settings icon
share icon
ප්‍රශ්නය

ඔබට බයිබලයේ මූලික කාලරාමුවක් ලබා දිය හැකිද?

පිළිතුර


මූලික අර්ථයෙන් ගත් කල, බයිබල් කාල රාමුව නිමක් නැති හා සදාකාලික ය, එය මැවිල්ල (දිනය නොදන්නා දිනය; උත්පත්ති 1:1-31) යුගවල අවසානය දක්වා විස්තර කරයි (මතෙව් 28:20). වඩාත් ප්‍රායෝගික දෘෂ්ටිකෝණයකින්, බොහෝ විද්වතුන් එකඟ වන බයිබල් කාල රාමුව ආරම්භ වන්නේ දෙවියන්වහන්සේ විසින් “ආබ්‍රහම්” ලෙස නම් කරන ලද ආබ්‍රම්ගේ කැඳවීමෙනි (උත්පත්ති 17:4-6) ක්‍රි. පූ. 2166 දී එය එළිදරව් පොත ලිවීමෙන් අවසන් වේ. ක්‍රි.ව. 95 දී. ආබ්‍රහම්ගේ උපතට පෙර, උත්පත්ති පොතේ ආරම්භය, මැවීමේ ඉතිහාසය, ආදම් සහ ඒව, මිනිසාගේ වැටීම, පුළුල් පෙළපත්, නෝවා දක්වාවූ මහා දුක්ඛිත කථා සහ මහා ජල ගැල්ම (දිනයද නොදන්නා), සහ තවත් බොහෝදේ.

ආබ්‍රහම්ගේ උපත සහ ප්‍රේරිත යොහන් එළිදරව් පොත ලිවීම අතර කාලපරිච්ඡේදය තුළ, පැරණි හා නව ගිවිසුමේ ආමන්ත්‍රණය කරන ලද බොහෝ සිදුවීම් සහ පුද්ගලයින් සොයා ගැනීමට ඉතිහාසය උපකාරී වේ. නිදසුනක් වශයෙන්, මෝසෙස් ක්‍රි.පූ. 1526 දී උපත ලබා ඇති බවටත්, යෝෂුවා ක්‍රි.පූ. 1406 දී පමණ පොරොන්දු දේශයට ඇතුළුවූ බවටත් ගණන් බලා තිබේ. සාවුල් රජුගේ පාලන සමයේ ආරම්භයවූ ක්‍රි.පූ. 1052 දී පමණ ඊශ්‍රායෙලයේ විනිසුරුවන් දස දෙනාගේ කාලය අවසන් විය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබු සුප්‍රසිද්ධ දාවිත් රජවූ සාවුල් රජ සහ දාවිත්ගේ පුත් ප්‍රඥාවන්ත සලමොන් රජ එක්සත්ව ඊශ්‍රායෙල් රාජ්‍යයක මුලසුන දැරීය. ක්‍රි.පූ. 931 දී, සලමොන් රජුගේ පාලන සමයෙන් පසු, ඊශ්‍රායෙලය උතුරු රාජ්‍යයක් සහ දකුණු රාජ්‍යයක් ලෙස බෙදී ගියේය. ක්‍රි.පූ. 722 දී උතුරු රාජධානිය බිඳ වැටෙන තෙක් සහ ක්‍රි.පූ 586 දී ජෙරුසලමේ (දකුණු රාජධානියේ අගනුවර) වැටෙන තෙක් විවිධ රජවරු උතුර (ඊශ්‍රායලය) සහ දකුණ (යූදා) පාලනය කළහ.

ක්‍රි.පූ. 538 දී පමණ පර්සියානු රජ සයිරස් එස්රාට ඊශ්‍රායෙලයට ගොස් ජෙරුසලමේ දෙවියන්වහන්සේට දේවමාළිගාවක් ගොඩ නඟන ලෙස උපදෙස් දෙන තෙක් යූදාහි පිටුවහල් කිරීම පැවතුනි (එස්රා 1). පරණ ගිවිසුමේ (මලාකී) අවසාන පොත ලියන ලද මේ කාලය හා ක්‍රි.පූ. 432 අතර කාලය තුළ යුදෙව්වන් යෙරුසලම යථා තත්වයට පත් කළේය. ඉන් පසුව සිදුවී ඇත්තේ දළ වශයෙන් අවුරුදු 430 ක් පමණවූ අන්තර් කාල පරිච්ඡේදයයි.

ක්‍රි.පූ 5 දී පමණ ඊශ්‍රායෙලයේ මෙසියස්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබුවේ බෙත්ලෙහෙමේය. ක්‍රි.පූ. 4 දී මහා හෙරොද්ගේ මරණයෙන් පසු, යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ දෙමාපියන් ගලීලයේ නාසරෙත් වෙත ආපසු ගියහ (මතෙව් 2:19-23). දොළොස් හැවිරිදි යේසුස්වහන්සේ දේව මාළිගාවේ පඪිවරුන් මවිතයට පත්කරන තෙක් ඊළඟ දශකය තුළ යේසුස් වහන්සේගේ ජීවිතය ගැන කිසිවක් වාර්තා නොවේ (ලූක් 2:40-52). යේසුස්වහන්සේ සිය ප්‍රසිද්ධ දේවසේවය ආරම්භ කළේ ක්‍රි.ව. 27 දී පමණ බව්තීස්මයෙන් (මතෙව් 3:13-17). යේසුස්වහන්සේගේ දේවසේවය අවුරුදු තුනහමාරක් පමණ පැවතුණි.

ක්‍රි.ව. 29-30 අතර කාලයේදී යේසුස්වහන්සේ වැඩි කාලයක් ගත කළේ යුදයේ, දේශනා කිරීම, ඉගැන්වීම, ප්‍රාතිහාර්යයන් කිරීම, එනම් ලාසරුස්ව මළවුන්ගෙන් නැඟිටුවීම ඇතුළුවයි. එමෙන්ම උන්වහන්සේගේ මරණයෙන් පසු ඉදිරියට යාමට ගෝලයන්ව සන්නද්ධ කලේය. වර්ෂ 30 මුල් භාගයේදී උන්වහන්සේ යෙරුසලම දෙසට තම මුහුණ යොමු කළේය. යේසුස්වහන්සේ තම ජීවිතයේ අවසාන සතිය තුළ පාස්කු උත්සවය තම මිතුරන් සමඟ සමරනු ලැබූ අතර එහිදී උන්වහන්සේ ස්වාමින්ගේ රාත්‍රි භෝජනය ආරම්භ කළේය (ලූක් 22:14-20) සහ උන්වහන්සේගේ සමුගැනීමේ දේශනය පැවැත්වීය. අවසානයේදී, උන්වහන්සේව පාවාදී, අත්අඩංගුවට ගෙන, නඩු විභාග කොට, කුරුසියේ ඇණ ගසා නැවත නැඟිටුවනු ලැබීය (මතෙව් 26:36–28:8). උත්ථානවූ ක්‍රිස්තුස්වහන්සේ දින 40 ක දේවසේවයක් ආරම්භ කළ අතර එය අවසන්වූයේ උන්වහන්සේ ස්වර්ගයට නැගීමෙනි (ක්‍රියා 1:3-11; 1 කොරින්ති 15:6-7).

යේසුස්වහන්සේ කුරුසියේ ඇණගසා නැවත නැඟිටුවනු ලැබීමෙන් ටික කලකට පසු, උන්වහන්සේගේ ප්‍රේරිතයන් සහ අනුගාමිකයන් නව ගිවිසුම ලිවීය. අළුත් ගිවිසුමේ පළමු පොත ලිවීමට (ගලාති හෝ යාකොබ්) ක්‍රි.ව. 49 තරම් මුල් කාලයකදී හෝ යේසුස්වහන්සේගේ මරණය හා නැවත නැඟිටීමෙන් දශක දෙකක් ඇතුළත ලිවිය හැකිවිය. මෙයින් අදහස් කළේ මුල් පිටපත් ලියා ඇත්තේ ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් සිදුවූදේ පිළිබඳ පූර්ව තොරතුරු සපයන බවයි. අළුත් ගිවිසුමේ අවසාන පොත වන එළිදරව් පොත යොහන් විසින් ක්‍රි.ව. 95 දී ලියා ඇත.

පහත දැක්වෙන්නේ බයිබලයේ ප්‍රධාන සිදුවීම් වල කාල රාමුවකි. සටහන: සියලුම දිනයන් දළ වශයෙන්වේ. මුල් මානව ඉතිහාසයේ දිනයන් (ආබ්‍රහම්ට පෙර) තරුණ පෘථිවි මැවුම් වාදයේ දෘෂ්ටිකෝණය පිළිබ්ඹු කරයි.

ක්‍රි.පූ 4000 (?) — ලෝකය මැවීම
ක්‍රි.පූ 2344 (?) — නෝවා සහ නැව
ක්‍රි.පූ 2166 — ආබ්‍රම්ගේ කැඳවීම
ක්‍රි.පූ 2141 — ඊසාක්ගේ උපත
ක්‍රි.පූ. 1526 - මෝසෙස්ගේ උපත
ක්‍රි.පූ 1446 — ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තුවෙන් නික්මයාම
ක්‍රි.පූ 1406 — පොරොන්දු දේශයට ඊශ්‍රායෙල් සෙනග ඇතුල්වීම
ක්‍රි.පූ 1420 — යෝෂුවාගේ මරණය
ක්‍රි.පූ 1052 — සාවුල් රජුගේ රාජාභිෂේකය
ක්‍රි.පූ 1011-971 — දාවිත් රජුගේ පාලනය
ක්‍රි.පූ. 959 — සලමොන්ගේ දේවමාළිගාව සම්පූර්ණයි
ක්‍රි.පූ 931 — රාජධානිය බෙදීම
ක්‍රි.පූ. 875–797 — ඊශ්‍රායෙලයේ එලියා සහ එලිෂාගේසේවයන්
ක්‍රි.පූ739–686 — යූදාහි යෙසායාගේ දේවසේවය
ක්‍රි.පූ. 722 — උතුරු රාජධානිය ඇසිරියාවට වැටීම
ක්‍රි.පූ 586 — දකුණු රාජධානිය බබිලෝනියට වැටීම
ක්‍රි.පූ 538–4 45 — පිටුවහල් කිරීමෙන් පසු යුදෙව්වන් නැවත යෙරුසලමට පැමිණියේය
ක්‍රි.පූ 515 — දෙවන දේවමාළිගාව අවසන්
ක්‍රි.පූ 5 — යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත
ක්‍රි.ව. 26-30 — ක්‍රිස්තුස්වහන්සේගේ දේවසේවය, උන්වහන්සේගේ
මරණයෙන් හා නැවත නැඟිටීමෙන් අවසන්වේ
ක්‍රි.ව. 34 — තාර්සස්හි සාවුල්ගේ හැරීම
ක්‍රි.ව. 44–47 — පාවුල්තුමාගේ පළමු මිෂනාරි ගමන
ක්‍රි.ව. 49 — ජෙරුසලම් සභාව
ක්‍රි.ව. 60 — රෝමයේ පාවුල්තුමාව සිරගත කිරීම
ක්‍රි.ව. 95 — පැත්මොස්හිදි ජොහන්තුමාගේ දර්ශනය සහ එළිදරව්ව ලිවීම
English



නැවතත් සිංහල මුල් පිටුවට
ඔබට බයිබලයේ මූලික කාලරාමුවක් ලබා දිය හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries