අධ්‍යාපනය පිළිබදව දේව වචනයේ කුමක් පවසයිද?


ප්‍රශ්නය: අධ්‍යාපනය පිළිබදව දේව වචනයේ කුමක් පවසයිද?

පිළිතුර:
හිතෝපදේශ පොත සලමොන් තම පුත්‍රයන්ට දුන් උපදෙස් වලින් පිරී තිබේ. පුත්‍රයාට අනුශාසනා කරනු ලබන්නේ මෙම උපදෙස් වලින් ඉගෙන ගන්නා ලෙසය, එසේම ඉගෙන ගනු ලැබූ දැනුම අදාල කිරීම හඳුන්වනු ලබන්නේ ප්‍රඥාව ලෙසය.

ශුද්ධ ලියවිල්ල අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබදව බොහෝ දේ පවසන අතර එය ආරම්භ වන්නේ දෙමව්පියන්ගෙන් සහ දරුවන්ගෙන්ය. දෙමව්පියන්ට දී ඇති ආඥාව නම් දරුවන්ව ස්වාමින්වහන්සේ තුළ ඇති දැඩි කරනු ලෙසත් (එපීස 6:4), ග්‍රික වචනයක් වන පේඩියා (ඇති දැඩි කිරීම) යන්නෙහි ගැබ් වන්නේ පුහුණුව, අධ්‍යාපනය, උපදෙස් දීම සහ විනය ආදි සංකල්පනයන්ය. දරුවන් දෙවියන්වහන්සේ පිළිබද ඉගෙන ගන්නා විට තමන්ගේ දෙමව්පියන්ට බුද්ධිමත්ව ගෞරව කරනු පිණිස ඔවුන්ට අවස්ථාවක් දී ඇති අතර එම ගෞරව කිරිමට පදනම වන්නේ අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලිය සහ උගත් දේ ක්‍රියාවට නැංවීම වේ. සලමොන් විසින් අපට පවසනු ලබන්නේ සැබෑ දැනගැන්මෙහි පදනම ස්වාමින්වහන්සේ කෙරෙහි බිය වීම බවය (හිතෝපදේශ 1:7). "බිය වීම" පදයෙන් මෙහිදී අදහස් වන්නේ භීතිය හෝ තැතිගැන්ම නොවන නමුත් එය බොහෝවිට එය දෙවියන්වහන්සේගේ ශුද්ධකම සහ මහිමාන්විතය කෙරෙහි ඇති ගරුබිය සහ ප්‍රණාමය වන අතර උන්වහන්සේව අසතුටු කිරීමට හෝ අකීකරු වීමට අකමැති වීමය. යේසුස්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ අප විසින් සැබෑව දැනගත් කළ එය අපව නිදහස් කරනු ලබන බවය (යොහාන් 8:32). භීතියෙන් නිදහස ලැබෙනුයේ සත්‍යය පිළිබදව ඉගෙන ගැනීම තුළිනි.

රෝම පොතෙහි අපොස්තුළු පාවුළු විසින් "දැන ගන්න" නොහොත් "දැන සිටීම" වන වචනය එකොළොස් වතාවක් භාවිතා කරනු ලබයි. අප විසින් කුමක් දැන ගත යුතු වෙමුද? අප විසින් දේව වචනයෙන් අපව දැනුවත් කරගත යුතු වන්නේ අප විසින් අධ්‍යාත්මික දැනුම ලබාගත් කළ අපට එම දැනුම අපගේ ජීවිතයට ප්‍රායෝගික අන්දමට අදාල කර ගත හැකි අතර එතුළින් අප ස්වාමින් වහන්සේට යටහත් වෙමින් දේව දැනුම භාවිතා කරමින් ස්වාමින්වහන්සේට ආත්මයෙන් සහ සැබෑ කමින් සේවය කිරීමවේ (රෝම 6:11–13). පැරණි කියමන නම් "අප නොදන්නා දේ අපට භාවිතා කළ නොහැක" දේව වචනානුකූල අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙම මූලධර්මය දෙගුණයක් සත්‍යය වේ. දේව වචනානුකූල ආකාරයකින් අප අපවම දැනුවත් කර ගනු ලබන්නේ කෙසේද? අප දේව වචනය කියවන්නෙමු, ඉගෙන ගන්නෙමුව, කට පාඩම් කරගන්නෙමුව එමෙන්ම එය පිළිබදව භාවනා කරන්නෙමුව.

අපොස්තුළු පාවුළු විසින් තිමොතිට දැන මුතුකම් දෙනු ලැබුවේ "දෙවියන් වහන්සේට ඒත්තු වුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහ කරපන්න" (2 තිමොති 2:15). ග්‍රීක භාෂාවෙන් පරිවර්තනයවූ "හදාරනවා" යන්නෙහි අරුත "උද්යෝගය" ලබා ගැනීම, වෙහෙස මහන්සිවී වැඩ කිරීම හෝ තමන්ව යොමු කර ගැනීමට කඩිනම් වීම ආදියවේ. එසේ හෙයින් අපට ඉගෙන ගැනීමට හෝ දැනුවත් වීම සදහා අපට පවසා ඇත්තේ දේව වචනය හැදැරීම පිණිස උද්යෝගයෙන් යුතුව අපව යොමු කර ගන්නා ලෙසය. මෙම හේතුව පාවුළු විසින් තිමෝතිට ලියනු ලැබූ දෙවෙනි හසුනේද සදහන්වේ. "දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලූ යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ" (2 තිමොති 3:16–17). මෙහි අදහස නම් දේව වචනය අපව පරිපූර්ණ හෝ පරිණත කර උගත් විශ්වාසවන්ත සේවකයන් වීමට අපව සන්නද්ධ කිරීමයි.

දේව වචනානුකූල අධ්‍යාපනය නැවත උපත්තිය ලැබූ ඇදහිලිවන්තයන්ව සන්නද්ධ කරවන අතර එමගින් දෙවියන්වහන්සේ විසින් නියම කරන ලද කාර්‍යයන් ඉටු කිරිමට දෙවියන්වහන්සේට හැකිවේ (එපීස 2:10). දේව වචනානුකූල අධ්‍යාපනය මගින් අපගේ සිත අළුත් කරගැනීම තුළින් අපව අන්‍යාකාර ඇත්තේ කරනු ලබයි (රෝම 12:2).

ක්‍රිස්තුස්වහන්සේගේ මනස හා සමග දැනුම අදාල කර ගැනීමේ ක්‍රියාවලිය "ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක" (1 කොරින්ති 1:30).

English


නැවතත් සිංහල මුල් පිටුවට
අධ්‍යාපනය පිළිබදව දේව වචනයේ කුමක් පවසයිද?