settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනානුකූල දර්ශවාදය නම් කුමක්ද?

පිළිතුර


දර්ශවාදය වූ කලී විශේෂිතවූ සංකේතවාදයකි. (සංකේතයක් යනු වෙනත් දෙයක් නියෝජනය කරන්නකි). අපට දර්ශයක් “අනාගතය හෙළි කරන සංකේතයක්” ලෙස අර්ථ දැක්විය හැක්කේ සියලූ දර්ශයන් අනාගතයේ යම් දෙයක් නියෝජනය කරනු ලබයි. වඩාත් නිශ්චිතවම ශුද්ධ ලියවිල්ලේ දර්ශයක් යනු නව ගිවිසුමේ පුද්ගලයෙකු හෝ දෙයක් පුරෝකථනය කරන පැරණි ගිවිසුමෙහි පුද්ගලයෙකු හෝ දෙයකිග නිදසුනක් ලෙස නෝවා දවස් වල ජල ගැල්ම (උත්පත්ති 6–7) 1 පේත්‍රස් 3:20–21 හී භාවිතා කරනු ලබන්නේ බව්තීස්ම දර්ශයක් ලෙසය. දර්ශය යන්නට පේත්‍රස් භාවිතා කරනු ලබන වචනය නම් සමානව තිබීවේ.

යමෙකු ක්‍රිස්තුස්වහන්සේගේ දර්ශයක් යැයි පවසන විට අප ප්‍රකාශ කරනු ලබන්නේ පැරණි ගිවිසුමේ පුද්ගලයෙකු හැසිරෙනු ලබන්නේ යේසුස් වහන්සේගේ චරිතයට හෝ නව ගිවිසුමේ ක්‍රියාවන්ට අනුරූප වන ආකාරයට බවය. යම් දෙයක් ක්‍රිස්තුස්වහන්සේගේ “නියමානුකූලයක්” යැයි පවසන විට අප ප්‍රකාශ කරනු ලබන්නේ පැරණි ගිවිසුමේ ඇති වස්තුවක් හෝ සිද්ධියක් යේසුස්වහන්සේගේ යම් ගුණාංගයක් නියෝජනය කිරිමක් ලෙස සැලකිය හැකි බවය.

මණ්ඩපය, පූජා ක්‍රමය සහ පාස්කු උත්සවය ඇතුළුව ක්‍රිස්තුස්වහන්සේගේ මුදාගැනීමේ දර්ශයන් ලෙස පැරණි ගිවිසමේ සිදුවීම් කිහිපයක් ශුද්ධ ලියවිල්ලෙන්ම හඳුනාගනු ලබයි. පැරණි ගිවිසුමේ මණ්ඩපය හෙබ්‍රව් 9:8–9 හී දර්ශයක් ලෙස හඳුනා ගෙන ඇත. “ඒ පළමුවෙනි මණ්ඩපය..... වර්තමාන කාලයට උපහැරණයක්ය.” උත්තම පූජකයා වසරකට වරක් ශුද්ධස්ථානයට ඇතුල්වීම අපගේ උත්තම පූජකයා වන ක්‍රිස්තුස්වහන්සේගේ මැදිහත්වීමට පූර්වගාමී විය. පසුකාලීනව මණ්ඩපයේ වැස්ම ක්‍රිස්තුස්වහන්සේගේ දර්ශයක් යැයි කියනු ලැබේ (හෙබ්‍රව් 10:19–20) එහිදී උන්වහන්සේගේ මාංශය ඉරී ගියේය (උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ අවස්ථාවේ දේව මාලිගාවේ තිරය මෙන්) මෙසේ වූයේ දෙවියන්වහන්සේගේ පූජාවෙන් ආවරණය වන අයට දෙවියන්වහන්සේගේ අබිමුඛත්වයට පැමිණිමට ප්‍රවේශය ලබා දෙනු වස්ය.

“පළමු ගිවිසුමේ” ලිපි කැපකරනු ලැබවේ ලේ පූජාකිරීම් වලිනි; මෙම ලිපි හඳුන්වනු ලැබවේ “ස්වර්ගයේ තිබෙන දේවල සටහන්” සහ “සැබෑ ශුද්ධස්ථානයේ අදෘශවන” යනුවෙනි. (23–24 යන පද). මෙම පාඨයෙන් උගන්වනු ලබන්නේ පැරණි ගිවිසුමේ පූජා මගින් සංකේතවත් කරනුයේ ලෝකයේ පව් උදෙසා ක්‍රිස්තුස්වහන්සේගේ අවසාන පූජාව බවය. 1 කොරින්ති 5:7 අනුව පාස්කු උත්සවයද ක්‍රිස්තුස්වහන්සේගේ දර්ශයකි. “අපගේ පාස්කුව එනම් ක්‍රිස්තුස්වහන්සේ යාග කරන ලද්දේය.” පාස්කු උත්සවයේ සිදුවීම තුළින් ක්‍රිස්තුස්වහන්සේ පිළිබදව අපට උගන්වනු ලබන දේ නිශ්චිතවම අනාවරණය කර ගැනීම අනර්ඝ සහ ඉටුඵලදායි අධ්‍යයනයකි.

නිදර්ශනයක් සහ දර්ශයක් අතර වෙනස අප පෙන්වා දිය යුතුවෙමු. නව ගිවිසුමේ දර්ශයක් සෑම විටිම ඒ ආකාරයෙන්ම හඳුනාගනු ලබයි. පැරණි ගිවිසුමෙහි වෘත්තාන්තයක් සහ ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය අතර අන්‍යෝන්‍ය සම්බන්ධය සොයා ගන්නා දේව වචනය හදාරනු ලබන ශිෂ්‍යයෙකු විසින් සොයා ගනු ලබන්නේ හුදෙක් නිදර්ශන විනා දර්ශයන් නොවේ. වෙනත් වචන වලින් කිවහොත් දර්ශවාදය නිර්ණය කරනු ලබන්නේ ශුද්ධ ලියවිල්ල තුළිනි. දර්ශයන්ගේ භාවිතය ශුද්ධාත්මයාණන්වහන්සේගේ දේවානුභාවයෙන් යුක්ත විය; නිදර්ශනයන් සහ සාදෘශ්‍යයන් මනුෂ්‍යාගේ අධ්‍යයනයේ ප්‍රතිඵලයන් වූහ. නිදසුනක් ලෙස බොහෝ අය යෝසෙප්ගේ (උත්පත්ති 37–45) සහ යේසුස් වහන්සේගේ ජීවිතයන්හී සමානකම් දකිති. යෝසෙප් නින්දාවට පත්වීම සහ පසුව මහිමයට පත්වීම ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීමට අනුරූප වේ. කෙසේ නමුත් නව ගිවිසුමේ කිසිවිටෙකත් යෝසෙප්ව ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශයක් ලෙස භාවිතා නොකරනු ලබයි. එසේ හෙයින් යෝසෙප්ගේ වෘත්තාන්තය නිසිආකාරවම නිදර්ශනයක් ලෙස හැදින්වෙන නමුත් එය ක්‍රිස්තුස්වහන්සේගේ දර්ශයක් නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනානුකූල දර්ශවාදය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries