settings icon
share icon
ප්‍රශ්නය

ආමගැඩන් සටන නම් කුමක්ද?

පිළිතුර


“ආමගැඩන්” යන වචනය හෙබ්‍රෙව් වචනයකින් පැමිණේ හර්-මගැඩන්, එහි අරුත “මෙගිඩො කන්ද” යන්න බයිබලයේ ප්‍රකාශකර තිබෙන දෙවියන් වහන්සේ අන්තක්‍රිස්තුගේ හමුදාව විනාශ කිරීමට සමාන කර ඇත (එළිදරව් 16:16; 20:1-3; 7-10). ආමගැඩන් යුද්ධයේදී මහත් සමූහයක් හසුවේ, මුළු ජාතීන්ම ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව සටන් කිරීමට එක්රැස්වේ.

ආමගැඩන් යුද්ධය හට ගන්නා නිවැරදිම ස්ථානය කුමක්ද යන්න අපැහැදිලිය. මක්නිසාද “මෙගිඩො කන්ද” කියා කන්දක් නැත. කෙසේ වෙතත් “හාර්” යන්න “කන්ද” යන අර්ථයද විය හැක. බොහෝවිට මෙගිඩො වටා ඇති කඳුකරය විය හැක. යෙරුසලමේ උතුරු දෙස සැතපුම් 60 ක් පමණ දුරින් සටන් 200 කට වඩා ඒ ස්ථානයේ සිදුවී ඇත. මෙගිඩො හා ඒ ආසන්න එස්බ්‍රෙලොන් විය හැකිය ආමගැඩන් සටන සිදුවන ස්ථානය. ඉන් මුළු ඊශ්‍රායලයටම පීඩා වන අතර දකුණු බොස්රා හී ඒදොම් නගරය (යෙසායා 61:3). ඊශ්‍රායෙල් ඉතිහාසය මහත් ජයග්‍රහන දෙකක් ආමගැඩන් සටන හටගන්න ස්ථානයට ප්‍රසිද්ධ වේ. 1) බාරාක් කානානිවරුන් ජය ගැනීම (විනිශ්චයකාරයා 4:15) සහ 2) මේදවරුන්ගෙන් ගිඩියොන් ජය ගැනීම (විනිශ්චයකාරයා 7). ආමගැඩන් යුද්ධයද මහත් ශෝකාන්ත දෙකකින් යුක්තය 1) සාවුල් හා පුත්‍රයන්ගේ මරණය (1 සාමුවෙල් 31:8) හා 2) යොෂියා රජුගේ මරණය (2 රාජාවලිය 23:29-30; 2 ලේකම් 35:22).

මේ ඉතිහාසය හේතුවෙන්, ආමගැඩන් යුද්ධය දෙවියන් වහන්සේ හා නපුර අතර අවසාන බෙදීම ඇති කරනා දෙයෙහි සංඝටනය විය හැක. “ආමගැඩන්” යන වචනය එළිදරව් 6 හී පමණයි සඳහන් කරන්නේ. “ඔවුන් හෙබ්‍රෙව් භාෂාවෙන් හර්-මගොදාන් කියන ස්ථානයට ඔවුන් රැස් කෙරෙව්වෝය.” මෙය අන්තක්‍රිස්තුස්ට අවනත රජවරුන් රැස්වෙනවා ඊශ්‍රායෙලයට අවසානය-ගෙන ඒමට. ආමගැඩන්හි “ඳෙවියන් වහන්සේගේ උදහසේ සැරකම නැමති මුද්‍රික පානය” භාජනය පිරුණා (එළිදරව් 6:19) එය බෙදා දෙන අතර අන්තක්‍රිස්තුස් හා ඔහුගේ අනුගාමිකයන් නෙරපා පරාජය කරනවා. “ආමගැඩන්” ලෝකය අවසානය හැඳින්වීමට භාවිතා වන පොදු වචනයක් ලෙසට පත්ව ඇත. මගැඩොන්හි සිදුවන සටන පමණක් නොව.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආමගැඩන් සටන නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries