settings icon
share icon
ප්‍රශ්නය

වේදනාව ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


"වේදනාව" යන වචනය හෝ එහි යම් ආකාරයක් ශුද්ධ ලියවිල්ලේ 70 වතාවකට වඩා දක්නට ලැබේ. වචනයේ පළමු භාවිතය දරු ප්‍රසූතියේ වේදනාවේ මූලාරම්භය පැහැදිලි කරයි: "ස්ත්‍රියට උන්වහන්සේ පැවසුවේ, මම දරු ප්‍රසූතියේදී ඔබේ වේදනාව බොහෝ සෙයින් වැඩි කරමි, වේදනාවෙන් ඔබ දරුවන් බිහි කරන්නෙමි; නමුත් ඔබේ ආශාව ඔබේ ස්වාමිපුරුෂයා කෙරෙහි වන අතර ඔහුඔ බව පාලනය කරනු ඇත" (උත්පත්ති 3:16). මෙහි සන්දර්භය නම් ආදම් සහ ඒව පව් කර ඇති අතර දරුප්‍රසූතියේ වේදනාව පාපයේ ප්‍රතිවිපාක වලින් එකකි. පාපය නිසා මුළු පොළොවම ශාපයට ලක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මරණය ඇතුල්විය (රෝම 5:12). එබැවින්, මුල් පාපයේ බොහෝ ප්‍රතිඵල වලින් එකක් වේදනාව බව නිගමනය කළ හැකිය.

බයිබලයේ නිශ්චිතව සඳහන් කර නොමැති අතර, වේදනාව තෑග්ගක් බව වෛද්‍ය විද්‍යාත්මකව අපි දනිමු. එය නොමැතිව අපට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ කවදා දැයි අපි නොදනිමු. ඇත්ත වශයෙන්ම, වේදනාව නොමැතිවීම ලාදුරු රෝගයට සම්බන්ධ එක් ගැටලුවකි. උණුසුම් උදුනක් ස්පර්ශ කිරීම නරක අදහසක් බව ළමයින් කිසි විටෙකත් ඉගෙන නොගනු ඇත, එසේම ඒ හා සම්බන්ධ වේදනාවකින් තොරව භයානක වෛද්‍ය තත්වයක් පිළිබඳව අපව දැනුවත් නොකරනු ඇත. අධ්‍යාත්මික වශයෙන් ගත් කල, වේදනාවේ එක් ප්‍රති ලාභයක් යාකොබ්තුමා මෙසේ ප්‍රකාශ කරයි: "මාගේ සහෝදරයෙනි, ඔබ විවිධාකාර පරීක්ෂාවන්ට මුහුණ දෙන විට, ඔබේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් විඳ දරා ගැනීම ඇති වන බව දැන දැන ප්‍රීතියෙන් සලකන්න" (යාකොබ් 1:2-3). යාකොබ්තුමා පවසන පරිදි, අප වේදනාකාරී පීඩා විඳ දරා ගන්නා විට, විඳ දරාගැනීම හා ක්‍රිස්තුස්වහන්සේගේ චරිතය ඇති කිරීමට දෙවියන්වහන්සේ අප තුළ සිටින බව දැන ගැනීමෙන් අපට ප්‍රීතිය ලැබිය හැකිය. මෙය මානසික, චිත්ත වේගීය හා අධ්‍යාත්මික වේදනාවන්ට මෙන්ම ශාරීරික වේදනාවන්ට ද අදාළවේ.

දෙවියන්වහන්සේගේ වරප්‍රසාදය අත්විඳීමට වේදනාව කෙනෙකුට අවස්ථාවක් ලබා දෙයි. පාවුල්තුමා පැවසූදේ සලකා බලන්න. "මාගේ කරුණාව ඔබට සැහේය කියාය" (2 කොරින්ති 12: 9). පාවුල්තුමා කතා කරමින් සිටියේ තමාට කරදර කරන "මාංසයේ උලක්" ගැනයි. එය කුමක් දැයි අපි නොදනිමු, නමුත් එය පාවුල්තුමාට වේදනාකාරී බවක් පෙනෙන්නට තිබුණි. දෙවියන්වහන්සේගේ වරප්‍රසාදය තමාට ලබා දෙන බව ඔහු තේරුම් ගත්තේය. දෙවියන්වහන්සේ තම දරුවන්ට වේදනාව දරා ගැනීමට කරුණාව ලබා දෙනු ඇත.

නමුත් ඇත්තෙන්ම ශුභාරංචිය නම් යේසුස්වහන්සේ අපගේ පාප උදෙසා අපගේ ස්ථානයේ මිය ගිය බවය. "මක්නිසාද දෙවියන්වහන්සේ ළඟට අප පමුණු වන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධ වින්ද සේක; උන්වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත් කරනු ලැබූ සේක." (1 පේත්‍රැස් 3:18) යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන දෙවියන්වහන්සේ ඇදහිලිවන්තයාට සදාකාල ජීවනය හා ඇතුළත් සියලු ආශීර්වාද ලබා දෙයි. එයින් එකක් නම් "උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමනු ඇත. තවදුරටත් මරණයක් සිදු නොවනු ඇත. තව දුරටත් වැලපීමක්, හැඩිමක් හෝ වේදනාවක් ඇති නොවනු ඇත. පළමු දේ පහව ගියේය" (එළිදරව් 21:4). ඇද වැටුණු, පාපයට ශාපලත් ලෝකයක ජීවත්වීමේ ස්වාභාවික කොටසක් ලෙස අප අත් විඳින වේදනාව, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේ සමඟ සදාකාලිකව ස්වර්ගයේ ගත කරන අයට අතීතයේ සිදුවීමක් වනු ඇත.

සාරාංශයක් ලෙස, වේදනාව ප්‍රසන්න නොවුනත්, අප ඒ සඳහා දෙවියන් වහන්සේට ස්තූති කළ යුත්තේ එය අපගේ ශරීරයේ යම් වැරැද්දක් ඇති බවට අනතුරු අඟ වන බැවිනි. එසේම, පාපයේ භයානක ප්‍රතිවිපාක ගැන මෙනෙහි කිරීමටත්, අපට ගැලවීම ලැබීමට මාර්ගයක් සැකසීම ගැන දෙවියන් වහන්සේට අතිශයින් ස්තුතිවන්ත වීමටත් එය හේතුවේ. යමෙකුට වේදනාවක් දැනෙන විට, යේසුස්වහන්සේ අප වෙනුවෙන් දැඩි මානසික හා ශාරීරික වේදනා විඳදරා ගත් බව වටහා ගැනීමට මෙය කදිම කාලයකි. යේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමේ බිහිසුණු සිදුවීම් කරා ළඟා විය හැකි කිසිදු වේදනාවක් නොමැති අතර, අපව මුදවා ගැනීමටත්, පියාණන් වහන්සේව මහිමවත් කිරීමටත් උන්වහන්සේ එම වේදනාවට කැමැත්තෙන්ම මුහුණ දුන්නේය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වේදනාව ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries