settings icon
share icon
ප්‍රශ්නය

බොහෝ කිතුණුවන්ට ස්ථාවර දේව වචනානුකූල විශ්ව දර්ශනයක් නොතිබෙන්නේ මන්ද?

පිළිතුර


දේව වචනානුකූල විශ්ව දර්ශනය වූ කලී යම් පුද්ගලයෙකු දේව වචනානුකූල දෘෂ්ඨිකෝණයකින් ලෝකය පිළබද ඇති කරගෙන ඇති සංකල්පනයකි. මෙය වනාහී ජීවිතයේ අර්ථය, දෙවියන්වහන්සේගේ ස්වභාවය, සත්‍යයේ මූලාශ සහ වෙනත් ප්‍රතිෂ්ඨාපිත සංකල්ප පිළිබද කිතුණුවකුගේ මූලික විශ්වාස පද්ධතියකි. එසේ නමුත් බොහෝ කිතුණුවන්ගේ විශ්ව දර්ශනය දේව වචනානුකුලව ස්ථාවර නොවන්නකි. ඔවුන් දේව වචනානුකූල දෘෂ්ටි කෝණයකින් සමහර ගැටළු කරා එළඹිය හැකි නමුදු සෑම ගැටළුවක් කෙරෙහිම එසේ කළ නොහැකිවේ.

සමහර කිතුණුවන් ස්ථාවර දේව වචනානුකුල විශ්ව දර්ශනයක් ලබා ගැනීමට අපොහොසත් වීමට බොහෝ හේතු තිබේ:

1) දේව වචනයේ පවසන දේ පිළිබදව ඔවුන් අල්පශ්‍රැතවේ. ඔවුන් දේවවචනය නොදනිති. නිදසුනක් ලෙස මනුෂ්‍යය ජීවිතයේ පවිත්‍රතාවය පිළිබදව දේව වචනය කුමක් පවසත් දැයි යමෙකු නොදන්නෙහි නම් එම විෂය පිළිබදව දේව වචනානුකූල විශ්ව දර්ශනයක් සකසා ගැනීමට ඔහුට අපහසු වනු ඇත. අල්පශ්‍රැත වූවන්ට ඉතාම ප්‍රධාන දේ අධ්‍යාපනයවේ.

2) සමහර කාරණා සම්බන්ධයෙන් දේව වචනයෙහි පවසන දේ ඔවුන් ප්‍රතික්ෂේප කරනු ලබයි. තමන් කිතුණුවෙකැයි ප්‍රකාශ කරන්නා දේව වචනයෙහි පවසන දේ විශ්වාස නොකරන්නේ නම් ඔහුට අව්‍යාජ දේව වචනානුකූල විශ්ව දර්ශනයක් තිබිය නොහැක. ඊට පටහැනි වෙන්නවුන්ට ඉතා ප්‍රධාන වන්නේ පශ්චාතාප වීමය.

3) දෙවියන්වහන්සේ ඔවුන් පිළිබදව සිතන දෙයට වඩා ලෝකය ඔවුන් පිළිබදව සිතන දේ කෙරෙහි ඔවුන් වැඩි සැලකිල්ලක් දක්වනු ලබති. "මනුෂ්‍යයාට භය වීම මලපතක්ය" (හිතෝපදේශ 29:25). දේව වචනානුකූල දෘෂ්ටි කෝණයකින් ලෝකය දෙස බලන ඇදහිලිවන්තයා ඔහු ලෝකයට අයත් නොවන බව පිළිගනු ලබයි. "ඔබ සැම ලෝකයට අයිති නම් ලෝකයා තමුන්ගේම අයට ආදරේ වන්නෝය. නමුත් ඔබ සැම ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් ඔබ සැම තෝරාගත් නිසාත් ලෝකයා ඔබ සැමට වෛර වෙති" (යොහාන් 15:19; යොහාන් 17:14ද බලන්න). ඇදහිලිවන්තයෙකු ලෝකයේ චින්තනය සමග සම්මුතියක් ඇති කර ගැනීමට ආරම්භ කළ විට ඔහුට දෙවියන් වහන්සේගේ යථා දර්ශනය කෙරෙහි අවධානය යොමු නොවේ. බියෙන් සිටින්නවුන්ට ඉතා ප්‍රධාන වන්නේ ධෛර්‍යයයි.

4) ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ට ඇති කැපවීම ඇල්මැරුණු ස්වභාවයක් ගනියි. ලවොදික සභාව මෙන් ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් ස්ථාවර සිට ගැනීමකින් තොරව "උෂ්ණව හෝ සීතලව නොසිටිති" (එළිදරව් 3:15). ඇල්මැරුණු අයට ඉතා ප්‍රධාන වන්නේ කැපවීමය.

5) ලෝකයේ බොරුකාර රැවටීම් කරණකොටගෙන ඔවුන් බලපෑම් වලට ලක්ව සිටිති. ආදම්ගේ සහ ඒවගේ කාලයේ සිටම සාතන් තමාගේ මුලා කිරීමේ සහ ව්‍යාකූල කිරිමේ හැකියාව භාවිතා කොට ඇත (උත්පත්ති 3:1-7; එළිදරව් 12:9). සාතන්ගේ අවි ගබඩාවේ ඇති ප්‍රබලම මෙවලමක් නම් දේව වචනය මිථ්‍යාවන්ගෙන් හෙබි පොතක් බවත් එය දෝෂ වලින් පිරී ඇති හෙයින් එය විශ්වාස නොකළ යුතු බවත්ය. සාතන් විසින් අපේක්ෂා කරනු ලබන්නේ දේව වචනය තවදුරටත් අදාළ නොවන බවත්, එහි නීති සහ මූලධර්ම යල් පැන ඇති බවත් මනුෂ්‍යයාට ඒත්තු ගැන්වීමටය. සභාවේ බොහෝ දෙනෙක් මෙම සිතිවිලි කරණකොටගෙන බලපැම් වලට ලක්ව සිටිති. මුලාවූවන්ට සියුම් නුවණ ඉතා ප්‍රධානවේ.

6) ඔවුන් සිටින්නාවූ තත්ත්වය හේතුකොටගෙන එක් පැත්තකට බරව සිටින අතර දෙවියන්වහන්සේගේ පොරොන්දු අනුමාන කරනු ලබති. මතෙව් 14 හි පේත්‍රස් ජලය මතු පිට ඇවිදිනු පිණිස බෝට්ටුවෙන් බැස ගිය ඔහු විසින් ආදර්ශනය කරනු ලැබුවේ දේව වචනානුකූල විශ්ව දර්ශනයකි: එනම් සියලූ බලයේ ප්‍රභවය යේසුස්වහන්සේ බවය.

කෙසේ නමුත් පේත්‍රස් කුණාටුවට හසුවූ සාගරය කෙරෙහි අවධානය යොමු කළ විට ඔහුගේ විශ්ව දර්ශනය වෙනස් වියථ ඇතැම්විට දිය රැළි යේසුස්වහන්සේට වඩා බලගතු විය හැකිය යන්නය. අනුමාන කරන්නන්ට ඉතා ප්‍රධාන වන්නේ ඇදහිල්ලය.

ස්ථාවර දේව වචනානුකූල විශ්ව දර්ශනයක් ඇති කර ගැනීමට නම් අප නැවත දේවවචනය වෙතට ගොස් දෙවියන්වහන්සේ අපට දී ඇති පොරොන්දු අල්ලා ගත යුතුය මන්ද ලෝකය අපට කිසිවක් පිරිනමනු නොලබයි (ලුක් 9:25; යොහාන් 12:25; මතෙව් 6:19).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බොහෝ කිතුණුවන්ට ස්ථාවර දේව වචනානුකූල විශ්ව දර්ශනයක් නොතිබෙන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries