settings icon
share icon
ප්‍රශ්නය

ඇදහිල්ල සම්බන්ධව දේව වචනයේ සදහන් වන්නේ කුමක්ද?

පිළිතුර


හෙබ්‍රෙව් 11:1 මගින් අපට උගන්වනුයේ ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබද සහතික වේ. අදෘශ්‍යමාන දේ පිළිබද පැහැදීමයි යනුවෙනි. ක්‍රිස්තියානි ජිවිතයේ වෙන කිසිම අංගයක් ඇදහිල්ල තරම් වැදගත් නොවේ. ඇදහිල්ල අපට මිලදී ගැනීමටත්, විකිණීමටත්, අපගේ මිතුරන් හට ලබා දීමටවත් නොහැකිය. එබැවින් ඇදහිල්ල යනු කුමක්ද? එය කිතුනු ජිවිතය තුළ කවර ලෙස ක්‍රියාකිරි වේද? ශබ්ද කෝෂ මගින් ඇදහිල්ල අරුත් දක්වා ඇත්තේ, කිසිම තර්කානුකුල තහවුරු කිරීමකින් තොරව, යම් දෙයක් හෝ තැනැත්තෙකු විශ්වාස කිරීම, භක්තිවන්ත වීම හෝ ඇදහීම ලෙසයට. එසේම ඇදහිල්ල යනු දෙවියන්වහන්සේ ගැන විශ්වාස කර භක්තියෙන් සැලකීම ලෙසද එහි සදහන් වේ. ඇදහිල්ල සම්බන්ධව තවත් බොහෝ කරුණුද, එය කොතරම් වැදගත් වන්නේද යන්න දේවවචනයේ සදහන්ව ඇත. ඇත්ත වශයෙන්ම ඇදහිල්ල කොතරම් වැදගත්ද යත්, එය නොමැතිව අප හට දෙවියන් වහන්සේ තුළ කිසිම තැනක් නොමැති වන අතර, අපට උන්වහන්සේව ප්‍රසන්න කිරීමද කල නොහැක. (හෙබ්‍රව් 11:6) අප සැබවින්ම දැක නොමැති, එකම වු සැබෑවු දෙවියන් වහන්සේ ගැන ඇති කරගන්නා විශ්වාසය ඇදහිල්ල වේ.

ඇදහිල්ල ලැබෙන්නේ කොතැනින්ද? ඇදහිල්ල යනු අප විසින්ම මවා පා ගන්නා වු හෝ උපතින්ම අපට දායාද වු හෝ අධ්‍යාත්මික දේ ගැන ඉගෙනීමට අපගේ ඇති උත්සහය ම!ගින් ලබාගත හැකි වුවක් නොවේ. ඇදහිල්ල යනු දෙවියන් වහන්සේ අපට ලබා දී ඇති ත්‍යාගයක් බවත්, උන්වහන්සේ එම ත්‍යාගය අපට ලබා දි ඇත්තේ අප එම ත්‍යාගය ලබා ගැනීමට තරම් සුදුස්සන් වන නිසාවත්, අප විසින් එය උපයා ගෙන ඇති නිසාවත්, අපගේ වටිනාකමක් නිසාවත් නොවන බවත් එපීස 2:8–9 පද මගින් පැහැදිලි කර දී ඇත. ඇදහිල්ල ඇති වන්නේ අප තුලින්ම නොව දෙවියන්වහන්සේ තුලින්ය. ඇදහිල්ල ඇති වන්නේ අපගේ බලය හෝ කැමැත්ත තුලින් නොවේ. ඇදහිල්ල අපට ලැබී ඇත්තේ දෙවියන්වහන්සේගේ කරුණාව සහ දයාව සමග උන්වහන්සේගේ ශුද්ධ වු සැලැස්ම සහ අභිප්‍රාය මත වන බැවින් උන්වහන්සේට සියඵ මහිමය හිමිවේ.

ඇදහිල්ල ඇතිවිය යුත්තේ මන්ද? ඇදහිල්ල වනාහී, දෙවියන්වහන්සේට අයත් වන සහ නොවන අය වෙන්කොට හදුනා ගැනීමට සැලසුම් වු දෙයකි. සරලව පවසන්නේ නම්, දෙවියන්වහන්සේව ප්‍රසන්න කිරීම සදහා අප තුල ඇදහිල්ල පැවතිය යුතුය. අපට උන්වහන්සේව දෘෂ්‍යමාන නොවන නමුත්, උන්වහන්සේ ගැන විශ්වාස කිරිම තමා ප්‍රසන්න කරවන බව දෙවියන්වහන්සේ අපට පවසන සේක. හෙබ්‍රෙව් 11:6 මූලික කොටසකින් පවසා ඇත්තේ සැබවින්ම උන්වහන්සේ සොයන අයට ආශිර්වාද ලැබෙන බවය. මෙයින් අදහස් වන්නේ අප උන්වහන්සේ කෙරෙහි ඇදහිය යුත්තේ යමක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් නොවිය යුතු බවය. කෙසේ වෙතත් තමන්වහන්සේට කීකරු සහ විශ්වාසවන්ත අයට ආශිර්වාද කිරීමට දෙවියන්වහන්සේ ඉතාමත් ප්‍රිය කරන සේක. මෙයට පැහැදිලි නිදසුනක් ලූක් 7:50 හි දැක්වේ. යේසුස් වහන්සේ පව්කාර ස්ත්‍රියක් සමග සංවාදයේ යෙදීම මගින් ඇදහිල්ල කොතරම් ආශිර්වාද ලත් දැයි අපට පෙන්වා දේ ඔබේ ශ්‍රද්ධාව ඔබට ගැලවීම ගෙන දුන්නේය. ශාන්ති සිතින් යන්න එම ස්ත්‍රිය ඇදහිල්ලෙන් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කළ බැවින් ඇයට ආශිර්වාද ලැබුණි. අවසාන වශයෙන් අපව කෙලවර දක්වා උසුලාගෙන සිටින්නේ ඇදහිල්ල කරණකොට ගෙන වන අතර, දෙවියන් වහන්සේ සමග සදාකල්ම ස්වර්ගයේ අපට වාසය කල හැකි බව එමගින් අපට දැනගත් හැකිය. ඔබ උන්වහන්සේ නුදුටු නමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නාහුය. දැන් ඔබ උන්වහන්සේ නොදකින නමුත්, උන්වහන්සේ අදහා, ඔබගේ ඇදහිල්ලේ අරමුන වන ඔබගේ ආත්ම ගැලවීම ලබමින් කියා නිම කළ නොහැකි, තේජාන්විත මහා ප්‍රීතියකින් ප්‍රීකිවන්නහුය (1ප්‍රේත්‍රස් 1:8–9).

ඇදහිල්ල ගැන ඇති උදාහරණ –: ඇදහිල්ල සම්බන්ධව මහත් ක්‍රියා ගැන හෙබ්‍රෙව් 11 වන පරිච්ඡෙදයේ බොහෝ විස්තර අඩංගු වන බැවින් එය ඇදහිල්ලේ පරිච්ඡෙදය යනුවෙන් හදුන්වා ඇත. ඇදහිල්ල කරණකොටගෙන නෝවා, වැසි ගැන බලාපොරොත්තුවක් නොතිබු කාලයෙ දී නැවක් සෑදුවේය. (7 පදය) දෙවියන්වහන්සේ, ආබ්‍රහම් හට ඔහු නොදන්නා දේශයකට යෑමට දුන් අණට ඔහු කීකරු වුවෙත්, තම එකම පුත්‍රයා පඩුරක් ලෙස ඔප්පු කිරීමට ඉදිරිපත් වුවේත්, ඇදහිල්ල කරණකොටගෙනය. (8–10, 17 පද) මොසෙස් ඊශ්‍රායෙල් පුත්‍රයන් ඊජිප්තුවෙන් පිටතට රැගෙන ආවේද ඇදහිල්ල කරණකොට ගෙනය. (23–29 පද) රාහාබ් ඉශ්‍රායෙල් ඔත්තු කරුවන් හට රැකවරණය ලබා දී තම ජිවිතයව ගලවා ගත්තේ ද ඇදහිල්ල නිසාය. (21 පදය) තව බොහෝ ඇදහිලිවතුන් ගැනද එහි සදහන් වේ. ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් පරාජය කළහ. යුක්තිය ඉටු කලහ. දේව පොරොන්දු ඉටුවනු දුටුහ. සිංහයන්ගේ කට වැසුහ. රෞද්‍ර ගිනි ජාලා නිවාලූහ. කඩුපතින් නොමළහ. දුබලව සිටි නමුත් ප්‍රබල වුහ. රණබිම්හි ජය කොඩි නැංවුහ. පර සතුරු සේනා නෙරපුහ (33,34 පද) ඇදහිල්ල පවතින බව ක්‍රියාවෙන් පැහැදිලි වේ.

කිතුධර්මයේ මුලික පදනම ඇදහිල්ලය –: දෙවියන්වහන්සේ කෙරෙහි තමාගේ ඇදහිල්ල හා විශ්වාසය පිළිබිඹු නොකරන්නේ නම් අපට උනවහන්සේ තුළ සිටිය නොහැක. උන්වහන්සේ වැඩවසන බව අප විශ්වාස කරන්නේ ඇදහිල්ල කරණකොටගෙනය. බොහෝ දෙනෙකු හට දෙවියන්වහන්සේ ගැන වැරදි, පදනම් රහිත විශ්වාස ඇතත්, තමන්ගේ ජීවිත තුල උන්වහන්සේගේ වැඩ වැසීමට අවශ්‍ය භක්තිය ඔවුන් තුළ නැත. තමන්ට ප්‍රේම කරන දෙවියන් වහන්සේ සමග සදාතනික සම්බන්ධතාවයක් සදහා අවශය සැබෑ ඇදහිල්ලක් ඔවුන් තුළ නොමැත. ඇදහිල්ල කරණකොට ගෙන ඇතැම් අවස්ථා වලදී අප පරාජයට පත් වුවත්, ඇදහිල්ල දෙවියන්වහන්සේ විසින් තම දරුවන්ට ලබා දුන් ත්‍යාගයක් බැවින්, අපගේ ඇදහිල්ල උරගා බැලීමට සහ වැඩි දියුණු කරවිම පිණීස උන්වහන්සේ පරික්ෂා සහ පීඩා සහිත කාලයක් අපට දෙන සේක. යාකොබ් තුමා ඇදහිල්ල පිරිසිදු සැපතක් ලෙස සලකන ලෙස අපහට පවසන්නේ, අපගේ ඇදහිල්ල පරික්ෂාවට භාජනය වීම නිසා අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට හැකියාව සහ පරිනතභාවය අපට හිමි වන බැවින්, අපගේ ඇදහිල්ල සැබෑවක් බව ඔප්පු කිරීමට සාධකද, අප හට ලැබෙන නිසාවෙන්ය. (යාකොබ් 1–2:4).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඇදහිල්ල සම්බන්ධව දේව වචනයේ සදහන් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries