settings icon
share icon
ප්‍රශ්නය

පිළිකාව පිළිබදව දේව වචනය කුමක් පවසයිද?

පිළිතුර


පිළිකාව නමැති රෝගය පිළිබදව දේව වචනයෙහි නිරූපිත වශයෙන්ම කිසිවක් පවසනු නොලබයි. කෙසේ නමුත් ඉන් අදහස් වනුයේ එතුළින් රෝග පිළිබද ගැටළු ආමන්ත්‍රණය නොකරන බව නොවේ. හෙසකියා රජු ශරීරයේ "ගෙඩියක්" කරණකොටගෙන රෝගීව සිටි අතර (2 රාජාවලිය 20:6–8), යථාර්ථයක් ලෙස එය වෙනත් නාමයක් යටතේ පිළිකාවක්ද වන්නට තිබිනි. එබැවින් පිළිකාව යන වචනය ශුද්ධ ලියවිල්ලෙහි නොතිබුණද විස්තර කොට ඇති තත්වයන් පිළිකාවන් විය හැක. යුදෙව්වන්ට තමන්වහන්සේ මෙසියස් වහන්සේ බවට සළකුණක් පිණිස යේසුස්වහන්සේ මේ පොළොවෙහි ජීවත් වූ අවධියේ උන්වහන්සේ වෙතට ගෙන එනු ලැබූ සියලූ රෝග සුව කරනු ලැබූ සේක. (ප්‍රත්‍යක්ෂවම එයට පිළිකාද ඇතුළත් වන්නට ඇත) කෙසේ නමුත් පිළිකාවද අනෙකුත් සියලූ රෝග මෙන්ම ලෝකයට පැමිණුනාවූ පාපය නමැති ශාපයේ ප්‍රතිඵලයකි. උත්පත්ති 3:17 හී අපට කියවන්නට ලැබුනුයේ "නුඹ නිසා භූමිය ශාප ලද්දීය" ලෙසය. මෙම වචනය වඩාත් හොදින්ම පරිවර්තනය කරනු ලැබිය යුත්තේ "පොළොව" ලෙසය. පාපය කරණකොටගෙන පොළොව ශාප ලද්දක් වි ඇති අතර මිනිසුන් මිය යති–අප සියල්ලන්ම නැවත දූවිල්ල බවට පත් වන්නෙමු–මරණයේ ක්‍රමය සමහර විට රෝග විය හැක්කේ එය පොළොව පිටට පැමිණුනාවූ ශාපයේ ස්වභාවික ප්‍රතිපලයක් නිසාවෙනිග රෝග වනාහී "දඩුවම්" නොවේ. ඒවා වනාහී වැටී ඇති ලෝකයක සහ ශාපලත් පොළොවක ජීවත්වීමේ ප්‍රතිඵලයන් වන අතර ඇදහිලිවන්තයන් සහ නොඇදහිලිවන්තයන් යන දෙගොල්ලන්ම එකාකාරයෙන්ම පිළිකා සහ මරණයට තුඩු දෙන වෙනත් රෝගද ක්‍රමයෙන් එළිදරවි කරනු ලබති. අප විසින් මතක තබා ගත යුත්තක් නමි ඇදහිලිවන්තයාගේ ජීවිතය තුළ දෙවියන්වහන්සේ "සියලූ දේ යහපත පිණිස එකට ක්‍රියා කරනු ලබන" සේක බවය (රෝම 8:28); "සියලූ දේ" තුළ පිළිකාද ඇතුළත්වේ.

ආශ්චර්යජනක දේ නම් ශාපලත් පෘථිවියේ මේ ජීවිතයේ අප පිළිකා වැනි රෝග වලට ගොදුරු වුවද අපට බලාපොරොත්තුවක් ඇත. මේ ලෝකයේ කරදර වලට අවසානයක් ඇති බවට විශ්වාසයෙන් යුතුව සහතික කරනු ලබන අපූරු පාඨයක් 103 ගීතාවලියේ ඇත. ගීතාවලිය 103:1–4 හී සදහන් කරනු ලබන්නේ "මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරවිත මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසා කරව්. මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව. උන්වහන්සේ තාගේ සියලූ අයුතුකම් කමාකරන සේක; තාගේ සියලූ රෝග සුව කරන සේක. තාගේ ජීවිතය විනාශයෙන් මුදා කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් තා සරසන සේක."

මෙම පාඨයෙන් අදහස් කරනු ලබන්නේ දෙවියන්වහන්සේ මේ ජීවිතයේ පිළිකා හෝ වෙනත් රෝග වලින් අපව සුව කරන බවට අපට සහතික වී ඇති බවද? එසේ නොවේ, මෙම පාඨයේ අර්ථය එය නොවේ. මෙයින් අදහස් වනුයේ අපගේ පාපයට සමාව දෙනු ලබන එම දෙවියන්වහන්සේම යම් දවසක අපව අප වෙනුවෙන් සූදානම් කළ ස්ථානයකට ගෙන එනු ලබන බවය (මතෙව් 25:34). උන්වහන්සේගේ මිදීම කරණකොටගෙන අපව විනාශයෙන් ආරක්ෂා කරනු ලබන සේක. එවිට තවත් ශාපයක් හෝ රෝගයක් හෝ මරණයක් නොමැති අතර උන්වහන්සේගේ යහපත්කම හා කරුණාවෙන් අප සදහටම කිරුළු පළදවනු ලබන සේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ පාපයේ ශාපයට එරෙහිව අවසාන ජයග්‍රහණය දැනටමත් අප සතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පිළිකාව පිළිබදව දේව වචනය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries