දේව වචනානුකූළ නිර්මාණවාදය ඉතා වැදගත්වන්නේ මන්ද?


ප්‍රශ්නය: දේව වචනානුකූළ නිර්මාණවාදය ඉතා වැදගත්වන්නේ මන්ද?

පිළිතුර:
ගොඩනැගිල්ලකට අත්තිවාරමක් වැදගත් වන හේතුවට හා සමානව මූලාරම්භය පිළිබද ඇති පැහැදිලි සම්ප්‍රේක්ෂයක්ද වැදගත්කමක් ගනියි. කිතුණු ධර්මය උත්පත්ති පොතෙහි ප්‍රතිෂ්ඨාපනය වන්නේ "පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ මැවූ සේක" තුළිනි. මෙම එක් ප්‍රකාශය තුළින් නිර්මාණවාදය ස්ථිර කරනු ලබන අතර ස්වභාවවාදය (විශ්වය ආරම්භ වූයේ දෙවියන් වහන්සේගේ මැදිහත්වීමක් නොමැතිව සහ /හෝ ක්‍රියාවෙහි පවතින්නේ උන්වහන්සේගේ සම්බන්ධවීමකින් තොරව යන විශ්වාසය) වැළදගනු ලබන්නාවූ ඕනෑම සම්ප්‍රේක්ෂණයකට විරුද්ධව නැගී සිටියි.

මැවිල්ල පිළිබද යමෙකුගේ සම්ප්‍රේක්ෂණයන් තුළින් පිළිඹ්බු වන්නේ අප දේව වචනය විශ්වාස කරනු ලබනවාද නැතහොත් එහි සත්‍යතාවය ප්‍රශ්න කරනු ලබනවාද යන්නය. කිතුණුවන් ලෙස අප නිර්මාණවාදය සහ ස්වභාවවාදය වෙන් කොට දැක්විය යුතුවෙමු; එනම් ඒවා එකිනෙකින් වෙනස් වන්නේ කෙසේද? සත්‍යය වන්නේ මේ දෙකින් කුමක්ද? නිර්මාණවාදය සහ පරිණාමවාදයේ සමහර ස්වරූපයන් යන දෙආකාරයම විශ්වාස කළ හැකිවේද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය හැක්කේ දේව වචනානුකූළ නිර්මාණවාදය කුමක්ද යන්න මෙන්ම අපගේ මූලික විශ්වාස පද්ධතියට එය බලපානු ලබන්නේ කෙසේද යන්න නිර්වචනය කිරීමෙනි.

දේව වචනානුකූළ නිර්මාණවාදයෙහි වැදගත්කම වනාහී එය මනුෂ්‍යය පැවැත්මෙහි මූලික ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ලබයි:

1. අප මෙහි පැමිණියේ කෙසේද? අප පැමිණියේ කොතැනින්ද?

2. අප මෙහි සිටින්නේ මන්ද? අපට යම් අරමුණක් තිබේද, එසේම අපගේ සියලූම ප්‍රශ්න වලට හේතුව කුමක්ද? පාපයේ සහ ගැළවීමේ ගැටළු වැදගත්වේද?

3. අප මිය ගිය කළ කුමක්වේද? මරණින් පසු ජිවිතයක් තිබේද? මූලාරම්භයන් පිළිබදව යම් පුද්ගලයෙකුගේ ඉරියව්ව වැදගත් වන්නේ මෙම ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ලබන්නාවූ ශුද්ධ ලියවිල්ලේ ඉතිරි කොටසෙහි අත්තිවාරම වූ කලී උත්පත්ති පොතවේ. උත්පත්ති පොත සමාන කොට ඇත්තේ ශුද්ධ ලියවිල්ල නැංගුරම්ලා ඇති ගසක මුලකටය, ගසක මුල කපා දැමුවහොත් එම ගස මියැදේ. උත්පත්ති පොත අපකීර්තියට ලක් කළහොත් ඔබ විසින් සියලූම ශුද්ධලියවිලිවල ප්‍රාධිකාරි වටිනාකම ඉවත්කර දමනු ඇත. උත්පත්ති 1:1හී සදහන් කරනුයේ "පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක" ලෙසය. දේව වචනානුකූළ නිර්මාණවාදයට මෙන්ම කිතුණු ඇදහිල්ලට මූලිකවන බලවත් සත්‍යයන් 3 ක් මෙතුළින් අපට ලබාදේ. පළමුවෙන්ම, දෙවියන්වහන්සේ වනාහි එකම දෙවියන්වේ. මෙය මිථ්‍යාදෘෂ්ඨිකයන්ගේ බහුදේවවාදයට සහ නූතන මානවවාදී දර්ශනයේ ද්වෛතවාදය හා සමග වෙනස්කමක් දක්වනු ලබයි. දෙවනුව, දෙවියන්වහන්සේ පුද්ගලික වන අතර මැවිල්ලෙන් පිටත පවතින සේක. මෙය සර්වදේවවාදය, හා සමග වෙනස්කමක් දක්වන අතර එමගින් දෙවියන් වහන්සේ ව්‍යාප්තී ලෙස දකින නමුත් ශ්‍රේෂ්ඨ ලෙස නොදකියි. අවසාන ලෙස දෙවියන්වහන්සේ සර්වබලධාරී සහ සදාකාලිකවේ. මෙය වනාහී මනුෂ්‍යයන් විසින් නමස්කාර කරනු ලබන ප්‍රතිමා හා සමග වෙනස්කමක් දක්වයි. දෙවියන් වහන්සේ කලින් සිටිසේකල වර්තමානයේ සහ සෑමකල්හීම සිටින සේක — උන්වහන්සේ විසින් සියල්ලම මවනු ලැබුවේ කිසිවක් නොමැතිව වන අතර උන්වහන්සේ විසින් කථා කරනු ලැබූ වචන කරණකොටගෙනය.

මෙය මැවීල්ලේ ආරම්භ ප්‍රශ්නයට පිළිතුරු සපයන නමුත් අපගේ දෙවෙනි ප්‍රශ්නයට කුමක්වේද: එනම් අප මෙහි සිටින්නේ මන්ද?

දේව වචනානුකූළ නිර්මාණවාදය වනාහී මනුෂ්‍යය වර්ගයාගේ තත්වය පිළිබද ප්‍රශ්නයට පිළිතුරු සපයනු ලබයි. උත්පත්ති 3 මගින් මිනිසාගේ වැටීම හා සම්බන්ධව කටයුතු කරනු ලබන අතර අපට ගැළවීම පිළිබදව බලාපොරොත්තුවක් ගෙන දෙනු ලබයි. පදගතාර්ථ සහ සැබෑ පුද්ගලයෙකු වූ ආදම් නමැති එක් මිනිසෙකු හා සමග අප ඒකාබද්ධ වී ඇති බව අවබෝධ කර ගැනීම වැදගත්වේ. ආදම් පදගතාර්ථ පුද්ගලයෙකු නොවුනි නම් පාපය මේ ලොව තුළට ඇතුළුවූයේ කෙසේද යන්නට සත්‍යය රූපී විවරණයක් අපට නොමැතිවේ. ආදම් තුළ ඇති මනුෂ්‍යයත්වය කරුණාවෙන් වැටී නොගියේ නම් මනුෂ්‍යය වර්ගයාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව කරණකොටගෙන ගළවාගත නොහැකිවේ. 1 කොරින්ති 15:22 හී ප්‍රකාශ කරනු ලබන්නේ "මක්නිසාද ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවත් කරනු ලබන්නෝය." මෙම සමාන්තරය – එනම් වැටුණාවූ ජාතියේ හිස ආදම් සහ ගළවාගනු ලැබූ ජාතියේ හිස ක්‍රිස්තුස්වහන්සේ වන අතර මෙය අපට ගැළවීම පිළිබද අවබෝධය සදහා වැදගත්වේ. "එබැවින් එක් වරදක් කරණකොටගෙන දඩුවමට පත්කිරීම පිණිස විනිශ්චය සියලූම මනුෂ්‍යයන් කෙරෙහි පැමිණුනාක් මෙන්ම එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරණකොටගෙන ජීවනයේ ධර්මිෂ්ඨකම පිණිස දීමනාව සියලූ මනුෂ්‍යයන් කෙරෙහි වූයේය. මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරණකොටගෙන බොහෝදෙනා පවිකාරයන් කරනු ලැබුවා සේම එක්කෙනාගේ කීකරුකම කරණකොටගෙන බොහෝ දෙනා ධර්මිෂ්ඨ කරනු ලබන්නේය" (රෝම 5:18 -19).

අප විසින් දේව වචනානුකූළ නිර්මාණවාදය දෙස බැලිය යුත්තේ අපගේ සාරධර්ම පද්ධතියේ පදනම ලෙසය. මෙම නිර්මාණ වෘත්තාන්තය සිද්ධිවාචක විනා මිථ්‍යාවක් පමණක් නොවිය යුත්තේ එය ප්‍රබන්ධයක් නම් එතුළින් ප්‍රකාශ කරනු ලබන සාරධර්ම මනුෂ්‍යයා හේතුවක් කොටගන්නා හෙයින් එය වෙනස් විය හැක්කේ මනුෂ්‍යයා "පරිණාම" වීම කරණකොටගෙන වන අතර එසේ හෙයින් එය අවලංගුවේ. වර්තමානයේ ආගම (විශේෂකොටම කිතුණු ධර්මය) සහ විද්‍යාව අතර ඇති ඝට්ටනයෙහි පදනම වනාහී විද්‍යාව කරුණු සහිත වන අතර ආගම හුදෙක් මිථ්‍යා විශ්වාසය සහ මිථ්‍යාවක් වේ යන (අදේවවාදී) උපකල්පනය මතය. මෙය සත්‍යයක් නම් අපගේ කිතුණු සාරධර්ම වූ කලී කිතුණුවන්ට ලෝකායත්ත ලෝකයෙහි සාරධර්මයන්හී කිසිඳු අදාළතාවයක් නොමැති බවය.

මුනෂ්‍යය වර්ගයාට යොමු වන අවසාන මූලික ප්‍රශ්නය නම් අප මිය ගිය විට අපට කුමක් සිදුවේද? මනුෂ්‍යය හුදෙක් සැළසුම් නිර්මාණය නොකරන ලැබූ මෙන්ම අහඹු විශ්වයක කොටසක් වී ඔහු මිය ගිය කළ එක් කාරණයකින් තවත් කාරණයකට විපරිණාමය වේ නම් ඉන් අර්ථවත් කරනු ලබන්නේ අපට ප්‍රාණයක් හෝ ආත්මයක් නොමැති බවත් මේ ජීවිතයේ සියල්ලම පවතින බවත්ය. මෙම විශ්වාස කරණකොටගෙන ජීවිතයේ එක් අරමුණක් පමණක් ඉතිරි කරනු ලබයි: පරිණාමවාදයේ එනම් බලවතාගේ අඛණ්ඩ පැවැත්ම යන සැළසුම අනුගමනය කිරීමය.

අනෙක් අතට කිතුණු ධර්මය අපට දායාද කරනු ලබන්නේ අතිරෝහණක, අධිස්වභාවික පුද්ගලයෙකු විසින් ප්‍රතිශ්ඨාපනය කරනු ලැබුවාවූ සදාචාරමය යහපතක්ය. දෙවියන්වහන්සේගේ සදාචාරාත්මක ස්වභාවය කරණකොටගෙන නොවෙනස් වන සම්මතයක් පිහිටුවන අතර එතුළින් අපට පෞද්ගලිකව වඩාත් යහපත් ජීවිතයකට අනුබල දෙනවා පමණක් නොව අපට උගන්වනු ලබන්නේ අන්‍යයන්ට ප්‍රේම කිරීම තුළින් අවසානයේදී අපගේ මැවුම්කරුවාණන්ට මහිමය ගෙන ඒමය. ක්‍රිස්තුස්වහන්සේ විසින් මෙම සමම්තය ආදර්ශණය කරනු ලැබූ සේක. මෙම ජීවිතයට අප අරමුණක් සොයා ගනු ලබන්නේ උන්වහන්සේගේ ජීවිතය, මරණය සහ නැවත නැගිටීම තුළින් වන අතරම ස්වර්ගයෙහි සිටින්නාවූ දෙවියන්වහන්සේ හා සමග අනාගත ජීවිතයක් පිළිබදව බලාපොරොත්තුවෙනි.

දේව වචනානුකූළ නිර්මාණවාදය වැදගත් වන්නේ ජීවිතයේ මූලික ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ලබන එකම ක්‍රමවේදය එය වන අතර අපට වඩා විශාලතර අර්ථාන්විතභායක් ලබාදේ. කිතුණුවන්ට පැහැදිලි විය යුත්තේ නිර්මාණවාදය සහ ස්වභාවවාදය අන්‍යෝන්‍ය වශයෙන් පොදු නොවන අතර එකිනෙකට විරුද්ධව පවතීයි.

English


නැවතත් සිංහල මුල් පිටුවට
දේව වචනානුකූළ නිර්මාණවාදය ඉතා වැදගත්වන්නේ මන්ද?