යාය වර්ධනය වන්නට පෙර දාර්ශණිකයන් සහ විශේෂඥයන් විශ්වයට ආරම්භයක්වීද යන්න ගැන විවාද කළෝය. සමහරුන් එය නිරතුරුවම පැවති බවට විවාද කල අතර එය "සීමාරහිත පෞරාණික" එකක් බැව් පැවසීය. මෙය පුරාතන විශේෂඥයින් ගේ ලෝක සමාලෝවනය සහ ප්‍රවර්තන දේවවාදය හා සමාන විය. තවත් අතකින් විශ්වය "සීමාරහිත පෞරාණික" එකක් විය නොහැකි බවට තර්කාන්විත කරුණු විය. එනම් හේතු ඵල නියාමය වේ. විශ්වයට විෂය මූලක "ආරම්භයක්" තිබූ බවට ඔප්පු කිරීමට ඉතිහාසයේ ප්‍රත්‍යක්‍ෂ මූලක සාක්‍ෂි තිබුණේ නැත. දේවවාදය විශ්වය "සීමාරහිත පෞරාණික" යන්නෙහි රැඳී සිටියේ දෙවියන් වහන්සේ අනවශ්‍ය දෙයක් ලෙස සළකා නිෂ්ප්‍රභ කිරීමටය.

තත්වය ප්‍රබල ලෙස විසි වෙනි ශත වර්ෂයේ පළමු භාගයේදී වෙනස් වූයේ මහා පිපුරුම් න්‍යාය නිර්මාණය වීම පිළිබඳව යම් සොයා ගැනීම් වලින් පසුවය. ශත වර්ෂ ගණනාවක් සදාකාලික විශ්වයක් ගැන ඔප්පු කරන්නට එම අදහසට එකඟ වූ අය උත්සාහ දැරුවත් ඉන් පලක් වූයේ නැත. ප්‍රතිඵලය වූයේ ලෝකායත්ත විද්‍යාවට අනුව බයිබලයේ සඳහන්ව ඇති මැවීම පිළිබඳ විශාල වශයෙන් අනුබල දීමය.

අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්‍ෂතාව න්‍යාය 1916 දී ප්‍රකාශයට පත් කරන ලැබූ අතර, ඔහුගේ යෝජනාව වූයේ විශ්වය නිරන්තරයෙන් විශාල වීමක් හෝ නිරන්තරයෙන් පොරොන්දු ඇති කර ගැනීමක් සිදු විය යුතු බවය. එබැවින් සදාකාල විශ්වය පිළිබඳ ස්ථීතික භව්‍යත්වය පවත්වා ගැනීම සඳහා පමණක් අයින්ස්ටයින්ඔහුගේ සාමාන්‍ය සාපේක්‍ෂතා න්‍යායේ සමීකරණයන්හිදී අභිමතානුකුල නියතය එකතු කරන ලදී. පසුව අයින්ස්ටයින් එය තම අභිවෘත්තියේදී " අනුවණකමින් සිදු වූ විශාලතම වරද" ලෙස පවසන ලදී.

1920 හි එඩ්වින් හබල්ගේ ක්‍රියාකලාපයේදී විශ්වය ප්‍රසාරණය වන බවට ඔප්පු කරන ලදී. මෙම සොයා ගැනීම අයින්ස්ටයින්ගේ විශ්ව න්‍යාය විද්‍යා නියතය ප්‍රතිවාචනය කිරීමත් සමඟ නක්‍ෂත්‍ර භෞතික විද්‍යාව / තාරකා භෞතික විද්‍යාව විශ්වාස නොකරන්නන් අසතුටට පත් කරන ලදී. ඔවුන්ගේ අපහසුව තවත් තීව්ර වූයේ රෝමානු කතෝලික පූජකයෙකු සහ තාරකා විද්‍යාඥයෙකු වන ජෝර්ජ් ලිමෙයිට්‍රි සපයන ලද ලිපි එකතුවීමත් සමඟය. සාමාන්‍ය සාපේක්‍ෂතා වාදය සහ හූබල්ගේ සොයා ගැනීම් ආරම්භයක් පිළිබඳව අදහස් කරන බව ලිමෙයිට්‍රී සඳහන් කරන ලදී. විශ්වය දැනට ප්‍රසාරණය වන්නේ නම්, සමහරවිට අතීතයේදී මුළු විශ්වයම අත්‍යණුක ලෙස කුඩා කොටසක් ලෙස තිබුණා විය හැකිය. මෙම කල්පනය මහා පිපුරුම් න්‍යායට පදනම විය.

ඉන්පසු දශක කිහිපයක් භෞතික විද්‍යාඥයන් විශ්වයේ සදාකලිකත්වය ගලවා ගැනීමට මිල්නෙ ආකෘතිය (1935) සහ නොසැලෙන අවස්ථා න්‍යාය (1948) යන දෙක කරණකොට ගෙන සියල්ල යෝජනා කරන ලදී. බොහෝ (එසේ නොමැතිනම් බහුතරයක්) කාරණා වලදී නිශ්චිත ලෙස මෙම ආකෘතින් යෝජනා කරනු ලැබුවේ සදාකාලික නොවන විශ්විය අනුමිතීන් බොහෝ ආගමික වී නිසාය.

1964 නෝබල් ත්‍යාගය දිනා ගැනීමට පාත්‍ර වූ අන්තරීක්‍ෂ සූක්‍ෂම තරංග පසුබිම් විකරණය 1940 ගණන් වලදි මුල් කාලීන මහා පිපුරුම් සිද්ධාන්තවාදීන් විසින් පෙන්නුම් කරන ලද්දක් විය. මෙම සියළු අභිප්‍රායන් සහ පරමාර්ථයන් හරහා සොයා ගැන්ම් කරණකොට ගෙන විශ්වය පිළිබඳ වැළකිය නොහැකි ප්‍රමිතිය වන නූතන විද්‍යාවේ ආරම්භය විය. ප්‍රශ්ණය වූයේ "විශ්වයට ආරම්භයක් වීද?" නමුත් "විශ්වය ආරම්භ වූයේ කෙසේද" යන්නයි.

පරිවර්තනයන් කෙසේ වුවත්මහා පිපුරුම් න්‍යායට සාක්‍ෂි / සාධකයන් විද්‍යාව සහ දේව ධර්මය ජේදනය කිරීම පිළිබඳ ඉස්තරම් උදාහරණයක් වේ. අවක්‍ෂේපක අනුභවික විද්‍යාවට අනුව මුළු අභ්‍යවකාශය, කාලය සහ බල ශක්තිය ප්‍රවර්තනය පටන් ගැන්ම එක්ව එකට සුළු මොහොතකදී "ආරම්භ" විය. මහා පිපුරූම් න්‍යායට පෙර කාලය නොවීය, අභ්‍යවකාශය නොවීය. එකල්හි හදිසියේම බලවත් සේ ආකීර්ණ විශ්වාස කළ නොහැකි ලෙස උණුසුම් වූ, අත්‍යණුක යමක්,හැම දෙයක් බෝලයක් කොහේ හෝ කෙසේ හෝ මුළු විශ්වයම එහිතුළ රදවා ගෙන නොදන්නා කරුණු හේතු කොට ගෙන සීග්‍රයෙන් ප්‍රවර්තනය වන්නට විය. එය සැබෑවක් නම් මහා පිපුරුම් න්‍යාය යුදා ක්‍රිස්තියානි ධර්මය අවුරුදු දහස් ගණනකට ස්ථීර කරණු ලබයි.

තාරකාභෞතික විද්‍යාඥ ආචාර්ය රොබට් ජැස්ට්‍රෝ ඔහුගේ පොතක දෙවියන් වහන්සේ සහ තාරකා ශාස්ත්‍රඥයෝ හි (නිව්යෝර්ක් ඩබ්ලිව්. ඩබ්ලිව් නෝර්ටන්, පිටුව 116) වාක්‍ය ඛණ්ඩයක් ලියන ලදී. "සාධාරණ බලය" මත ඇදහිල්ලතබා ජීවත්වූ විද්‍යාඥයන්ට කතන්දරය නරක සිහිනයක් සේ අවසාන වේ. ඔහු නොසළකා හැරීමේ කදු තරණය කර ඇති අතර, ඔහු උච්චතම කදු මුදුන ජය ගන්නට යන අතර,අවසාන පර්වතයෙනුත් ඉහළට නඟින විට, ඔහුව දේවධර්මධරයන් කණ්ඩායමක් විසින් පිළි ගනු ලබන්නේ ශත වර්ෂ ගණන් එහි හිඳ බලා සිටියවුන්ය."

මන්දයත් ජස්ට්‍රෝ එක්තරා සම්මුඛ පරීක්‍ෂණයකදී මෙසේ විස්තර කළේය. "තාරකා විද්‍යාඥයින් තමන්ව මුල්ලක තබන ලද්දේ, ඔවුන්ගේම ක්‍රම වලින්, ලෝකය හදිසියේ / හිටි අඩියේම ආරම්භ වූ බවත් පොළොව මත මැවිල්ලේ ක්‍රියාවලියේ සෑම තාරකාවක, සෑම ග්‍රහ ලෝකයකම මෙන්ම මෙම විශ්වය තුළ ඇති සෑම ජීවමාන දෙයමක බිජය සොයා ගත හැකී බවත් විස්තර කරන ලදී. එමෙන්ම තමන් / මම හෝ ඕනෑම අධිස්වභාව බලයකට දැන් ක්‍රියාත්මක විය හැකි බවත් පැවසුවේය. ("ඇදහිලි දෙකක් අතර අසු වූ විද්‍යාඥයා: සම්මුඛ පරීක්‍ෂණය රොබට් ජස්ට්‍රෝ සමඟ වර්තමානයේ කිතු දහම, අගෝස්තු 6, 1982 පිටු 15,18).

මෙම සොයා ගැනීම් වලට පෙර, දෙවියන් වහන්සේව විශ්වාස නොකළ අතර සදාකාලිකත්වයට ළංවී සිටි අතර විශ්වය හේතුවක් රහිතව සහ මවනු නොලැබු දෙයක් ලෙස සළකන ලදී. පසුව නොඇදහිලිවතුන් විද්‍යාවේ ඇති ප්‍රගමනය දෙවියන් නොමැති බවට ප්‍රකාශ කරන ලදී. පැහැදිලිවම මැවුම්කරු පිළිබඳ වූ උපකාරකයන් ප්‍රතික්‍ෂේප කළ අතර, එම කරුණ බොහෝ කළක් අදේවවාදීන් සිටි බවට ප්‍රකාශයක් එක රැයකින් නිකදුත් කිරීමට තරම් හේතු විය.

මෙම ආකල්පය, අවාසනාවකට නිර්මාණවාදීන් කණ්ඩායමක ලිපි හුවමාරුවක ප්‍රතිචාර දැක්වීමකට මුල් විය. බොහෝ තරකාභෞතික විද්‍යාඥයින්හට විශ්ව ව්‍යාප්ත න්‍යාය විද්‍යාවට ආගම ඇතුළත් කිරීමට ගත් කුටෝපායක් ලෙසත් මැවිල්ලේ බයිබලීය ක්‍රියාවලිය අවතක්සේරු කිරීමට මහා පිපුරුම් න්‍යාය යොදා ගත් බවට බොහෝ කිතුණුවන්ට හැඟෙන්නට විය. තවත් සමහර කිතුණුවන් මහා පිපරුම් න්‍යාය බයිබලීය ක්‍රියාවලිය හා එකඟ වන බවත් ඒ සඳහා අවශ්‍ය සාධක විශ්වය මැවිමේ ක්‍රියාවලිය තුළ ඇති බවට ප්‍රකාශ කරන ලදී.

මෙම ප්‍රකාශයන් සමඟ මහා පිපුරුම් න්‍යාය න්‍යායක්ම පමණක් බව වටහා ගැනීම ඉතා වැදගත් වේ. "ආරම්භයේ" සැබෑ ස්වභාවය හෝ හේතුව නිශ්චිතවම අනුභවික විද්‍යාවෙන් සනාත කර නොමැති අතර එසේ කිරීමද නොහැකිය.

කිතුණුවන්ට මහා පිපූරුම් න්‍යායට ප්‍රතිවිරෝධයක් දක්වන්නට නම් එය කළ හැක්කේ අදේවවාදියකුගේ උපකල්පනයන් හා බැඳීමෙන් පමණක්ය. හදිසියේ සිදුවූ කුඩා කොටසක පිපුරුමකින් විශ්වය නිර්මාණය වූ බව චිරස්ථාපිත මැවීමේ දර්ශණයට අනුරූප වේ. ලියවිල්ල පමණක් (උත්පත්ති 1:1) දෙවියන් වහන්සේ මවන ලද බව පවසයි. නමුත් විශේෂණය කිරීමක් නොමැත. නොඇදහිලිකාරයන් මහා පිපුරුම් න්‍යායට විරුද්ධ වන්නේ ආගමික හේතුන් මත වූවද, එය උත්පත්ති පොතෙහි ක්‍රියාවට මහත් ආධාරයක් දේ.

English


නැවතත් සිංහල මුල් පිටුවට
ලෝකය නිර්මාණය කරණ පිණිස දෙවියන් වහන්සේ 'මහා පිපුරුම' පරිහරණය කළාද?