settings icon
share icon
ප්‍රශ්නය

ආශීර්වාද වාක්‍ය මොනවාද?

පිළිතුර


ආශීර්වාද වාක්‍යයනූ කන්ද උඩ දේශණාවේ ආරම්භයේදී යේසුස් වහන්සේ විසින් පවසන ලද අට වැදෑරුම් ආශීර්වාද ප්‍රකාශණ වේ (මතෙව් 5:3-12). සෑම ප්‍රකාශයකම "ආශීර්වාද ලද්දෝය" යන්න හරියටම ආශීර්වාද වාක්‍ය කීයක් වේද යන්නට විවාදයක්ද වේ. සමහරුන් හතක්ද, නවයක්ද හෝ දහයක් බව පවසතත් පෙනෙන ආකාරයට 8ක් වේ. මන්ද (පදයන් 10-12 මතෙව් 5 වන පරිච්ජේදයේ එක ආශීර්වාද වාක්‍යයක් වේ).

"ආශීර්වාද ලද්දෝය" යන පරිවර්තනය වූ ග්‍රීක් වචනය අරුත් ගන්වන්නේ සතුට / ප්‍රීතිය, සතුටින් පිරුණු හෝ වචනානුසාරයෙන් විශාලනයවූ යන්නයි. කන්ද උඩ දේශණාවේදී යේසුස් වහන්සේ වචනය යොමු කරවන්නේ මතුපිට ගැඹුරක් නැති සතුටකට වඩා වැඩි යමකටය. මෙම සංදර්භය තුළ "ආශීර්වාදලද්දෝය" යන්න අධ්‍යාත්මික ශුභසාධනය සහ සපලත්වය සඳහා යොමු කෙරේ. ප්‍රීතිය යනු අධ්‍යාත්මයේ හටගන්නාවූ ගැඹුරු සතුටකි. ආශීර්වාද වාක්‍ය වල පළවෙනි අංගය අත්දකින අය (දිළින්දෝ, ශෝකවන්නෝ, මොළොක් ගුණඇත්තෝ, ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ, දයාවන්තයෝ, පවිත්‍රව සිටින්නෝ සමාදානය කරන්නෝ සහ පීඩා විඳින තැනැත්තෝ) ආශීර්වාද වාක්‍යවල දෙවෙනි අංගයවන (ස්වර්ගීක රාජධානිය , සැනසීම, පොළොව උරුම කරගැනීම, තෘප්තිමත්විම, දයාව, දෙවියන් වහන්සේ දැකීම, දෙවියන් වහන්සේගේ පුත්‍රයන් යයි කියනූ ලැබීම, ස්වර්ගරාජ්‍ය උරුම කරගැනීම) අත් දකිනවා ඇත. ආශීර්වාද ලද්දවුන් ගැලවීමට පංගුකාරයන් වන අතර ස්වර්ගය පිළිබඳ පූර්ව වින්දනයක අත්දැකීමක් සමඟින් ස්වර්ගයට ඇතුල්වනවා ඇත. සෑම ආශිර්වාද වාක්‍යකම ආරම්භයේදී ඉදිරිපත් කරන "අසීමිත ප්‍රීතිය (හෝ අකලංක සැපත) තවත් සිදු විය හැකි දෙයක් වේ".

ආශීර්වාද වාක්‍ය පරමාදර්ශී ගෝලයෙක් ගැන හා ඔහුගේ වර්තමාන සහ අනාගත පාරිතෝෂය ගැන විග්‍රහකරයි. යේසුස් වහන්සේ මෙම පරිච්ජේදයෙහි විග්‍රහ කරන පුද්ගලයා තවමත් "රාජධනියෙන් පිටත" සිටින කෙනෙකුට වඩා වෙනස් චරිත ස්වභාවයක් හා ජීවන රටාවක් ඇති අයෙක් වේ. පරණ ගිවිසුමෙහිද සාහිත්‍යානු සාරයෙන් ආශීර්වාද වාක්‍ය නිරතුරුව මුණ ගැසෙන අතර විශේෂයෙන් ගීතාවලිය ( 1:1, 34:8, 65:4,128:1) සහ අළුත් ගිවිසුමෙහි (යොහාන් 20:29,14:22, යාකොබ් 1:12, එළිදරව් 14:13) මුණ ගැසේ.



English



නැවතත් සිංහල මුල් පිටුවට

ආශීර්වාද වාක්‍ය මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries