settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේගේ ලක්‍ෂණ මොනවාද? දෙවියන් වහන්සේ කෙබඳුද?

පිළිතුර


මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදි දෙවියන් වහන්සේ පිළිබඳව බොහෝ දෑ සොයාගත හැකිවීම සතුටට කරුණකි. මෙම ප්‍රශ්නය ගැඹුරින් සලකා බලන අයට, පළමුවෙන් එය සම්පූර්ණයෙන් කියවා, වැඩිදුර පැහැදිලි කිරීමක් ලබාගත හැකිවේ. මන්ද ශුද්ධ ලියවිලි යොමුව සම්පූර්ණයෙන් අවශ්‍ය වන්නේ, බයිබලීය අධිකාරිත්වය නොමැති නම් මෙම වචන එකතුව සාමාන්‍ය මිනිස් අදහස්වලට වඩා විශේෂත්වයක් පෙන්නුම් නොකරන නිසාය. එයද තම මතයට අනුව සලකා බැලීමේදි දෙවියන් වහන්සේ පිළිබඳව බොහෝ විට නිවැරදි නොවන බව පිළිගෙන තිබෙන නිසාය (යෝබ් 42 : 7). දෙවියන් වහන්සේ කෙබඳුදැයි තේරුම් ගැනීමට උත්සාහ කිරීම වැදගත් බව සඳහන් කිරීම පවා දුර්මතයකි. මන්ද එය කිරීමට අප අපොහොසත් බැවිනි. එසේ උත්සාහ කිරීමට යාමෙන් අපට අන් දෙවිවරුන් ඇදහීම, ඔවුන් පසුපස දිවීම වැනි දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ දේ පවා කිරීමට පෙළඹීමට එය රුකුලක් වන හෙයිනි (නික්මයාම 20 : 3-5).

දෙවියන් වහන්සේ පිළිබඳව අපට දැනගත හැක්කේ උන් වහන්සේ එළිදරවු කිරීමට තෝරා ගත් දේ පමණකි. දෙවියන් වහන්සේගේ එක් ලක්ෂනයක් වනුයේ “ආලෝක යයි”, එනම් උන් වහන්සේ තමන්ගේ තොරතුරු පිළිබඳව ස්වයං එළිදරවුවක් කරනවා (යෙසායා 60 : 19, යාකොබ් 1 : 17). දෙවියන් වහන්සේ තමන් පිළිබඳ දැනුම එළිදරවු කිරීම සත්‍යයක් බව නොසලකා නොහැකිය යුතු වන්නේ, අප අතරෙන් ඕනෑම කෙනෙකු උන් වහන්සේගේ අභ්‍යන්තරය පිළිබඳ දැනුමෙන් හීන වන බැවිනි (හෙබ්‍රෙව් 4 : 1). මැවිල්ල, ශුද්ධ බයිබලය, සහ වචනය මාංසවත් කිරීම (යේසුස් ක්‍රිස්තුස් වහන්සේ) දෙවියන් වහන්සේගේ ස්වභාවය දැනගැනීමට අපට උපකාරීවේ.

දෙවියන් වහන්සේ අපගේ මැවුම්කරුවා බවත්, අපි උන් වහන්සේගේ මැවිල්ලෙහි කොටසක් බවත් වටහා ගැනීමෙන් පටන් ගමු (උත්පත්ති 1 : 1, ගීතාවලිය 24 : 1). මිනිසා තම ස්වරූපයෙන් මැවූ බව දෙවියන් වහන්සේ කීවා. මිනිසා මැවිල්ලේ සෙසු දේට වඩා උසස් බව ප්‍රකාශකරමින් ඔහුට ඒ පිළිබඳව ආධිපත්‍යය දුන්නා (උත්පත්ති 1 : 26-28). මිනිසාගේ වැටී‍මෙන් මැවිල්ල ශාපයකට යටත් වුවද, තවමත් එය උන් වහන්සේගේ අත්කම් විදහා පානවා (උත්පත්ති 3 : 17-18, රෝම 1 : 19-20). මැවිල්ලේ විශාලත්වය, සංකීර්ණ බව, අලංකාරය සහ පිළිවෙල සැලකිල්ලට ගැනීමේදි අපට දෙවියන් වහන්සේගේ පරිපූර්ණත්වය පිළිබඳ වැටහීමක් ලබාගත හැකි වේ.

දෙවියන් වහන්සේට භාවිතා වන ඇතැම් නම් ගැන පරීක්‍ෂා කර බැලීමේදි උන් වහන්සේ කෙබඳුද යන්න වටහා ගැනීම අපට උපකාරි වේ. ඒවා මෙසේ දැක්විය හැක:

1. එලෝහිම් - ශක්තිමත්, දිව්‍යමය (උත්පත්ති 1 : 1)
2. ඇඩෝනායි - ස්වාමියා, ස්වාමි සේවක සබඳතාවයක් පිළිබිඹු කරයි (නික්මයාම 4 : 10,13)
3. එල් එලියොන් - අති උසස්, ශක්තිමත් (උත්පත්ති 14 : 20)
4. එල් රෝයි - ශක්තිමත්ව දක්නා කෙනෙක් (උත්පත්ති 16 : 13)
5. එල් ෂඩ්ඩායි - සියලු බල ඇති දෙවියන් වහන්සේ (උත්පත්ති 17 : 1)
6. එල් ඔලාම් - සදාකාලික දෙවියන් වහන්සේ (යෙසායා 40 : 28)
7. යාවේ - ස්වාමීන් “මම වෙමි” ස්ව වැඩ සිටින සදාකාලික දෙවියන් වහන්සේ (නික්මයාම 3 : 13,14)

අපි දැන් තව දුරටත් දෙවියන් වහන්සේගේ ලක්ෂණ පරික්‍ෂා කරමු. දෙවියන් වහන්සේ සාදාකාලිකය, මින් අදහස් වනුයේ උන් වහන්සේට පටන් ගැන්මක් නැත. එසේම උන් වහන්සේගේ වැඩ සිටීමට අවසානයක්ද නැත. උන් වහන්සේ අමරණීයයි, සීමාරහිතයි (ද්විතීය 3 : 27, ගීතාවලිය 90 : 2, 1 තිමෝති 1 : 17). දෙවියන් වහන්සේ නොවෙනස් වේ. මින් අදහස් කරන්නේ උන් වහන්සේ නොවෙනස් බවත්, උන් වහන්සේ සම්පූර්ණයෙන්ම විශ්වාසවන්ත බවත්ය (මලාකි 3 : 6, ගණන් කථාව 23 : 19, ගීතාවලිය 102 : 26,27). දෙවියන් වහන්සේ අසමසමයි, මින් අදහස් කරන්නේ කිසිම කෙනෙකුටවත් තම වැඩ වලින් හෝ පැවැත්මෙන් උන් වහන්සේ හා සමාන විය නොහැකි බවය උන් වහන්සේ අසමසමයි, සම්පූර්ණයි (2 සාමුවෙල් 7 : 22, ගීතාවලිය 86 : 8, යෙසායා 40 : 25, මතෙව්5 : 48). උන් වහන්සේව වටහා ගැනීමට අපහසුය, මින් අදහස් කරනුයේ දෙවියන් වහන්සේගේ අගාධ (ගැඹුර) සොයා ගැනීමට නොහැකියි, එහෙත් සොයා ගත හැක්කේ උන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ විශ්වාසය හොඩ නැගීමෙන් පමණක් බව (යෙසායා 40 : 28, ගීතාවලිය 145 : 3, රෝම 11 : 33,34).

දෙවියන් වහන්සේ සාධාරණය, මින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ කිසිම කෙනෙකුට විශේෂත්වයක් නොදක්වන බවය (ද්විතීය 33 : 27, ගීතාවලිය 18 : 30). දෙවියන් වහන්සේ සියලු බලයෙන් පූර්ණයි, මෙයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ සියලු බලයෙන් යුක්ත වූ බවයි, උන් වහන්සේ කැමති ඕනෑම දෙයක් තම හිතුමතයට කළ හැක. එහෙත් උන් වහන්සේගේ සෑම ක්‍රියාවක්ම උන් වහන්සේගේ ලක්ෂණ වලට අනුකුල වේ (එළිදරව්19 : 6, යෙරමියා 32 : 17,27). දෙවියන් වහන්සේ සෑම තැනකම වැඩ සිටින්නාවූ තැනන්වහන්සේය, මින් පැහැදිලි කරන්නේ දෙවියන් වහන්සේ සෑම තැනකම වැඩ සිටින බව වන අතර, දෙවියන් වහන්සේ යනු සියල්ලමය කියා මින් අදහස් නොකෙරේ (ගීතාවලිය 139 : 7-13, යෙරමියා 23 : 23). දෙවියන් වහන්සේ සියල්ල දකින්නා වූ, සියල්ල දන්නා වූ කෙනෙකි, මෙයින් අදහස් කරන්නේ උන් වහන්සේ අපගේ අතීතය, වර්තමානය සහ අනාගතය මෙන්ම, ඕනෑම වෙලාවකදී අප සිතමින් සිටින්නා වූ දේ පවා කීමට හැකි සියල්ල දන්නා බවය. උන් වහන්සේ සාධාරණව යුක්තිය ඉෂ්ට කරන සේක (ගීතාවලිය 139 : 1-5, හිතෝපදේශ 5 : 21).

දෙවියන් වහන්සේ ඒකීයයි, මින් අදහස් කරන්නේ වෙන දෙවිවරු නැත යන්න මෙන්ම අපගේ හද තුළ ඇති ගැඹුරු ආසාවන් ඉෂ්ට කිරීමට උන් වහන්සේට හැකිය යන බවය. අපගේ නමස්කාරය සහ ඇදහීම පිළිගැනීමට සුදුසුය (ද්විතීය 6 : 4). දෙවියන් වහන්සේ යුක්ති ගරුකය, මින් අදහස් වන්නේ උන් වහන්සේ වැරදි ක්‍රියාවන්ට අනුබල දෙන්නේ වත්, ඒවා අනුමත කරන්නේවත් නැත කියා. දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි, යුක්ති ගරුකයි. මේ හේතුව නිසාම යේසුස් වහන්සේට, අපගේ පාප වලට කමාව ලබාදීම සඳහා අපගේ පව්තම කරපිටට ගත් වෙලාවේ උන් වහන්සේට දෙවියන් වහන්සේගේ විනිශ්චය අත්හදා බැලීමට සිදුවිය (නික්මයාම 9 : 27, මතෙව්27 : 45-46, රෝම 3 : 21-26).

දෙවියන් වහන්සේ ශ්‍රෙෂ්ඨයි, මින් අදහස් වන්නේ උන් වහන්සේගේ උසස් භාවයයි. උන් වහන්සේගේ මැවීම පිළිබඳව සලකා බැලීමේදි දැන හෝ නොදැන උන් වහන්සේගේ අරමුණට පිටු පෑමට නොහැක (ගීතාවලිය 93 : 1, 95 : 3, යෙරමියා 23 : 20). දෙවියන් වහන්සේ ආත්මයයි, මින් අදහස් කරන්නේ උන් වහන්සේගේ අදෘශ්‍යමාන බවය (යොහන් 1 : 18, 4 : 21). දෙවියන් වහන්සේ ත්‍රිත්වයක්ය, මෙයින් කියැවෙන්නේ උන් වහන්සේගේ ත්‍රිත්වය එක බවය. ද්‍රව්‍යමය වශයෙන්ද, මහිමයෙන් හා බලයෙන්ද එක හා සමාන බවය. පළමු ශුද්ධ ලියවිලි කොටසෙහි වෙනස්වූ පුද්ගලභාවයන් 3 ක සම්බන්ධතාවයක් පෙන්නුම් කලත්, “නාමය” ඒක වචනයෙන් දක්වා ඇති ආකාරය සැලකිල්ලට ගත යුතුවේ. “පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන්” (මතෙව්28 : 19, මාර්ක් 1 : 9-11). දෙවියන් වහන්සේ සත්‍යයයි, මින් අදහස් කරන්නේ උන් වහන්සේගේ දෝෂ රහිත, අසත්‍යයෙන් තොර උන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කර ඇති අයුරින්ම නොවෙනස්ව පැවතීමය (ගීතාවලිය 117 : 2, 1 සාමුවෙල් 15 : 29).

දෙවියන් වහන්සේ ශුද්ධය, මෙයින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ සෑම අයහපත් දෙයකින්ම වෙන්වී ඒවාට ගැති නොවී සිටීමය. දෙවියන් වහන්සේ සෑම අයහපත් දෙයක්ම දකින අතර, ඒවා ගැන උදහස්ව සිටී. ශුද්ධ ලියවිල්ලේ ශුද්ධකම හැඳින්වීමට නිතරම ගින්න භාවිතා වේ. දෙවියන් වහන්සේ දවාලන ගින්නක් ලෙසට හඳුන්වා දෙනු ලැබේ (යෙසායා 6 : 3, හබකුක් 1 : 13, නික්මයාම 3 : 2,4,5, හෙබ්‍රෙව්12 : 29). දෙවියන් වහන්සේ දයාන්විතයි, මෙයට උන් වහන්සේගේ යහපත්කම, කරුණාවන්තකම, දයාව සහ ප්‍රේමය ඇතුලත් වේ. මේවා උන් වහන්සේගේ කරුණාවේ ප්‍රභේදයන් ලෙස දැක්විය හැක. උන් වහන්සේගේ කරුණාව අප කෙරෙහි නොවී නම් උන් වහන්සේගේ සෙසු ලක්ෂණ වලින් අපව උන් වහන්සේ වෙතින් දුරස් කිරීමට හැකි වනු ඇත. ස්තුතිවන්ත වේවා හේතුව මෙය නොවන නිසා. මක්නිසාද උන් වහන්සේට අප එකිනෙකාව පුද්ගලිකව හඳුනා ගැනීමට ආසාවක් ඇත (නික්මයාම 34 : 6, ගීතාවලිය 31 : 19, 1 පේත්‍රැස් 1 : 3, යොහන් 3 : 16, යොහන් 17 : 3).

මෙය වනාහි දේවත්වය පිළිබඳව මධ්‍යස්ථව පිළිතුරු සැපයීමට ගත් උත්සාහයකි. කරුණාකර උන් වහන්සේව සොයා දැන ගැනීම මහත් බලාපොරොත්තුවකින් යුතුව දිගටම කරගෙන යන්න (යෙරමියා 29 : 13).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේගේ ලක්‍ෂණ මොනවාද? දෙවියන් වහන්සේ කෙබඳුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries