settings icon
share icon
ප්‍රශ්නය

බව්තීස්මය ගැළවීම ලැබීමට අත්‍යවශ්‍යය බව 1 පේත්‍රැස් 3:21 තුළින් උගන්වනු ලබයිද?

පිළිතුර


ඹ්නෑම තනි පදයක හෝ පාඨයක තිබෙනවා හා සේම එතුළින් උගන්වනු ලබන දේ අපට පැහැදිලි ලෙස දක්නට ලැබෙනුයේ අප දන්නා දේ තුළින් පළමුව පෙරා ගනිමින් ඉක්බිතිව එම විෂය පිළිබදව දේව වචනයේ උගන්වනු ලබන දේ තුළින්යග බව්තීස්මය සහ ගැළවීම යන්නෙහි දේව වචනයෙහි පැහැදිලි කරනු ලබන්නේල බව්තීස්මයද ඇතුළුවල ගැළවීම් වනාහී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන අනුග්‍රහයෙන් ලබා ගන්නාක් මිස කිසිඳු ක්‍රියාවකින් නොවන බවය (එපීස 2:8–9). එසේ හෙයින් බව්තීස්මය හෝ වෙනත් ඹ්නෑම ක්‍රියාවක් ගැළවීම ලැබීමට අවශ්‍යය යන අර්ථකථනයෙන් එනු ලබන නිගමනය වූ කලී දෝෂ සහිත අර්ථකථනයකි. වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුව වන “ගැළවීම වනාහි ඇදහිල්ල කරණාකොටගෙන පමණක්ද නොහොත් ඇදහිල්ල සහ ක්‍රියා තුළින්ද?” යන්න කියවන්න.

බව්තීස්මය ගැළවීම ලබා ගැනීම පිණිස අවශ්‍යය වන බව විශ්වාස කරනු ලබන්නන් 1 පේත්‍රැස් 3:21 “සාක්ෂි පෙළයෙදුමක්” ලෙසට භාවිතා කිරීමට ඉක්මන් වන්නේ “බව්තීස්මය දැන් ඔබව ගළවනු ලබයි” ලෙස එහි සදහන් කරනු ලබන හෙයිනි. අපව ගළවනු ලබන්නේ බව්තීස්ම ලැබීමේ ක්‍රියාවලිය තුළින්මය ලෙස සත්‍යය වශයෙන්ම පේත්‍රැස් විසින් ප්‍රකාශ කරනු ලැබුවේද? ඔහු එසේ කීවෙහි නම් බව්තීස්මය ලැබීමට ප්‍රථමයෙන් ජනයා ගැළවීම ලබන බව (ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් තුළට පැමිණීම නමැති සාක්ෂිය) එසේත් නැතහොත් බව්තීස්මය කිසිසේත්ම නොලබාම ගැළවීම ලැබීම (ලුක් 23:39–43 හි සදහන් කරනු ලබන කුරුසියෙහි සිටි සොරා මෙන්) වැනිවූ ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව සදහන් කරනු ලබන බොහෝ පාඨයන් ප්‍රතිවාචනය කරනු ලබයි. බව්තීස්ම ලැබීමට ප්‍රථමයෙන් ගැළවීම ලැබුවාවූ කෙනෙකු පිළිබදව ඇති කදිම නිදසුන නම් ක්‍රියා 10 හි සදහන් වන කොර්නේලියස් සහ ඔහුගේ ගෙවැසියන්ය. ඔවුන් බව්තීස්ම ලැබීමට ප්‍රථමයෙන් ගැළවීම ලැබූ බවට අප දැනගන්නේ ගැළවීමෙහි සාක්ෂියක් ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් තුළට පැමිණීම කරණකොටගෙනය (රෝම 8:9; එපිස 1:13;1 යොහාන් 3:24). පේත්‍රැස් ඔවුන්ට බව්තීස්ම ලැබීමට ඉඩ ලබා දුන්නේ ඔවුන් ලැබූ ගැළවීමට සාක්ෂියක් වන පිණිසවේ. ශුද්ධ ලියවිල්ලේ ගණන් කිරීමට නොහැකි පාඨයන් බොහොමයක් තුළින් පැහැදිලිව අපට උගන්වනු ලබන්නේ ගැළවීම පැමිණෙන්නේ යම් කෙනෙකු ශුභාරංචිය විශ්වාස කරනු ලැබ ඔහු හෝ ඇය “ක්‍රිස්තුස්වහන්සේ හා සමග පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ” මුද්‍රා කරනු ලැබූ විටය (එපීස 1:13).

ස්තුතිවන්තව, එනමුත් පේත්‍රැස් මෙම පදයෙන් අර්ථවත් කරනු ලබන්නේ කුමක්ද යන්න අපට අනුමාන කිරීමට අවශ්‍යය නොවන්නේ “මාංසයේ කිලූටුකම පහ කිරීමෙන් නොව, යහපත් හෘදසාක්ෂයකින් දෙවියන්වහන්සේ සෙවීමෙන්” යන වාක්‍ය ඛණ්ඩයෙන් ඔහු එය අප වෙනුවෙන් පැහැදිලි දෙනු ලබන හෙයිනි. පේත්‍රැස් බව්තීස්මය ගැළවීම හා සමග සම්බන්ධ කරන හෙයින්, ඔහු විසින් මෙහිදී සදහන් කරනු ලබන්නේ බව්තීස්මයේ ක්‍රියාදාමය නොව (මාංසයේ කිලූටුකම පහ කිරීමෙන් නොව) ජලය තුළ ගිල්වීමෙන් සිදු වන්නේ වෙනත් කිසිවක් නොව කුණු සේදී යාම බවය. පේත්‍රැස් මෙහිදී සදහන් කරනු ලබන්නේ බව්තීස්මය තුළින් නියෝජනය කරනු ලබන්නේ කුමක්ද එනම් අපව ගළවා ගනු ලබන්නකි ලෙසය (යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පුනරුත්ථාපනය කරණකොටගෙන යහපත් හෘදසාක්ෂියක් වෙනුවෙන් දෙවියන්වහන්සේට කරනු ලබන අභියාචනයක්ය). වෙනත් වචන වලින් සරලවම කිවහොත්, පේත්‍රැස් බව්තීස්මය විශ්වාසය හා සමග සම්බන්ධ කරනු ලබයි. ගළවනු ලබන්නේ ජලයෙන් තෙත්වී යෑම නමැති කොටසෙන් නොව, ඒ වෙනුවට “යහපත් හෘදසාක්ෂියක් වෙනුවෙන් දෙවියන්වහන්සේට කරනු ලබන අභියාචනයෙන්ය” මන්දයත් අපව ගළවනු ලබන්නාවූ දේ බව්තීස්මය තුළින් අගවනු ලබයි. දෙවියන්වහන්සේට කරනු ලබන අභියාචනාව සෑමවිටම මූලිකත්වය ගනු ලබයි. ප්‍රථමයෙන්ම විශ්වාසය සහ පශ්චාතාපයත් අනතුරුව ක්‍රිස්තුස්වහන්සේ හා සමග ප්‍රසිද්ධියේ හඳුනාගනු සදහා බව්තීස්මය පැමිණේ.

මෙම පාඨය පිළිබදව උත්කෘෂ්ඨ පහදා දීමක් ග්‍රීක නව ගිවිසුමේ වචනය අධ්‍යයනය යන්නෙහි කර්තෘ වන ආචාර්‍යය කෙනත් වෙස්ටි ගෙන එනු ලබයි. ජල බව්තීස්මය වූ කලී පැහැදිලිවම අපෝසතුළුවරයාගේ මනසෙහි තිබෙන්නකි. මෙය වූ කලී ශුද්ධාත්මයාණන්වහන්සේගේ බව්තීස්මය නොව, මන්ද ඔහු විසින් කථා කරනු ලැබුවේ නැවේ රැදවියන් මහා ජල ගැල්මෙන් ගළවනු ලැබීම පිළිබදවය. එහෙත් මෙම පදයෙහි කථා කරනු ලබන්නේ ඇදහිල්වන්තයන්ව බව්තීස්මය තුළින් ගළවනු ලැබීමය. එහෙත් ඔහු පවසනු ලබන්නේ එය ඔවුන්ව ගළවනු ලබන්නේ ප්‍රතිරූපයකයක් ලෙස බවයග එනම් ජල බව්තීස්මය වනාහී සත්‍යය එනම් ගැළවීම පිළිබදව ප්‍රතිරූපයකයක් බවය. එයට ගැළවිය හැකි වන්නේ ප්‍රතිරූපයකයක් ලෙස පමණක් බවය, එහෙත් නියත වශයෙන්ම එසේ නොවේ. පැරණි ගිවිසුමේ පූජාකිරීම් ආදිය ගැළවීම පිළිබදව ප්‍රතිරූපය කයක්ය. එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. ඔවුන් නියත වශයෙන්ම ඇදහිලිවන්තයාව ගැළවීමට ගෙන එනු නොලැබිණ එහෙත් එක් ආකාරයකින් පමණි. මෙම පූජා කිරීම් කිතුණු බව්තීස්මයට ප්‍රතිසම බව මෙහිදී විවාදයට නොගැනේ. කර්තෘවරයා මෙහිදී ප්‍රතිරූපයකය යන පදයෙහි භාවිතය සන්නිදර්ශණය කරනු වස් හුදෙක්ම භාවිතා කරනු ලබයි.

එසේ නම් ජල බවිතීස්මය ඇදහිලිවන්තයාව එක් වර්ගයකින් පමණක් ගළවනු ලබයි. පැරණි ගිවිසුමේ යුදෙව්වා පූජාව රැගෙන එන්ටත් ප්‍රථමයෙන් ගළවනු ලැබීය. එම පූජාව වූ කලී ඔහුගේ මෙම පූජා කිරීම් වර්ගයක් වූ තමන්ගේ ඇදහිල්ල දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් කෙරෙහි තබන බවට බාහිර සාක්ෂයක් පමණි. ජල බව්තීස්මය වූ කලී ඇදහිලිවන්තයාගේ අභ්‍යන්තර ඇදහිල්ල පිළිබදව බාහිර සාක්ෂයකි. තමන්ගේ ඇදහිල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තැබූ සැනින් එම පුද්ගලයා ගැළවීම ලබයි. ජල බව්තීස්මය වනාහී ඔහුගේ ඇදහිල්ල පිලිබදව මෙන්ම එම ඇදිහිල්ලට පිළිතුරු වශයෙන් දෙනු ලැබූ ගැළවීම පිළිබද දෘෂ්‍යමාන සාක්ෂියක් වේ. පේත්‍රැස් තමන්ගේ පාඨකයින්ව දැනුවත් කිරීමට ප්‍රවේසම් වන්නේ ඔහු විසින් උගන්වනු ලබන්නේ බව්තීස්ම ප්‍රතිජනනය පිළිබද නොව නම් වශයෙන් කිවහොත් බව්තීස්මයට යටහත් වන පුද්ගලයා එතුළින් ප්‍රතිජනනය වනු ලබන්නේ මාංසයේ අපවිත්‍ර දේ ඉවතලනු ලබන බවට ඔහු විසින් ප්‍රකාශ කරනු ලබන හෙයින් නිසා නොවේ. පේත්‍රැස් විසින් පහදා දෙනු ලබන බව්තීස්මය වූ කලී මාංසයේ අපවිත්‍ර දේ සෝදා ලන්නක් හෝ සැබෑ අර්ථයකින්ම කිවහොත් ශරීරයට ස්නානය අවශ්‍යය සේ හෝ උපමා අර්ථයකින්ම කිවහොත් ප්‍රාණය පවිත්‍ර කරනු ලබන්නක් ලෙස හෝ නොවේ. කිසිඳු චාරිත්‍ර විධියක් සැබවින්ම හෘද සාක්ෂ්‍යයට බලපෑම් ඇති නොකරයි. ගැළවීම යන්නෙන් අර්ථවත් වන දෙය එනම් මෙවන් වචන වලින් කියැවෙන දෙවියන්වහන්සේ වෙතට යොමු වන්නාවූ යහපත් හෘද සාක්ෂ්‍යයක පිළිතුර යන්න ඔහු විසින් නිර්වචනය කරනු ලබන අතර මෙය ඉෂ්ඨ කරනු ලබන ආකාරය ඔහු විසින් පහදා දෙනු ලබන්නේල නම් වශයෙන් කිවහොත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත උත්ථානය කරණකොටගෙන එතුළින් විශ්වාස කරනු ලබන පව්කාරයා උන්වහන්සේගේ නැවත නැගිටීම හා සමග හඳුනාගනු ලබයි.

මෙම පාඨයේ ව්‍යාකූලභාවය හට ගනු ලබන කාරණාව නම් බොහෝ ආකාරයට බව්තීස්මයේ අභිප්‍රාය, යම් කෙනෙකුට ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඇදහිල්ල ප්‍රසිද්ධව ප්‍රකාශ කරනු සදහා මෙන්ම උන්වහන්සේ හා සමග හඳුනාගැනීම ප්‍රතිස්ථාපනය කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තීරණයක් ගැනීම හෝ පව් කරුවන්ගේ යාච්ඤාව කරනු ලැබීමයි. බව්තීස්මය නියම කරනු ලබා ඇත්තේ පසුවට කරනු ලබන්නක් ලෙසය. එසේ නමුත් පේත්‍රැස්ට හෝ පළමු වන සියවසෙහි සිටියාවූ කිතුණුවන් ඹ්නෑම කෙනෙකුට ක්‍රිස්තුස්වහන්සේව තමන්ගේ ගැළවුම්කරුවාණන් ලෙස පාපොච්චාරණය කරනු ලැබීම නමැති අදහස හෝ ඉතා යුහුසුලූව බව්තීස්ම නොලැබිය යුතුය යන්න පෙර නොඇසූවිරූය. එසේ හෙයින් පේත්‍රැස් විසින් බව්තීස්මය, ගැළවීම හා සමීපව දකිනු ලැබීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් මෙම පදය තුළින් පේත්‍රැස් පැහැදිලි කරනු ලබන්නේ ගළවනු ලබන්නේ පිලිවෙත් නොව ඇදහිල්ල කරණකොටගෙන අප ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය හා සමග එකමුතු වී සිටින යන කාරණය මතය, එනම් “ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන යහපත් හෘද සාක්ෂ්‍යයකින් දෙවියන්වහන්සේ සෙවීමෙන්” (1 පේත්‍රැස් 3:21).

එසේ හෙයින් පේත්‍රැස් විසින් සදහන් කරනු ලබන්නාවූ ගළවනු ලබන බව්තීස්මය නම් අධර්මිෂ්ඨ පව්කාරයාව ක්‍රිස්තුස්වහන්සේගේ සමගි කිරීමේ පූජාව හා සමග යුක්ති සහගත කරනු ලබන ඇදහිල්ලට පූර්වගමනය වූවකි (රෝම 3:25–26; 4:5). බව්තීස්මය වනාහී “නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්ගේ අළුත් කිරීමෙන්ද” දෙවියන්වහන්සේ විසින් කරනු ලබා ඇති බාහිර ලකුණකි (තීතස් 3:5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බව්තීස්මය ගැළවීම ලැබීමට අත්‍යවශ්‍යය බව 1 පේත්‍රැස් 3:21 තුළින් උගන්වනු ලබයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries