settings icon
share icon
ප්‍රශ්නය

මරණය ගැන බයිබලය පෙන්වා දෙන්නේ කුමක්ද?

පිළිතුර


මරණය යනු වෙන්වීමක් ලෙස බයිබලය හදුන්වා දේ, කායික මරණය යනු ශරීරයෙන් ආත්මය වෙන්වීම වන අතර, ආත්මික මරණය යනු ආත්මය දෙවියන්වහන්සේගෙන් වෙන්වීමයි.

මරණය පාපයේ, ප්‍රතිඵලයකි. රෝම 6:23 අනුව පාපයේ කුලිය නම් මරණයයි. සියල්ලෝම පව් කර ඇති නිසා මුඵ ලොවම මරණයට මුහුණ දී ඇත. එක මනුෂ්‍යකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලූ මනුෂයන් පව් කළ බැවින්, මරණය මුඵ මිනිස් සංහතියටම පොදුව පවතී. උත්පත්ති 2:17 අනුව අකීකරුකමේ වන්දිය වනුයේ මරණය බව ස්වාමින් වහන්සේ, ආදම්ට අවවාද කළ සේක. මරණය නුඹට එකාන්තය. ආදම් අකීකරු වු විට ඔහු එවලේම ආත්මික මරණය අත්දුටු අතර, ඔහුට එමගින් ගස් අතරේ දෙවියන්වහන්සේගෙන් සැගවී සිටීමට සිදුවිය (උප්පත්ති 3:8). පසුව, ආදම් කායික මරණයට ලක්විය (උත්පත්ති 5:5).

යේසුස් වහන්සේද, කුරුසිය මත කායික මරණයට පත්වු සේක (මතෙව් 27:50). මෙහි වෙනස වන්නේ, ආදම් මියගියේ ඔහු පාපිෂ්ඨ කෙනෙකු නිසා බවත්, කිසිදිනක පාපයක් කර නොමැති යේසුස් වහන්සේ පාපිෂ්ඨ අය වෙනුවෙන් මරණයට පත්වීමට තෝරා ගැනිමත් නිසාය (හෙබ්‍රෙව් 2:9). යේසුස්වහන්සේ තුන්වන දින මරණින් නැගිටිමෙන් මරණය සහ පාපය කෙරෙහි තමන් වහන්සේගේ බලය පෙන්වු සේක (මතෙව් 28 එලිදරව් 1:18). යේසුස්වහන්සේ කරණකොටගෙන මරණය වනාහි පරාජිත සතුරෙකි එම්බා මරණය තාගේ ජය කොයිද? එම්බා මරණය තාගේ විෂ දලය කොයිද? (1 කොරින්ති 15:55 හොසියා 13:14).

මිදීම නොලැබු අයට ගැලවීම ලබා ගැනීමට දෙවියන්වහන්සේ ලබා දෙන මහගු දීමනාව අත්කර ගැනීමට ඇති අවස්ථාව මරණය මගින් අහිමි වේ. තවද එක් වරක් මරණයත්, ඉන් පසු විනිශ්චයත් ඇත (හෙබ්‍රෙව් 9:27). මිදීම ලැබු අයට මරණය අපව ක්‍රිස්තුස් වහන්සේගේ අභියසට ලගා කරයි. ශරීරය නැමැති නිවාසයෙන් ඇත්වී, ස්වාමින්වහන්සේ තුල විසීමට අපි වඩාත් කැමති වෙමු (2 කොරින්ති 5:8 පිලිප්පි 1:23). ඇදහිලිවන්තයන්ගේ නැවත නැගිටීම ගැන දී ඇති පොරොන්දුව කොතරම් සත්‍යයක්ද යත්, කිතුනුවකුගේ කායික මරණය හදුන්වනු ලබන්නේ සැතපීම යනුවෙනි (1 කොරින්ති 15:51, 1තෙසලෝනික 5:10). මරණය තවත් නොමැත (එලිදරව් 21:4). අප එම කාලය එන තුරු, බලා සිටිමුව.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මරණය ගැන බයිබලය පෙන්වා දෙන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries