settings icon
share icon
ප්‍රශ්නය

දුක්විදිම ගැන බයිබලයේ සදහන් වන්නේ කුමක්ද?දුක්විදීම පිලිබදව කිතුණුවකුගේ ප්‍රතිචාරය කුමක්ද?

පිළිතුර


අද සමාජයේ කිතුණුවෙකුට මුහුණ පාන්න වන්නාවු සියලු ප්‍රශ්ණ වලින්, තෙරුම් කිරීමට ඇති අසීරුම දේ නම් දුක් විදීමයි. ලෝකය මැවුවාවු මෙවැනි කරුණාවන්ත දෙවියන්වහන්සේට නොකඩවා දුක්විදීම පවතින්නට ඉඩහරින්නේ ඇයි? ඉතාමත් වේදනාකාරි අවස්ථාවන්ට මුහුණදෙන්නාවු අයට, මෙය දර්ශණවාදි ප්‍රශ්ණයකට වඩා, මෙය පෞද්ගලීක හා හැගීම් බරවු කරුණක් වේ. දේව වචනයේ මේ පිලිබදව දැක්වෙන අදහස කුමක්ද? දේව වචනයේ මේ පිලිබදව යම් උදාහරණ තිබෙනවාද, සහ එයට මුහුණ දියයුතු ආකාරය පිලිබදව නිදසුන් තිබෙනවාද?

දුක් විදීමට මුහුණ දීමේදී බයිබලය පටන් ගැන්මේ සිටම ප්‍රායෝගික වනවා. එක් දෙයක් නම් බයිබලය මෙම ප්‍රශ්ණය වෙනුවෙන් සම්පුර්නයෙන්ම පොතක් වෙන්කොට තිබේ. මෙම පොත යෝබ් නම් පුද්ගලයා පිලිබදවයි. යෝබ්ගේ දුක් විදීම පිලිබදව අපට දැණුමක් දෙන පිනිස පොත පටන් ගන්නේම ස්වර්ගයේ සිදුවීමක් සම්බන්ධවය. යෝබ් දුක් වින්දේ දෙවියන්වහන්සේ සාතාන්ගෙන් භාරගත්තාවු අභියෝගයක් නිසාය. අප දන්නා තරමින්, මෙය යෝබ් හෝ ඔහුගේ මිතුරන් කිසිවෙක් දැනන් සිටියේ නැත. එමනිසා ඔවුන් නොදන්නා කමින් මෙය තෙරුම් ගැනීමට යාම පුදුමයක් නොවේ.අවසානයේ යෝබ් දෙවියන්වහන්සේගේ ඉමහත් විස්වාසකම මත යැපුනා ඔහුගේ ගැලවීම ලබාගන්න පිනිස. යෝබ්ගේ පීඩාවට හේතුව ඔහු හෝ ඔහුගේ මිතුරන් දැන සිටියේ නැත. එමෙන්ම අවසානයේදි දෙවියන්වහන්සේ යෝබ්ගෙන් ප්‍රශ්ණ අසන විට යෝබ් නිරුත්තර වුවා. යෝබ්ගේ නිශ්ශබ්දභාවය ඔහුගේ වේදනාවට සහනයක් නොලැබුනාක් මෙන්ම මෙතෙක් ඔහු ආරක්ෂා කරාවු ඉවසීමෙන් දරා සිටීම නැතිව ගියා. මෙහි වැදගත් වන්නේ දුක් විදීමෙදී පවා දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු ඇතිව සිටීමය. මෙයට හේතු කාරණය කුමක්ද කියාවත් අප නොදන්නාවු විරකදී පවා. අනෙක් සෑම කෙනෙකුටම පාහේ මුහුණ දීමට සිදුවන්නාවු දුක් විදීම් සිදුවන්නේ සියලු බලැති දෙවියන්වහන්සේගේ අනුදැණුම ඇතිවය. අවසානයේ අප දුක් වින්දේ කුමක් නිසාද කියාවත් අපට දැනගැනීමට නොහැකි වේ. නමුත් අපගේ සර්වබලධාරි දෙවියන්වහන්සේ මත විශ්වාසය තැබිය යුතුය. එය අපගේ දුක් විදීමට නියම හේතුවවේ.

උත්පත්ති පොතේ සදහන් යොසෙප්ගේ කතාව තවත් එක් නිදසුනක් වේ. යෝසෙප්ගේ සහෝදරයන් ඔහුව වහලෙක් ලෙස ඊජිප්තුවට විකුණනු ලැබුවා. එහිදී ඔහුව බොරු චොදනා මත සිරකරනු ලැබුවා. යෝසෙප්ගේ දුක්විදීම හා ඉවසීම මත, දෙවියන්වහන්සේගේ බලයෙන් සහ අනුග්‍රහයෙන්, පසුව යෝසෙප් ඊජීප්තුවේ අධිකාරි බලයට පත්වුවා. ඔහු පාරාවෝට පමණක් දෙවැනි වුවා. මුලු ලොවම සාගතයක් තිබු අවස්තාවක සියලුම රටවල් වලට සපයන්නා කරනු ලැබුවා. ඔහුව වහල් කමට වික්කාවු ඔහුගේ සහෝදරයන් ඇතුලුව.මෙහි කියන්නාවු පනිවුඩය උත්පත්ති 50:19-21 කියැවෙනවා."නුබලා වනාහි මට නපුර කරන්නට අදහස් කලහුය. එහෙත් බොහෝ සෙනග දිවි සහිතව රක්ෂා කරන පිනිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ට කිරීමට දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස් කලසේක. එබැවින් භය නොවන්න, මම නුබලා සහ නුබලාගේ දරුවන්ද පෝෂණය කරන්නෙමීයි කී සේක."

රෝම 8:28 ඉවසිලිවන්තව දුක්විදින්නාවු අයට සහනදායි වචන සදහන් වෙනවා." තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැදවනු ලැබුවන්ට සියලු දේම යහපත පිනිස එකට ක්‍රියා කරන බව අප දනිමු. "උන්වහන්සේගේ සැපයිමේදී, උන්වහන්සේ අපගේ ජීවිතයේ සියලු කාරනා සම්බන්දව සැලකිලිමත් වනවා. දුක් විදීමේදි පවා, පරික්ෂාව සහ පාපය ඇතුලුව, අපගේ යහපත පිනිස ක්‍රියා කරවනවා.

දාවිත් රජ ඔහුගේ කාලයේ දි බොහෝදුක් විදීම් වලට මුහුණ දුන්නා. එවා ඔහු විසින් ලිවුවාවු ගීතාවලිය පොතේ සදහන් වනවා. ගීතාවලිය 22 ඔහු මොරගසමින් "මගේ දෙවියනි, මාගෙ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද? මට පිහිට නොවී මාගේ මොරගැසීමේ වචනවලින් මෙසේ දුරුව සිටින්නේ මක්නිසාද? මාගේ දෙවියනී දාවල් ඔබට හඩ ගසමි, එහෙත් ඔබ උත්තර නොදෙන සේක. රාත්‍රියේදි නිශ්ශබ්ද්ව නොසිටිමි. නුමුත් ඊශ්‍රායෙල්ගේ ප්‍රසංශා මධ්‍යයෙහි වාසයකරන්නාවු ඔබ ශුද්ධ සේක. අපේ පියවරු ඔබ ගැන විශ්වාස කලෝය. ඔවුහු විශ්වාස කලෝය. ඔබද ඔවුන් මිදු සේක. ඔවුහු ඔබට හඩගැසුවෝය. මුදනු ලැබුවෝය. ඔබ කෙරේහි විශ්වාස කලෝය. ලැජ්ජානුවුවෝය. මම නම් මනුෂ්‍යයෙක් නොව පනුවෙක්මි. මිනිසුන් අතරේ නින්දිතයෙක්මි. සෙනග විසින් හෙලාදක්නා ලද්දෙක්මි. මා දකින සියල්ලෝම මට කවටකම් කරති. ඔවුහු තොල් දික්කරමින් හිස වනමින්: ස්වාමින්වහන්සේට භර වෙව; උන්වහන්සේ ඔහු මුදන සේක්වා. උන්වහන්සේ ඔහු කෙරෙහි ප්‍රසන්න බැවින් ඔහු මුදන සේක්වායි කියති.

දෙවියන්වහන්සේ මැදිහත් වී ඔහුගේ දුකෙන් ඔහුව නොගැලවීම ගැන දාවිත්ට ප්‍රශ්ණක් වුනා. ඔහු දෙවියන්වහන්සේව දකින්නේ, ශුද්ධ, සිංහාරුඩ ඊශ්‍රායෙල්ගේ ප්‍රසංශාව කියාය. දෙවියන්වහන්සේ වැඩ සිටින්නේ සියල්ල යහපත් වු ස්වර්ගයෙහිය. එහි දුක, කදුල, වේදනාව සහ නපුරුකම නැති ස්ථානයක්ය. මනුෂ්‍යයා යන්නාවු ප්‍රශ්ණ ගැන දෙවියන්වහන්සේ දන්නේ කුමක්ද? ඔහු තව දුරටත් කතා කරමින්" මක්නිසාද බල්ලෝ මා වටකලෝය. නපුරන් රැල මා වටලා ගත්තුය. ඔවුහු මාගේ අත් පා සිදුරු කලෝය. මාගේ ඇට සියල්ල ගණන් කල හැක්කෙමි. ඔවුහු මා දෙස රවා බලති. මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති."

දෙවියන්වහන්සේ කෙදිනක හෝ දාවිත් තුමට පිලිතුරු දුන්නාද? ඔව්, ශතක කිහිපයකට පසු ඔහුගේ පිලිතුර ඔහුට ලැබුනා. අවුරුදු දහසකට පමණ පසු ඔහුගෙන් පැවත ආ කෙනෙක් වන යේසුස් නැමති පුද්ගලයෙකුව කල්වාරිය නැමති ස්ථානයේ කුරුසියේ ඇනගසනු ලැබුවා. යේසුස්වහන්සේ ඔහුගේ පරම්පරාවේ කෙනෙකුගේ දුක්විදීම හා ලැජ්ජාව දරාගත්තා. යේසුස්වහන්සේගේ අත් සහ පා සිදුරු වුනා.උන්වහන්සේගේ වස්ත්‍ර උන්වහන්සේගේ සතුරන් අතරේ බෙදාගත්තා. දාවිත් තුමා මෙම ගීතිකාව පරන්ගැන්මෙ කියන්නාවු පදයම යෙසුස්වහන්සේ පැවසුවා. "මාගේ ස්වාමිනි, මාගේ ස්වාමිනි, ඔබ මා අත්හැරියේ මන්ද? "දාවිත් තුමා වින්දාවු වේදනාවම යෙසුස්වහන්සෙත් වින්දා.

දෙවියන්වහන්සේගේ සම්පුර්නත්වය තිබෙන්නාවු සදාකාලිකවු පුත්‍රයාණන් වන යේසුස්වහන්සේ, මනුෂ්‍යයෙක් ලෙස මෙලොව ජීවත්ව, කුසගින්න, පිපාසය, පරීක්ෂාව, ලැජ්ජාව, නින්දාව, අපහාසය, නිර්වස්ත්‍ර භාවය, පාවාදීම , අසාධරණය සහ මරණය යන මේ සියලුදේ වින්දිනු ලැබුවා. එමනිසා යෝබ්ගේ ඉල්ලීම ඉෂ්ට කිරිමට උන්වහන්සේට හැකිය. අප දෙගොල්ල කෙරෙහි තමාගේ අත තබන්න අප අතරේ බේරුම්කාරයෙක් නැත. උන්වහන්සේ තමාන් ඉපල මාකෙරෙන් පහකර ගන්නා සේක්වා. උන්වහන්සේගේ භීතිය මා නොකෙරේවා. එවිට මම උන්වහන්සේට භය නැතුව කථා කරන්නේමි. මක්නිසාද එසේ වීමට මා තුල කාරනයක් නැත (යෝබ් 9:33).

අශුද්ධකම සහ දුක්විදීම ලොකයේ පවතින්නාවු සැබැ ප්‍රශ්ණයක් හැටියට නොකඩවා පෙන්නුම් කල හැකි එකම ධර්මයනම් කිතුනු ධර්මයයි. ක්‍රිස්තියානින් සේවය කරන්නාවු දෙවියන්වහන්සේ නම් දුක, වේදනාව, පිපාසය, අපහාසය, සහ මරනය පවා වින්දාවු පොළවේ ජීවත් වු අයෙක්. යෙසුස් වහන්සේගේ කුරුසිය දෙවියන්වහන්සේගේ ඉහලම සදාරනත්වය පෙන්නුම් කරන්නාවු දෙය වේ. යමෙක් ඇසුවොත් දෙවියන්වහන්සේ දුක්විදීම සහ අන්ධකාර ක්‍රියා ගැන කොපමණ උනන්දුවක් දක්වනවාද කියා? ක්‍රිස්තියානි දෙවියන්වහන්සේට යේසුස්වහන්සේගේ කුරුසිය පෙන්වා "මෙපනක්" කියා කිව හැකියි. ක්‍රිස්තුස්වහන්සේව කොපමණ දෙවියන්වහන්සේ එපා කලද කිවහොත් " මගේ ස්වාමිනි, මාගේ ස්වාමිනී, ඔබ මා අත් හැරියේ මන්ද"කියා කීමට සිදුවුවා. දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් සහ කරුණාවෙන් ඇත්ව සිටින්නාවු බොහෝ අය අත් විදින වේදනාවම උන්වහන්සේ ලැබුවා.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දුක්විදිම ගැන බයිබලයේ සදහන් වන්නේ කුමක්ද?දුක්විදීම පිලිබදව කිතුණුවකුගේ ප්‍රතිචාරය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries