settings icon
share icon
ප්‍රශ්නය

ඉගැන්වීමක් සැබවින්ම දේව වචනානුකූල යයි සැලකිය හැක්කේ කුමන අවස්ථාවකදීද?

පිළිතුර


ඉගැන්වීමක් සැබවින්ම දේව වචනානුකූල යයි සැලකිය හැක්කේ එය දේව වචනය මගින් නිශ්චිත වශයෙන් උගන්වා ඇති නම්ය. යම් කාරණයක් දේව වචනානුකූල නොවිය හැක (දේව්වචනයේ ඉගැන්වීම් වලට විරුද්ධව), දේව වචනයට අතිරේකීව (දේව වචනයෙන් පිටත හෝ එහි සදහන් නොවී තිබීම) දේව වචනය මත පදනම්වූ (දේව වචනයේ ඉගැන්වීම් වලට සම්බන්ධවූ) හෝ දේව වචනානුකූල විය හැක.

දේව වචනානුකූල නොවන ඉගැන්වීමක් වූ කලී දේව වචනයේ පැහැදිලි ඉගැන්වීම් වලට විරුද්ධව කරන්නාවූ ඕනෑම ඉගැන්වීමකි. නිදසුනක් ලෙස, යේසුස්වහන්සේ පව් කළ බවට කෙරෙන විශ්වාසය දේව වචනානුකූල නොවේග හෙබ්‍රෙව් 4:15 හී සදහන් පරිදි "මක්නිසාද අපට සිටින්නේ....පව් කිරීමක් නැතුව සියලූ ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්ය." ඇතුළු දේව වචනයේ තවත් බොහෝ ස්ථාන වල කරන්නාවූ ඉගැන්වීම් වලට සෘජුවම ප්‍රතිවිරෝධවේ.

දේව වචනයට අතිරේකීව ඇති ඉගැන්වීමක් වූ කලී දේව වචනයෙහී සෘජුවම උගන්වනු නොලබන ඕනෑම ඉගැන්වීමකි. එය යහපත් හෝ අයහපත් විය හැකිය. නිදසුනක් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකදී ජන්දය ප්‍රකාශ කිරීම ධනාත්මක ක්‍රියාවක් වන නමුත් එය නිශ්චිතවම දේව වචනයේ නියෝග කොට නොමැත. සමහර නිවාඩු දිනයන් සැමරීම බොහෝ විට යහපත් දෙයක් හෝ අයහපත් දෙයක් නොවේ: "එක් කෙනෙක් එක දවසකට වඩා වෙන දවසක් උතුමැයි සිතන්නේය. වෙන කෙනෙක් සියලූ දවස්ම ඒකාකාරයයි සිතන්නේය. එක් එක්කෙනා තම තමාගේ සිතින් නිසැකව සිටීවා" (රෝම 14:5). චතාරික කාලයේ චාරිත්‍ර පිළිපැදීම පිළිබදව කරන්නාවූ ඕනෑම ඉගැන්වීමක් නිදසුනක් ලෙස දේව වචනයට අතිරේකී දෙයක් වේ.

අනෙකුත් ඉගැන්වීම් දේව වචනානුකූල ඉගැන්වීම් මත පදනම් වූ නමුත් සෘජුවම දේව වචනයෙහි උගන්වනු නොලබන්නක් විය හැකිය. නිදසුනක් ලෙස දුම් පානය පිළිබදව දේව වචනයේ කිසිම විටෙක සදහන් කර නොමැත. 1 කොරින්ති 6:19–20 හී සදහන් පරිදි "ඔබ සැමගේ ශරීරය...ඔබ සැම තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? ඔබ සැම ඔබ සැමටම අයිති නැත; මක්නිසාද ඔබ සැම මිලේට ගනු ලැබුවහුය. එබැවින් ඔබ සැමගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරව කරන්න." යන්න පදනම් කොටගෙන මෙම ක්‍රියාවෙන් වැළකී සිටිය යුතු බවය අපට ස්ථිර ලෙසම ප්‍රකාශ කළ හැකිවෙමු. දේව වචනානුකූල ඉගැන්වීමක් අදාළ කරන කළ එය දේච වචනය මත පදනම් වූ ඉගැන්වීමක් ලෙස අපට විශ්වාසයෙන් යුතුව ඉගැන්විමට හැකිවෙමු.

එසේ නම් දේව වචනානුකූල ඉගැන්වීම් නිශ්චිත වශයෙන්ම දේව වචනයේ උගන්වා තිබෙන්නෙකි. දෙවියන්වහන්සේ අහස සහ පොළොව මැවීම (උත්පත්ති 1:1), සියලූ මනුෂ්‍යයන්ගේ පාපිෂ්ඨභාවය (රෝම 3), කන්‍යාවක් තුළින් යේසුස්වහන්සේගේ උත්පත්තිය (මතෙව් 1:20-25; ලුක් 1:26-38), යේසුස්වහන්සේගේ ශාරිරික මරණය සහ සැබෑ උත්ථානය (1 කොරින්ති 15:3–11), ඇදහිල්ල කරණකොටගෙන අනුග්‍රහය තුළින් පමණක් වූ ගැළවීම (එපීස 2:8-9), ශුද්ධ ලියවිල්ලේ අනුප්‍රාණය (2 තිමොති 3:16-17), සහ වෙනත් බොහෝ කරුණු නිදසුන් අන්තර්ගත කළ හැකිවේ.

ගැටළු මතු වනුයේ මනුෂ්‍යයන් මෙම ප්‍රභේදයන් ව්‍යාකූල කරගන්නා විටදීය. නිදසුනක් ලෙස කන්‍යා උපත යනු කිතුණුවන්ට විශ්වාස කිරීමට හෝ අවිශ්වාස කිරීමට නිදහස ඇති විකල්ප ධර්මතාවයක් බව ඉගැන්වීම වනාහී දේව වචනයේ මූලිකම ඉගැන්වීමක් ප්‍රතික්ෂේප කිරීමකි. එමගින් දේව වචනානුකූල ඉගැන්වීමක් අත්‍යවශ්‍යය නොවන්නක් ලෙසට ගෙන හැර දක්වයි. ඒ ආකාරයටම දේව වචනයට අතීරේකී වන ඉගැන්වීම් දේව වචනානුකූල ඉගැන්වීම ලෙස ගෙන හැර පාන්නවුන්ද සිටිති. යම් පුද්ගලයෙකුගේ මතයන්ට සහ මනාපයන්ට දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි වැදගත්කම පවරා දෙනු ලබයි; බොහෝ විට මෙය සිදුවන්නේ ඇඳුම් පැළඳුම්, සංගීත ශෛලයන් සහ ආහාර පාන ආදී කාරණා තෝරා ගැනීමේදීය. අප විසින් "මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකමි කොට උගන්වමින්" (මාර්ක් 7:7), යන කළ අපද යේසුස්වහන්සේ විසින් දැඩි ලෙස හෙළා දුටු පරිසිවරුන් මෙන් වන්නෙමු.

අපගේ ඉලක්කය විය යුත්තේ ශුද්ධ ලියවිල්ල සරලව තිබෙන කළ එය පැහැදිලිව සහ ස්ථිරව කථා කිරීමවේ. දේව වචනයට අතිරේකී කාරණා වලදී අපවාදයෙන්ගෙන් වැළකී සිටීමට අප වග බලාගත යුතුවෙමු. බොහෝ අය ප්‍රකාශ කර ඇති පරිදි: අත්‍යවශ්‍යාංගයන්හී එක්සත්කමත්; අත්‍යවශ්‍ය නොවන අංගයන්හී භේදයත්; සියල්ලේදී ත්‍යාගශීලිභාවයත්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඉගැන්වීමක් සැබවින්ම දේව වචනානුකූල යයි සැලකිය හැක්කේ කුමන අවස්ථාවකදීද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries