settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනානුකූල දේව ධර්මය යනු කුමක්ද?

පිළිතුර


දේව වචනානුකූල දේව ධර්මය වූ කලී කාලානුක්‍රමය සහ ඓතිහාසික පසුබිම් අනුව සකස් කරන ලද දේව වචනයේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමවේ. නිශ්චිත මාතෘකාවන්ට අනුව ඉගැන්වීම් වර්ගීකරණය කරනු ලබන ක්‍රමානුකූල දේව ධර්මයෙන් වෙනස්ව දේව වචනානුකූල දේව ධර්මය මගින් පෙන්නුම් කරනුයේ ඉතිහාසය පුරාවට කෙරීගෙන ආ පරිදිම දෙවියන්වහන්සේගේ එළිදරව්ව ඉදිරියේදීද ක්‍රමයෙන් එළිදරව් වන ආකාරයවේ. පෙන්ටටියුක් දේව ධර්මය නොහොත් (පැරණි ගිවිසුමෙහි මුල් පොත් 5) හෝ යොහාන්ගේ ලේඛණයන්හී අඩංගු දේව ධර්මය වැනි ශුද්ධ ලියවිල්ලේ නිශ්චිත කොටසක දේව ධර්මීය ඉගැන්වීම වෙන්කොට සැලකීමට හෝ ප්‍රකාශ කිරීමට දේව වචනානුකූල දේව ධර්මයට උත්සාහ දැරිය හැක. නොඑසේ නම් එය ඒකාබද්ධ කරන ලද රාජ්‍යයේ දේව ධර්මය මෙන් නිශ්චිත කාල පරිචිඡේයක් කෙරෙහි අවධානය යොමු කළ හැකිවේ. දේව වචනානුකූල දේව ධර්මයේ තවත් අංශයක් මගින් දේව වචනයේ විශේෂිත ආකෘතියක් හෝ තේමාවක් අධ්‍යයනය කළ හැක: නිදසුනක් ලෙස "ඉතිරි කොටස" පිළිබද අධ්‍යයනය මගින් එම ආකෘතිය ශුද්ධ ලියවිල්ල පුරාම හඳුන්වා දී සහ වර්ධනය වී ඇති ආකාරය පිළිබදව සොයා බැලිය හැකිවේ.

දේව වචනානුකූල දේව ධර්ම ක්ෂේත්‍රයේ ආරම්භ කිරීම හේතුකොටගෙන බොහෝ අය ජර්මන් ජාතික දේව වචනානුකූල විද්වතෙකු වන ජේ. පී. ගැබ්ලර් ස්තුති පූර්වකවේ. ගැබ්ලර් විසින් 1787 හීදී මහාචාර්‍යය ධූරයක් සදහා සමාරම්භක වෙමින් සිටියදී අනම්‍යශීලි දේව ධර්මය (ක්‍රමානුකූල හෝ ඉගැන්වීම මත පදනම්වූ) සහ දේව වචනානුකූල දේව ධර්මය අතර තියුණු වෙනසක් ඉල්ලා සිටියේය. ගැබ්ලර් දේව වචනානුකූල දේව ධර්මය වනාහී නූතන නිකායන්, ඉගැන්වීම, දාර්ශනික හෝ සංස්කෘතික සලකා බැලීම් වලින් ස්වාධීනව දේව වචනානුකූල ඉතිහාසයේ විවිධ කාල පරිච්ඡේදයන්හී විශ්වාස කරනු ලැබූ මෙන්ම උගන්වනු ලැබූ තදබල අධ්‍යයනයක් වන්නට ඇත. පොදුවේ ගත් කළ ගැබ්ලර්ගේ මූලධර්ම නිවැරදිවූ අතර ඔහු වසර ගණනාවක් පුරාවට දේව වචනානුකූල දේව ධර්මයේ වර්ධනයට බලපෑම් කළේය.

කෙසේ නමුත් සම්පූර්ණ විෂයමූලකත්වයකින් යුතුව දේව වචනය අධ්‍යයනය කිරීම වැනි දෙයක් නොමැති බව සැලකිල්ලට ගත යුතුය. සෑම පරිවර්තකයෙකුම මෙම කර්තව්‍යයට කිසියම් උපකල්පනයන් ගෙන එනු ලබයි. මෙම පක්ෂග්‍රාහිත්වය ශුද්ධ ලියවිල්ල පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දේව වචනයෙහි උගන්වනු ලබන දේහී පරිකල්පනීය මතය සහ ප්‍රභේදනය සමග දේව වචනානුකූල දේව ධර්ම ක්ෂේත්‍රය පරීක්ෂා කර බලනු ලැබේ. දේව වචනානුකූල දේව ධර්මය මුළුමනින්ම රදා පවතිනුයේ දේවධර්ම ආචාර්‍යයවරයාගේ අර්ථ විවරණය මතය. දේව වචනානුකූල දේව ධර්මයට ශුද්ධ ලියවිල්ල අර්ථ නිරූපණය කිරීමේ ක්‍රම ඉතා නිර්ණායකවේ. යමෙකුගේ දේව වචනානුකූල දේව ධර්මය ශුද්ධ ලියවිල්ල අර්ථ නිරූපණයට ඔහු භාවිතා කරන ක්‍රම වලට වඩා හොද විය නොහැක.

ක්‍රමානුකූල සහ දේව වචනානුකූල දේව ධර්මය අතර මූලික වෙනසක් මෙසේය: ක්‍රමානුකූල දේව ධර්මය මගින් මගින් ප්‍රශ්න කරනු ලබන්නේ "දේව දූතයන් පිළිබදව දේව වචනය සමස්තයක වශයෙන් පවසන්නේ කුමක්ද?" ඉන් අනතුරුව දේව දූතයන් හා සම්බන්ධ වන එසේම ඔවුන් පිළිබද නිගමන වලට එලඹෙන සෑම බයිබල් පාඨයක්ම පරීක්ෂා කොට බලා සියලූ තොරතුරු "දේව දූතයන් පිළිබද දේව ධර්මය" යනුවෙන් සත්‍යය සමූහයක් ලෙස සංවිධානය කරනු ලබයි. එහි අවසාන ඵලය නම් උත්පත්ති සිට එළිදරව් දක්වා දෙවියන් වහන්සේ විසින් එළිදරව් කරන ලද සත්‍යයන් මෙම විෂය පිළිබදව සම්පූර්ණත්වයකි.

දේව වචනානුකූල දේව ධර්මය මගින් ප්‍රශ්න කරනු ලබන්නේ "දේව දූතයන් පිළිබද අපගේ අවබෝධය දේව වචනානුකූල ඉතිහාසය පුරාවටම වර්ධනය වූයේ කෙසේද?" ඉන් අනතුරුව දේව දූතයන් පිළිබද පෙන්ටටියුක් ඉගැන්වීම ආරම්භ කොට මෙම ජීවින් පිළිබදව දෙවියන්වහන්සේගේ ප්‍රශතිශීලි අනාවරණය කිරීම ශුද්ධ ලියවිල්ල පුරාම අනුරේඛනය කරනු ලබයි.

මේ අතරතුර වඩ වඩාත් සත්‍යය අනාවරණය වන කළ මනුෂ්‍යයන් දේව දූතයන් පිළිබදව සිතන ආකාරය වෙනස් වී ඇති ආකාරය පිළිබදව දේව වචනානුකූල දේවධර්ම ආචාර්‍යයවරයා නිගමන වලට එළඹේ. එවැනි අධ්‍යයනයක නිගමනය සැබවින්ම දේව දූතයන් පිළිබදව දේව වචනයේ පවසන අවබෝධයක් වන අතර එම දැනුම දෙවියන්වහන්සේගේ සම්පූර්ණ එළිදරව්වෙහි "විශාල පින්තූරයෙහි" පෙළ යෙදුම තුළ තබයි. සම්බන්ධයක් නොමැති ඉගැන්වීම් කාරණා එකතුවක් ලෙස වෙනුවට දේව වචනානුකූල දේව ධර්මය දේව වචනය එකමුතු සමස්ථයක් ලෙස දැකීමට උපකාරීවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනානුකූල දේව ධර්මය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries