settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය කොමියුනිස්ට් වාදයට අනුබලදීමක් කරනවාද?

පිළිතුර


කොමියුනිස්ට් වාදය යනු සමාජවාදයේ ශාඛාවක් වන අතර, පළමු දැක්මෙන් සමහර බයිබලීය ප්‍රතිපත්තීන් සමඟ එකඟ වන පරමාදර්ශ කට්ටලයකින් සමන්විත වූ පරීක්‍ෂණාත්මක සමාජ ක්‍රමයකි. හොදාකාරව පරීක්‍ෂාකර බැලූවහොත්, කෙසේ වුවද සැබවින්ම බයිබලය කොමියුනිස්ට් වාදය අනුමත කිරීමක් හෝ අනුබල දීමක් කරන බවට සුළු සාක්‍ෂි කිහිපයක් සොයා ගත හැකිය. කොමියුනිස්ට් වාදයේ සිද්ධාන්තයේ සහ ප්‍රායෝගිකයේ වෙනස්කම් ඇති අතර, බයිබලයේ කොමියුනිස්ට් වාදයේ පරමාදර්ශයන්ට එකඟවන පදයන්, කොමියුනිස්ට් රජයන් යටතේ ප්‍රායෝගිකව යෙදවීමේදී බයිබලයේ කරුනු වලට විරුද්ධ වේ.

ක්‍රියා පොතෙහි 2 වන පරිච්ජේදයේ සභාව පිළිබඳ පදුමය දනවන විස්තරයක් සඳහන් වන අතර, එය බොහෝ දෙනෙකු බයිබලය කොමියුනිස්ට් වාදයට අනුබල දීමක් කරනවාද යන කුතුහලයට යොමු කර ඇති අතර සමහරුන් ඉතාමත් තදින් කොමියුනිස්ට් වාදය සැබවින්ම බයිබලීය බව පවසමින් එය ආරක්‍ෂා කරගැනීමට යොමුවී ඇත. "අදහා ගත් සියල්ලෝ එක්ව සිට සියලු දේ පොදුවේ තබා ගත්තෝය. ඕව්හු තමුන්ගේ ගම් බිම් සහ දේපළ විකුණා, එකිනෙකාට වුවමානාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදා දුන්නෝය" (ක්‍රියා 2:44-45). මෙම ප්‍රකාශණය කොමියුනිස්ට් වාදය ව්‍යංගනය කරවන බවක් පෙනේ. ("තමන් සතු දේපළ එකිනෙකා අතර බෙදාදීමෙන්," එහි තුළගැබ් වී ඇති දාරිතාවය ඉවත් කල යුතුයි යන ඔවුන්ගේ හදවතෙහි ආශාව) මුල් කිතුණු සභාව තුළ දක්නට ලැබේ. කෙසේ වුවද මෙහි ඉතා වැදගත් තීරණාත්මක වෙනසක් ක්‍රියා පොතෙහි සභාව සහ කොමියුනිස්ට් සමාජය තුළ වන අතර එය පැහැදිළිවම වටහා ගත යුතු වේ.

ක්‍රියා පොතෙහි සභාවෙහි, අවශ්‍යතාවයන් ඇති සෙනඟ දෙනු ලැබුවේ තමන්සේම හොඳහිත කරණකොටගෙන වන අතර, කිසිම නීතියකින් තොරව, එනම් කීයක්දිය යුතුද වැනි දෑ කෙරෙන් ඔවුන් නිදහස්ව ඒවා දෙනු ලැබුවෝය. තවත් ආකාරයකින් පවසන්නේ නම් ඔවුන්ට තමන්ට තිබූණු දේ ප්‍රේමය නිසා බෙදාගත් අතර ඔවුන්ගේ පොදු ඉලක්කය වූයේ දෙවියන් වහන්සේ උදෙසා ජීවත්වීම සහ දෙවියන් වහන්සේ මහිමයට පත් කිරීමය. නමුත් කොමියුනිස්ට් සමාජය දෙනු ලබන්නේ ඔවුන්ගේ ආණ්ඩුව දෙන පිණිස බල කරනු ලබන නිසාය. මෙම කරුණෙහිදී කීයක් දිය යුතුද / කාටද දිය යුත්තේ යන්න පිළිබඳ ඔවුන්ට තීරණ ගත නොහැකිය. එබැවින් මෙය ඔවුන් කවිද යන්න පිළිබ්ඹු නොකරන අතර, එමඟින් ඔවුන්ගේ අනන්‍යතාවය හෝ චරිතය පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකරයි. කොමියුන්ස්ට් වාදය යටතේ සතුටු සිතින් සහ ත්‍යාගීවන්තව දෙන්නා මෙන්ම මසුරුකමින් දෙන්නාටද යන දෙදෙනාටම නම් කරන ලද එකම ගණන සහ ඔවුන් උපයන සියල්ල දිය යුතුය.

මෙම කරුණු සතුටු සිතින් දෙන්නාට (බයිබලය අනුකුලතාවය දක්වන) එරෙහිව බලහත්කාරයෙන් දෙන්නා වේ. 2 කොරින්ති 9:7 පවසන්නේ "කණගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක් කෙනා තම තමාගේ සිතින් නියම කරගත් ලෙස දේවා! මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක". මේ සියල්ල අතර දුප්පතාට උපකාර කිරීම පිළිබඳ බොහෝ පදයන් බයිබලයේ අඩංගු වන අතර, තමාට තිබෙන දෙයින් ත්‍යාගවන්තව දීම, අඟහිඟකම් වල සිටින අය සොයා බැලීම වේ. මෙම පැතිකඩෙහි අප ත්‍යාගවන්ත හදවතකින් සහ උචිත චේතනාවලියකින් යුක්තව කීකරුවන කල්හි, අපගේ දීම දෙවියන් වහන්සේට ප්‍රසන්න වේ. දෙවියන් වහන්සේට ප්‍රසන්න නොවන දීම නම් බලහත්කාරකම් කරනු ලැබූ නිසා දීම ප්‍රේමයෙන් තොරව දීම වන අතර එමඟින් ආත්මික ආකාරයෙන් කිසිම ප්‍රයෝජනයක් නොවේ. පාවුල්තුමා කොරින්ති පොතෙහි පවසනු ලබන්නේ "මා සන්තක සියල්ල දිළිදුන් පෝෂණය කරණ පිණිස දෙතත්, මගේ ශරීරය දවන්ට භාර දෙතත්, මට ප්‍රේමය නැත්නම්, මට කිසිදු ප්‍රයෝජනයක් නැත (1 කොරින්ති 13:3). ප්‍රේමයෙන් තොරව දීම කොමියුනිස්ට් වාදයේ අනිවාර්ය ප්‍රතිඵලයයි.

දීමේදී ධනවාදී ක්‍රමය සැබවින් යහපත් ක්‍රමයක් වේ. මක්නිසාද එය ඒක පුද්ගල සම්පත් වර්ධනයකර ගැනීම ඔප්පු කර ඇති අතර, එමඟින් පුරවැසියන්ට තමන් වර්ධනය කරගත් දෙය අතුරින් දීමට ඉඩ හරිනු ලබයි. කොමියුනිස්ට් වාදය සම්පත් දේපළකාට යායුතුද යන්න තීරණය කරනු ලබන බලයේ සිටින ඉතා කුඩා පිරිසක් හැරුනු විට සියළු පුරවැසියන් දුප්පතුන් බවට පත්කිරීම සනාතකර ඇත. එලෙසම ධනවාදී ක්‍රමයද දුප්පතුන්ට දීමේ ක්‍රමය මත ක්‍රියාවට නැංවිය නොහැකිය. එය පුරවැසියන්ගේ කාර්යක්‍ෂම භාවය මත (හිතෝපදේශ 10:4) සහ ඔවුන්ගේ වැඩයෙහි ඵල මත (1 තිමොති 6:18) මෙන්ම දෙවියන්වහන්සේට හා අසල්වාසියාට ප්‍රේමයෙන් දීම මත රඳා පවතී. රජයක ක්‍රමයක් මත නොව දුප්පතාගේ භෞතික සහ ආර්ථික අවශ්‍යතාවයන් සපුරාලීම කිතුණුවන් ගෙන් සිදු විය යුතු බවට දෙවියන් වහන්සේ සැළසුම් කර ඇති බව අපට පෙනෙන්නට ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය කොමියුනිස්ට් වාදයට අනුබලදීමක් කරනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries