settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනය නිකැළල් යන්නෙන් අර්ථවත් වන්නේ කුමක්ද? දේව වචනයේ නිකැළල්භාවය යන්න කුමක්ද?

පිළිතුර


නිකැළල් යන වචනයෙන් අර්ථවත් වන්නේ “දෝෂයක් ඇති වීමට අසමත්” යන්නය. යමක් නිකැළල් නම් එය කිසි විටෙකත් සාවද්‍යය නොවන අතර එය නියත වශයෙන්ම විශ්වාසදායකය. එපරිද්දෙන්ම අප්‍රමාදී යන වචනය ශුද්ධ ලියවිල්ලට අදාළ කර ගත් කළ එහි අර්ථය වනුයේ “දෝෂ වලින් තොර” යන්නය. සරලවම පැවසුවහොත් දේව වචනය කිසිම විටෙක අසාර්ථක නොවේ.

දේව වචනය නිකැළල් බව 2 පේත්‍රස් 1:18 හී ප්‍රකාශ කරනු ලබන්නේ “ඊට වඩා ස්ථිර කරන ලද්දාවූ අනාගතවාක්‍යය අපට තිබේ.” ශුද්ධ ලියවිල්ල ඇති වූ ආකාරය පිළිබදව පේත්‍රස් දිගින් දිගටම විස්තර කරනු ලබයි: “මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍යය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොළඹවනු ලැබ දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථා කළෝය” (2 පේත්‍රස් 1:20-21).

එසේම 2 තිමොති 3:16-17හී නිකැළල් ලෙස ව්‍යංගනය කොට ඇති ආකාරයද අපට දක්නට ලැබේ, “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල” එයට දෙවියන් වහන්සේගේ සේවකයන් බිහිකිරීමේ බලපෑම තිබෙන්නේ “දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලූ යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස”යග “දේවානුභාවයෙන්” දෙනු ලැබූ ශුද්ධ ලියවිල්ල තුළින් දේව වචනය නිකැළල් බව යන කාරණය සහතික කරනු ලබන්නේ, මන්දයත් දෙවියන් වහන්සේට දෝෂය ආනුභාවයක් පිට කළ නොහැක. දේව වචනය තුළින් දෙවියන්වහන්සේගේ සේවකයන්ව “සම්පූර්ණ ලෙස” සන්නද්ධ කරනු ලබයි යන කාරණය තුළින් පෙන්වනු ලබන්නේ එය අපව සත්‍යය කරා මිස දෝෂයකට මග පෙන්වනු නොලබන බවය.

දෙවියන්වහන්සේ නිකැළල් නම් උන්වහන්සේගේ වචනයද එසේම වේ. ශුද්ධ ලියවිල්ලෙහි නිකැළල්භාවය පිළිබද ඉගැන්වීම පදනම් වී ඇත්තේ දෙවියන් වහන්සේගේ චරිතයේ පරිපූර්ණත්වය පිළිබදව අවබෝධයකිනි. දෙවියන් වහන්සේගේ වචනය “සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත් කරන්නේය.” (ගීතාවලිය 19:7) මන්දයත් දෙවියන්වහන්සේ තමන්වහන්සේම සමීපූර්ණය. දේවධර්මානුකූලව දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය හා සමග සමීපව සම්බන්ධ වන සේක; ස්වාමිවූ යේසුස්වහන්සේව හඳුන්වනු ලබන්නේ “වාක්‍යයාණෝ” ලෙසය (යොහාන් 1:14).

නිකැළල්භාවය පිළිබදව ඉගැන්වීම සැලකිලිමත් වන්නේ මූලික ලියකියවිලි පිළිබදව බව අප සැලකිල්ලට ගත යුතුවෙමු. වැරදි පරිවර්තනයන්ල මුද්‍රණ දෝෂ සහ යතුරු ලියන දෝෂ ආදිය මනුෂ්‍යයන් තුළින් වන වැරදි වන අතර බොහෝ විට ඒවා පහසුවෙන් හඳුනාගත හැකිවේ. කෙසේ නමුත් දේව වචනානුකූල ලේඛකයන් මූලිකවම ලියූ දේ දෝෂයන්ගෙන් හෝ අතපසුවීම වලින් තොර වූයේ ආත්මයාණන්වහන්සේ විසින් ඔවුන්ගේ කර්තව්‍යය අධීක්ෂණය කල හෙයිනි. දෙවියන්වහන්සේ සත්‍යය මෙන්ම සම්පූර්ණයෙන්ම විශ්වාස කළ හැකි (යොහාන් 14:6; 17:3) අතර උන්වහන්සේගේ වචනයද එසේය (යොහාන් 17:17).

ගීතාවලිය 12:6, ගීතාවලිය 19:7, හිතෝපදේශ 30:5 සහ වෙනත් බොහෝ ස්ථානවල සදහන් වන ආකාරයට දේව වචනය සම්පූර්ණ බව (අර්ධ වශයෙන් වෙනුවට) ප්‍රකාශ කරනු ලබයි. එය මුළුමනින්ම පරිසිද්ධිවාචක වන අතර සැබවින්ම කිවහොත් අපව විනිශ්චය කරනු ලබයි (ප්‍රතිලෝම වශයෙන් වෙනුවට) “මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුවහත් කඩුවකටත් වඩා තියුණුය ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන් කරන තරමට කාවදින්නේය සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය” (හෙබ්‍රව් 4:12).

දෙවියන්වහන්සේට තමන්වහන්සේ සහ මනුෂ්‍යයත්වය උදෙසා උන්වහන්සේට ඇති සැළැස්ම පිළිබදව එකම විෂයමූලක ප්‍රභවය නම් දේව වචනයවේ. දෙවියන්වහන්සේගේ නිකැළල් වචනය ලෙස දේව වචනය දෝෂ වලින් තොර, ප්‍රාධිකාරී, විශ්වාස කළ හැකි මෙන්ම අපගේ සියලූ අවශ්‍යයතා සම්පූර්ණ කර ගනු වස් ප්‍රමාණවත්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනය නිකැළල් යන්නෙන් අර්ථවත් වන්නේ කුමක්ද? දේව වචනයේ නිකැළල්භාවය යන්න කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries