මාර්ක් 16:16 ගැලවෙන පිණිස බෞතීස්මය අවශ්‍ය බව උගන්වනවාද?



ප්‍රශ්නය: මාර්ක් 16:16 ගැලවෙන පිණිස බෞතීස්මය අවශ්‍ය බව උගන්වනවාද?

පිළිතුර:
ඕනෑම පදයක් හෝ පරිච්ජේදයක් ඒ තුලින් උගනවන්නේ කුමක් කියාද එය පළවෙනිවර කියවීමේදීම බයිබලයේ එම විෂයේ ඉගැන්වීම් තුලින් දැන ගත හැකිවේ. බෞතීස්මය හා ගැලවීම පිළිබඳව, ගැලවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොට ගෙන අනුග්‍රහයෙන් ලැබෙන බවත් ඉන් හැර බෞතීස්මය ඇතුළු කිසිදු ක්‍රියාවකින් නොවන බවත් බයිබලය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරයි ( එපීස 2:8-9). එබැවින් බෞතීස්මය හෝ වෙන ක්‍රියාවක් කරණකොට ගෙන ගැලවීම සිදුවේ යන අර්ථකථනයන්, පරිවර්ථනයන් සාවද්‍ය පරිවර්ථනයන් වේ. තව දුරටත් මෙය පිළිබඳව දැන ගැනීම සඳහා අපගේ ගැලවීම ඇදහිල්ලෙන් පමණක්ද නැතහොත් ඇදහිල්ල සමඟ වෙනත් ක්‍රියාවන් වේද යන අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න.

ඕනෑම තනි පදයක් හෝ පරිච්ජේදයක් එය ලියන ආකාරයෙන් හා එහි සංදර්භය සුපරික්‍ෂාකාරීව සැළකිල්ලට ගැනීමෙන් එයින් උගන්වන්නේ කුමක්ද යන්න දැන ගත හැකිය. එලෙසම මෙම විෂයට අදාළ බයිබලයේ වෙනත් ස්ථාන වල ඇති ඉගැන්වීම් සමඟ සසඳා බැලීමෙන් දැන ගත හැකිය. ගැලවීම හා බෞතීස්මය පිළිබඳව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොට ගෙන අනුග්‍රහයෙන් ගැලවීම හැර බෞතීස්මය හෝ වෙනත් කිසිදු ක්‍රියාවකින් නොවන බව එපීස 2:8-9 සඳහන් කරයි. එබැවින් බෞතීස්මය හෝ වෙන ක්‍රියාවක් කරණකොට ගෙන ගැලවීම සිදුවේ යන අර්ථකථනයන් හා පරිවර්ථනයන් සාවද්‍ය පරිවර්ථනයන් වේ.

මාර්ක්16:16 කියවීමේදී, මාර්ක්16:9-20 දක්වා පාඨමය ප්‍රශ්ණ ඇති බව තේරුම් ගැනීම ඉතාමත් වදගත් වේ. මාර්ක් ශුභාරංචි පොතෙහි මුල් ආකෘතියෙහි මෙම පදයන් තිබුනේද යන්න හා නැතහොත් පසුකාලීනව වාර්තා ගත කරන්නන් ඇතුලත් කළේද යන යන්න පිළිබඳව ගැටළුවක් වේ. ලියවිල්ලෙහි වෙනත් ස්ථානයකින් ආධාරකයක් වෙතොත් පමණක් එම පදයන් කරණකොට ගෙන ධර්මයක් සෑදිය හැකි නමුත් එසේ නොවේ නම් ඉතාමත් සුබදායික වන්නේ එවැනි පදයන් මත ගොඩ නොනැංවීමට වග බලා ගැනීමය.

මාර්ක් ශුභාරංවියෙහි මුල් ආකෘතියෙහි මාර්ක් 16 පරිච්ජෙදය තිබූ බවට උපකල්පනය කරන ලද්දේ නම්, සැබවින් ගැලවීම සඳහා බෞතීස්මය අවශ්‍යද? කෙටි පිළිතුර වන්නේ නැත යන්නයි. බෞතීස්මය අවශ්‍ය බවට පවසන්නේ නම් එම තැනැත්තා එහි ඉගැන්වීමෙන් ඔබ්බට යායුතුය. මෙම පදයෙන් උගන්වනු ලබන්නේ ගැලවීම සඳහා ඇදහිල්ල අවශ්‍ය බවය. ගැලවීම සඳහා ඇදහිල්ල අවශ්‍ය බව සනාථ කිරීම සඳහා බයිබලයේ ගනන් කිරීමට නොහැකි තරම් පද වේ (උදාහරණ යොහාන් 3:18, යොහාන් 5:24, යොහාන් 12:44, යොහාන් 20:31,1 යොහාන් 5:13).

අදහාගන්නාවූ, බෞතීස්මය ලබන්නාවූ තැනැත්තේ ගලවනු ලබන්නේය (මාර්ක් 16:16). මෙම පදය සෑදී ඇත්තේ ප්‍රකාශණයන් දෙකක් කරණකොට ගෙනය. 1. විශ්වාස කර බෞතීස්ම ලබන්නා ගලවනූ ලබන්නේය. 2. විශ්වාස නොකරන්නා දඬුවමට ලක්වන බවය.

බෞතීස්ම ලැබූ ඇදහිලිවන්තයන් ගැන (ඔවුන් ගලවනු ලබන්නේය) යමක් මෙම පදයෙන් පවසනු ලැබේ. එලෙසම බෞතීස්ම නොලැබූ ඇදහිලිවන්තයන් පිළිබඳව කිසිවක් සඳහන් නොකරයි. එබැවින් මෙම පදයෙන් ගැලවෙන පිණිස බෞතීස්මය අවශ්‍ය යන්න සනාථ කිරීමට නම් තවත් 3 වෙනි ප්‍රකාශණයක් ඇතුලත් විය යුතුය. එනම් විශ්වාස කර බෞතීස්ම නොලබන්නා දඬුවමට ලක්වේ යන්නය හෝ බෞතීස්ම නොලබන්නා දඬුවමට ලක්වේ යන්නය. නුමුත් මෙම පදය තුල එවැනි ආකාර කිසිම අදහසක් පදයක් අන්තර්ගත නොවේ.

මාර්ක් 16:16 කරනකොට ගෙන ගැලවෙන පිණිස බෞතීස්මය අවශ්‍යයයි උගන්වන්නා පොදු නමුත් ඉතාමත් බරපතල වැරුද්දක් සිදු කරණ අතර එය සමහරවිට අසුබවාදී අනුමාන වැරදි මතයක් හෝ නොමඟ යවන්නක් බවට කිව හැකිය. මෙම වැරදි මතය මෙලස ප්‍රකාශ කිරීමට හැක. ප්‍රකාශණයක් නිවැරදි හෝ සත්‍ය නම් එහි ඇති ප්‍රතිෂේධනයන් (හෝ විරුද්ධ) සියල්ල සත්‍ය බවට උපකල්පනය කළ නොහැකිය. උදාහරණයක් ලෙස දුඹුරු ලප ඇති සුනඛයා සිව්පාවෙකි යන ප්‍රකාශණය සත්‍යවේ. එසේ නුමුදු සුනඛයෙකුට දුඹුරු පැහැති ලප නොමැතිනම් ඌ සිව්පාවෙක් නොවේ යන්න එහි විරුද්ධ වාක්‍ය වේ. එය සාවද්‍ය වන අතරම එලෙසම විශ්වාස කොට බෞතීස්ම ලබන්නා ගලවනු ලබන්නේය සත්‍ය වන අතර විශ්වාස කොට බෞතීස්ම නොලබන්නා ගලවනු නොලබන්නේ යන්න වගකීමක් නැති උපකල්පනයකි. එලෙස මෙම උපකල්පනය බෞතීස්ම පුනර්ජීවනයට දායකවන්නන් ගෙන් විය යුතුය.

මෙම උදාහරණය සළකා බලන්න. විශ්වාස කොට කැන්සාස්හි ජීවත් වෙන්නා ගලවනු ලබන නුමුත් විශ්වාස නොකරන්නා දඬුවමට පත් කරනූ ලබන්නේය මෙම ප්‍රකාශණය සැබවින්ම සත්‍යවේ. කැන්සාස්හි යේසුස් වහන්සේ විශ්වාස කරණු ලබන වැසියන් ගලවනු ලබන්නේය. නුමුත් කැන්සාස්හි පමණක් වාසය කරණු ලබන්නන් ගලවනු ලබන්නේය යන්න තර්කාණුකුල නොවන සාවද්‍ය උපකල්පනයකි. මෙම ප්‍රකාශණයේ ස්වර්ගයට යාමට ඇදහිලිවන්තයා කැන්සාස්හි වාසය කළ යූතුයි යන්න සඳහන් නොවේ. එලෙසම මාර්ක් 16:16 ඇදහිලිවන්තයා බෞතීස්මවීම අනිවාර්ය බව පවසන්නේ නැත. එම ප්‍රකාශණයේ සඳහන් වන්නේ බෞතීස්ම වූ ඇදහිලිවතුන් ගැන සමහර කරුණු කාරණාය. එම පදයේ බෞතීස්ම වූ ඇදහිලිවතුන් ගලවන බව සඳහන් වූ නුමුත් බෞතීස්ම නොවූ ඇදහිලිවතුන්ගැන කිසිවක් සඳහන් නොකරයි. කැන්සාස්හි වාසය නොකරන ඇදහිලිවතුන් සිටීමට හැකිය. නමුත් ගැලවීම ලබා ඇත.

ගැලවීම සඳහා අවශ්‍ය ඉතා විශේෂ කොන්දේසියක් මාර්ක් 16:16 දෙවෙනි කොටසෙහි සඳහන් වේ. විශ්වාස නොකරන්නා දඬුවමට පත් කරනු ලබන්නේය. යේසුස් වහන්සේ විශ්වාසය පිළිබඳව දෙයාකාරයකින් කොන්දේසි පනවා ඇත. විශ්වාස කරනු ලබන තැනැත්තා ගලවනු ලබන අතර අසුබවාදී කොන්දේසිය ලෙස විශ්වාස නොකරන්නා දඬුවමට පත් කරනු ලබන බවද පවසා ඇත. එබැවින් සම්පූරණයෙන්ම නිශ්චිත වශයෙන් ගැලවීම සඳහා අවශ්‍ය බෞතීස්මය වන්නේ විශ්වාසය /ඇදහිල්ල බවට ප්‍රකාශ කළ හැකිය. ලියවිල්ල පුරාවට සුභවාදීව හා අසුබවාදීව මෙම කොන්දේසි සඳහන්ව ඇති බව අපි දකින්නෙමුව. (යොහාන් 3:16, යොහාන් 3:18, යොහාන් 3:36, යොහාන් 5:24, යොහාන් 6:53-54, යොහාන් 8:24, ක්‍රියා 16:31).

යේසුස් වහන්සේ ගැලවීම (බෞතීස්මය) සම්බන්ධව කොන්දේසියක් මාර්ක් ශුභාරංචියෙහි ප්‍රකාශ කරණ ලදී. නුමුත් ඊට සම්බන්ධ කොන්දේසිය හා අවශ්‍යතාවය පටලවා ගත යුතු නැත. උදාහරණයක් ලෙස උණ හට ගැනීම රෝගාතුර වීමට හේතුවක් වේ. නුමුත් රෝගාතුර වීමට උණ අත්‍යාවශ්‍ය නොවේ. බෞතීස්මය නොලැබූ තැනැත්තා දඬුවමට පත් කරනු ලබන්නේය යන ප්‍රකාශණයක් බයිබලයේ කිසිම තැනක මූණ නොගැසේ. එබැවින් බෞතීස්මය ගැලවීම සඳහා අත්‍යවශ්‍ය බව මාර්ක් 16:16 පදනම් කරණකොට ගෙන හෝ වෙනත් කිසිම පදයක් ආශ්‍රයෙන් පැවසිය නොහැක.

මාර්ක් 16:16 ගැලවිම සඳහා බෞතීස්මය අවශ්‍ය වේ යන්න හෝ අවශ්‍ය නොවේ යන්න ප්‍රකාශ කරන්නේද? නැත එසේ සඳහන් නොකරයි. එය ඉතා පැහැදිලිව ගැලවීම සඳහා විශ්වාසය අවශ්‍ය බව සනාථ කරණ අතරම බෞතීස්මයක අවශ්‍යතාවය පිළිබඳව සනාථ කිරීමක් හෝ ප්‍රතික්‍ෂේප කිරීමක් සිදු නොකරයි. එසේනම් යමෙක් ගැලවීම සඳහා බෞතීස්මය අවශ්‍ය බව දැනගන්නේ කෙසේද? ඒ සඳහා දෙවියන් වහන්සේගේ වචනයේ මුලු මන්ත්‍රණය දෙස බැලිය යූතු වෙමූ. සනාථ කිරීම සඳහා මෙම සාරාංශය දැක්වේ.

1. අප ගැලවුනේ ඇදහිල්ල කරණකොට ගෙන පමණක්ම බව බයිබලය පැදිලිව පෙන්වා දෙයි. ආබ්‍රහම් ගැලවූනේ ඇදහිල්ල කරණකොට ගෙනය. එලෙසම අපිද ගැලවුනෙමු (රෝම 4:1-25, ගලාති 3:6-22).

2. බයිබලය පුරාවට සෑම ආගමික කාල සීමාවන් වලදී, බෞතීස්මය නොලබා මනුෂ්‍යයන් ගැලවීම ලැබුවෝය. පරණ ගිවිසුමෙහි සෑම ඇදහිලිවන්තයෙක්ම (උදා ආබ්‍රහම්, යාකොබ්, දාවිත්, සාලමෙන්) ගැලවීම ලැබුවද බෞතීස්මය ලැබුවේ නැත. කුරුසිය මත සිටි සොරා ගැලවීම ලැබුවද බෞතීස්ම වූයේ නැත. කොරනේලියස් ගැලවීම ලැබුවේ බෞතීස්ම වීමට පෙරය (ක්‍රියා 10:44-46).

3. බෞතීස්මය අපගේ ඇදහිල්ල ගැන සාක්‍ෂියක් වන අතර, අප යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන බවට කරන්නාවූ ප්‍රසිද්ධ ප්‍රකාශණයකි. ලියවිල්ල අපට පෙන්වා දෙන්නේ අප විශ්වාස කළ මොහොතෙහිම සදාකාල ජීවනය අපට අත්වන බවය (යොහාන් 5:24). සෑම අවස්ථාවකම බෞතීස්ම වීමට ප්‍රථම ඇදහිල්ල පැමිණේ. මැදි මාවතක ගමන් කිරීම හෝ යාච්ඤාවක් අපට ගැලවීම නොදෙන්නා සේම බෞතීස්මයද අපට ගැලවීම ගෙන නොදෙයි. අප ගැලවීම ලබන්නේ විශ්වාස කිරීම කරණකොට ගෙනය.

4. බෞතීස්මය නොලැබූ අයෙක් ගැලවීම නොලබන බවට බයිබලය කිසිවිටෙක නොපවසයි.

5. ගැලව්ම සඳහා බෞතීස්මය ඇවසි වූයේ නම් තවත් පාර්ශවයක් නොමැතිව කිසිවෙකුට ගැලවීමට නොහැකිවේ. එම පුද්ගලයා ගැලවීම ලබන්නට ප්‍රථම බෞතීස්ම කිරීමට යමෙක් සිටිය යුතුවේ. ගැලවීම ලබන්නේ කව්ද හා ගැලවීම ලබන්නේ කවදාද යන්නෙහි ඵලදායීතාව මෙමඟින් සීමා කරනු ලැබේ. මෙම ධර්මයෙහි ආදීන තර්කානුකුල අවසානයකදී සැබෑව සහමුලින්ම යටපත් කරයි. උදාහරණයක් ලෙස ඇදහිලිවන්ත සොල්දාදුවෙක් බෞතීස්මයට පෙර සටන් බිමෙහිදී මිය ගියහොත් ඔහු යන්නේ නිරයටද?

6. බයිබලය පුරාවට අප දකින දෙයක් වන්නේ ඇදහිල්ල ඇති වූ මොහොතේ පටන් ඇදහිලිවන්තයා ගැලවීමේ ආශීර්වාද වලට හා පොරොන්දු වලට උරුමකම් කියයි ( යොහාන් 112, 3:16, 524, 647, 20:31, ක්‍රියා 10:43, 13:39, 16:31). යමෙක් අදහන්නේද ඔහුට සදාකාල ජීවනය ඇත්තේය. ඔහු විනිශ්චයට පත් නොවී මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි. (යොහාන් 5:24). මේ සියල්ල ඔහු හෝ ඇය බෞතීස්ම ලබන්නට පෙරය.

ඔබ බෞතීස්ම පුනර්ජීවනය විශ්වාස කරන්නෙකු නම් යාච්ඤා පූර්වකව ඔබ මුල්තැන දී ඇත්තේ හා ඔබ විශ්වාස කරනු ලබන්නේ කාවද හා කුමක්ද යන්න පිළිබඳව හොඳින් සළකා බලන්න. ඔබගේ විශ්වාසය / ඇදහිල්ල ඇත්තේ මාංසික ක්‍රියාවක් (බෞතීස්මවීම) මතද නැතහොත් කුරුසිය මත නිමා කළ ක්‍රිස්තුස් වහන්සේ ගේ ක්‍රියාව මතද? ගැලවීම සඳහා ඔබ වීශ්වාස කරනු ලබන්නේ කාවද, කුමක්ද? එය ජායාවක් / සෙවනැල්ලක් සේ පෙනෙන බෞතීස්මයද නැතහොත් තේමා විෂය අර්ථය වන (යේසුස් ක්‍රිස්තුස් වහන්සේ) වද? අපගේ ඇදහිල්ල රඳා පැවතිය යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ මත පමණක්මය. උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය (එපිස 1:7).



නැවතත් සිංහල මුල් පිටුවට



මාර්ක් 16:16 ගැලවෙන පිණිස බෞතීස්මය අවශ්‍ය බව උගන්වනවාද?