settings icon
share icon
ප්‍රශ්නය

ගැලවීම සඳහා බෞතීස්මය අවශ්‍ය බව ක්‍රියා 2:38 හි උගන්වනවාද?

පිළිතුර


"පේත්‍රැස් නුඹලා සිල්ලෝම පසුතැවිලිව, පව් කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතීස්මය ලබා පල්ලා එවිට ශද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය" පදයක් හෝ පරිච්ජේදයක් තුලින් උගන්වන්නේ කිමෙක්ද කියා පළවෙනිවර කියවීමේදීම බයිබලය එම විෂය පිළිබඳ ඉගැන්වීම් තුළින් දැන ගත හැකිය. බෞතීස්මය සහ ගැලවීම පිළිබඳව, ගැලවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොට ගෙන අනූගයහයෙන් ලැබෙන බවත් ඉන් හැර බෞතීස්මය ඇතුළු කිසිදු ක්‍රියාවකින් නොවන බව බයිබලය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරය්. (එපිස 2:8-9). එබැවින් බෞතීස්මය හෝ වෙනත් ක්‍රියාවක් කරණකොට ගැලවිම සිදුවේ යන අර්ථ කථනයන් පරිවර්ථනයන් සාවද්‍ය පරිවර්ථනයන් වේ. තව දුරටත් මෙම ඉගැන්වීම පිළිබද දැන ගැනීම සඳහා ගැලවීම ඇදහිල්ලෙන් පමණක්ද යන අපගේ වෙබ් පිටූවට පිවිසෙන්න.

එසේ නම් සමහරුන් ගැලවීම සඳහා බෞතීස්මය අවශ්‍යයි නිගමනයට පැමිණෙන්නේ මන්ද? මෙම සාකච්ජාව හරහා එසේද? නැත්ද යන වග මෙම පරිච්ජේදය පුරාවට ගැලවීම සඳහා බෞතීස්මය අවශ්‍යයයි යන්න මැදි කරගෙන උගන්වනු ලබන්නේ ග්‍රීක වචනය වන "එයිස්" යන වචනය මැදි කරගෙනය. එය මෙම පරිච්ජේදයෙහි "සඳහා" යන්න ලෙස පරිවර්ථනය වී ඇත. ගැලවීම සඳහා බෞතීස්මය අවශ්‍යයි යන්න විශ්වාස කරන අය "පව් කමාව ලබන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ නාමයෙන් බෞතීස්ම වෙයල්ලා" යන කරුණ ගෙන හැර පෑමට උත්සුක වන්නේ "සඳහා" යන මෙම පදයෙහි ඇති වචනයේ අර්ථය "එසේ වන පිණිස / ලබන පිණිස" ලෙස උපකල්පනය කරමින. කෙසේ වුවද ඉංග්‍රීසියෙන් හා ග්‍රීක භාෂා වලින් "සඳහා" යන්නට පරිහරණය කළ හැකි වෙනත් පද වේ.

උදාහරණයක් ලෙස "ඔබගේ හිසේ රුදාව සඳහා ඇස්ප්‍රින් දෙකක් ගන්න" යයි පැවසූ විට " හිසේ රුදාව ඇතිවීම සඳහා ඇස්ප්‍රින් දෙකක් ගන්න" යන අරුත එහි නොමැති බව පැහැදිලිව පෙනේ. නමුත් ඉන් පවසන්නේ ඔබට හිසේ රුදාව ඇති හෙයින් ඇස්ප්‍රින් දෙකක් ගන්න" යන්නයි. "සඳහා" යන පදයට පරිහරණය කළ හැකි අර්ථ කථනයන් තුනක් වේ.එය ක්‍රියා 2:38 හි සංදර්භයටද සුදුසු වේ. 1. "එසේ වන පිණිස, වෙන්න, ලබන්න, තියාගන්න, තබාගන්න වැනි දෑ" 2." එම නිසා, ප්‍රතිඵලය වශයෙන්," 3. "සළකාබැලීමකින් යුතුව". මෙහි එන ඕනැම අර්ථයක් පරිච්ජේදයට සුදුසු වේ. ඉතාම සුදුසු හෝ නිවැරදි කුමක්ද යන්න දැන ගැනීමට අමතර අධ්‍යයනයක් අවශ්‍ය වේ.

මුල්ම භාෂාව වෙත ප්‍රථමයෙන් යොමුවිය යුතු අතර, ග්‍රීක වචනය වන "එයිස්" හි නිවැරදි තේරුම සෙයා ගත යුතුවේ. මෙම නිතර පරිහරණය වන ( අළුත් ගිවිසුමෙහි මෙම පදය 1774 වතාවක් පරිහරණය කර ඇත.) අතර ඉංග්‍රීසි භාෂාවේ "සඳහා" වචනය මෙන් බොහෝ අර්ථයන් තිබෙන අයුරින් මෙම ග්‍රීක පදයද විවිධ ආකාරයෙන් පරිහරණය කර ඇත. එබැවින් නැවතත් දෙකක් හෝ තුනක් සුදුසු තේරුම් සහිත මෙම පරිච්ජේදයෙහි දක්නට ලැබෙන බව දැනෙන අතර ඉන් එකක් ගැලවීමට බෞතීස්මය අවශ්‍යයයි පවසන අයට උපකාර කරන අතර අනෙකුත් ඒවා උපකාර නොකරයි. මේ අතර ග්‍රීක වචනය "එයිස්" හි අර්ථයන් දෙකම ලියවිල්ලෙහි වෙනත් පරිව්ජේදයන්හි දක්නට ඇති බැවින්, මෙය වටහා ගත් ග්‍රීක විශාරදයන් වන ඒ ටී රොබට්සන් සහ ජේ ආර් මෑන්ටි පවසනු ලැබුවේ ක්‍රියා 2:28 හි ග්‍රීක නිපාත පදයක් වන "එයිස්" පරිවර්ථනය විය යුත්තේ "එම නිසා" හෝ "ඒ වෙනුවට /පෙනෙන ආකාරයට" යන ලෙස මිස" එසේ වන පිණිස" හෝ "එම කරුණ සඳහා" යන ආකාරයට නොවිය යුතු බවය.

මෙම නිපාත පදය අනෙකුත් ලියවිලිවල සඳහන් වී ඇත්තේ කොයි ආකාරයටද යන්න මතෙව් 12:41 දෙස බැලීමෙන් වටහා ගස හැකිය. එහි එයිස් සන්නිවේදනය වන්නේ ක්‍රියාවක "ප්‍රතිඵලය" වශයෙනි. මෙම කාරණාවෙහිදී නිනිවයේ සෙනඟ "යොනාගේ දේශණාව අසා පසුතැවුන" බව සඳහන් වේ. (යෝනා "ගේ" යන පදය පරිවර්ථනය වී ඇත්තේ එයිස් යන ග්‍රීක පදයට සමාන ලෙසිනි). මෙලෙසම ක්‍රියා 2:38 සන්නිවේදනය වන කරුණනම් ඔවුන් "ඒ වන විටත් ඇදහිල්ලෙහි" සිටි "බැවින්" පව් කමාව ලැබ සිටි බවය. (යොහාන් 1:12, යොහාන් 3:14-18, යොහාන් 11:25-26, ක්‍රියා 10:43, ක්‍රියා 13:39, ක්‍රියා 16:31, ක්‍රියා 26:18, රෝම 10:9, එපීස 1:12-14). පේත්‍රැස්තුමාගේ නොඇදහිලිවතුන්ට කරණ ලද ඊළඟ දේශණා දෙකෙහිදී මෙම පරිවර්ථනයට අනකුලතාවයක් දක්වයි. මන්ද එහිද පව් කමාව ලැබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ තබා ඇති ඇදහිල්ල නිසා ක්‍රියාවක් ලෙස පසුතැවීම කරණකොට ගෙනය.නමිත් එහි බෞතීස්මය සඳහන්වී නොමැත. (ක්‍රියා 3:17-26, ක්‍රියා 4:8-12).

ක්‍රියා 2:38ට අමතරව තවත් එයිස් යන ග්‍රීක පදය බෞතීස්මය හෝ බෞතීස්මවීම සමඟ සම්බන්ධ වන ස්ථාන තුනක් වේ. පළවෙනි ස්ථානය මතෙව් 3:11, "පසුතැවීම සඳහා වතුරෙන් බෞතීස්ම කිරීම" අනිවාර්යෙන්ම මෙම කොටසෙහි එයිස් යන ග්‍රීක වචනය " පසුතැවෙන පිණිස" විය නොහැකිය.නුමුත් " පසුතැවූන බැවින් ඔවුන් බෞතීස්ම විය". දෙවන පදය රෝම 6:3, "එතුමාගේ මරණය තුළට බෞතීස්මවීම" නැවතත් මෙම පදය "එම නිසා" හෝ "එම හේතුව නිසා" යන පදයන් සමඟ සසැදේ. තුන්වෙනුව හා අවසාන ලෙස 1කොරින්ති 10:2 " සියල්ලන්ම වලාකුළෙහිද මුහුදෙහිද මෝසෙස්ට බෞතීස්ම කරනු ලැබූ බවත්, නැවතත් එයිස් "ලබන පිණිස" විය නොහැකිය මන්ද ඊශ්‍රායෙල්වරුන්ව මෝසෙස් නායකයා වන පිණිස බෞතීස්ම කරනු ලැබුවේ නැතිමුත් ඒ වනවිටත් ඔහු නායකයා වී ඔවුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙන ආයේය. යමෙක් එයිස් යන නිපාත පදය බෞතීස්මය සමඟ පරිහරණය කර ඇති ආකාරයට අනුකුලතාවයක් දක්වන්නේ නම් ක්‍රියා 2:38 ඔවුන්ගේ බෞතීස්ම"වීම" සිදු වූයේ පව් කමාව ලැබ තිබූ බැවින් යන නිගමනයට ආ යුතුමය. මතෙව් 28:19, 1පේත්‍රැස් 3:21, ක්‍රියා 19:3, 1කොරින්ති 1:15, සහ 12:13 යන පදයන්හි එයිස් යන නිපාත පදය "ලබා ගැනීම සඳහා යන වචනයට අරුත් නොදේ.

මෙම පදය වටා ඇති ව්‍යාකරණ සාක්‍ෂි එයිස් යන පදය මෙම සංදර්භය තුළ 'සඳහා' යන වචනය "එම නිසා" හෝ "ඒ සඳහා" වන බවත් "ලබා ගන්නා" පිණිස නොවන බවත් ඔප්පු වේ. එබැව්න් ක්‍රියා 2:38 නිවරද්‍ය ලෙස පරිවර්ථනය කරනු ලබන්නේ නම්, බෞතීස්මය ගැලවීම සදහා අවශ්‍ය බව උගන්වන්නේ නැත.

මෙම කොටසෙහි "සඳහා" යන පදයට පරිවර්ථනය කර ඇති නිපාත පදයෙහි යථාර්තය අමතරව, තවත් ව්‍යාකරණ පැත්තක් මෙහි වේ. එනම් මධ්‍යම පුරුෂ හා ප්‍රථම පුරුෂ අතර ක්‍රියා පදයන් හා සර්ව නාම පදයන් අතර ඇති වෙනස්කම් හොඳින් සලකා බලන්න. උදාහරණයක් ලෙස "පසුතැවී බෞතීස්මය ලබන්න" යන්නෙහි ග්‍රීක පදය "පසුතැවීම" යන පදය මධ්‍යම පුරුෂ බහු වචනයෙන් වන අතර ක්‍රියා පදය බෞතීස්ම වන්න වන නුමුත් ප්‍රථම පුරුෂ වන කල්හි එය ඒක වචනයෙන් වේ. මෙය අප ඒකාබද්ධ කලවිට "ඔබේ" යන සර්ව නාම පදය " ඔබගේ පව් වලට කමාව ලබන පිණිස" මධ්‍යම පුරුෂ බහු වචන වන බවත් ඉන් ඉතා වැදගත් ප්‍රභේදයක් මෙම පරිච්ජේදය වටහා ගැනීමට අපට උපකාරයක් ලෙස ගෙන දේ.

ක්‍රියා පොතෙහි 2:38 පදයට අනුව, ගැලවීම සඳහා බෞතීස්මය අවශ්‍යයි යන ඉගැන්වීම් කරන අය අතින් සිදුවන තවත් වරදක් නම් අසුභවාදී /උදාසීන වැරදි මතයක් මත නිගමනයකට පැමිණීම වේ. සරලව පැවසුවහොත් ප්‍රකාශයක් නිවැරදිවීම නිසා සියළු ප්‍රතිශේධනයන් (හෝ විරුද්ධ) එම ප්‍රකාශය තුළ සැබෑවක් ලෙස උපකල්පනය කළ නොහැක. තවත් ආකාරයකින් පවසනවා නම් ක්‍රියා 2:38 පව් කමාව ලබා ශුද්ධාත්ම දිමනා ලබන පිණිස"පසුතැවිලිව බෞතීස්ම ලබන්න" පැවසූ පමණින්, යමෙක් පසුතැවිලිව බෞතීස්මය නොලැබුවහොත් එම පුද්ගලයා පව් කමාව හෝ ශුද්ධාත්ම දීමනා නොලබන බවට අරුතක් නොදේ.

ගැලවීම ලැබීම සඳහා කොන්දේසි හා ගැලවීම ලැබීම සඳහා අවශ්‍ය දේ අතර ඉතා වැදගත් වෙනසක් ඇත. බයිබලය ඇදහිල්ල/විශ්වාසය යනු කොන්දේසියක් හා අවශ්‍යතාවයක් බව ඉතා පැහැදිලිව පෙන්වා දේ. නුමුත් එයම බෞතීස්මය සඳහා පරිහරණය කළ නොහැක. බයිබලය කිසි විටෙක යමෙක් බෞතීස්ම නොවුයේ නම් ගැලවීම නොලබන බව ප්‍රකාශ නොකරයි. යමෙකුට ඇදහිල්ල පිළිබඳව බොහෝ කොන්දේසි එකතු කළ හැක (ගැලවීම සඳහා අවශ්‍ය) එවැනි තත්වයන් මත වුවද පුද්ගලයාට ගැලවීම ලැබිය හැක. උදාහරණයක් ලෙස අදහන්නාවූ, බෞතීස්ම ලැබුවාවූ, දේවස්ථානයට /පල්ලි යන, දුප්පතුන්ට දෙන තැනැත්තා ගලවනු ලබන්නේය. නමුත් වරද ඇතිවන ස්ථානය නම් මෙම සියළු කොන්දේසින් " බෞතීස්මවීම, දේවස්ථානයට යෑම, දුප්පතුන්ට දිම වැනිදෑ ගැලවිම සඳහා අවශ්‍ය බව උපකල්පනය කිරීමයි. එවැනි දැ ගැලවීම ලබා ඇති බවට සාක්‍ෂි විය හැකි මුත් ඒවා ගැලවීම සඳහා අවශ්‍ය නොවේ. (මෙම තර්කානුකුල සාවද්‍ය මතය සඳහා ගැඹුරු විස්තර කිරීමක් සඳහා මාර්ක් 16:16 හි ගැලවීම සඳහා බෞතීස්මය අවශ්‍යබව උගන්වනවාද යන ප්‍රශ්ණය බලන්න).

බෞතීස්මය පව් කමාව හෝ ශුද්ධාත්ම දීමනා ලබන පිණිස අවශ්‍ය නොවන බවට සාක්‍ෂියක් සඳහා ක්‍රියා පොතෙහි තව ටිකක් ඔබ්බට ගොස් ක්‍රියා 10:43 කියවන්න. "උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට උන්වහන්සේගේ නාමය කරණකොට ගෙන පව් කමාව ලැබෙන බව" පේත්‍රැස් කොර්නේලියස්ට පැවසුවේය. (මෙම කරුනෙහිදී බෞතීස්මය පිළිබඳ කිසිවක් සඳහන් වී නොමැති බව සටහන් කරගන්න නුමුත් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කිරීම පව් කමාව ලබන පිණිස ක්‍රියාවක් ලෙස පේත්‍රස් සම්බන්ධ කරයි). ඊළඟට සිදුවන්නාවු සිදුවීම නම්, ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ පේත්‍රැස් ගේ පණිවිඩය විශ්වාස කළ අය මත "පේත්‍රුස් මේ වචන කතා කරද්දීම, වචනය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන්වහන්සේ පහළවූ සේක" (ක්‍රියා 10:44). ඔවුන් විශ්වාස කොට පව් කමාව ලැබ ශුද්ධාත්ම දීමනාව ලැබූ පසු කොර්නේලියස් සහ ඔහුගේ ගෙයි වැසියන් සියල්ල බෞතීස්ම විය (ක්‍රියා 10:47-48). මෙම කොටසෙහි සංදර්භය ඉතා පැහැදිලිය කොර්නේලියස් සහ ඔහුගේ ගෙයි වැසියන් පව් කමාව ලැබ ශුද්ධාත්මයාණන් ලැබූ පසු බෞතීස්ම විය. එලෙසම පේත්‍රැස් ඔවුන්ට බෞතීස්ම වීමට අවසර දෙනු ලැබුවේ "පේත්‍රැස් සහ යුදෙව් ඇදහිලිවතුන් සේම" ඔවුන් ශුද්ධාත්මයාණන් ලැබූ බවට සාක්‍ෂි තිබූ නිසාය.

අවසාන ලෙස ගැලවීම සඳහා බෞතීස්මය අවශ්‍ය බව ක්‍රියා 2:38 උගන්වන්නේ නැත. නමුත් බෞතීස්මය වැදගත් වන්නේ ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබූ බවට සළකුණක් හා ක්‍රිස්තුස් වහන්සේ තුළ තබා ඇති ඇදහිල්ල පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සඳහා සහ ප්‍රාදේශීය ඇදහිලිවන්ත සමුහයා තුළ සමාජිකත්වය ලැබීමට මිස නිවෘත්තිය හෝ පව් කමාව පිණිස නොවේ. ක්‍රිස්තුස් වහන්සේ තුළ තබා ඇති ඇදහිල්ල හා අනුග්‍රහය කරණකොට පමණක්ම අප ගැලවීම ලබන බව බයිබලය ඉතා පැහැදිලිව පෙන්වා දෙයි. (යොහාන් 1:12, යොහාන් 3:16, ක්‍රියා 16:31, රෝම 3:21-30, රෝම 4:5, රෝම 10:9-10, එපීස 2:8-10, පිලිප්පි 3:9, ගලාති 2:16).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගැලවීම සඳහා බෞතීස්මය අවශ්‍ය බව ක්‍රියා 2:38 හි උගන්වනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries