settings icon
share icon
ප්‍රශ්නය

ආර්මේනියන්වාදය යනු කුමක්ද? එය බයිබලයට අනුකුලද?

පිළිතුර


ආර්මේනියන්වාදය යනු දෙවියන් වහන්සේගේ ස්වෛරී භාවය සහ මිනිස් සංහතියේ ස්වකැමැත්ත, විශේෂයෙන් ගැළවීම පිළිබඳ, සම්බන්ධතාවය විවරණය කිරීම සඳහා යොදාගත් එක් ඇදහිල්ලේ ක්‍රමයක උත්සාහයක්ය. ආර්මේනියන්වාදය ප්‍රඥප්තවූයේ ඕලන්ද දේව ධර්මාචාර්යවරයෙකු වන ජේකබ් ආර්මේනියස් ගෙන් පසුවය (1560-1609). කැල්වින්වාදය අවධාරණය කරන්නේ දෙවියන් වහන්සේගේ ස්වෛරීභාවය, වන අතර ආර්මේනියන්වාදය මනුෂ්‍යයාගේ වගකීම් පිළිබඳ අවධාරණය කරයි. ආර්මේනියන්වාදයද කැල්වින්වාදය මෙන්, කරුණු 5 කට බෙදනු ලැබූවේ නම්, මේවා එම කරුණු 5 ට අයත් වේ.

(1) අගතිගාමී දූෂිත ක්‍රියාව-මිනිස් සංහතිය දූෂණය වී ඇතත් තවමත් දෙවියන් වහන්සේ සෙවීමේ හැකියාව ඇත. අප පිරිහුණු සහ පාපය කරණකොටගෙන දූෂිතවී සිටියද මනුෂ්‍ය තීරණයන් අභිබවා යන දිව්‍යමය අනුග්‍රහය නිසා ගැළවීම ලබා ගැනීමට දෙවියන් වහන්සේ වෙතට ඒම තෝරා ගැනීමට බැරිකමක් නැත. මනුෂ්‍යයන්ගේ ස්වකැමැත්තට බලපෑම් කරණ ලෙස ආත්මයට යටත් වන්නට එවැනි අනුග්‍රහයක් දී ඇත. සටහන: බොහෝ ආර්මේනියන්වරු අගතිගාමී දූෂිතවීම ප්‍රතික්‍ෂේප කර කැලවින්වාදිවරුන් මෙන් සම්පූර්නයෙන්ම විනාශවීමකට ඉතා ආසන්න මතයක් දරයි. (2) කොන්දේසිගත තෝරා ගැනීම- දෙවියන් වහන්සේ "තෝරා ගනු ලබන්නේ" අදහන පිණිස තෝරා ගනු ඇතැයි තමන් දන්නා අය පමණක්ම බවය. කිසිවෙක් ස්වර්ගය හෝ නිරය වෙත පූර්ව නිශ්චිතත්වයකට පමුණුවා නැත. (3) සීමාරහිත / අපරිමිත නිෂ්කෘතිය / ප්‍රායශ්චිත්තය - යේසුස් වහන්සේගේ ජීවිත පූජාව තෝරා ගනු නොලැබවූවන් මෙන්ම සියළු මනුෂ්‍යය සංහතිය උදෙසා බව පිළිනොගන්නාවූ අය මෙන්ම, සෑම දෙනාම උදෙසා සහ ඕනෑම කෙනෙකුට එතුමන් අදහා ගැනීමෙන් ගැළවීම ලබා ගත හැකිය යන මතයද වේ. (4) විරෝධනය කළ හැකි අනුග්‍රහය- ගැළවීම සඳහා දෙවියන් වහන්සේගෙන් පැමිණෙන කැඳවීම විරෝධනය / ප්‍රතික්‍ෂේප කළ හැක. ගැළවීම කරා දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ඇදීම අප කැමති නම් විරෝධනය කළ හැක. (5) කොන්දේසි ගත ගැළවීම- තමන්ගේ දිවියට ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොට ගෙන ලැබෙන බලපෑම සක්‍රීය ලෙස ප්‍රතික්‍ෂේප කිරීම කරණකොටගෙන කිතුණුවකුගේ ගැළවීම අහිමිවී යා හැක. ගැළවීම පරිපෝෂණය කිරීම එය රඳවා තබා ගැනීම සඳහා අවශ්‍ය වේ. සටහන: බොහෝ ආර්මේනියන්වරුන් " සදාකාලික සුරක්ක්‍ෂිත භාවය" අල්ලා ගෙන සිටින අතර "කොන්දේසි ගත ගැළවීම" ප්‍රතිෂේධනය කරයි. කැලවින්වාදයේ කරුණු හතර අතුරින් ආර්මේනියන්වරු විශ්වාස කරන එකම කරුණනම් (3) වන කාරණාව වන" සීමාරහිත පමණක් නොව මුළු ලෝකයත් උදෙසාය" 1 යොහාන් 2:2 පවසයි. 2 පේත්‍රස් 2:1 හි යේසුස් වහන්සේ මරණයට / විනාශයට නියමකර තිබූ බොරු ප්‍රොපේතවරුද ගෙන ආ බව පවසයි. "නමුත් සෙනඟ අතරේ බොරු ප්‍රොපේතවරුද සිටියෝය. එලෙසම විනාශක ධර්මභේද රහසින් උපදවමින්ද තමුන්ම මිලේටගත් ආචාරීන් වහන්සේව එපා කරමින්ද තමුන් පිටට ශීග්‍ර විනාශය පමුණුවා ගන්නාවූ බොරු ගුරවරු නුඹලා අතරේත් වන්නෝය". යේසුස් වහන්සේව අදහා ගන්නාවූ ඕනෑම කෙනෙකුට හා සෑම කෙනෙකුටම ගැළවිම ලැබිය හැකිය. යේසුස් වහන්සේ ගැළවෙන්නාවු අය සඳහා පමණක් ජිවිතය පූජා නොකළේය.

සිව් කාරණා කැල්වින් වාදය (Got Questions Ministries නිල ස්ථාවරය) අනුව ආර්මේනියන් වාදයේ සිව් කාරණා බයිබලයට අනුකුල නොවන බව විචලනය වන තත්වයන් යටතේ සොයාගෙන ඇත. රෝම 3:10-18 බලවත් ුශ්චරිතය පිළිබඳ ප්‍රබල ලෙස විවාදකරයි. කොන්දේසිගත (කොන්දේසි සහගත / කොන්දේසි සහිත) තෝරාගැනීම හෝ අනාගත ඥානය / පෙර දැනගැන්ම මත තෝරා ගත් මනුෂ්‍යය ක්‍රියාවන් දෙවියන් වහන්සේගේ ස්වෛරීභාවය ප්‍රබල අවධානයකට ලක් නොකරයි (රෝම 8:28-30). ප්‍රතිරුද්ධ අනුග්‍රහය දෙවියන් වහන්සේගේ බලය සහ පරිසමාප්තිය අවතක්සේරුවකට ලක් කරයි. කෝන්දේසිගත ගැළවීම, අනුග්‍රහයේ තෑග්ගක් වෙනුවට ගැළවීම සඳහා කරන ක්‍රියාවට පාරිතෝෂිකයක් වේ (එපීස 2:8-10). මෙම ක්‍රමයන් දෙක තුළම ප්‍රශ්ණ දුර්වලතා වන නමුත් කැල්වින්වාදය ආර්මේනියන් වාදයට වඩා බයිබලයට අනුකුල වේ. කෙසේ වුවද මෙම ක්‍රමයන් දෙකම දෙවියන් වහන්සේගේ ස්වෛරීභාවය සහ මනුෂ්‍යයාගේ ස්ව කැමැත්තේ සම්බන්ධතාවය පිළිබඳ ප්‍රමාණවත් විග්‍රහයක් දැක්වීමට අපොහොසත් වේ. මන්ද යත් දෙවියන් වහන්සේට පමණක් වටහා ගත හැකි සංකල්පයක් පිළිබඳ පරිච්ජින්න / සීමිත මනුෂ්‍යය මනසකට තෝරා බේරා ගැනීම ඉතා අපහසුය.

English


නැවතත් සිංහල මුල් පිටුවට
ආර්මේනියන්වාදය යනු කුමක්ද? එය බයිබලයට අනුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries