settings icon
share icon
ප්‍රශ්නය

ආත්ම අනුගමනය / සම්බන්ධ කරගැනිම් ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


මළවුන්ව / ආත්ම අනුගමනය / සම්බන්ධ කරගැනිම් සම්බන්ධව බයිබලය පැහැදිලිවම සඳහන් කර ඇත. මළවුන්ව / ආත්ම සමග සම්බන්ධව කටයුතුවල යෙදීම, මළවුන්ව /ආත්ම අනුගමනය / සම්බන්ධ කරගැනිම් සම්බන්ධව සහ වාසනාව කීම පිළිබඳ ශුද්ධලියවිල්ල මනාව ලේඛන ගත කර ඇත. ලෙවී කථාව19:31 හි මෙසේ සඳහන් වේ. "ඒවා අනුගමනය කිරීමෙන් මම ඔහුව ඔහුගේ සෙනඟගෙන් වෙන් කරන්නෙමි. "ද්විතීයකථාව18:12 හි සඳහන් වන්නේ මළවුන්ව / ආත්ම සමඟ සාකච්ඡා කිරීම හෝ මළවුන්ව මෙහෙයවීම "පිළිකුල්සහගත" බවයි. පැහැදිලිවම, දෙවියන්වහන්සේ මෙම ක්‍රියාවන් පව්කාර හා සම්පූර්ණයෙන්ම ප්‍රයෝජන රහිතව දකී.

ඊශ්‍රායෙලයේ බලවත් රජෙකුවූ සාවුල් අන්තිමේදී දෙවියන්වහන්සේගෙන් ඉවත්වීමේ ඛේදවාචකයේ අවසානයට පැමිණියේය. දෙවියන්වහන්සේ තමාට අවශ්‍ය පිළිතුරු ලබා නොදුන් විට සාවුල් මළවුන්ව / ආත්ම අනුගමනය / සම්බන්ධ මාධ්‍යයකින් පිළිතුරු සෙවීමට තීරණය කළේය. 1 සාමුවෙල් 28: 6-20 හී සාවුල් අනාගතවක්තෘ සාමුවෙල්ගේ ආත්මය කැඳවන ලෙස ආත්ම බන්ධන කරන අයෙකුගෙන් ඉල්ලා සිටී. ඔහුගේ බරපතළ වැරැද්ද පසුව 1 ලේකම් 10:13-14 හි සඳහන් වේ. සාවුල්ගේ මැදිහත්වීම වැරදියි කියා අවධාරණය කරයි. "ඔහු [සාවුල්] සමිඳාණන් වහන්සේට ද්‍රෝහිවිය, ස්වාමින් වහන්සේගේ වචනය පිළිපදින්නේ නැත, ඒ සඳහා මළවුන්ව / ආත්ම අනුගමනය / සම්බන්ධ මාධ්‍යයන්ගෙන් පවා විමසීය. සමිඳාණන් වහන්සේගෙන් විමසීමක් නොකළේ ය.

කිතුනුවන් වශයෙන්, අපගේ ප්‍රශ්න වලට දෙවියන්වහන්සේගේ පිළිතුරු සෙවිය යුතුය. වෙනත් ඕනෑම දෙයකට යාච්ඤා කිරීම හෝ මළවුන්ව / ආත්ම අනුගමනය / සම්බන්ධ කිරීම රූප වන්දනාවකි. ප්‍රේරිතයන්, මරියතුමි ඇතුළු ඕනෑම මිය ගිය පුද්ගලයෙකුට යාච්ඤා කිරීම, අපට උපකාර කිරීමට මිය ගිය ඥාතියකුගෙන් ඉල්ලා සිටීම එතරම් වෙනස් නොවේ. බොහෝ ඊනියා මාධ්‍යයන් ඇත්ත වශයෙන්ම මතක උපක්‍රම, රෝපණය කළ සහකරුවන් සහ මිනිසුන් රවටා ගැනීම සඳහා විශේෂ ප්‍රයෝග භාවිතා කරන වංචාවන්ය. වංචා නොවන අය භයානක අධ්‍යාත්මික ජීවීන් සමඟ සහ යෝගයෙන් කටයුතු කරයි. සාතන්ගේ හෙංචයියන් උපකාරක ආත්මයන් ලෙස පෙනී සිටීමට දක්ෂ වන අතර, මළවුන්ව /ආත්ම අනුගමනය / සම්බන්ධ මගින් විවෘත වන පුද්ගලයින් ව්‍යාකූල කිරීමට හා දූෂිත කිරීමට ඔවුන්ට පහසුවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්ම අනුගමනය / සම්බන්ධ කරගැනිම් ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries