settings icon
share icon
ප්‍රශ්නය

වරදින් තොර බයිබලය ලෙස හැදින්විය හැක්කේ මුලික පිටපත පමණක් ද?

පිළිතුර


මූලික ලේඛනය (මූලික අත් පිටපත) ලියන ලද්දේ ප්‍රේරිතයන් හා අනාගතවතෘන් විසින් උන්වහන්සේගේ පොරොන්දුව අනුව කිසිම වරදකින් තොර ශුද්ධාත්මයාණන්ගේ දේව ආනුභාවයෙන් ලියන ලදි (2 තිමොති 3:16-17; 2 පේත්‍රැස් 1:20-21). බයිබලය සියයට සීයක්ම ආධිපත්‍යය හා සත්‍ය ලෙස ලේඛනය කරන ලදි. බයිබලයේ මුල් ලේඛකයා කිසිම වරදකින් තොර ලියා තිබූ නමුත් වර්ථමාන පිටපත් වලින් අඩුපාඩු වලින් තොර පිටපත් බලාපොරොත්තු විය නොහැක. හේතුව බයිබලය අවුරුදු දහස් ගණනක සිට පරිවර්ථන පිටපත් දහස් ගණන් පිටපත් කර තිබේ.

මේ සමඟ අප ගණුදෙණු කරන්නේ කෙසේද? අප මතක තබා ගතයුතු කරුණ නම් මුල් අත් පිටපත සමඟ බයිබලය සන්සන්දනය කරන විට සියයට අනුනවයක් පමණ සුළු වෙනස්කම් දැකිය හැකි වන අතර විශාල වෙනස්කම් දැකිමට නොතිබේ. එනම් විරාම ලකුණු, ව්‍යාකරණ, හා වාක්‍ය අවසන් කිරිම් වැනි සුළු වෙනස්කම් පමණි. ඒ හැර දේවධර්මය පිළිබඳ හා බයිබලය පිළිබඳ බයිබලය තුල කිසිම වරදක් හෝ වෙනසක් තිබෙන බවට සැක කළ නොහැක. පිටපත් කිරීම්වලදී යම් සුළු වෙනස්කම් තිබුනද 15 වන ශත වර්ෂයේ සිට 3 වන ශත වර්ෂය දක්වා එකම අත්පිට බවට සම්පුර්ණයෙන්ම එකඟ විය හැක. වර්ථමානයේ අප කියවන බයිබලය අවුරුදු 2000 සිට ප්‍රේරිතයන් හා අනාගතවක්තෘන් විසින් ලියන ලද බවට ස්ථිර වශයෙන්ම විශ්වාස කළ හැක.

දෙවනුව, පිටපත් කිරිමේදී ඇති වන අඩුපාඩු නිසා මුලු බයිබලයම වැරදි යන නිගමනයකට එන්න බෑ. හේතුව පරිවර්ථකයන් හා පිටපත් කරන්නන් විසින් සුළු වෙනස්කම් සිදු වුනද බයිබලීය කරුණුවල කිසිම වෙනසක් වී නැත. හේතුව බයිබලය පුදුමාකාර ලෙස සත්‍යවශයෙන්ම දේව ආනුභාවයෙන් ආරක්ෂිතව අපට දෙවියන් වහන්සේ විසින් ලබා දුන්සේක.

අද අපට බයිබලය විශ්වාස කල හැකි ද? අද අපට තිබෙන සියලුම බයිබල් පිට පතක්ම දේව වචනය වේ. ක්‍රි. පු. 1 වන ශත වර්ෂයේ සිටම දෙවියන්වහන්සේ අපට දුන් පණිවිඩය නම් අද බයිබලය වේ. පිටපත්වල අඬුපාඬු තිබුනත් බයිබලය විශ්වාස නොකර සිටිමට තරම් හේතු නොමැත. මෙය මුල සිටම දේව පණිවුඬය වේ. එම නිසා බයිබලය සියලු දේව ආනුභාවයෙන් හා සම්පුර්ණ පණිවුඬ මුල් පිටපත් වරදකින් තොර ලියන ලද්දක් නිසා, වර්ථමාන පිටපත් සම්පුර්ණ සත්‍යතාවයෙන් සමන්විත වේ. එම නිසා බයිබලය සදාටම නොවෙනස්ව පවතින බවට ස්ථිර වේ.



English



නැවතත් සිංහල මුල් පිටුවට

වරදින් තොර බයිබලය ලෙස හැදින්විය හැක්කේ මුලික පිටපත පමණක් ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries