settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනානුකූල අනාවැකි කරණකොටගෙන සැබවින්ම අනාගත සිදුවීම් ප්‍රකාශ කිරිමට හැකි වන බවට අපට විශ්වාස කළ හැකි වේද?

පිළිතුර


අපට දේව වචනානුකූල අනාවැකි විශ්වාස කිරීමට හැකි ප්‍රධානම හේතුව නම් එයත් අනෙකුත් ශුද්ධ ලියවිලි මෙන්ම විශවයේ මැවුම්කරුවාණන් විසින් අපට ලබා දී තිබීමවේ. එය දිව්‍යමය අනුග්‍රහයට ලත්, නිකැළැල්ල පරිපූර්ණ සහ සත්‍යයවේ. දෙවියන්වහන්සේ බොරු නොකියන සේක (තීතස් 1:2), එසේම දේව වචනානුකූල අනාවැකි වල විශ්වාසනීයත්වය මුල් බැස තිබෙන්නේ දෙවියන්වහන්සේගේ චරිතය මෙන්ම දැනුම මතය: "මම වනාහී අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණ දේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය" (යෙසායා 46:10).

දේව වචනානුකූල අනාවැකි තුළින් අනාගතය ගැන පුරෝකථනය කරන අතර අනාගත සිදුවීම් වල ධනාත්මක හෝ සෘණාත්මක ප්‍රතිඵල කුමක් වේද යන්න එයින් පැහැදිලි කරනු ලබයි. අනාවැකියක් මගින් ප්‍රීතිය සහ සතුට ගෙන දෙන සිදුවීම් හෝ බිය සහ අනතුරක පූර්ව නිමිති ප්‍රකාශ කරනු ලබයි. දෙවියන් වහන්සේගේ අනාවැකි නොසලකා හරින විට සාමාන්‍යයෙන් එයට හේතුව වන්නේ අසන්නන් එක් හේතුවක් හෝ වෙනත් හේතුවක් නිසාවෙන් අසන දේට අකමැති වීමය. දේව වචනානුකූල අනාවැකි සාමාන්‍යයෙන් එය යම් කෙනෙකුට හෝ යම් දෙයකට බලපාන්නේ කෙසේද යන්න පිළිබදව ඉතා නිශ්චිතය. එය විශ්වාස කළ හැක්කක් වන මෙන්ම අපගේ සම්පූර්ණ විශ්වාසයට සුදුසුවේ. අපගේ ස්වාමින්වහන්සේට සේවය කිරීම සදහා මග පෙන්වීමක් ලබා දෙමින් අපගේ ජීවිත හැඩගස්වා ගැනීමට අනාවැකි වලට ඉඩ දිය හැකිය. අනාවැකි වූ කලී ශක්ති ප්‍රභවයක් මෙන්ම අපට උපදේශයන්ද දිය යුතුවේ. වර්තමානයේ සභාව තුළත් සභාවෙන් පිටත් අපට "අනාවැකි" ලෙස ඇසෙන්නාවූ දේ මෙන් නොව සැබෑ දේව වචනානුකූල අනාවැකි සෑම විටම නිරවද්‍ය මෙන්ම නියමිතවේ. දෙවියන්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලබන අනාවැකි සෑමවිටම සිදුවේ (යෙසායා 14:24).

උත්පත්ති 6 හී සදහන් වන ජල ගැල්ම පිළිබද අනාවැකිය නිදසුනක් ලෙස ගත හැක. දෙවියන්වහන්සේ ජල ගැල්මට හේතුවූ කරුණු පැහැදිලි කරනු ලැබ, ජීවිත ආරක්ෂා කරගනු වස් නැව ගොඩ නගා ගැනීම සදහා නෝවාට නිශ්චිත උපදෙස් දුන් අතර ඉන්පසු ලොව පුරා මෙම ව්‍යසනය ගෙන ආ සේක. උත්පත්ති 37:5-10 හී යෝසෙප්ගේ සිහිනයන් ඔහුගේ ජීවිතයේ පසුකාලීනව සිදුවූ අනාවැකි අඩංගුවේ. ද්වීතීය කථාව 18:18 හී ප්‍රකාශ කරනු ලබන්නේ "මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඔබ සමාන අනාගතවක්තෘ කෙනෙකු (මෝසෙස්) ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි. මා ඔහුට අණ කරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය." මෙම අනාවැකිය යුදෙව් මෙසියස් වහන්සේ වන අපගේ ස්වාමින් වන යේසුස් වෙතට යොමු වන අතර එය ක්‍රියා 3:22 හී උපුටා දක්වා ඇත. යෙසායා 53 වන පරිච්ඡේදයෙහි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මූලික වූ අනාවැකියක් අඩංගුවේ: උන්වහන්සේගේ යෞවනය, උන්වහන්සේගේ සේවය, උන්වහන්සේගේ පාපය දරා ගැනීම සහ දුක් විදීම මෙන්ම උන්වහන්සේගේ කුරුසි පූපාව ආදියවේ. ගීතාවලිය 22 හී දාවිත් රජු පිළිබද විස්තරයක අදහස් දක්වමින් අපගේ ස්වාමින්වහන්සේගේ දුක් වේදනා පිළිබද තවත් අනාවැකියක් අපට ලබා දෙයි.

මතෙව් 24 සදහන් ආකාරයට වැනි අපගේ ස්වාමින්වහන්සේගේම අනාවැකි තුළින් උන්වහන්සේ කථා කරනු ලැබුවේ යුද්ධ, සාගත, භූමි කමිපා, හිංසා කිරීම්, ආගම අත්හැර යාම සහ පාවා දීම් සහ උන්වහන්සේගේ නැවත පැමිණීම ආදි පිළිබදවය. මෙම සහ වෙනත් අවසාන කාලීන අනාවැකි දෙවියන්වහන්සේ ජල ගැල්ම පිළිබද කරනු ලැබූ අනතුරු ඇගවීම තරම් විශ්වාස දායකවේ. තවමත් ඇතිවීමට නියමිත විපත්තිකාරි සිදුවීම් පිළිබද සමාන අනාවැකි 2 පේත්‍රස් 3 සහ එළිදරව් 6-16 හී දක්නට ලැබේ. 1 තෙසලෝනික 4:13-18 හී කිතුණුවන්ව එම විපත්ති දවසේදී මුදවා ගනු ලබන බවය පොරොන්දුවක් දී ඇත. දේව වචනානුකූල අනාවැකි අපට අනාගතය පිළිබදව මාර්ග සිතියමක් සපයා දෙනු ලබයි. ඔසවා ගැනීමේ අනාවැකිය අවබෝධ කර ගැනීමට අපොහොසත් වීම නම් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ත්‍යාගයන් ගෙන් එකක් මග හැරීමවේ.

දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන සේක බවත් උන්වහන්සේගේ පුත්‍රයාණන් අපට දුන් බවත් අපට විශ්වාස කළ හැකිවේ (යොහාන් 3:16). සැබවින්ම දේව වචනානුකූල අනාවැකියන්හී කතෘවරයාණන් ලෙස අපට උන්වහන්සේ කෙරෙහි රදා පැවතී සිටිමට හැකි වන්නෙමු. අපගේ ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ "මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය. එසේ නොවූයේ නම් මා විසින් ඔබ සැමට කියනවා ඇත. මක්නිසාද ඔබ සැමට ස්ථානයක් පිළියෙල කරන පිණිස යමි." ඉන් අනතුරුව උන්වහන්සේ අපට දෙනු ලැබුයේ ආශිර්වාද ලත් සහතිකයකි, "මා සිටින තැන ඔබ සැම සිටින පිණිස මම නැවත ඇවිත් ඔබ සැම මා ළගට ගන්නෙමි" (3වන පදය). මෙය සියලූ කිතුණුවන්ට ධෛර්‍යය ගෙන දෙන්නක් විය යුතුය.

ඔබ දෙවියන්වහන්සේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබනවා හා සේම ඔබගේ විශ්වාසය උන්වහන්සේ කෙරෙහිත් තබන්න. "මක්නිසාද දෙවියන් වහන්සේගේ පොරොන්දු කොපමණ වූවත් උන්වහන්සේ තුළ එසේය කියාවේ" (2 කොරින්ති 1:20).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනානුකූල අනාවැකි කරණකොටගෙන සැබවින්ම අනාගත සිදුවීම් ප්‍රකාශ කිරිමට හැකි වන බවට අපට විශ්වාස කළ හැකි වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries