settings icon
share icon
ප්‍රශ්නය

ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රය හෝ රාශි චක්‍රය ගැන බයිබලය පවසන්නේ කුමක්ද? ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රය කිතුනුවකු ඉගෙන ගත යුතු දෙයක්ද?

පිළිතුර


බයිබලයට තාරකා ගැන බොහෝ දේ කියන්නට ඇත. තාරකා පිළිබඳ අපගේ අවබෝධයට වඩාත්ම මූලික වන්නේ දෙවියන් වහන්සේ ඒවා මැවූ බවයි. ඔවුන් ඔහුගේ බලය හා මහිමය පෙන්වයි. අහස යනු දෙවියන් වහන්සේගේ "හස්තකර්මාන්තයයි." (ගීතාවලිය 8:3 මෙසේ සඳහන් වේ.- සියතින් ඔබ නිම කළ අහස් තලයද ඔබ පිහිටවු සඳමඩලද, තරුවැල් ද, මා නරඹන කල්හි) ( ගීතාවලිය 19:1 ට අනුව අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේය. ගුවන් තලය එතුමන්ගේ අත්කම් විදහා පාන්නේය.) ඔහු සියළු තාරකා අංක කොට නම් කර ඇත (ගීතාවලිය147:4 එතුමාණෝ තාරකා ගණන නියම කළ සේක. ඒ සියල්ලට නම් තබන සේක.)

තාරකා හදුනාගත හැකි කණ්ඩායම් වලට පෙළගස්වා ඇති බව බයිබලය උගන්වයි. බයිබලයේ මේවායින් තුනක් සඳහන් වේ. ඔරායන් (මුව සිරස) , මහ වළසාවංක සර්පයා. ජෝබ් 9:9 මෙසේ සඳහන් වේ. (මහවළ සාද, මුව සිරස දහත් දින්නද දකුණු දිග තාරකාද මැවූ සේක, ජෝබ් 26:13 ට අනුව එතුමන්ගේ හුස්මෙන් අහස පිවිතුරු වෙයි. එතුමන්ගේ බාහුව පලා යන දිය රකුසා දෙබෑ කරයි. එසේම ජෝබ් 38:31-32 ට අනුව හත්දින්නේ තරු බැඳ තබන්නට හෝ මුව සිරසේ බඳ පටිය ලිහන්නට හෝ නුඹට හැකිද? සහ ආමොස් 5:8 ට අනුව හත්දින්නද මුව සිරසම වාලන, රෑ අඳුර එළිය කරන, මුහුදු දියට හඬ ගසා පොළොව පුරා ගලා යවන පවුරු හා බලකොටු පිට විනාශය පමුණුවන එතුමාණන්ගේ නම සමිඳාණෝ වන සේක.) එම ඡේදවලම ප්ලෙයිඩ්ස් (හත් දින්නත් තරු) යන තරු සමුහයද සඳහන් වේ. මෙම තාරකා මණ්ඩලවල "තරංග පථය සවි කරන්නේ" දෙවියන් වහන්සේය. එක් එක් සෘතුවේදී ඔවුන් පිටතට ගෙනෙන්නේ ඔහුය. ජෝබ් 38:32 මෙසේ පවසයි. "නියම කලට ග්‍රහරාශි චක්‍ර ලග්න වල පිහිටුවන්නට නුඹට හැකිද? සාමාන්‍යයෙන් තාරකා මණ්ඩල ලෙස පරිවර්තනය කර ඇති මැසාරොත් වෙතද දෙවියන් යොමු කරයි. මෙය බොහෝ දෙනා හිතන්නේ රාශි චක්‍රයේ තාරකා 12 ක් ගැනය.

තාරකා මණ්ඩල සහස්‍ර ගණනාවක් තිස්සේ සොයාගෙන අධ්‍යයනය කර ඇත. ඊජිත්තු සහග්‍රීකයෝ රාශි චක්‍රය ගැන දැන සිටි අතර ක්‍රිස්තුස්වහන්සේට පෙර සියවස් ගණනාවට පෙර වසන්තයආරම්භ කිරීමට එය භාවිතා කළහ. රාශි චක්‍ර රාශිවල අර්ථය ගැන බොහෝ දේ ලියා ඇති අතර, ඒවා දෙවියන් වහන්සේගේ පූර්ණ සැළැස්මේ පුරාණ ප්‍රදර්ශණයකින් සමන්විත වන න්‍යායන්ද වේ. නිදසුනක් වශයෙන් ලියෝ තාරකා මණ්ඩලය යුදා ගෝත්‍රයේ සිංහයාගේ ආකාශ නිරූපනය ලෙස දැක්විය හැකිය. (එළිදරව් 5:6 මෙසේ සඳහන් වේ). කන්‍යාභාවය යනු ක්‍රිස්තුස්ව බිහි කල කන්‍යාවගේ මතක් කිරීමක් විය හැක. කෙසේ වෙතත් තාරකා මණ්ඩල සඳහා සැඟවුන අර්ථයක් බයිබලයේ සඳහන් නොවේ.

සූර්යයා සහ චන්ද්‍රයා සමඟ තාරකා ලබා දී ඇත්තේ සංඥා සහ සමය සඳහා බව බයිබලය පවසයි. (උත්පත්ති 1:14 මෙසේ පවසයි. ඉන්පසු දෙවියන් වහන්සේ දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත් අවුරුදු මංගල්‍යය වකවානු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තුද වේවා කියාද) සඳහන් වන අතර ඒවායින් අදහස් කලේ අප වෙනුවෙන් කාළය සළකුණු කිරීමයි. ඒවා නාවික දර්ශකයන අර්ථයෙන් සංඥා වන අතර ඉතිහාසය පුරාම මිනිසුන් ලොව පුරා සිය ගමන් මඟ සටහන් කිරීමට තරු භාවිතා කර ඇත.

දෙව් ආබ්‍රහම්ට ගණන් කළ නොහැකි බීජයක් ලබා දෙන බවට දුන් පොරොන්දුවට නිදර්ශනයක් ලෙස තාරකා භාවිතා කළේය (උත්පත්ති 15:5). මෙසේ සඳහන් වේ. සමිඳාණන් වහන්සේ ඔහු පිටතට රැගෙන ගොස් අහස දෙස බලා හැකි නම් ඔය තාරකා ගණන් කරන්න. නුඹේ දරු පරම්පරාව එසේම වන්නේ යැයි වදාළසේක.) මේ අනුව, ආබ්‍රහම් රාත්‍රි අහස දෙස බැලූ සෑම අවස්ථාවකම ඔහුට දෙවියන් විශ්වාසවන්තකම හා යහපත්කම සිහිගන්වයි. පෘථිවියේ අවසාන විනිශ්චය තාරකා සම්බන්ධ තාරකා විද්‍යාත්මක සිදුවීම් සමඟ සිදුවේ (යෙසායා 13:9-10 මෙසේ සඳහන් වේ). "දේශය පාළුකර දමා එහි වසන පව්කාරයන් එයින් මුලින් උපුටා දමන පිණිස සමිඳුන්ගේ ඒ දවස රෞද්‍රව කෝපයෙන් හා බලවත් උදහසින් එන්නේය. අහසේ තාරකාද ග්‍රහ මණ්ඩලයද නොබැබලෙන්නේය. ඉර උදාවන විටම අඳුරු වන්නේය. සඳ එළිය නොදෙන්නේය.", ජෝවෙල් 5:15 ඉර හඳ අඳුරු වී ඇත. තරු වල දීප්තිය නිවී ගොස් ඇත (මතෙව් 26:29).

ජ්‍යෝතිෂ්‍යශාස්ත්‍රයයනු තාරකා (සහග්‍රහලෝක ) මිනිස ් ඉරණම කෙරෙහි බලපානඋපකල්පිත බලපෑමක අර්ථ නිරූපනය වේ. මෙය ව්‍යාජ විශ්වාසයකි. බබිලෝනිය මළුවෙහි රාජකීය ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍ර වන්තයන් දෙවිගේ අනාගතවක්තෘ දානියෙල් විසින් ලජ්ජාවට පත් කරන ලදි. දානියෙල් 1:20 මෙසේ සඳහන් වේ. ("එබැවින් ඔව්හු රාජ්‍ය සේවයට ඇතුළත් කරන ලදහ. තේරුම් පැහැදුම් ඇතිව විමසිය යුතු යම් කරුණු සම්බන්ධයෙන් රජතුමා ඔවුන්ගෙන් විමසූවිට මූළු රාජ්‍යයේ සිටි සියළු මන්ත්‍රකාරයන්ටත් අණවිණ කාරයන්ටත් වඩා දස ගුණයකින් ඔවුන් සමත් බව එතුමාට පෙනී ගියේය.") සහ රජුගේ සිහිනය අර්ථ නිරූපනය කිරීමට ඔවුන්ට නොහැකි විය. (දානියෙල් 2:27 දානියෙල් රජුට පිළිතුරු දෙමින් මෙසේ කීය. රජතුමා විමසා ඇති අබිරහස පහදා දීමට ශාස්ත්‍ර වන්තයන්ටත් අනවින කාරයන්ටත් මන්ත්‍ර කාරයන්ටත් පේන කියන්නන්ටත් නොහැකිය.) දෙවියන්වහන්සේගේ විනිශ්චයේදී පිදුරු මෙන් පුළුස්සා දමනු ලබන අය අතර දෙවියන්වහන්සේ ජ්‍යෝතිෂ්‍යයන් හා ශාස්ත්‍ර වන්තයන් නියම කරයි. (යෙසායා 47:13-14 ඉතින් නක්ෂත්‍රකාරයෝද නැකත් බලන්නෝද අමාවක් දවස් වලදී ශුභ අසුභ කියන්නෝද ඉදිරියට පැමිණ නුඹට සිදුවන්න යන දෙයින් නුඹ ගළවා ගනිත්වා. ඔවුන්ගේ අවවාද නුඹ ලැබූ නමුත් ඒවායින් නුඹ වෙහෙසට පත්වී ඇත. ඔවුන් ඉපනැලි මෙන් වන්නේය. ගින්න ඔවුන් දවන්නේය.) පේන කීමේ ස්වරූපයක් ලෙස ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලිවම තහනම් කර ඇත.( ද්වීතීය කථාව 18:10-14 මෙසේ සඳහන් වේ. තම පුත්‍රයා හෝ දුව හෝ ගින්නෙන් දවා පූජා කරන්නෙකුවත් , කොඩිවින කාරයෙකුවත්, හූනියම් කරන්නෙකුවත්, ආත්ම බන්ධන කාරයන්ගෙන් ගුරුකම් ගන්නෙකුවත්, මන්ත්‍රණ කාරයකුවත්, යක් බැන්දුම් කාරයකුවත් ඔබ අතර නොසිටිය යුතුය. මෙවැනි දේවල් කරන සියල්ලෝ සමිදාණන්වහන්සේට පිළිකුලකි. ඔවුන්ගේ මේ පිළිකුල් ක්‍රියා නිසා දෙවි සමිදාණන්වහන්සේ ඔබ යන්නට කලින් ඔවුන් පන්නා හරින සේක. දෙවි සමිදාණන් වහන්සේට ඔබ සම්පූර්ණයෙන් විශ්වාසවන්ත විය යුතුය.

දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනයාට "ස්වර්ගයේ සේනාවට නමස්කාර කිරීම හෝ සේවය කිරීම තහනම් කර ඇත. (ද්විතීය නීති කථාව 4:19) ඔබ අහස දෙස හිස ඔසවා, එහි ඇති ඉර හඳ, තාරකා සහ සියළු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙව් සමිදාණන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහිපිට සෙසු සියළු ජාතීන් සඳහාය. කෙසේ වෙතත්, ඊශ්‍රායලය ඔවුන්ගේ ඉතිහාසයේ කිහිප වතාවක්ම එම පාපයට වැටී ඇත (2 රාජාවලිය 17:16 එක් උදාහරණයකි. එනම් "ඔව්හු තමන්ගේ දෙවි සමිදාණන් වහන්සේගේ සියළු ආඥා අත්හැර වාත්තු කළ පිළිම මත වස්සන් දෙදෙනෙකු ද, අෂේරා කප් කණුද සාදාගෙන ආකාශ වස්තුන් සියල්ලට නමස්කාර කරමින් බාල් දෙවියාට සේවය කළෝය. ඔවුන් තාරකා වලට වන්දනා මාන කිරීම සෑම අවස්ථාවකදීම දෙවියන් වහන්සේගේ විනිශ්චය ගෙන ආවේය.

තාරකා දෙවියන් වහන්සේගේ බලය, ප්‍රඥාව සහ අනන්තය ගැන පුදුමය අවධි කරයි. කාළය හා ස්ථානය පිළිබඳව සොයා බැලීමට අපි තාරකා භාවිතා කළ යුතු අතර දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත ගිවිසුම් රකින ස්වභාවය අපට මතක් කර දෙයි. ස්වර්ගයේ මැවුම්කරුවා අප පිළිගනිමු. අපේ ඥානය පැමිණෙන්නේ තාරකා වලින් නොව දෙවියන් වහන්සේගෙන්ය (යාකොබ් 1:5). ඔබගෙන් යමකුට ප්‍රඥාව නැත්නම් ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටීවා. දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක. දෙවියන් වහන්සේගේ වචනය, බයිබලය තුළින් අපගේ ජීවිතයට මඟ පෙන්වයි. ගීතාවලිය119:105 ඔබේ වචනය මාගේ දෙපයට පහනක්ය. මාගේ මාවතට එළියක්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රය හෝ රාශි චක්‍රය ගැන බයිබලය පවසන්නේ කුමක්ද? ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රය කිතුනුවකු ඉගෙන ගත යුතු දෙයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries