settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය ධනවාදය ගැන පවසන්නේ කුමක්ද?

පිළිතුර


ශබ්දකෝෂය ධනවාදය නිර්වචනය කරනු ලබන්නේ "සංස්ථාපිත හෝ පෞද්ගලික මූල්‍ය ධන සම්භාරයක අයිතිය විදහා දක්වන ආර්ථික ක්‍රමයක පුද්ගලික තීරණයන් මත ආයෝජනයන් මඟින් නිදහස් වෙළඳ පොළෙහි ප්‍රධාන වශයෙන් තරඟකාරිත්වය මත මිළ ගණන්, නිෂ්පාදණයන් සහ භාන්ඩ බෙදා හැරීමේ තීරණයන්ට එළබීම." නමුත් බයිබලය ධනවාදය ගැන සඳහන් නොකරන නමුත් ආර්ථික කරුනු පිළිබඳ විශාල වශයෙන් කථා කරයි. උදාහරණයක් ලෙස හිතෝපදේශ පොතෙහි මුළු කොටසක්ම සහ යේසුස් වහන්සේ පරිහරණය කළ බොහෝ උපමා කථා ආර්ථික කරුනු හා සම්බන්ධ වේ. එබැවින් සම්පත් පිළිබඳ අපගේ ආකල්ප කෙබදුවිය යුතුද යන්න සහ කිතුණුවෙකු තමන්ගේ ආර්ථිකය කිනම් ආකාරයකින් හැසිරවිය යුතුද යන්න ඉගෙන ගත යුතුය. බයිබලය මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන අතර එය සමාජයක ආර්ථික ක්‍රමයෙහි සාර්ථකත්වය සහ අසාර්ථකභාවය පිළිබඳ ගණනය කර ගැනීමට අපට උපකාරී වේ.

මන්දයත් ආර්ථිකය යනු අපගේ දිනපතා ජීවිතයේ නිරතුරුවම ගැටෙන ස්ථානයක් වන අතර, අප එය බයිබලීය දැක්මට අනුව ගණනය කළ යුතුය. බයිබලය අපගේ පාදක ව්‍යුහය වූ කල්හි, අපට ආණ්ඩුවක / රාජ්‍යයක මනූෂ්‍ය හැකියාවන් විදහා දක්වන සහ මනුෂ්‍යයාගේ පාපයන් සීමා කරන අකෘතියක් ගොඩනැඟිය හැකිය. උත්පත්ති 1:28 හි දෙවියන් වහන්සේ අපට පොළොව යටත් කරගන්නටත් එය පාලනය කරන්නටත් පැවසූ සේක. මෙහි එක් පැතිකඩක් වන්නේ මනුෂ්‍යයෙකුට දේපල අයිතිවිය හැකි වන්නේ, තමන්ට පාලනය පවත්වා ගෙන යා හැකි දුරකටය. අපට ස්වාභිමතය සහ පෞද්ගලික අයිතිවාසිකම් ඇති හෙයින්, මෙම පෞද්ගලික දේපල පිළිබඳ අයිතිවාසිකම් නිදහස් වෙළඳ පොළෙහි භාන්ඩ සහ සේවාවන් සඳහා හුවමාරු කරගැනීමේ අයිතිය ඇති බවට උපකල්පනය කළ හැකිය.

කෙසේ වුවද පාපයේ ව්‍යසනය කරණකොටගෙන, ලෝකයේ බොහෝ පලාත් ජරාපත්වීම සහ දුර්භික්‍ෂයන් බවට පත්වි ඇත. දෙවියන් වහන්සේ එතුමාණන්ගේ මැවිල්ලේ පාලනය අපට දී ඇති හෙයින් අප අපගේ සම්පත් පිළිබඳ පාලනය කිරීමේදී සහ සැකසීමේදී යහපත් භාරකාරයන් විය යුතුය. ඵෙතිහාසිකව නිදහස් ව්‍යපාරය ක්‍රමය ඉතා විශාල වශයෙන් නිදහස සහ ඉතාමත් ක්‍රියාශීලී ආර්ථික ලාභ ලැබීමට මෙතෙක් කිසිදිනක බිහි නොවූ ආර්ථික ක්‍රමයක් බිහි කර ඇත. එබැවින් ධනවාදයට අනුබල දිය හැකිදෝයි කිතුණුවන් කල්පනා කරති. ස්වභාවයෙන්ම ස්වකීය වාසිය නිදහස් ධනවාදී ක්‍රමය තුළ පාරිතෝෂයක් වේ. එසේ නමුදු බයිබලය ස්වකීය වාසිය පිළිබඳවද ආයාචනා කරයි මන්දයත් අපගේ සදාකාලික ඉරණම / නියමය සහතිකත්වය සඳහා අප යේසුස් වහන්සේ අපගේ ගැළවුම්කරු ලෙස පිළිගන්නේද අපගේම ස්වකීය වාසිය සඳහාමය.

කිතුණු දැක්මට අනුව, පෞද්ගලික දේපළ පිළිබඳ ප්‍රධාන නිර්නායකය විය යුත්තේ අප දෙවියන් වහන්සේගේ ස්වරූපයට අනුව මවනලද බවය. දේපළ පිළිබඳ අපට තෝරා ගැනීම් සහ හුවමාරු කරගැනීම් කළ හැක්කේ වෙළඳපොළ ක්‍රමය යටතේය. නුමුත් සමහරවිට පෞද්ගලික දේපල කෙරෙහි ඇති ආශාව අපගේ පාපිෂ්ට ස්වභාවය කරණකොටගෙන වර්ධනය විය හැක. සමරූපීව අපගේ පාපිෂ්ට ස්වභාවය කම්මැලිකම, අතපසුකිරීම් / නොසැළකිළිමත්කම සහ නිදිමතකමද නිෂ්පාදනය කරයි. ආර්ථික සාධාරණත්වය හොඳාකාරවම ලබාගත හැක්කේ තමාගේ නිෂ්පාදනයන්ට තමන්ම ගණන්දී මකින්ය.

ඵෙතිහාසිකව, ධනවාදය බොහෝ වාසි ලැබුවේය. එය ආර්ථික සංවර්ධනය සඳහා වූ හැකියාව මුදා හැරඇත. එලෙසම එය ඉමහත් ලෙස දේශපාලනික වශයෙන් හා ආර්ථික වශයෙන් නිදහස්කම සඳහා පුළුල් අත්තිවාරමක් සපයා ඇත. රාජ්‍යයක් / ආණ්ඩුවක් වෙළඳපොළ පාලනය කරන කල්හි, අතර මැදියන්ගේ ක්‍රියා කලාපයන් පෙළගැස්සවීමට ආර්ථික නිදහස්කම ඇතිවේ. ධනවාදය ඉමහත් ලෙස දේශපාලනික නිදහසටද මඟ පෙන්වා ඇත, මන්දයත් ආණ්ඩුවක / රාජ්‍යයක වගකීම් අප සීමා කරන කල්හි, අප ආණ්ඩුවෙහි / රාජ්‍යයෙහි අනෙක් පැති වලින් විෂය ප්‍රමාණය සීමා කරනු ලැබේ. විශාල වශයෙන් දේශපාලනික නිදහස්කම ඇති බොහෝ රටවල්වල විශාල වශයෙන් ආර්ථික නිදහස ඇතිවීම අරුමයක් නොවේ.

කෙසේ වුවද කිතුණුවන් හට ධනවාදයේ කිසිදු පැත්තකට අනුමැතිය ලබාදීමක් කළ නොහැකිවා මෙන්ම නොකළ යුතුය. උදාහරණයක් ලෙස, බෙහෝ ධනවාදයේ යෝජනාවන්හි උපයෝගිතාවාදය / ප්‍රයෝජ්‍යතාවාදය මතයන් දරණ ලබන අතර එය බයිබලයේ මතයට නිසැකවම විරුද්ධ වේ. සත්‍යය වශයෙන්ම අප මෙම දර්ශණ විද්‍යාව ප්‍රතික්‍ෂේප කළ යුතුය. එමෙන්ම සමහර ආර්ථික සහ සදාචාරාත්මක කරුණු සාකච්ජාවට බදුන් කළ යුතුවේ. එමෙන්ම ධනවාදය පිළිබඳ වලංගු ආර්ථික විවේවනයන්ද, එනම් ඒකාධිකාරයක් පවත්වා ගැනීම සහ අතුරු නිෂ්පාදනයන්හි දූෂණ ක්‍රියාවන්, මේවා පාලනය කළ හැක්කේ සීමාසහිත රාජ්‍යය සීමාකරණය මඟින්ය. ධනවාදය ඥාණාන්විතව පාලනය කල කල්හි, එයින් විශේෂිතවූ ආර්ථික සපලත්වය සහ ආර්ථික නිදහස්කම රටෙහි වැසියන්ට විකාශය වේ.

ධනවාදයට එරෙහිව ඇති ප්‍රධානතම විවාදය නම් කෑදරකමයි. එම නිසාම බොහෝ කිතුණුවන්හට නිදහස් ව්‍යාපාරය පිළිබඳ සහතිකයක් නොමැත. ධනවාදය පිළිබඳ විවේචනයන් පවසන්නේ මෙම ක්‍රමයෙන් සෙනඟ කෑදරකමට හරවන්නාවු දේවල් අන්තර්ගත වී ඇති බවය. නමුත් අප ඇසිය යුත්තේ ධනවාදය සෙනග කෑදර කරනවාද, එසේ නොමැතිනම් දැනටමත් ධනවාදී ක්‍රමයේ ආර්ථික නිදහස පරිහරණය කර තමාගේ සාර්ථකත්වය ඇති කරගැනීමට උත්සාහ ගන්නා කෑදර පුද්ගලයින් සිටිනවාද යන්නයි. මනුෂ්‍යයාගේ ස්වභාවය පිළිබඳ යෙරමියා 17:9 විස්තරයට අනුව අවසාන කොටස ඉන් බෙහෙවින් සමාන වේ. මන්දයත් මනුෂ්‍යයන් පව්කාර සහ ආත්මාර්ථකාමී වන අතර, සමහරුන් තමන්ගේ කෑදරකම තෘප්තිමත් කරගැනීම සඳහා ධනවාදී ක්‍රමය පරිහරණය කරනු ලබයි. නමුත් එය ධනවාදී ක්‍රමය ගැන විවේචනයක් නොවන අතර, එය මනූෂ්‍යය ස්වභාවය පිළිබඳ හදුනා ගැනීමක් වේ. ධනවාදී ක්‍රමයේ එල්ලය වන්නේ නරක මනූෂ්‍යයන් යහපත් කිරීමට නොව, අපව ඔවුන් ගෙන් ආරක්‍ෂා කරගැනීමයි. ධනවාදී ක්‍රමය යටතේ නරක මනුෂ්‍යයන්ට අඩුම හානියක් සිදු කරන්නට හැකිවන අතර, යහපත් මනුෂ්‍යයන්ට යහපත කරන්නට නිදහස ඇති වේ. ධනවාදී ක්‍රමය සදාචාරාත්මක පුද්ගලයන් සමඟ සම්පූර්ණ ලෙස ක්‍රියා කරයි. නමුත් එයම ආත්මාර්ථකාමී සහ කෑදර පුද්ගලයන් සමඟද ප්‍රමාණවත් ලෙස ක්‍රියා කරයි.

ස්වකීය වාසිය තැකීම සහ ආත්මාර්ථකාමිත්වය අතර වෙනසක් ඇති බව වටහා ගැනීම ඉතාමත් වැදගත්ය. සෑම මනුෂ්‍යයෙකුටම ස්වකීය වාසිය තැකීම ආත්මාර්ථකාමී නොවන අන්දමින් ක්‍රියාත්මක විය හැකිය. උදාහරණයක් ලෙස රැකියාවක් ලැබ මුදල් උපයමින් තමන්ගේ පවුලට ආධාරකයක් වීමට ස්වකීය වාසි තැකීමක් තිබිය හැකිය. එය අපට ආත්මාර්ථකාමී නොවන අන්දමින් කළ හැකිය. ප්‍රභේදයන් සමඟ, අනෙකුත් ආර්ථික ක්‍රමයන් සමාජවාදය මනුෂ්‍යය ස්වභාවයන් පිළිබඳ බයීබලීය අර්ථ නිරූපණයන් නොසළකා හරියි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් ආර්ථික බලය කුඩා කෑදර මනුෂ්‍යයන් කොටසක් අතර කේන්ද්‍ර ගතකර කිරීම සහ බලය ඒකරාශි කරයි. අපගේ ජීවිත මත පැමිණිලි වලින් බලපෑම් කරන්නාවූ ප්‍රධාන ව්‍යාපාර හිමිකරුවන් සමාජවාදය වෙනුවට කළහැකි යමක් පිළිබඳ සළකා බැලිය යුතු වන්නේ රාජ්‍යයතාන්ත්‍රික නිලධාරී පැලැන්තියක අයෙක් / කොටසක් අපගේ ජීවිතවල සෑම කොටසක්ම මුළුමනින්ම පාලනය කරන හෙයින්ය.

කෑදරකම සමහරවිට ධනවාදය තුළ ප්‍රකාශ වුවද අප තේරුම් ගත යුතු වන්නේ එය ක්‍රමය නිසා සිදුවන්නක් නොවන බවය. එසේ සිදුවන්නේ එය පව්කාර මනුෂ්‍යයාගේ ස්වභාවය කොටසක් නිසාය. විසදුම රඳා පවතින්නේ ආර්ථික ක්‍රමය වෙනස් කිරීම මත නොව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුබසුනෙහි බලය කරණකොරගෙන මනුෂ්‍යයන්ගේ හදවත් වෙනස් වීම කරණකොටගෙනය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය ධනවාදය ගැන පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries