settings icon
share icon
ප්‍රශ්නය

බෙල්සෙබුබ් (සාතන්) කව්රුන් වීද?

පිළිතුර


බෙල්සෙබුබ් (සාතන්) යනු පුරාණ පිලිස්තින නගරයක්වූ ඒක්‍රොන්හී වන්දනාමාන කරන ලද මිථ්‍යාදෘෂ්ඨික දෙවිකෙනෙකු වූ අතර බාල්සෙබුබි යන්නෙහි ග්‍රීක නාමය වේ. එය වනාහී "මැස්සන්ගේ දෙවියා" යනුවෙන් අගවනු ලැබූ යෙදුමකි (2 රාජාවලිය 1:2). පුරාණ පිලිස්තිවරුන්ගේ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් මැස්සන්ගේ රන් රූපය සොයාගෙන තිබේ. පිලිස්තිවරුන්ගේ කාලයෙන් පසුව යුදෙව්වන් ග්‍රීක නව ගිවිසුමේ භාවිතාකර ඇති පරිදි "ගොම දෙවියා" යන අරුත ඇති "බෙල්සෙබෝල්" යන නාමයට වෙනස්කරනු ලැබූහ. මෙම නාමයෙන් නිර්දේශනය වන්නේ එම කෘමියාගේ තුවාල වලින් නිදහස් ලබා ගනුවස් වන්දනාමාන කරන ලද මැස්සන්ගේ දෙවියන් බවය. සමහර දේවවචනය පිළිබද විද්වතුන් විශ්වාස කරනු ලබන්නේ බෙල්සෙබුබ් "අපවිත්‍ර දේ පිළිබදව දෙවියන්" ලෙසද හඳුන්වනු ලබන බවය. මෙය පසු කාලයක පරිසිවරුන්ගේ මුවින් තිත්ත අවමන් සහගත නාමයක් බවට පත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස බෙල්සෙබුබ් විශේෂයෙන් පිළිකුල් සහගත දෙවිකෙනෙකු වූ අතර ඔහුගේ නම යුදෙව්වන් සාතන්ගේ නාමයක් ලෙස භාවිතා කළහ.

මෙම වචනයට කොටස් දෙකක් තිබේ: පැරණි ගිවිසුමෙහි කානානීය සශ්‍රීකත්ව දෙවිවරුන්ගේ නාමයවූ බාල් සහ "උසස් වාසස්ථානය" අර්ථ ගන්නාවූ සෙබුල් යන නාමයවේ. මෙම කොටස් දෙක එක් කරමින් ඔවුන් යක්ෂයන්ගේ කුමාරයා වන සාතන්ට නාමයක් තබන ලදී. මතෙව්10:24-25හී යේසුස්වහන්සේව විස්තර කරනු පිණිස පරිසිවරුන් විසින් මෙම පදය මුලින්ම භාවිතා කරන ලදී. මීට පෙරාතුව ඔවුන් බෙල්සෙබුල් ගැන සදහන් කරමින් (මාර්ක් 3:22; මතෙව් 12:24). යේසුස්වහන්සේට චෝදනාකරනු ලැබුවේ "යක්ෂාධිපතියා කරණකොටගෙන යක්ෂයන් දුරුකරන" බවය (මතෙව් 9:34), මතෙව් 12:22 යේසුස්වහන්සේ අන්ධගොළු යක්ෂාවේශවූ මනුෂ්‍යයෙක්ව සුව කරනු ලැබූ සේක. එහි ප්‍රතිඵලයක් වශයෙන් "සියලූ සමූහයෝ විශ්මපත්වී: මුන්වහන්සේ දාවිත්ගේ පුත්‍රයාණෝ දැයි ඇසුවෝය. එනමුත් ඵරිසිවරු ඒ අසා මොහු යක්ෂාධිපතිවූ බෙල්සෙබුල් කරණකොටගෙන මිස වෙන හැටියකින් යක්ෂයන් දුරු නොකෙරේයයි කීවෝය" (මතෙව්12:23-24).

යේසුස්වහන්සේගේ මෙම ඇදහිය නොහැකි ප්‍රාතිහාර්‍යයට පරිසිවරු ප්‍රතිචාර දැක්වූයේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගෙන් බව තේරුම් ගත් සමූහයාගේ ප්‍රතිවිරුද්ධ ආකාරයෙන්යග සත්‍යවශයෙන්ම කිවහොත් යේසුස්වහන්සේ ප්‍රාතිහාර්‍යයන් කළබව හෝ බොහෝ ක්‍රියාවන් සිදුකරනු ලැබුවේ කිසිඳු ආධාරයක් නොමැති මිනිස් බලයකට ලගා විය නොහැකි ආකාරයකින් බව පරිසිවරුන් පිළිගනු ලැබූ නමුත් ඔවුන් මෙම බලය දෙවියන්වහන්සේ වෙනුවට බෙල්සෙබුල්ට ආරෝපණය කරනු ලැබූහ. සැබවින්ම ඔවුන් වඩා හොදින් දැන සිටිය යුතුව තිබිණි: යක්ෂයාට පිරිසිදු යහපත්කමේ ක්‍රියා කළනොහැක. කෙසේ නමුත් ඔවුන්ගේ ආත්මාර්ථකාමී උඩගුකමින් මෙම පරිසිවරුන් දැන සිටියේ යේසුස්වහන්සේගේ ඉගැන්වීම් ජනතාව අතර පැවතිය යුතු නම් ඔවුන් කෙරෙහි ඔවුන්ගේ බලපෑම අවසන් බවය. එසේ ඔවුන් ප්‍රාතිහාර්‍යය ප්‍රතික්ෂේප නොකල අතර ඒ වෙනුවට එය "යක්ෂයන්ගේ අධිපතියාවූ බෙල්සෙබුල්" යන ශාපලත් බලයට ආරෝපණය කලහ.

වඩා වැදගත් ප්‍රශ්නය මෙයවේ: අද කිතුණුවන් වශයෙන් මෙයින් අපට ඇති අදාලත්වය කුමක්ද? මතෙව් 10 උන්වහන්සේගේ ශ්‍රාවකයකු වීම යන්නෙහි හරය යේසුස්වහන්සේ අපට පෙන්වාදෙන සේක. සුභාරංචිය දේශනා කිරීම සදහා උන්වහන්සේ තම ප්‍රේරිතයන් ලෝකයට පිටත්කර හැරීමට සූදානම්ව සිටින බව මෙහීදී අප ඉගෙන ගනිමු (මතෙව් 10:7). කළයුතු දෙය නොකළයුතු දෙය පිළිබදව උන්වහන්සේ නිශ්චිත උපදෙස් ලබාදෙනසේක. උන්වහන්සේ විසින් අනතුරු අගවනු ලබන්නේ "නමුත් මනුෂ්‍යන්ගෙන් ප්‍රවේසම් වන්න. මක්නිසාද ඔවුන් මන්ත්‍රණ සභාවලට පාවාදී ඔවුන්ගේ සිනගෝග වලදී නුඹලාට තළනවා ඇත... නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛර කරනු ලබන්නහුය..." (මතෙව් 10:17, 22). උන්වහන්සේ එයට එකතු කරනු ලබන්නේ "ගෝලයෙක් තමාගේ ගුරුවරයාට දාසයෙක් තමාගේ ස්වාමියාටවත් උතුම් නැත. ගෝලයා තමාගේ ගුරුවරයා මෙන්ද දාසයා තමාගේ ස්වාමියා මෙන්ද වුණොත් ඔවුන්ට ඇත. ඔව්හු ගෙයි ස්වාමියාට බෙල්සෙබුල් කීවෝ නම් ඔහුගේ ගෙයි වැසියන්ට කොපමණ වැඩියෙන් නොකියත්ද?" (මතෙව් 10:24-25).

අද යේසුස්වහන්සේ අපට පවසන කාරණය නම් උන්වහන්සේගේ කාලයේ පරිසිවරුන් මෙන් මනුෂ්‍යයන් උන්වහන්සේව සාතන් ලෙස හඳුන්වන්නේ නම් ඔවුන් නියත වශයෙන්ම උන්වහන්සේගේ ගෝලයන්වත් එසේම හඳුන්වනු ලබනු ඇත යනුවෙනි. යොහාන් 15 වන පරිච්ඡේදයෙහි යේසුස්වහන්සේ විසින් ප්‍රකාශ කරන සේක්. "ලෝකයා නුඹලාට වෛර වෙනවා නම් නුඹලාට පළමුවෙන් මට වෛර වුණ බව නුඹලා දනිහුය. නුඹලා ලෝකයට අයිති නම් ලෝකයා තමුන්ගේම අයට ආදරේවන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛර වෙති. දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේ යයි නුඹලාට මා කී වචනය සිහිකරන්නග ඔව්හූ මට පීඩා කලෝ නම් නුඹලාටත් පීඩා කරන්නෝය; මාගේ වචනය රක්ෂා කරන්නෝය. නුමුත් ඔවුන් මා එවූ තැනන්වහන්සේව නාඳුනන බැවින් මාගේ නාමය නිසා මේ සියල්ල නුඹලාට කරනවා ඇතග" (යොහාන් 15:18-21).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බෙල්සෙබුබ් (සාතන්) කව්රුන් වීද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries