settings icon
share icon
ප්‍රශ්නය

ගැලවීම ලබන පිණිස බෞතීස්මය අවශ්‍ය බව යොහාන් 3:5 හි උගන්වනවාද?

පිළිතුර


පළවෙනිවර කියවීමේදීම ඕනෑම පදයක් හෝ පරිච්ජේදයක් ඒ තුලින් උගන්වන්නේ කුමක්ද කියා බයිබලය එම විෂය පිළිබඳ සිදු කරන ඉගැන්වීම් වලින් දැන ගත හැකිය. බෞතීස්මය සහ ගැලවීම පිළිබඳව, ගැලවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල කරණකොට ගෙන අනුග්‍රහයෙන් ලැබෙන බවත් ඉන් හැර බෞතීස්මය ඇතුළු කිසිදු ක්‍රියාවකින් නොවන බවත් බයිබලය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරයි (එපීස 2:8-9). එබැවින් බෞතීස්මය හෝ වෙනත් ක්‍රියාවක් කරණකොටගෙන ගැලවීම සිදුවේ යන අර්ථ කථනයන්, පරිවර්තනයන් සාවද්‍ය පරිවර්තනයන් වේ. තව දුරටත් මෙම විෂය පිළිබඳ දැන ගැනීම සඳහා, ගැලවීම ඇදහිල්ලෙන් පමණක්ද නැතහොත් ඇදහිල්ල සමඟ වෙනත් ක්‍රියාවන් වේද යන අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න.

යොහාන් 3”: 3-7 "යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් සැබවක් නුඹට කියමි යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්ට නොහැකියයි ඔහුට කීසේක. නිකොදේමුස් උන්වහන්සේට කථාකොට: මනූෂ්‍යයෙක් මහළුව සිටියදී උපදින්ට පුළුවන් කොහොමද? දෙවෙනිවර මවුකුසට ඇතුල්ව උපදින්ට පුළුවන්දැයි උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් සැබවක් නුඹට කියමි-යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්ට බැරිය. මාංසයෙන් උපදින දේ මාංසයය. ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය. නුඹලා අලුතෙන් උපදින්ට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න".

මෙම පාඨය සළකා බලන කල්හි මෙම සංදර්භය තුළ කිසි තැනක බෞතීස්මය යන පදය සඳහන් වී නොමැත. නුමුත් මෙම පරිච්ජේදයෙහි වෙනත් ස්ථානයක (යොහාන් 3:22-30) වෙනත් පසුබිමක (යෙරුසලම වෙනුවට යුදය) නිකොදේමුස් සමඟ සාකච්ජාවට පසු කාලීනව බෞතීස්මය ගැන සඳහන් වේ. නිකොදේමුස් බෞතීස්මය නොදැන සිටි බව පැවසීමට මෙය උත්සාහයක් නොවන අතර, අන්‍ය ජාතීන් යුදෙව් ආගම වැළඳ ගන්නා කල්හි බෞතීස්මයක් සිදුවිය. එසේ නැතහොත් යොහාන් බෞතීස්තගේ සේවය තුළද බෞතීස්මය සිදුවිය. මෙම සංදර්භය තුළ ඇති පදයන් කියවන කල්හි යේසුස් වහන්සේ බෞතීස්මය ගැන සඳහන් නොකළ බව උපකල්පනය කිරීමට කිසිදු කරුණක් නොමැති අතර, යමෙක් පූර්වකල්පිත දේව ධර්මානුකුලව මෙම පරිච්ජේදය කියවීමක් සිදු කළහොත් මිස. "වතුර" යන වචනය සඳහන් වූ පමණින්ම ඊට බෞතීස්මය ඇතුළු කිරීම සාධාරණ නොවේ.

ගැලවීම සඳහා බෞතීස්මය අවශ්‍ය බව පවසන්නන් "යමෙක් වතුරෙන්" යන කරුණ එය සනාථ කිරීමට සාක්‍ෂියක් ලෙස ඉදිරිපත් කරයි. තවත් කෙනෙක් යේසුස් වහන්සේ බෞතීස්මය ගැන සරලව "වතුරෙන් සහ ආත්මයෙන් ඉපදිය යුතුය" යන ඉතාම පැහැදිලි ප්‍රකාශයක් බෞතීස්මය ගැන සිදු කල බවට පැවසිය හැක. මීට වඩා විස්තරාත්මකව බෞතීස්මය ගැන පැවසීමට යේසුස් වහන්සේට ක්‍රමයක් නොතිබූ බව පැවසිය හැක. කෙසේ වුවද සැබවින්ම යේසුස් වහන්සේට අවශ්‍ය වූයේ ගැලවෙන පිණිස යමෙක් බෞතීස්ම විය යුතු බවද? එසේ නම් යේසුස් වහන්සේ පැහැදිලිව සහ ඉතාම සරලව "සැබවක් සැබවක් නුඹට පවසමි, යමෙක් බෞතීස්ම වී ආත්මයාණන්ගෙන් නූපන්නොත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට නොහැකිය" යන්න පැවසීමට තිබුණි. තව දුරටත් යේසුස් වහන්සේ එසේ පැවසූයේ නම් එතුමා ඇදහිල්ල අනුග්‍රහයෙන් බව පවසන බොහෝ පාඨයන් උල්ලංඝණය කළ කෙනෙක් වේ (යොහාන් 3:16, 3:36, එපීස 2:8-9, තීතස් 3:5).

යේසුස් වහන්සේ නිකොදේමුස්ට බෞතීස්මය ගැන කථා කරන විට කිතුණු බෞතීස්ම ආඥාව ක්‍රියාවට නැංවී තිබුණ නැති බව අප සිහියේ තබා ගත යුතුය. මෙලෙස නොගැලපෙන අයුරින් පරිවර්තනය කරන්නන් කුරුසියේ සිටි සොරාට ගැලවෙන පිණිස බෞතීස්මය අවශ්‍ය නොවූයේ මන්ද යන්න ගැලවීමට බෞතීස්මය අවශ්‍ය යයි ප්‍රකාශ කරන අයගෙන් විමසූවිට ඔවුන් පවසන්නේ "කුරුසියේ සිටි සොරා ඒ වනවිටත් "පරණ ගිවිසුම යටතේ" සිටි බැවින් බෞතීස්මය ඔහුට අයිති නැති බවත් පරණ ගිවිසුමෙහි සිටි අන් අය පරණ ගිවිසුමෙන් ගැලවීම ලැබුවාක් සේම ඔහුද ගැලවුන බවය. එසේම කුරුසියේ සිටි සොරා පරණ ගිවිසුම යටතේ සිටි බැවින් බෞතීස්මය අවශ්‍ය නැත පවසන අයම යොහාන් 3:5, ගැලවීමට බෞතීස්මය අවශ්‍ය බව සනාථ කිරීමටත් යොදා ගන්නවා ඇත. ඔවුන් තරයේ පවසා සිටින්නේ ගැලවීම ලබන පිණිස බෞතීස්මය අවශ්‍ය බව යේසුස් වහන්සේ නිකොදේමුස්ට පැවසූ බවය. නමුත් ඒ වනවිටත් ඔහුද සිටියේ පරණ ගිවිසුම යටතේය. කුරුසියේ සිටි සොරා බෞතීස්ම නොලබා ගැලවීම ලැබූවේ නම් (මන්ද ඔහුද සිටියේ පරණ ගිවිසුම යටතේය). එසේ නම් (පරණ ගිවිසුම යටතේම සිටි) නිකොදේමුස්ට බෞතීස්ම විය යුතුයි යේසුස් වහන්සේ පැවසුවේ මක්නිසාද?

ආත්මයෙන්ද වතුරෙන්ද ඉපද විය යුතුයි යන්නෙන් සඳහන් වන්නේ බෞතීස්මය නොවේ නම් එහි අර්ථය කිමෙක්ද? සම්ප්‍රදායානුකුලව මෙම වැකිකඩට අර්ථ කථනයන් දෙකක් විය. යේසුස් වහන්සේ "වතුරෙන් බෞතීස්ම වීම" පරිහරනය කරණු ලැබුවේ ස්වභාවික උපත පිළිබඳව (ගර්භාෂය තුළ ළදරුවා වටකර සිටින ඇම්නියන දියරයයි) වන අතර ආත්මයාණන් තුළින් ඉපදීම යනු ආත්මීක ඉපදිම වේ. "වතුරෙන් ඉපදිම" යන්නට එම අර්ථ කථනය සාධාරණ ලෙස පෙනෙන අතර එය නිකොදේමුස් ගේ ප්‍රශ්ණය වන මහළු වූ විට මනුෂ්‍යයෙක් "නැවත ඉපදෙන්නේ" කෙසේද යන්නට ගැලපේ. මෙම කොටස සඳහා දෙන ලද හොඳම අර්ථ කථනය මෙය නොවිය හැක. කෙසේ වුවද යේසුස් වහන්සේ ස්වාභාවික උපතක හා ආත්මික උපතක වෙනසක් ගැන කතා කළේ නැත. එතුමානන් වහන්සේ සිදු කරනු ලැබුයේ නිකොදේමුස් ඉහළින් ඉපදීම හෝ නැවත ඉපදීම සිදුවිය යුතු බව පැහැදිලි කර දීමය.

මෙම පොදු කොටස පිළිබඳ දෙවන අර්ථ කථනය මෙම සංදර්භය සඳහා සුදුසුම ලෙස හැඟෙන්නේ එය මෙම කොටසට පමණක් නොව මුළු බයිබලය සඳහාම එක ලෙස ගැලපේ. එහි වතුරෙන් සහ ආත්මයාණන් තුළින් ඉපදීම වෙනත් පැති කඩ දෙකකින් ඉහළින් ඉපදීම හෝ නැවත ඉපදීම විග්‍රහ කරයි. එබැවින් යේසුස් වහන්සේ නිකොදේමුස්ට "වතුරෙන් සහ ආත්මයාණන් නැවත ඉපදෙන්න" පැවසූවිට එය වචනාර්තයෙන් ස්වාභාවික වතුර නොවීය. (උදා බෞතීස්මය හෝ ගර්භාෂයේ ඇති ඇම්නියන දියරය හෝ නොවේය). නුමුත් එතුමාණන් වහන්සේ පෙන්වා දෙනු ලැබුවේ ආත්මික පවිත්‍රවීමක් හෝ නැවත අළුත් වීමක්ය. පරණ ගිවිසුම පුරාවට (ගීතාවලිය 51:2,7 එසකියෙල් 36:25) සහ අළුත් ගිවිසුමෙහි (යොහාන් 13:10, 15:3,1 කොරින්ති 6:11, හෙබ්‍රෙව්10:22) වචනය කරණකොටගෙන ශුද්ධ ආත්මයාණන් වහන්සේ තුළින් ගැලවීම පැමිණෙන අවස්ථාවේදී වතුර සංකේතාත්මක ආත්මික පවිත්‍ර බවකට හෝ පුණර්ජීවනයක සලකුණක් ලෙස යොදා ගන්නා ලදී (එපීස 5:26, තීතස් 3:5).

බාක්ලේ දිනපතා බයිබල් අධ්‍යනය මෙම සංකල්පය මෙසේ විග්‍රහ කරයි. "මෙහි සිතිවිලි දෙකක් ඇත. අපගේ ජීවිතවල අයිතිය යේසුස් වහන්සේ බාර ගන්නාවිට වතුර පවිත්‍රකාරකයකට ලකුණක් වේ. අප එතුමානන් වහන්සේට මුළු හදින් ආදරය කරණවිට පාපයන් සමාවදී අමතක කරනු ලැබේ. ආත්මය බළයේ ලකුණ වේ. යේසුස් වහන්සේ අපගේ ජීවිතයේ අයිතිකාරයා වූවිට අතීතය අමතක කොට සමාවදීම පමණක් නොව, එසේ පමණක්ම වී නම් නැවත වතාවක් ජීවිතය අවුලක් කර ගැනීමකට නැවත යොමුවනවා ඇත. නුමුත් යේසුස් වහන්සේ ජීවිතයේ අයිතිකාරයා වූවිට අපට, අප ලෙස කවදාවත් වෙන්නට බැරි කරන්නට බැරි කරණ පිණිස නව බලයක් අපට ඇතුළු වේ. වතුර සහ ආත්මය පවිත්‍ර කිරීමට හා ශක්තිමත් කරන්නාවූ ක්‍රිස්තුස් වහන්සේ අතීතය පිසදා දිවියට ජය දෙන්නාවූ බලයට සංකේතවත් වේ".

එබාවින් මෙහි සඳහන් වී ඇති "වතුර" වචනාර්ථයෙන් ස්වභාවික වතුර නොවන අතර, නමුත් යොහාන් 4:10 යේසුස් වහන්සේ ළිඳ ළඟදී කාන්තවට පොරොන්දු වූ ජීවනදායක වතුර වන අතර යොහාන් 7:37 සඳහන් යෙරුසලමෙහි සෙනඟ වේ. එය ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන සිදුවන ඇතුලාන්තර පවිත්‍රවීමක් සහ අළුත්වීමක් සමඟම මැරුණු පව්කරුවෙකුට ගෙනෙන ආත්මික ජීවිතය වේ. (එසෙකියෙල් 36:25-27, තීතස් 3:5 යේසුස් වහන්සේ යොහාන් 3:7 නැවතත් මෙම සත්‍යතාවය ප්‍රතිසාධනය කරමින් යමෙක් නැවත ඉපදිය යුතු බවත් මෙම ජීවිතයේ අළුත්වීම සිදුවිය හැක්කේ ශුද්ධාත්මයානන් වහන්සේ කරණකොට පමණක්ම බවත් පවසන ලදී (යොහාන් 3:8).

"ආත්මයෙන් සහ වතුරෙන්" ඉපදීමට නිවැරදි අර්ථකථනය මෙයයි පැවසීමට බොහෝ කරුණු කාරණා ඇත. පළමුව "නැවතත්" යන්නෙහි ග්‍රීක පදයට අර්ථ දෙකක් තිබිය හැකිය. පළවෙනි ලෙස "නැවතත්" යන්නත් දෙවනුව "ඉහළින්" යන්නත් වේ. නිකොදේමුස් පැහැදිලිවම පළමුවන "නැවත" යන්න තේරුම්ගත නොහැකිබව උපකල්පනය කරණ ලදී. එනිසයි නැවත වැඩූණු මනුෂ්‍යයෙකුසේ මවගේ කුසට මාංසිකව ඇතුල්වීම වටහා ගැනීමට නොහැකි වූයේ. එබැවින් යේසුස් වහන්සේ නිකොදේමුස්ට පවසන ලද දෙය නැවත වරක් වෙනත් ආකාරයකින් පැහැදිලිවන පිණිස පවසන ලදී. එතුමානන් වහන්සේ පවසන ලැබූවේ "ඉහළින්" සිදුවිය යුතු ඉපදීම පිළිබඳවය. තවත් ආකාරයකින් පවසන්නේ නම් "ඉහළින් ඉපදිම" හා "වතුරෙන් සහ ආත්මයෙන් ඉපදීම" එකම දෙය දෙයාකාරයකින් පැවසීම වේ.

දෙවනුව ග්‍රීක ව්‍යාකරණ මෙම පදයන් දෙකෙහි "වතුරෙන් ඉපදිම" සහ "ආත්මයෙන් ඉපදීම" සළකා බැලීම ඉතා වැදගත් වේ මන්ද එය දෙකක් ලෙස නොව එකක් ලෙස සැළකෙන බැවින්ය. එබැවින් එය නිකොදේමුස් සාවද්‍ය ආකාරයෙන් වටහා ගත් ලෙස වෙනස් වු ඉපදීම් දෙකක් නොව "ඉහළින් ඉපදීම" හෝ නැවත ඉපදීම එකක් වේ, එය යමෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින පිණිසය. නැවත ඉපදීම හෝ ආත්මීක ඉපදීම ඉතා වැදගත් බැවින් යේසුස් වහන්සේ තුන් වතාවක් මෙම කොටසෙහි විවිධ ස්ථාන වලදී පවසන ලදී (යොහාන් 3”:3,5,7).

තුන් වෙනුව බයිබලයේ වතුර, ඇදහිලිවන්තයෙකු පවිත්‍ර කරන්නාවූ ශුද්ධාත්මයාණන් වහන්සේට ලකුණක් ලෙස සඳහන් කරන ලදී. එලෙසම දෙවියන් වහන්සේ ඇදහිලිවන්තයෙකුගේ හදවත හෝ ආත්මය පවිත්‍ර කර පිරිසිදු කරයි. බයිබලයේ පරණ ගිවිසුමෙහි හා අළුත් ගිවිසුමෙහි බොහෝ ස්ථාන වල ශුද්ධාත්මයාණන් වහන්සේ වතුරට සමාන කර ඇත (යෙසායා 44:3, යොහාන් 7:38-39).

එලෙසම යේසුස් වහන්සේ යොහාන් 3:10, මේ පිළිබඳව විමසමින් "ඔබ ඊශ්‍රායෙල්හි ගුරුවරයා නොවේද එසේවී තිබියදීත් ඔබට මෙය තේරුම්ගත නොහැක්කේ මන්ද" යයි තටවටු කරන ලදී. යේසුස් වහන්සේ නිකොදේමුස්ට පැවසූ දෙය පරණ ගිවිසුමෙන් නිකොදේමුස් දැන සිටිය යුතු බවට පළ කළ ඉඟියක් වැනිය. එනම් පරණ ගිවිසුමෙහි ගුරුවරෙකු වන ඔහු මෙය තේරුම් ගත යුතු බවය. පරණ ගිවිසුමෙහි දෙවියන් වහන්සේ මෙසේ පොරොන්දුවක් දෙන ලදී. එනම් "නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම් වලින්ද, නුඹලාගේ සියලු දේව රූප වලින්ද නුඹලා පිරිසිදු කරන්නෙමි. මම අලුත් සිතක් නුඹලාට දී අලුත් ආත්මයක් නුඹලා තුල තබා නුඹලාගේ මාංසයෙන් ගල් සිත් පහකොට මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි (එසෙකියෙල් 36:25-27). යේසුස් වහන්සේ නිකොදේමුස්ට තරවටු කරනු ලැබුයේ පරණ ගිවිසුමෙහි, අළුත් ගිවිසුම හා එක් වන්නාවූ ඉතා වැදගත් දෙයක් මතකයට නඟා ගැනීමට නොහැකිවූ බැවිනි (යෙරමියා 31:33). නිකොදේමුස් මෙය බලාපොරොත්තු වන්නට ඇත. පරණ ගිවිසුමෙහි කිසිම තැනක බෞතීස්මය සඳහන්ව නොතියදීත් යේසුස් වහන්සේ ඔහුට තරවටු කළ යුත්තේ මන්ද?

මෙම පදය බෞතීස්මය ගැලවීම සඳහා අවශ්‍ය බව උගන්වන්නේ නැතිමුත් බෞතීස්මයේ ඇති වැදගත්කම අතපසු නොකිරීමට අප ප්‍රවේසම් විය යුතුය. බෞතීස්මය යමෙක් නැවත උත්පාදනය ලැබූවිට සිදුවන ක්‍රියාවලියට සළකුණක් හෝ ලකුණක් වේ. බෞතීස්මයෙහි වැදගත්කම අඩුකොට සැළකීම හෝ අවම අගයට නොදැමීමට වග බලා ගත යුතුය. කෙසේ නමදු බෞතීස්මය අපව ගලවන්නේ නැත. අපව ගලවනු ලබන්නේ නැවත උත්පාදනය ලැබූ විට පවිත්‍ර කරන්නාවූ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියාවලිය හා එතුමාණන් වහන්සේ කරණකොට ගෙන ලබන පුනර්ජීවනය කරණකොට ගෙනය (තීතස් 3:5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගැලවීම ලබන පිණිස බෞතීස්මය අවශ්‍ය බව යොහාන් 3:5 හි උගන්වනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries