settings icon
share icon
ප්‍රශ්නය

බව්තීස්ම පුනර්ජනනය නම් කුමක්ද?

පිළිතුර


බවිතීස්ම පුනර්ජනනය වූ කලී ගැළවීම ලබා ගනු සදහා බව්තීස්මය අවශ්‍ය යැයි විශ්වාස කිරීම හෝ වඩාත් නිවැරදිව පුද්ගලයෙකු ජල බව්තීස්මය ලබන තුරු පුනර්ජනනය සිදු නොවේය යන්නය. බව්තීස්ම පුනර්ජනනය නම් බොහෝ කිතුණු නිකායන්හී මූලප්‍රඥප්තිය වන නමුත් එයට මහත් පරිශ්‍රමයකින් අනුබල දෙනු ලබන්නේ ප්‍රතිෂ්ඨාපන ව්‍යාපාරයේ සභාවන් වන අතර විශේෂයෙන්ම ක්‍රිස්තුස්වහන්සේගේ සභාව සහ ජාත්‍යන්තර ක්‍රිස්තුස් වහන්සේගේ සභාව මගින්වේ.

බව්තීස්ම පුනර්ජනනයට පක්ෂවාදීන් විසින් දේව වචනය සදහා සහයෝගය පිණිස මාර්ක් 16:16, යොහාන් 3:5, ක්‍රියා 2:38, ක්‍රියා 22:16, ගලාති 3:27 සහ 1 පේත්‍රස් 3:21 ආදී ශුද්ධ ලියවිලි පද කෙරෙහි යොමු කරනු ලබති. ගැළවීම ලබා ගනු සදහා බව්තීස්මය අවශ්‍ය වන බව මෙම පදයන් තුළින් ඇගවීමක් කරනු ලබයි. කෙසේ නමුත් බව්තීස්ම පුනර්ජනනයට සහය නොදක්වන එම පදවල දේව වචනානුකූල හා සන්දර්භමය වශයෙන් ස්ථිර අර්ථකථන ඇත.

බව්තීස්ම පුනර්ජනනයට පක්ෂවාදීන්ට ගැළවීම ලැබෙන ආකාරය පිළිබදව නියමානුකූල කොටස් 4 ක සූත්‍රයක් ඇත. ඔවුන් විශ්වාස කරනුයේ යම් පුද්ගලයෙකු ගැළවීම ලැබීමට නම් ඔහු විසින් විශ්වාස කළ යුතුය, පසුතැවිලි විය යුතුය, පාපොච්චාරණය කළ යුතු මෙන්ම බව්තීස්ම ලැබිය යුතු බවය. ඔවුන් මෙසේ විශ්වාස කරනු ලබන්නේ ගැළවීම ලබා ගැනීමට අවශ්‍ය වන සෑම ක්‍රියාවක්ම අගවනු ලබන බයිබල් පාඨයන් ඇති හෙයිනි. උදාහරණයක් ලෙස රෝම 10:9-10 මගින් ගැළවීම පශ්චාතාපය හා සමග සම්බන්ධ කරනු ලබයි. ක්‍රියා 2:38 ගැළවීම පශ්චාතාපය සහ බව්තීස්මය හා සමග සම්බන්ධ කරනු ලබයි.

පශ්චාතාපය, දේව වචනානුකූලව අවබෝධ කොට ගත් කළ ගැළවීම සදහා අවශ්‍යයවේ. පශ්චාතාපය වනාහී මනස වෙනස් කීරීමකි. පශ්චාතාපය වනාහී ගැළවීම සම්බන්ධයෙන් ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමේ සිට ක්‍රිස්තුස් වහන්සේව පිළිගැනීම දක්වා ඔබගේ මනස වෙනස් කරනු ලබයි. මෙය වූ කලී ගැළවීමේ ඇදහිල්ලෙන් වෙන්වූ පියවරක් නොවේ. එක්තරා අන්දමකට මෙය ගැළවිමේ ඇදහිල්ල සදහා අත්‍යවශ්‍ය අංගයකි. යම් කෙනෙකුට උන්වහන්සේ කව්රුන්ද යන්න හෝ එතුමාණන් කුමක් කළ සේකද යන්න පිළිබදව තමන්ගේ මනස වෙනස් කර නොගෙන කරුණාව තුළින් ඇදහිල්ල කරණකොටගෙන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තමන්ගේ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත නොහැකිවේ.

පාපොච්චාරණය, දේව වචනානුකූලව අවබෝධ කොට ගත් කළ ඇදහිල්ල පිළිබද නිරූපණය කිරීමකි. යමෙකු යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ගැළවුම්කරුවාණන් ලෙස පිළිගෙන තිබේ නම් එම ඇදහිල්ල අන් අයට ප්‍රකාශ කිරීම ප්‍රතිඵලයක් වනු ඇත. යම් පුද්ගලයෙකු ක්‍රිස්තුස්වහන්සේ ගැන හෝ ශුභාරංචි පණිවුඩයට ලජ්ජා වන්නේ නම් එම පුද්ගලයා ශුභාරංචිය අවබෝධ කොටගෙන හෝ ක්‍රිස්තුස්වහන්සේ ලබා දෙන ගැළවීම අත්විද ඇතැයි සිතිය නොහැක.

බව්තීස්මය, දේව වචනානුකූලව අවබෝධ කොටගත ගත් කළ ක්‍රිස්තුස් වහන්සේ හා සමග ඇති අනන්න්‍යතාවයවේ. කිතුණු බව්තීස්මය මගින් සන්නිදර්ශනය කරනු ලබන්නේ ඇදහිලිවන්තයෙකුට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය, භූමදානය සහ නැවත නැගිටීම හා සමග ඇති අනන්න්‍යතාවයවේ. (රෝම 6:3-4) පාපොච්චාරණය මෙන්ම, පුද්ගලයෙකු බව්තීස්ම විමට අකැමති වේ නම් ඔහුගේ / ඇයගේ ජීවිතය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් මුදවා ගනු ලැබූ බව හඳුනා ගැනීමට අකමැති නම් එම පුද්ගලයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන බොහෝ දුරට නව මැවිල්ලක් බවට පත් නොවන්නට ඇත (2 කොරින්ති 5:17).

ගැළවීම ලබා ගැනීම පිණිස බව්තීස්ම පුනර්ජනනය සහ / හෝ මෙම කොටස් 4 සූත්‍රය පිළිබද විවාද කරන්නවුන් මෙම ක්‍රියාවන් ගැළවීම උපයා ගැනීමේ ප්‍රශංසනීය ක්‍රියාවන් ලෙස නොදකිති. පශ්චාතාපය සහ පාපොච්චාරණය කිරීම යනාදිය මනුෂ්‍යයකු ගැළවීම පිණිස සුදුස්සකු නොකරනු ලබයි. ඒ වෙනුවට නිලමය මතය නම් ඇදහිල්ල, පශ්චාතාපය, පාපොචිචාරණය සහ බව්තීස්මය වනාහී "කීකරුකමේ ක්‍රියාවන්" වන අතර ඒවා දෙවියන්වහන්සේ විසින් ගැළවීම් ලබා දීමට පෙර පුද්ගලයෙකු විසින් කළ යුත්තක්වේ. ගැළවීම් ලබා දීමට පෙර දෙවියන්වහන්සේ ඉල්ලා සිටින එකම දෙය ඇදහිල්ල බව සම්මත සපරමාදු අවබෝධය වන අතර බව්තීස්ම පුනර්ජනනය ඒත්තු ගැන්වූ අය විශ්වාස කරනු ලබන්නේ බව්තීස්මය – සහ සමහරුන්ට පශ්චාතාප වීම සහ පාපොච්චාරණය වූ කලී දෙවියන්වහන්සේගේ ගැළවීම ලබා දීමට පෙර උන්වහන්සේ විසින් ඉල්ලා සිටින අමතර දේවල් බවය.

මෙම දෘෂ්ඨිකෝණයේ ඇති ගැටළුව නම් ගැලවීම සදහා ඇති එකම අවශ්‍යතාව ඇදහිල්ල බව පැහැදිලිව සහ නිශ්චිතව ප්‍රකාශ කරන දේව වචනානුකූල පාඨයන් තිබීමයි. දේව වචනයේ ඉතාමත්ම ප්‍රකට පදයක් වන යොහාන් 3:16 හී සදහන් කරනු ලබන්නේ "මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝතයාට ප්‍රේම කළ සේක. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය." ක්‍රියා 16:30 හී පිලිප්පි ජාතික සිරගෙයි මුලාදෑනියා විසින් අපෝස්තුළු වූ පාවුළුගෙන් අසනු ලැබුවේ "ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුද? යන්නය. කොටස් සතරක සූත්‍රයක් ඉදිරිපත් කිරීමට පාවුළුට කවදා හෝ අවස්ථාවක් තිබුනි නම් මේ එයවේ. පාවුළුගේ ප්‍රතිචාරය ඉතාමත් සරල විය: "ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න එවිට ඔබ ගැළවෙන්නෙහිය." (ක්‍රියා 16:31) බව්තීස්මයක් නොමැත පාපොච්චාරණයක් නොමැත, හුදෙක් ඇදහිල්ල පමණි.

වචනානුසාරයෙන්ම නව ගිවිසුමෙහි ඇදහිල්ලට / විශ්වාසයට ගැළවීම ආරෝපණය කරනු ලබන එහෙත් එම පෙළ යෙදුමෙහි වෙනත් කිසිඳු අවශ්‍යතාවයක් සදහන් නොකරනු ලබන පදයන් දුසිම් ගණනින් දක්නට ලැබේ. ගැළවීම ලබා ගනු වස් බව්තීස්මය හෝ වෙනත් යමක් අවශ්‍යය වේ නම් මෙම පද සියල්ලම සාවද්‍යය වන අතර දේව වචනයද දෝෂ්‍ය සහගත වන හෙයින් එය තවදුරටත් අපගේ විශ්වාසය සදහා සුදුසු නොවේ.

ගැළවීම සදහාවූ අනේකවිධ අවශ්‍යතා පිළිබද නව ගිවිසුමෙහි සවිස්තරාත්මක අධ්‍යයනයක් අවශ්‍යය නොවේ. ගැළවීම ලබා ගැනීම වනාහී යම් ක්‍රියාවලියක් හෝ බහු පියවර සූත්‍රයක් නොවේ. ගැළවීම යනු නිමි භාණ්ඩයක් විනා වට්ටෝරුවක් නොවේ. ගැළවිම ලබා ගැනීමට අප විසින් කුමක් කළ යුතු වෙමුද? ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නල එවිට අප ගැළවීම ලබා ගන්නෙමුව.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බව්තීස්ම පුනර්ජනනය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries