settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනය කට පාඩම් කිරීම වැදගත් වන්නේ මන්ද?

පිළිතුර


කිතුණු ජීවිතයේදී දේව වචනය කට පාඩම් කිරීම ඉතාමත් වැදගත්කමක් දරයි. සැබවින්ම ශුද්ධ ලියවිල්ල කට පාඩම් කිරීම අධ්‍යාත්මික වර්ධනය සහ පාපයට එරෙහිව ජයග්‍රහණය කිරීමට ඇති වැදගත්ම අංගය විය හැකිය. දේව වචනය ඉතාමත්ම බලගතු වන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මනසින් නික්මෙන, වචනානුසාරයෙන්ම “දේවානුභාවයෙන්” පූර්ණ (2 තිමොති 3:16–17), මෙන්ම ශුද්ධ ලියවිල්ල කට පාඩම් කර ගැනීමෙන් උන්වහන්සේගේ වචන වලින් අපගේ මනස පුරවන කළ එහි ඇති ප්‍රබලතම අධ්‍යාත්මික මෙවලමෙන් අප උපකාර ලබා ගන්නෙමු.

අප දේව වචනය කට පාඩම් කරන කළ කරුණු කිහිපයක් සිදුවේ. ගීතාවලිය 119:11 හී අපට පවසනු ලබන්නේ උන්වහන්සේට විරුද්ධව පව් නොකරන පිණිස ගීතිකාකරුවා උන්වහන්සේගේ වචනය ඔහුගේ සිතෙහි නිදන් කරගත් බවය. ඔහු විසින් වචනය අසා එය කියවනු ලැබුවා පමණක් නොව එය සමාග්‍රහණය කොට අනාගත භාවිතය පිණිස ඔහුගේ මනසෙහි සහ මතකයේ තැන්පත් කර ගනු ලැබීය. දේව වචනය යනු ඇදිහිලිවන්තයාගේ පාපයට එරෙහි සැබවින්ම බලසම්පන්න ආයුධයක් මෙන්ම දේව වචනය කට පාඩම් කිරීම තුළින් මනසෙහි තැන්පත් කළ විට එය දේව භක්තිය සහ ධර්මිෂ්ඨ ජීවිතයක් කෙරෙහි ප්‍රබල ආභාෂයක් ඇති කරයි. හෙබ්‍රව් 4:12 හී අපට පවසනු ලබන්නේ දේව වචනය “ජීවමාන සහ බලවත්” බවත් එනම් එයින් අර්ථවත් වනුයේ අප එය මෙනෙහි කරන කළ ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපයට අපව හැඩ ගස්වා ගැනීමට එයට අධි ස්වභාවික බලයක් ඇති බවත් වචනය අපගේ මනසෙහි සහ මතකයන් තුළ තබා ගැනීමට වඩා යහපත් මෙනෙහි කිරීමක් නොමැති බවත්ය.

එපිස 6:13–17 හී විස්තර කරනු ලබන්නේ අපගේ ප්‍රාණයන් සහ ආත්මික පැවැත්ම සදහා වන සටනේදී ඇදහිලිවන්තයාගේ යුද්ධායුධ පිළිබදවය. යුද්ධායුධයන්හී සියලූම අංගයන් වලින් එකක් හැරුණු කොට අන් සියල්ලම ආරක්ෂාව පිළිබදව දරන ප්‍රයත්නයකි. එකම ආක්‍රමණශීලි ආයුධය නම් “දේව වචනය වන ආත්මයාණන්වහන්සේගේ කඩුවවේ” (17වන පදය). සාතන්ගේ ප්‍රහාර වළක්වා ගැනීමට යේසුස්වහන්සේ දේව වචනය භාවිතා කළාක් මෙන් (මතෙව් 4:1–11), අපටද එම ආයුධයම භාවිතා කිරීමට හැකි විය යුතුවේ. නමුත් සාතන්ගේ බොරු සහ රැවටීම් වලට මුහුණ දෙන විට බයිබලයක් තෝරාගෙන නිවැරදි ඡේද සොයා ගැනීමට කාලය ලබා දෙන්නේ ඉතා කලාතුරකිනි. දේව වචනය කට පාඩම් කිරිම තුළින් අපට කාලෝචිත සත්‍යයන් සහ මූලධර්ම මතකයේ තබා ගැනීම සහතික කරනු ලබන අතර අපව විනාශ කිරිමට ප්‍රයත්න දරන දුෂ්ටයාට ඵලදායි ලෙස ප්‍රතිචාර දැක්වීමට ඒවා ක්ෂණිකව සිහිපත් කිරීමට හැකිවේ 1 පේත්‍රස් 5:8). රෝම 12:1–2 තුළින් අපට අනුශාසනා කරනු ලබන්නේ මේ ලෝකයේ චින්තනයන් කරණාකොටගෙන අපට තවදුරටත් ආභාෂයක් ඇති නොවන පරිදි අපගේ මනස “නැවත අළුත්” කර ගන්නා ලෙසය. අපගේ මනස නැවත අළුත් කර ගැනීමට ඇති එකම මාර්ගය ශුද්ධ ලියවිල්ල තුළින් එය පුරවා ගැනීමයි.

දේව වචනය කට පාඩම් කිරීම සෑම කිතුණුවකුගේම වරප්‍රසාදයක් මෙන්ම වගකීමක්ද වේ. ශුද්ධ ලියවිලි කට පාඩම් කිරීමේ අනර්ඝ ක්‍රම කිහිපයක්ම තිබේ. නිශ්චිත ප්‍රකාශිත ක්‍රමයක් නොමැති වුවද ඕනෑම කෙනෙකුට ක්‍රිස්තියානි ඇදහිල්ලේ ප්‍රධාන පද කිහිපයක් වන යොහාන් 3:16 සහ එපීස 2:8–9 යන්නෙන් ආරම්භ කොට පදයක් මත පදයක් අඛණ්ඩවම ගොඩ නගා ගෙන යා හැකිවේ. ප්‍රධානම කරුණ වන්නේ නව පද එකතු කිරීමට ප්‍රථමයෙන් දැනටමත් කට පාඩම් කර ඇති පද නිරන්තරයෙන් සමාලෝචනය කිරීමවේ. කුමන ක්‍රමවේදය තෝරාගනු ලැබුවත් දේව වචනය කට පාඩම් කිරීමේ ප්‍රතිලාභය නම් පාපයට එරෙහිව ජය ලබා ගැනීම, ඇදහිල්ල ශක්තිමත් වීම සහ කිතුණු ජීවිතයේ ප්‍රීතිය අත්පත් කර ගැනීම ආදියවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනය කට පාඩම් කිරීම වැදගත් වන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries