settings icon
share icon
ප්‍රශ්නය

වෛරය ගැන බයිබලය කුමක් පවසයිද?

පිළිතුර


බයිබලානුකුලව කථා කරනවිට වෛරයට ධනාත්මක සහ නිෂේධාත්මක පැති ඇත. දෙවියන් වහන්සේ පිළිකුල් කරන දෙයට වෛර කිරීම පිළිගත හැකිය. ඇත්ත වශයෙන්ම මෙය නිවැරදි ස්ථාවරයක් ඇති බවට සාක්‍ෂියකි. "ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්නෝ නපුරට වෛර කරති" (ගීතාවලිය 97:10). ස්වාමින් වහන්සේ සමඟ අපගේ ඇසුර වඩාත් සමීප වනවිට පිටස්තර සහ ඇතුලාන්තර පාපයන් පිළිබඳ අපගේ අවදිකම වඩා තීව්ර වේ. දෙවියන් වහන්සේගේ නාමය අපකීර්තියට පත්වන විට, අධ්‍යාත්මික කුහකකම දකිනවිට, නිර්දය අවිශ්වාසය සහ දේව අභක්තික හැසිරීම් දකිනවිට අප ශෝකයෙන් සහ කෝපයෙන් දැවී යන්නේ නැද්ද? අප දෙවියන් වහන්සේගේ චරිතාංග සහ ප්‍රේමය තේරුම් ගෙන එතුමාණන් ලෙස වනවිට, උන්වහන්සේගේ වචනයට සහ ස්වභාවයට පටහැනි ද්වල් වලට අපි වෛර කරන්නෙමු.

කෙසේ වෙතත් ඝෘණාත්මක වෛරය නිසැකවම අන් අයට එරෙහිව යොමු විය යුතුය. කන්ද උඩ දේශණාවේදී ස්වාමින් වහන්සේ මෙසේ පවසයි. "නමුත් මම ඔබට කියමි, තම සහෝදරයා සමඟ කෝප වන ඕනැම කෙනෙක් විනිශ්චයට යටත්වනු ඇත" (මතෙව් 5:22). ස්වාමින් වහන්සේ ගේ අභිමුඛත්වයට යැමට පෙර තම සහෝදරයා සමඟ සමගිවිය යුතු බවත් එය ඉක්මණින් කළ යුතු බවත් එතුමාණන් පෙන්වා දෙයි (මතෙව් 5:23-26). මිනී මැරීම සැබවින්ම දඬුවම් ලැබිය යුතු වරදක් වුවද, වෛරය 'හදවත තුළ' හටගන්නා පාපයක් බැවින් ඕනෑම වෛරී සිතුවිල්ලක් හෝ ක්‍රියාවක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි මිනීමැරීමේ ක්‍රියාවක් වන අතර ඒ සඳහා යුක්තිය ඉෂ්ට විය යුතුය. සමහරවිට මේ ජීවිතයේදී නොවුනත් විනිශ්චයේදී සිදු වනු ඇත. දෙවියන් වහන්සේ ඉදිරියෙහි වෛර කිරීම කෙතරම් භයානකදයත්, වෛර කරන මිනිසෙක් ආලෝකයට වඩා අන්ධකාරයේ ගමන් කරන බව පැවසේ (1 යොහාන් 2:9,11). ආගමික බව පවසමින් තම සහෝදරයා සමඟ සතුරුකම් කිරීම එහි ඇති භයානකම තත්වයයි. එවැනි පුද්ගලයෙක් බොරුකාරයෙක් බව ශුද්ධ ලියවිල්ලෙහි ප්‍රකාශ වී තිබේ (1 යොහාන් 4:20). ඔහු මිනිසුන්ව රවටනු ඇත, නමුත් දෙවියන් වහන්සේ රවටන්ට නොහැකිය. පිටස්තරව සියල්ල යහපත් යයි මවා පාමින් වසර ගණනාවක් තම සහෝදරයාට වෛර කර අවසානයේදී තමන්ට අඩුවක් තිබු බව දැන ගන්නා ඇදහිලිවතුන් කොපමණ ඇද්ද? වෛරය යනු අපගේ හදවත තුළ සහ මනස තුළ තිත්තකම නිපදවමින් අභ්‍යන්තරය විනාශ කරන විෂ වර්ගයකි. "තිත්තකමේ මුල" අපගේ හදවත්වල හට ගැනීමට ඉඩ නොදෙන ලෙස ශුද්ධ ලියවිල්ල පවසන්නේ මේ නිසාය (හෙබ්‍රෙව් 12:15). කිතුනුවෙකුගේ පුද්ගලික සාක්‍ෂිය වෛරය විනාශ කරයි. මන්ද එය ස්වාමින් වහන්සේ හා අනෙකුත් ඇදහිලිවන්තයන් සමඟ ඇති සම්බන්ධතාවයෙන් ඔහුව ඉවත් කරයි. ස්වාමින් වහන්සේ උපදෙස් දුන් පරිදි පැවැත්වීමට අපි ප්‍රවේසම් වෙමින් එකිනෙකා සමඟ සියල්ලෙහිදී කෙතරම් එය කුඩා සිදුවීමක් වුවද දෙවියන් ඉදියෙහි ගනු දෙනු හරිව තබා ගමු. මක්නිසාද එතුමා පව්වලට සමාව දෙන්නට විශ්වාසවන්ත වී සිටින බැවින්ය (1යෝහාන් 1:9, 2:1).

English



නැවතත් සිංහල මුල් පිටුවට

වෛරය ගැන බයිබලය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries