settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනයේ මූලධර්ම පිළිබද ආලෝකනය කුමක්ද?

පිළිතුර


මේ පිළිබදව යම් කිසි අවබෝධයක් ලබා ගනු පිණිස ආලෝකනය යන්න සරලව ආත්මික අර්ථයකින් කිවහොත් ආලෝකය දැලවිම ලෙස දැක්විය හැක. දිව්‍යමය අවබෝධය කටයුතු කරනු ලබන්නේ දැනුම සහ අනාගතය හා සම්බන්ධව දේ පිළිබදවය, එහෙයින් ඒවාට “අනාගත වාක්‍යය” ලෙස පවසමු. අවබෝධය තේරුම් ගැනීම හා සම්බන්ධව කටයුතු කරමින් දැනටමත් ලැබී ඇති දැනුමට අදාල කර ගත් විට අප එය හඳුන්වනු ලබන්නේ “ආලෝකනය” ලෙසය. අපට පැණ නගින ප්‍රශ්නය නම් “උන්වහන්සේගේ වචනය ඉගෙන ගන්නවුන්ගේ මනස දෙවියන් වහන්සේ විසින් ආලෝකනය කරනු ලබන්නේ කෙසේද” යන්නය

වඩාත්ම මූලික මට්ටමේ අවබෝධය නම් පාපය පිළිබදව දැනුමය; එම දැනුම නොමැතිව අන් සියල්ලම නිශ්ඵලය. ගීතාවලිය 18:28 හී සදහන් වන්නේ “එසේය ඔබ මාගේ පහන දල්වන සේක. මාගේ දෙවිවූ ස්වාමින්වහන්සේ මාගේ අන්ධකාරය ආලෝක කරන සේක” බයිබලයේ දිගම පරිච්ඡේදය නම් ගීතාවලිය 119, වන අතර එය දෙවියන්වහන්සේගේ වචනය පිළිබදව ගීතයකි. 130 වන පදයේ සදහන් වන්නේ “ඔබගේ වචන එළිදරව්වීමෙන් අලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ” මෙම පදය මගින් දෙවියන් වහන්සේගේ ආලෝකනය පිළිබදව මූලික ක්‍රමය ස්ථාපිත කරනු ලබයි. දෙවියන්වහන්සේගේ වචනය යම් පුද්ගලයෙකුගේ හදවතට ඇතුළු වූ කල එතුළින් ආලෝකය සහ තේරුම් ගැනීම ලබා දෙයිග මෙි හේතුව කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කරන ලෙස අපට නැවත නැවතත් ප්‍රකාශ කරනු ලබයි. ගීතාවලිය 119:11 හී ප්‍රකාශ කරනු ලබන්නේ “ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.” 98 සහ 99 වන පදයන්හී සදහන් වන්නේ “ඔබගේ ආඥා මාගේ සතුරන්ට වඩා මා නැණවත් කරයි; මක්නිසාද ඒවා නිතර මා සමගය. මාගේ සියලූ ගුරුවරුන්ට වඩා මට නුවණ ඇත්තේය; මක්නිසාද මාගේ භාවනාව ඔබගේ ශික්ෂා ගැනය.”

දෙවියන්වහන්සේගේ වචනය පිළිබදව නිරන්තර අධ්‍යයනය මගින් ජීවිතයේ ප්‍රශ්න පිළිබදව අවබෝධය සහ ඒවාට නිසි මග පෙන්වීම දෙනු ලබයි. දෙවියන් වහන්සේගේ ආලෝකනයේ ප්‍රථම විධික්‍රමය මෙය වන අතර අප සැමගේ ආරම්භක ස්ථානය වේ. ගීතාවලිය 119 හී අපට තවත් දෙවියන්වහන්සේගේ ආලෝකනයේ තවත් ආකාරයක් සොයා ගත හැක.18 වන පදයේ ප්‍රකාශ කරනු ලබන්නේ “ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස ඇස් පැහැදුව මැනව.” මෙම “ආශ්චර්මත් දේ” වනාහී නව එළිදරව් කිරීම් නොව බොහෝ කලකට ප්‍රථමයෙන් ලියා තිබූ කරුණු පාඨකයන් මගින් වර්තමානයේ තේරුම් ගනු ලැබූ දේය. ඒ ආකාරයටම 37 වන පදයෙහි ප්‍රකාශ කරනු ලබන්නේ “නිශ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා ඔබගේ මාර්ගයන්හී මා ප්‍රාණවත් කළ මැනව” මෙහි ඉල්ලීම වනාහී දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අදාල කරනු වස් පෞද්ගලික තේරුම් ගැනීමය. මෙම ගීතාවලියේම ස්ථාන පහලොසක දෙවියන්වහන්සේ විසින් ඉල්ලනු ලැබුවේ උන් වහන්සේගේ ව්‍යවස්ථාව ඉගැන්වීම හෝ ඒ පිළිබදව අවබෝධයක් ලබා දීමය.

