settings icon
share icon
ප්‍රශ්නය

භුත විද්‍යාව / මළවුන් සමඟ කතා කිරීම ගැන බයිබලය කුමක් පවසයිද?

පිළිතුර


අනාගතය ඉන්ද්‍රජාලිකව හෙළිදරව් කිරීම හෝ සිදුවීම් වලට බලපෑම් කිරීම සඳහා මළවුන්ගේ ආත්මයන් සමඟ සංයෝජනය කිරීම භුත විද්‍යාව ලෙස අර්ථ දැක්වේ. බයිබලයේ භුත විද්‍යාව 'පේන කීම', 'මන්ත්‍ර ගුරුකම්' සහ 'ආත්මවාදය' බොහෝ වාර ගණනක් එය තහනම් කර ඇත්තේ (ලෙවී කථාව 19:26, ද්වීතීය කථාව 18:10, ගලාති 5:19,20, ක්‍රියා 19:19) දෙවියන් වහන්සේට පිළිකුළක් බැවිනි. එය දෙවියන් වහන්සේ ඉතා තදින් කතා කරන දෙයක් මෙන්ම, ඉතා දැඩි ලෙස විරුද්ධ වන අතරම නපුරක් ලෙස එය වළක්වා ගත යුතුමය. මෙයට හේතුව දෙයාකාර වේ.

පළමුව, භුත විද්‍යාවට භුතයන් සමඟ සම්බන්ධ වන දෙයක් බැවින් ඊට සම්බන්ධ වන තැනැත්තා විවෘත කර ගැනීම සඳහා ප්‍රථම ප්‍රහාරය ඔහුට එල්ල කරයි. සාතන් සහ ඔහුගේ භුතයන්ගේ උත්සාහය අපව විනාශ කිරීම විනා අපට සත්‍යය හෝ ඥානය ලබා දීමට නොවේය. අපගේ "සතුරා වන යක්‍ෂයා ගොරවන සිංහයෙකු මෙන් කාව ගිලගනිම්දෝයි සිතමින් ඔබ මොබ යන බව" අපට පවසා ඇත (1 පේත්‍රස් 5:8). දෙවනුව, භුත විද්‍යාව තොරතුරු ලබා ගැනීම සඳහා දෙවියන් වහන්සේ මත රඳා නොපවතින නමුත් දෙවියන් වහන්සේ පොරොන්දු වී ඇත්තේ ඉල්ලන සෑම කෙනෙකුටම නොමිලයේ ඥානය ලබා දෙන බවය (යාකොබ් 1:5). විශේෂයෙන් මෙසේ පවසන්නේ ස්වාමින් වහන්සේ සැමවිටම අපව සත්‍යය හා ජීවනයට මඟ පෙන්වීමට උත්සාහ කළත් යක්‍ෂයන් සැමවිට අපව බොරුව සහ බරපතල හානි වලට ගෙන යාමට ආශා වන බැවින්ය.

තොරතුරු ලබා ගැනීම සඳහා මිය ගිය අයගේ ආත්ම හමුවිය හැකිය යන අදහස අසත්‍යයකි. එවැනි සම්බන්ධතාවයන් ඇති කරගැනීමට උත්සාහ කරන අය අනිවාර්යෙන්ම මියගිය ආදරණීයයන්ගේ ආත්ම සමඟ නොව යක්‍ෂ භුතයන් හා සම්බන්ධ වේ. මිය ගිය අය ක්‍ෂණයකින් ස්වර්ගයට හෝ නිරයට ඇතුල් වෙති. එනම් යේසුස් වහන්සේ ගැලවුම්කරුවා ලෙස විශ්වාස කළහොත් ස්වර්ගයද, එසේ නොකළහොත් නිරයද වේ. මියගිය අය සහ ජීවත්ව සිටින අය අතර කිසිදු සම්බන්ධයක් නොමැත. එබැවින් මළවුන් සෙවීම අනවශ්‍ය සහ ඉතා භයානකය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

භුත විද්‍යාව / මළවුන් සමඟ කතා කිරීම ගැන බයිබලය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries