දේව වචනය කරණකොටගෙන සමාජයට කෙතරම් ආභාෂයක් තිබිය යුතුවේද?


ප්‍රශ්නය: දේව වචනය කරණකොටගෙන සමාජයට කෙතරම් ආභාෂයක් තිබිය යුතුවේද?

පිළිතුර:
දේව වචනය හඳුන්වා දී ඇති සංස්කෘතීන් තුළ වෙනසක් ඇති කිරීම සෑම විටම සිදුවිය. පළමුවන ශතවර්ෂයේ තෙසලෝනිකයේ මැර පිරිසක් “ලෝකය පෙරලුවාවූ මොව්හු මෙහිත් ඇවිත් සිටිතියි” (ක්‍රියා 17:6). කෑගසමින් සමහර කිතුණුවන් වීදීවල ඇදගෙන ගියහ. සමාජය තුළ සිටින පුද්ගලයන්ට දේව වචනය ආභාෂයක් ඇති සේම එයට මුළු සමාජය කෙරෙහිද ආභාෂයක් තිබිම නිවැරදිය.

ලෝකයේ මෙන්ම ඒ තුළ වාසය කරන මනුෂ්‍යයන්ගේ මැවුම්කරුවාණන් වන්නේ දෙවියන්වහන්සේය (ගීතාවලිය 1). මූලාරම්භයේ සිටම දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ එහි මනුෂ්‍යයා සැළසුම් නිර්මාණය කරනු ලැබුවේ එක්තරා ආකාරයකට “ක්‍රියාත්මක වීම” සදහාය. දෙවියන්වහන්සේ අපට දේව වචනයෙන් දෙනු ලබන මූලධර්ම සමාජය අනුගමනය නොකරන විට ජීවිතය හුදෙක්ම ක්‍රියාත්මක් නොවේ. අපගේ උපරිම ප්‍රතිලාභය පිණිස ජීවිතය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබද තීක්ෂණ බුද්ධිය ඇති එකම තැනැත්තා දෙවියන්වහන්සේ වන අතර උන්වහන්සේ එම ප්‍රඥාව අප සමග උන්වහන්සේගේ වචනයෙන් බෙදා ගනු ලබන සේක. හෙබ්‍රෙව් 4:12 හී දේව වචනය විස්තර කරනු ලබන්නේ “ජීවමාන සහ බලවත්” ලෙසය. මෙයින් අර්ථවත් වන්නේ කොටසක් වශයෙන් දේව වචනය මුලින්ම ලියූ අවස්ථාව හා සේම වර්තමානයේදීත් උචිත මෙන්ම අනුකූල වන බවය.

යම් ජාතියන් දෙවියන්වහන්සේට ගෞරව දක්වන කල එමගින් දෙවියන් වහන්සේගේ මැවිල්ල කෙරෙහි ගරු කිරීමක් වර්ධනය වේ. දෙවියන්වහන්සේට ගෞරවයක් නැති කල සමාජයක් උන්වහන්සේගේ මැවිල්ල ගරු නොකරන අතර මනුෂ්‍යයන් ඒ කරණකොටගෙන දුක් විදිනු ලබති.

ආරම්භයේ සිටම මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේගේ මාර්ගය අනුගමනය කල යුතුද නොවේද යන අභිමතයක් තිබිණි. එනමුත් අභිමතයන්ට සෑම විටම ප්‍රතිවිපාක තිබේ. ඉශ්‍රායලයේ පැරණි ගිවිසුම් ඉතිහාසයේ දෙවියන්වහන්සේ ඔවුන්ට දුන් සමාජ නීති සහ ශික්ෂණයන් ලේඛනගත කරයි. ඉශ්‍රායලය දෙවියන්වහන්සේගේ නීති අනුව ජීවත් වූ විට ඔවුන්ගේ සමාජය හොදින් ක්‍රියාත්මක විය. එනමුත් ඔවුන් දෙවියන්වහන්සේගේ සැලසුමෙන් බැහැර වූ වට ඔවුන්ගේ සමාජය සෑමවිටම පහලට ගියේය. වර්තමානයේ දේව වචනයේ ආභාෂය සමාජයෙන් ඉවත් කිරීමට හෝ දේව වචනානුකූල ලෝක දෘෂ්ඨියක් වැදගත් නොවේ යයි සැලකීමට උක්සාය දැරීමෙන් මනුෂ්‍යය වර්ගයාගේ අභිමානය හෙළි වන්නේ “අපව මැවූ තැනැත්තාට වඩා අප හොදින් දනිමු” යන්න ප්‍රකාශ කිරීමටය.

මේ කිසිවකින් ප්‍රකාශ වන්නේ පුරාණ ඉශ්‍රායලෙහි මෙන් දේවාධිරාජ්‍යයක් ස්ථාපිත කල යුතු බව නොවේ. එම පාලන ක්‍රමයේ දෙවියන්වහන්සේගේ අභිප්‍රාය වූයේ නිශ්චිත කාලයක් මෙන්ම ස්ථානයකි. කෙසේ නමුත් දේව වචනය නිවැරදි ලෙස අවබෝධ කරගත කළ සමාජයට එතුළින් ඇති ආභාෂය අවම අපරාධයන්ට අවම දික්කසාදයන්ට අවම අලසකම් වලට සහ බොහෝ පුණ්‍ය කටයුතු කෙරෙහි මග පෙන්විය හැකි වීමය. ඇමරිකා එක්සත් ජනපදයේ දෙවන ජනාධිවරයා වන ජෝන් ඇඩම්ස් විසින් ලියනු ලැබුවේ “යම් දුර බැහැර සිටින ජාතියක් ඔවුන්ගේ එකම නීති පොත සදහා දේව වචනය රැගෙන යා යුතු යයි සිතමු. සෑම සාමාජිකයෙකුගේම හැසිරීම එහි ශික්ෂණයන් මගින් ප්‍රදර්ශණය විය යුතුය. සෑම සාමාජිකයෙකුම එහි හෘද සාක්ෂ්‍යයට අමද්‍යපයට අරපිරිමැස්මට සහ කර්මාන්තයටද; සෙසු මිනිසුන් කෙරෙහි යුක්තිය කරුණාව සහ පුණ්‍ය කටයුතු සදහාද; සර්වබලධාරි දෙවින්වහන්සේ කෙරෙහි භක්තිය ප්‍රේමය සහ ගෞරවය දැක්වීම සදහාද බැදී සිටිති. මෙම පළාත කුමන ආකාරයේ මනෝරාජ්‍යයක් වේද කුමන ආකාරයේ පාරාදීසයක් වේද?” (ජෝන් ඇඩම්ස්ගේ දින පොත සහ චරිතකථනයෙහි 3 වන වෙළුම 9 වන පිටුව) ශුද්ධ ලියවිල්ල මගින් එය වඩාත් යහපත්ව පවසයි “ස්වකීය දෙවියන් කොට ස්වාමින්වහන්සේ ඇතුව සිටින ජාතියද ආශිර්වාද ලද්දෝය” (ගීතාවලිය 33:12).

English


නැවතත් සිංහල මුල් පිටුවට
දේව වචනය කරණකොටගෙන සමාජයට කෙතරම් ආභාෂයක් තිබිය යුතුවේද?

කොහොමද දැනගන්න ...

දෙවියන් වහන්සේ සමග සදාකාලිකත්වය



දෙවියන්ගෙන් සමාව ලබාගන්න