මතභේදයන් ඇති වීමට තුඩු දෙන් එක් පරිච්ඡේදයක් නම් යොහාන් 14:26 වේ. “නමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන් වහන්සේ එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලාට සියල්ල උගන්වමින් මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහිකර වන සේක.”

යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයින්ට උඩුමහලේ කථා කරමින් උන්වහන්සේගේ මරණයට ප්‍රථමයෙන් අවසාන උපදෙස් දුන්සේක. මෙම විශේෂ පුරුෂ කණ්ඩායම මුළු ලෝකයටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිලිබදව සුභාරංචිය පැතිර වීමට වගකිව යුතු විය. ඔවුන් උන්වහන්සේ හා සමග වසර තුනහමාරක් ගත කරනු ලැබුවේ උන්වහන්සේ කළ හාස්කම් දකිමින් සහ උන්වහන්සේගේ වචනය අසමින්ය. එම ඉගැන්වීම් මේ ලෝකයේ සෙසු පිරිසට ප්‍රතිප්‍රචාරය කරනු වස් ඔවුන්ට දෙවියන්වහන්සේගේ විශේෂ උපකාරයක් අවශ්‍යය වූයේ එම කරුණු නිරවද්‍යවම මතක තබා ගනු පිණිසය. යේසුස් වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ ඔවුන්ට ප්‍රකාශ කරනු ලැබ ඇති දේ අන්‍යයන්ට විස්තර දක්වනු වස් ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් උගන්වනු ලබන හා සේම මතක් කර දෙනු ලබන බවය. අපෝස්තුළුවරයන්ට මෙම සුභාරංචි ලියනු වස් දිව්‍ය උපකාර ඇති බවට මෙම පදය තුළින් උගන්වනු ලබන අතර ආත්මයාණන්වහන්සේ ඒ ආකාරයෙන්ම සියලූ ඇදහිලිවන්තයන්ට කරනු ලබන බවට උගන්වනු නොලබයි.

එසේ නම් ඇදහිලිවන්තයන් තුළ ශුද්ධාත්මයාණන්වහන්සේගේ ආලෝකනය කුමක්ද? එපීස 1:17–18 හි අපට ප්‍රකාශ කරනු ලබන්නේ ආත්මයාණන් වහන්සේ විසින් අපට යේසුස්ක්‍රිස්තුස්වහන්සේ පිළිබදව ප්‍රඥාව සහ එළිදරව් කිරීම දෙනු ලබන්නේ අවබෝධය නමැති දෑස් විවෘත කරනු ලබන්නේ අපගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ අභිමතාර්ථය තේරුම් ගනු සදහාය. 1 කොරින්ති 2:10–13 හී දෙවියන්වහන්සේ අපගේ ජීවිත වලට ඇති උන්වහන්සේගේ සැලැස්ම අපට සියලූ ආත්මික දේ උගන්වනු ලබන් උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ තුළින් අනාවරණය කරනු ලබන සේක. මෙහි ඇති පෙළ යෙදුම අනාවරණය වී ඇති දේව වචනය කෙරෙහි යොමු කරනු ලබයි. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ සෑම විටකම අපට උපදෙස් ලබා ගනු සදහා දේව වචනය වෙතට යොමු කරනු ලබන සේක. යොහාන් 6:12–15 හී යේසුසවහන්සේ විසින් තම ගෝලයන්ට ප්‍රකාශ කරනු ලැබු හා සේම ආත්මයාණන් වහන්සේ විසින් පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලබා ඇති දේම නැවත ප්‍රකාශ කරනු ලබන සේක. මෙම පුනරුච්චාරණය තුළින් දෙවියන්වහන්සේ අපට ප්‍රකාශ කර ඇති දේ මතක තබා ගැනීමට සහ මුළුමනින්ම ඇසීමට උපකාර කරනු ලබයි. සමහර අවස්ථාවන්හී අපට සමහර දේවල් වලට ඇහුම්කන් දිය යුත්තේ ඒවා නිසි ආකාරයෙන් “ඇසීමටය”. ආත්මයාණන්වහන්සේ සම්බන්ධ වන්නේ මෙම අවස්ථාවෙහිදීය.

ආලෝකනය පිළිබදව සාකච්ඡා කරන විට අපට නොදැක සිටිමට පෙළඹෙන කරුණක් නම් එහි අභිමතාර්ථයයි. සමහර වාද වලට ඇහුම්කන් දීමට නම් එයින් පෙනෙන්නට පවතින්නේ ආලෝකනයේ අභිමතාර්ථය නම් දේව වචනය පිළිබදව නිරවද්‍යය සහ ශාස්ත්‍රීය අවබෝධයකි. උන්වහන්සේ විසින් දී ඇති දේ අපට නිරවද්‍යයව අවබෝධ කර ගැනීම කෙරෙහි දෙවියන්වහන්සේ අභිරුචිය බවට කිසිඳු සැකයක් නොමැත. වචන වලට අරුතක් ඇති අතර අප විසින් එම වචන වල විස්තර පිළිබදව අවධානය යොමු කළ යුතු වෙමු. කෙසේ නමුත් කරුණු පිළිබදව ශාස්ත්‍රීය අවබෝධයක් මගින් කිසිඳු යහපතක් නොකරනු ලබන්නේ එම කරුණු අදාල නොකළහොත්ය.

ගීතාවලිය 119 අප නැවත පැමිණෙන විට අපට දක්නට ලැබෙන්නේ අලෝකනය පිළිබදව ඇති බයිබල් පදයන් හා සම්බන්ධ වී ඇති අරමුණු ප්‍රකාශයන්ය. “ඔබගේ ආශ්චර්ය ක්‍රියා ගැන භාවනා කරන්නෙමි” (27 වන පදය), “ඔබගේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි. මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි” (34 වන පදය), “ඔබගේ ශික්ෂා දැනගන්නා පිණිස” (125 වන පදය), “මා ජීවත් වන පිණිස” (144 වන පදය), ආලෝකනය සෑම විටම මග පෙන්වනු ලබන්නේ ක්‍රියා වලටය. උන්වහන්සේගේ වචනය තේරුම් ගැනීමට දෙවියන්වහවන්සේ අපට සෑම විටම උපකාර වන්නේ මන්ද? එසේ වන්නේ උන්වහන්සේගේ ආලෝකයේ අපට ජීවත් වීමට හැකි වනු පිණිසය. 1 යොහාන් 1:6 හී අපට අභියෝග කරනු ලබන්නේ, “අපි උන්වහන්සේ සමග පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයේ හැසිරෙමු නම් අපි බොරු කියනවා මිස සැබෑව නොකරමුව” අපට මේ ආකාරයෙන් මෙය භාව සන්නය කළ හැක; අප ප්‍රබුද්ධ වී ඇති බව ප්‍රකාශ කර තිබෙතත් අප තවම ගමන් කරන්නේ අඳුරෙහි වන අතරම අප දෙවියන්වහන්සේගේ වචනය තේරුම් ගැනීම පිළිබදව සත්‍යය නොපවසමු. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ එනම් අපව දෙවියන්වහන්සේගේ වචනය තේරුම් ගැනීම පිණිස කාරණා හෙලි කරන්නාවූ තැණන්වහන්සේ, එම දැනුම රැගෙන ජීවත් වීම පිණිස අපට මග පෙන්වනු ලබන සේක. රෝම 8:14 හි ප්‍රකාශ කරනු ලබන්නේ “මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.” අපගේ ජීවිත වල ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආලෝකනය කිරීමේ ක්‍රියාවලිය වූ කලී අප දෙවියන්වහන්සේගේ දරුවන් බවට දෙනු ලබන සහතිකයකි.



English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනයේ මූලධර්ම පිළිබද ආලෝකනය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries