settings icon
share icon
ප්‍රශ්නය

පුද්ගලයකු ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය ගැනීමට ප්‍රථමයෙන් බව්තීස්මය ලැබිය යුතුද?

පිළිතුර


යම් පුද්ගලයකු ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය ගැනීමට ප්‍රථමයෙන් බව්තීස්මය ලැබිය යුතු බව ශුද්ධ ලියවිල්ලේ සදහන් කරනු නොලබයි. කෙසේ නමුත් බව්තීස්මය මෙන්ම ස්වාමින් වහන්සේගේ මේසයෙන් අනුභව කිරීම වූ කලී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය, භූමදානය සහ උත්ථානය කෙරෙහි වූ ඇදහිල්ලෙන් ලැබෙන්නාවූ ගැළවීමය.

ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය නියම කරන ලද්දේ යේසුස් වහන්සේ උන්වහන්සේගේ කුරුසිපත් වූ දිනයට ප්‍රථම දින සවස පාස්කු භොජනය තමන් වහන්සේගේ ගෝලයන් හා සමග අනුභව කරන අවස්ථාවේදීය (මතෙව් 26:20–28). මතෙව් 28:19 හී සදහන් ආකාරයට අපගේ ස්වාමින්වහන්සේගේ මරණයෙන් සහ උත්ථානයෙන් අනතුරුව උන්වහන්සේගේ ගෝලයන්ට මහා ආඥාව දෙනු ලැබුවේ මුළු ලොව පුරාම ගොස් උන්වහන්සේගේ සුභාරංචිය උගන්වනු පිණිසය. යේසුස්වහන්සේ ආඥාව අනුගමනය කරනු ලැබුවේ නව ඇදහිලිවන්තයන්ව බවිතීස්මය කළ යුතුය යනුවෙන් අණ දෙනු ලබමින්ය. ත්‍රිත්වයේ නාමයෙන් ජලයෙන් බවිතීස්ම කිරීම සභාවේ මුල් කාලයේ සිටම ක්‍රියාත්මක කරමින් තිබිණ. ඉහත සදහන් ආකාරයට එකම අවශ්‍යතාවය නම් යම් පුද්ගලයකු තමන්ගේ ගැළවුම්කාරයාණන් ලෙස ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා තිබීමය. බවීතීස්මය වූ කලී ගැළවීමේ අත්දැකීම පිළිබදව පින්තාරුවක් වන අතරම අපගේ ස්වාමින්වහන්සේට කරන්නාවූ කීකරුකමේ ක්‍රියාවකි. කිතුණු ගෝලත්වයේ මූලික පියවර මෙය ලෙස බොහෝ බයිබල් විද්වත්හූ සලකති.

ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය වනාහී ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ට තම ස්වාමින්වහන්සේගේ හා සමග සහභාගිත්වය පවත්වීමට සහ උන්වහන්සේගේ මරණය සිහි කිරීමේ මාර්ගයකි. බව්තීස්මය වූ කලී ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ගේ වැදගත් වූ හඳුනා ගැනීමේ සලකුණකි. බව්තීස්මය කිසි දිනක නොලැබූ පුද්ගලයෙකු ඇදහිලිවන්තයකු විය හැකි නමුත් ඔහු ප්‍රසිද්ධියේ තමන් එසේ බව ප්‍රකාශ කර නොමැති හෝ තවමත් ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමේ ප්‍රථම පියවර නොතබා ඇති අය වන්නට පිළිවන. සමහර විට ඇතැම් සභාවන් මගින් ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනයට සහභාවී වීමට ප්‍රථමයෙන් බව්තීස්මය ලැබීම අවශ්‍යවන්නේ මේ හේතුව නිසාවෙනි. කෙසේ නමුත් නැවතත් කියනුයේල ශුද්ධ ලියවිල්ලේ කිසිඳු අවස්ථාවක මෙම උපදේශය දෙනු නොලබයි.



English



නැවතත් සිංහල මුල් පිටුවට

පුද්ගලයකු ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය ගැනීමට ප්‍රථමයෙන් බව්තීස්මය ලැබිය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries