settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනය හා සම්බන්ධ සංඛ්‍යාවේදය යනු කුමක්ද?

පිළිතුර


දේව වචනය හා සම්බන්ධ සංඛ්‍යාවේදය යනු දේව වචනයේ සංඛ්‍යා පිළිබද අධ්‍යයනයවේ. දේව වචනයේ සුලභව පුනරාගත වන සංඛ්‍යාවන් නම් 7 සහ 40 යන ඉලක්කම් වේ. 7 ඉලක්කම සම්පූර්ණ කිරීම හෝ පරිපූර්ණත්වය සනිටුහන් කරනු ලබයි. (උත්පත්ති 7:2–4; එළිදරව් 1:20) එය බොහෝ විට “දෙවියන්වහන්සේගේ අංකය” ලෙස හඳුන්වනු ලබන්නේ එකම පරිපූර්ණ සහ සම්පූර්ණ වූ තැණන්වහන්සේ උන්වහන්සේ වන හෙයිනි (එළිදරව් 4:5; 5:1, 5–6). 3 ඉලක්කමද දිව්‍යමය පරිපූර්ණත්වයේ ඉලක්කම ලෙසද සිතිය හැක: ත්‍රිත්වය සමන්විත වන්නේ පියාණන්වහන්සේ, පුත්‍රයාණන්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ ගෙන්ය.

40 ඉලක්කම බොහෝ විට අවබෝධ කොටගෙන ඇත්තේ “පරිවාස කාලය හෝ අත්හදා බැලීමේ ඉලක්කම” ලෙසය. නිදසුනක් ලෙස ඊශ්‍රායෙල් සෙනග වසර 40 කාන්තාරයේ සැරිසැරූහ (ද්වීතිය කථාව 8:2–5); මෝසෙස් ඔලීව කන්ද මත දින 40 සිටියේය (නික්මයාම 24:18); යෝනා විසින් ප්‍රකාශ කරනු ලැබුවේ නිනිවයට දින 40 කට පසු විනිශ්චය ලැබෙන බවය (යෝනා 3:4); යේසුස්වහන්සේව දින 40 පුරා පරීක්ෂා කරනු ලැබු සේක. (මතෙව් 4:2); යේසුස්වහන්සේගේ උත්ථානය සහ ස්වර්ගස්ත වීම අතරද දින 40 ක කාලයක් තිබිණ. (ක්‍රියා 1:3); පුනරාගත වන තවත් සංඛ්‍යාවක් නම් 4 ඉලක්කමය. මෙය වූ කලී මැවිල්ලේ ඉලක්කමයත එනම් උතුර දකුණ නැගෙනහිර බස්නාහිර සහ සෘතු හතරද වේ: 6 ඉලක්කම වනාහී මනුෂ්‍යයාගේ ඉලක්කමවේ: මනුෂ්‍යයාව මවනු ලැබුවේ 6 වන දිනයෙහිදීය; මනුෂ්‍යයා ශ්‍රමය යොදවන්නේ දින 6 ක් පමණි. දේව වචනයේ යමක් සංකේතවත් කිරීමට භාවිතා කරනු ලබන සංඛ්‍යාවක තවත් නිදසුනක් නම් එළිදරව් 13 හී අන්ත ක්‍රිස්තුස්ගේ ඉලක්කම 666 වන බවය.

සංඛ්‍යා වලට සැබවින්ම අර්ථාන්විතභාවයක් තිබේද නැදද යන්න තවමත් විවාදයට ලක්වූවකි. යම් රටාවන් සදහා මෙන්ම අධ්‍යාත්මික සත්‍යතාවයන් උගන්වනු වස් දේව වචනයේ සංඛ්‍යාවන් භාවිතා කරනු ලබන බවක් පෙනී යයි. කෙසේ නමුත් බොහෝ අය “දේව වචනය හා සම්බන්ධ සංඛ්‍යාවේදයට” ඕනෑවට වඩා වැදගත්කමක් දීමට උත්සාහ දරන්නේ දේව වචනයේ සෑම ඉලක්කමක් පිටුපස ඇති විශේෂ අර්ථය සොයා ගනු වස්ය. අප විසින් නිතරම දකිනු ලබන්නේ දේව වචනයේ සදහන් වන ඉලක්කම් හුදෙක්ම සංඛ්‍යාවන් බවය. දෙවියන්වහන්සේ අපව කැදවනු ලබන්නේ දේව වචනයේ ඇති රහස් අර්ථයන්, සැගවුණු පණිවුඩ හෝ නොයෙක් සංකේතයන් සොයා බැලීම පිණිස නොවේ. අපගේ සියලූ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් තරම් සරල සත්‍යයන් ශුද්ධ ලියවිල්ලේ තිබෙන්නේ අපට “සම්පූර්ණව සියලූ යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිසය” (2 තිමොති 3:16).



English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනය හා සම්බන්ධ සංඛ්‍යාවේදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries