settings icon
share icon
ප්‍රශ්නය

ගැලවීමට බව්තිස්මය අවශ්‍යද? බව්තිස්මයවූ අළුත ඉපදීම (පුනර්ජනනය) නම් කුමක්ද?

පිළිතුර


බව්තිස්මයවූ නැවත ඉපදීම නම් මනුෂ්‍යයකු ගැලවීම ලැබීමේ එක් දෙයක් මේ ගැලවීම යන්න යන විශ්වාසය වේ. කිතුනුවකුගේ කීකරුකමේ වැදගත් පියවරක් බව්තිස්මය යැයි අපි සිතමු. ගැලවීම අවශ්‍ය නම් වතුර බවිතිස්ම අවශ්‍යම කියා පැවසීමට අප දැඩි ලෙස විරුද්ධයි. අප දැඩි ලෙස විශ්වාස කරන්නේ ගිල්වීමේ බව්තිස්මය සෑම කිතුනුවකුම කළ යුතු බව. බව්තිස්ම ඇදහිලිවන්තයා ක්‍රිස්තුස් වහන්සේගේ මරණය, තැන්පත්කිරීම හා උත්ථානය හඳුනා ගැනීම විදහා දක්වයි. රෝම 6:3-4 පවසනවා “ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළට බව්තිස්ම ලැබුවාවූ අප සියල්ලන් උන් වහන්සේගේ මරණයට බවිතිස්ම ලැබූ බව නුඹලා නොදැන සිටිනහුද? එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරණකොටගෙන මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවා සේම, අපිත් ජීවනයේ අලුත් කමෙන් හැසිරෙන පිණිස, මරණය තුළට බව්තිස්මය කරණකොටගෙන උන් වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමුව.” වතුරට ගිල්වීමෙන් පිළිබ්ඹු කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ සමග මැරී තැන්පත්වූ බවයි. වතුරෙන් ඉවතට පැමිණීමේ ක්‍රියාවලිය ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය පිළිබ්ඹු කරයි.

යේසුස් වහන්සේ තුළ විශ්වාසයට වෙන යම් දෙයක් ගැලවීම ඉල්ලුම් කළහොත් ඒ ක්‍රියා-පදනම්වූ ගැලවීම. ශුභාරංචියට යමක් එකතුකිරීම හරියට කුරුසියේදී ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ප්‍රමාණවත් මදි යැයි පැවසීමයි. ගැලවීම ලැබීමට වතුර බවිතිස්මය අත්‍යවශ්‍යයි කීමෙන් අදහස් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට අමතරව අපගේ හොඳ ක්‍රියා කීකරුකමත් එකතුවිය යුතුයි අපට ගැලවීම ලැබීමට නම් යන්නයි. යේසුස් වහන්සේගේ මරණය අපගේ පාප සියල්ලට “මිල” ගෙවා අවසානයි (රෝම 5:8; 2 කොරින්ති 5:21). අපගේ පාපවලට යේසුස් වහන්සේ මිල ගෙවීම අපගේ ගණනට එකතුවන්නේ ඇදහිල්ලෙන් පමණි (යොහන් 3:16; ක්‍රියා 16:31; එපීස 2:8-9). එමනිසා, බවිතිස්මය වැදගත් පියවරක් ල්ගැලවීමෙන් පසුව කීකරුකම තුළ, නමුත් එය ගැලවීම ලැබීමට අත්‍යවශ්‍යවූ දෙය නොව.

ඔව්, සමහර පද වල ගැලවීම ලැබීමට වතුර බව්තිස්මය අවශ්‍ය බව පවසයි. කෙසේ වෙතත්, බයිබලයේ ඉතා පැහැදිලිව පවසනවා ගැලවීම ලැබෙන්නේ ඇදහිල්ලෙන් පමණක් බව (යොහන් 3:16; එපීස 2:8-9; තීතස් 3:5), ඒ පදවල වෙනස් පරිවර්ථන තිබිය යුතුය. ලියවිල්ල ලියවිල්ලට විරුද්ධව කථා නොකරයි. බයිබල් කාලයේ තවත් ආගමකින් හැරෙන කෙනෙකුගේ හැරීම සනාථ කිරීමට ඔහුව බව්තිස්ම කරන ලදි. බව්තිස්මය ප්‍රසිද්ධියේ ගන්නා තීරණයකි. බව්තිස්මය එපා කරන්නා පවසන්නේ ඔහු සැබවින්ම විශ්වාස නොකරන බවයි. එමනිසා මුල් ගෝලයන් හා අපෝස්තුලුවරුන්ගේ මනසවල් වල තිබුන මතය නම් බව්තිස්මය නොලැබූ ඇදහිලිවන්තයෙකුව නොඅසන බවයි. පුද්ගලයෙකු ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කිරීමට යොමුවන විට, එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ලැජ්ජා නම් ඉන් අදහස් කරන්නේ ඔහු තුල සැබෑ ඇදහිල්ල නැති බවයි.

බව්තිස්ම ගැලවීම අත්‍යවශ්‍ය නම්, පාවුල්තුමා මෙසේ පැවසුවේ ඇයි? “ක්‍රිස්පස්ද ගායස්ද ඇර නුඹලාගෙන් වෙන කිසිවෙකු මා විසින් බව්තිස්ම නොකළ බැවින් දෙවියන් වහන්සේට ස්තුති කරමි” (1කොරින්ති 1:14)? “මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ මා යැවුවේ බව්තිස්ම කරන්ට නොව ශුභාරංචිය දේශනාකරන්ටය. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය නිෂ්ඵල නොවන පිණිස, වචනවල ඥානවන්ත කමින් (දේශනා කරන්ට) නොවේය” (1 කොරින්ති 1:17) යන්න පැවසුවේ ඇයි? මේ අවස්ථාවේ පාවුල් කොරින්ති සභාවේ තිබුනාවූ බෙදීමට විරුද්ධව තර්ක කරයි. කෙසේ වෙතත් පාවුල්තුමා කෙසේද පවසන්නේ “මා විසින් බව්තිස්ම නොකළ බැවින් දෙවියන් වහන්සේට ස්තුති කරමි හෝ ක්‍රිස්තුස් වහන්සේ මා යැව්වේ බව්තිස්ම කරන්ට නොව” යන්න. බවිතිස්මය ගැලවීම ලැබීමට අත්‍යවශ්‍යම නම් එසේ නම් පාවුල්තුමා ඉන් පවසන්නේ “නුඹලා නොගැලවී සිටීම ගැන ස්තුති කරමි” යන්නවේ. හෝ “ක්‍රිස්තුස් වහන්සේ මා ගැලවීම උදෙසා එව්වේ නැත” යන්නයි. එය පාවුල්තුමා විසින් කරන ලද අප්‍රසන්නම, පිළිගත නොහැකිම වඳන් බව පත්වනවා ඇත. පාවුල් විස්තරාත්මක වාර්ථාවක් ශුභාරඅචිය ගැන දෙන විට (1 කොරින්ති 15:1-8), බව්තිස්මය පිළිබඳ කථා නොකරන්නේ ඇයි? ගැලවීම ලැබීමට බව්තිස්මය අත්‍යවශ්‍ය නම් ශුභාරංචිය පිළිබඳ වාර්ථා වල බව්තිස්මය සඳහන් නොවන්නේ ඇයි?

බව්තිස්මයවූ අලුතින් ඉපදීම බයිබලානුකුල සංකල්පයක් නොව බව්තිස්මය පාපයෙන් නොගලවයි නමුත් නරක හෘදසාක්ෂියෙන්. 1 පේත්‍රැස් 3:21, පේත්‍රැස් පැහැදිලිව පවසනවා බව්තිස්මය විශේෂාංග ක්‍රියා වලියක් නොව පිරිසිදු කිරීමට, නමුත් දෙවියන් වහන්සේ වෙතට යහපත් හෘදසාක්ෂියකින් යුක්තව යායුතු බව ඔප්පුවක් කැපවීමක්. බව්තිස්මය නම් දැනටමත් ක්‍රිස්තුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කරුවා හැටියට පිලිගත් අයගේ ජීවිතයේ සිදුවන ලකුණක් වේ (රෝම 6:3-5; ගලාති 3:27; කොලොස්සි 2:12). බව්තිස්මය නම් සෑම ඇදහිලිවන්තයෙකුම කීකරුකමේ ක්‍රියාවලියක් ලෙස පිළිපැදිය / කළ යුතුය. බව්තිස්මය ගැලවීම ලැබීමට කළයුතු දෙයක් නොව. එවිට එය ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හා උත්ථානයට පහරක් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගැලවීමට බව්තිස්මය අවශ්‍යද? බව්තිස්මයවූ අළුත ඉපදීම (පුනර්ජනනය) නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries