ගිවිසුම් පෙට්ටියට කුමක් සිදුවීද?



ප්‍රශ්නය: ගිවිසුම් පෙට්ටියට කුමක් සිදුවීද?

පිළිතුර:
ගිවිසුම් පෙට්ටියට කුමක් සිදුවීද යන්න දේව ධර්මධරයන්ට, බයිබල් ශිෂ්‍යයන්ට සහ පුරා විද්‍යාඥයන්ව ශතක ගණන් ප්‍රීතියෙන් පිනවූ පැණයකි. යුදාහි රජවූ යොෂියාගේ රාජ්‍ය කාලයේ 18 වන අවුරුද්දේදී ගිවිසුම් පෙට්ටියේ ආරක්ෂා කරුවන්ට ඔහු විසින් අණ කරනු ලැබුවේ එය නැවතත් යෙරුසලමේ දේවමාලිගාවට රැගෙන යන ලෙසයි. (2 ලේකම් 35:1–6, 2 රාජාවලිය 23:21–23) ගිවිසුම් පෙට්ටිය පිහිටි ස්ථානය පිළිබදව ශුද්ධ ලියවිල්ලේ සදහන් කර ඇති අවසාන වතාව මෙයවේ. වසර 40 කට පසුව බබිලෝනියේ නෙබුකද්නේෂර් රජ යෙරුසලම ග්‍රහණය කොට දේවමාලිගාව ආක්‍රමණය කළේය. ඊට වසර දහයකටත් අඩු කාලයකට පසුව ඔහු නැවතත් අවුත් දේවමාලිගාවෙහි ඉතිරිව ඇති දේ රැගෙන දේවමාලිගාවත් නගරයත් කිසිවක් ඉතිරි නොවන සේ පුළුස්සා දැමීය. එසේ නම් ගිවිසුම් පෙට්ටියට කුමක්වීද? එය නෙබුකද්නේෂර් විසින් රැගෙන යනු ලැබුවේද? එය නගරයත් සමගම විනාශ කරනු ලැබීද? නැතහොත් සලමොන්ගේ පුත් රෙහබෝවම්ගේ පාලන සමයේදි ඊජිප්තුවේ පාරාවෝ වූ ශිෂාක් දේවමාලිගාව ආක්‍රමණය කළ අවස්ථාවේ ප්‍රත්‍යක්ෂ ලෙස සිදුවූ ආකාරයටම එය ඉවත් කරනු ලැබ ආරක්ෂා සහිතව සඟවනු ලැබුවෙිදරෑ :ර්‍ණප්‍රත්‍යක්ෂ ලෙසණී වන්නේ ශිෂාක්ට ගිවිසුම් පෙට්ටිය ලබා ගැනීමට හැකිවුනී නම් ලෙවීවරුන්ට එය නැවතත් ගෙන එන ලෙසට යොෂියා ඉල්ලා සිටියේ මන්ද? ගිවිසුම් පෙට්ටිය ඊජිප්තුවේ–එනම් නැතිවූ ගිවිසුම් පෙටිට් ආක්‍රමණිකයන්ගේ මායිම් ප්‍රදේශයේ තිබුණි නම් ලෙවීවරුන්ට එය හිමි කරගැනීමටත් නැවත ආපසු රැගෙන ඒමටත් නොහැකි වනු ඇත.

සෞත්‍රික නොවන පොතක් වන 2 මකබි යන්නෙහි වාර්ථා කරනු ලබන්නේ බබිලෝනීය ආක්‍රමණයට පෙරාතුව යෙරමියාල දිව්‍යමය එළිදරව්වක් අනුගමනය කරමින් අණ කරනු ලැබුවේ කූඩාරම සහ ගිවිසුම් පෙට්ටිය ඔහු කැටුව ආ යුතු බවය... එසේම මෝසෙස් දෙවියන් වහන්සේගේ උරුමය දැක ගැනීම පිණිස නැගුනාවූ කන්ද වෙත ඔහු ගමන් කළ බවයි. (උදා ලෙස නෙබෝ කන්දත ද්වීතිය කථාව 31:1–4) යෙරමියා එම ස්ථානයට ලගා වූ පසු ඔහුට ගල්ලෙනක කාමරයක් හමු වී ඔහු කූඩාරම, ගිවිසුම් පෙට්ටිය සහ සුවද දුම් අල්තාරය එතුළට දමා එහි පිවිසුම අවහිර කොට තබන ලදී. (2:4–5) කෙසේ නමුත් ඔහුව අනුගමනය කරනු ලැබූවන් මාර්ගය සළකුණු කරනු වස් එනු ලැබූ නමුත් ඔවුන්ට එය සොයා ගැනීමට නොහැකි විය. යෙරමියා හට මෙය දැන ගැනීමට හැකිවූ විට ඔහු ඔවුනට තරවටු කලේ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ සෙනග නැවතත් එකතු කොට ඔවුන්ට දයාව දක්වන තුරු මෙම ස්ථානය අප්‍රසිද්ධ ලෙස රැදී තිබිය යුතුය. එවිට මොසේස්ගේ සමයේ මෙන්ම සලමොන් දේවමාලිගාව තේජාන්විත ලෙස පවිත්‍රවීම පිණිස යාච්ඤා කළ අවස්ථාවේ ප්‍රකාශ වූ ලෙස දෙවියන් වහන්සේ මේ සියල්ල අනාවරණය කරනු ලබන අතරම දෙවියන් වහන්සේගේ මහිමය වළාකුළ තුලින් එලි දැක්වේ. (2:6–8) මෙම භාවිතා කරන ලද වාර්ථාව නිරවද්‍යද යන්න පසක් කළ නොහැකි වන අතර (2:1 බලන්න) එය එසේ වූවත් එම වාර්ථාව හිමිකම් පාන අයුරින්, ස්වාමින් වහන්සේ නැවත එන තුරු අපට එය දැනගත නොහැක.

නැතිවූ ගිවිසුමි පෙටිටිය පිළිබදව හෝඩුවාවන් අරභයා ඇති අනෙකුත් මතවාදයන් අතරට එක්වන්නේ ශ්ලෝමෝ ගොරේන් සහ යෙහුදා ගෙටිස් යන රබ්බිවරුන්ගේ හිමිකම් වන දේවමාලිගාව මුදුනට පහතින් සගවා ඇත්තේ නෙබුකද්නේෂර් විසින් සොරාගනු ලැබීමට ප්‍රථමයෙන් එහි වල දමා ඇති බවයග අභාග්‍යයකට මෙන් දේවමාලිගාව මුදුන වර්තමානයේ ඉස්ලාමීය ශුද්ධ ස්ථානයක් වන ගිරි ශිඛරයට නිවාසයක් බවට පත්ව ඇති හෙයින් එහි කැණීම් කටයුතු සිදු කිරීම් ඉඩ හැරීමට මුස්ලිම් ප්‍රජාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. එසේ හෙයින් ගොරේන් සහ ගෙටිස් යන රබ්බිවරුන් නිවැරදි? යන්න අපට දැන ගත නොහැක.

ගවේශකයෙක් වන වෙන්ඩිල් ජෝන්ස් අනෙකුත් අය අතුරින් විශ්වාස කරනු ලබන්නේ ඔවුනට සම්බ වූ මානවකෘති අතුරින් මළ මුහුදු ආවර්තිතා ලිපි එනම් කුමිරාන් ගල්ලේන යන්නෙභි ගුප්ත (තඹ ආවර්තිතා ලිපිණී සැබවින්ම බබිලෝනියන් පැමිනෙන්නට ප්‍රථමයෙන් දේවමාලිගයෙන් ගනු ලැබූ අනර්ඝ නිධන්වස්තූන්හී පිහිටීම පිළිබද විස්තරාත්මක වර්ගීකරණයක් කරන්නාවූ නිධන්වස්තූන් සිතියමක් බවත්, එසේම ඒ අතර නැතිවූ ගිවිසුම් පෙට්ටිය තිබේය යන්නය. මෙය සත්‍යය බවට රැදවී තිබුණත් නැතත් ආවර්තිතා ලිපි වල ලේඛණගත කොට ඇති අවශ්‍යය භූගෝලීය ප්‍රමුඛ ස්ථාන නිශ්චයනය කිරීමට කිසිවකුටත් මේ වන විට හැකිවී නොමැත. සිත්ගන්නා සුළු කරුණක් නම් සමහර විද්වත්හූ අනුමාන කරන්නේ සැබවින්ම තඹ ආවර්තිතා ලිපි 2 වන මකබි 2:1 සහ 4 හි සදහන් පරිදි යෙරමියා ගිවිසුම් පෙට්ටිය සැගවීම පිළිබදව විස්තර කරන වාර්ථාව ලෙසයි. මෙය සිත්ගන්නා සුළු සමපේක්ෂණයක් වන අතරම යමක නිරවද්‍යතාවට සනාථ කළ නොහැක්කක් ලෙසට රැදවී පවතියි.

දි ඉකනොමිස්ටි (ආර්ථික විද්‍යාඥයා) යන්නෙහි හිටපු පෙරදිග අප්‍රිකානු වාර්තාකරු වන ග්‍රහැම් හැන්කොක් ද සයින් ඇන්ඩි ද සීල් (සංව සහ මුද්‍රාව) යන මාතෘකාව ලත් ග්‍රන්ථයක් 1992 හිදී ප්‍රකාශයට පත් කලේය. නැතිවූ ගිවිසුම් පෙට්ටිය සොයා යෑමේ කර්තව්‍යයෙහි ඔහු විසින් වාද කරනු ලැබුවේ ඉතියෝපියාවේ ඉපැරණි නගරයක් වූ අක්සුමිහී ශාන්ත මරියා නම්වූ සියොන් සභාවෙහි ගිවිසුම් පෙට්ටිය අහුරා ඇති බවටය. ඊග්ගීගෑග ආයතනයේ ගවේශකයෙකු වූ රොබට් කෝර්නුක් විශ්වාස කරනු ලබන්නෙත් ගිවිසුම් පෙට්ටිය අක්සුමිහී තැන්පත් කර ඇති බවය. කෙසේ නමුත් කිසිවෙක් එය එම ස්ථානයෙන් තවමත් සොයා ගෙන නොමැත. එපරිද්දෙන්ම පුරාවිද්‍යාඥයෙකුවූ මයිකල් සැන්ඩර්ස් විශ්වාස කරනු ලබන්නේ ඊශ්‍රායෙල්හී ගම්මානයක් වූ ද්ජ්හර්යාහි පෞරාණික ඊජිප්තු සිද්ධස්ථානයක ගිවිසුම් පෙට්ටිය සගවා ඇති බවය. එහෙත් එය ඒකාන්තයෙන්ම එතකුදු සොයා ගැනීමට ඇත.

අනුමාන අයර්ලන්ත සම්ප්‍රදායට අනුව මතයක් දරා සිටින්නේ අයර්ලන්තයේ ටාරා කන්ද යට වැළලී ඇති බවය. සමහර විද්වත්හූ විශ්වාස කරනු ලබන්නේ මෙය අයර්ලන්ත ජනප්‍රවාදයක් වන දේදුන්න අග ඇති රන් සැලිය යන්නට මූලාශ්‍රය ලෙසයි. ඊටත් අඩුවෙන් විශ්වාස කළ හැක්කක් වන්නේ රොන් වයිට් සහ ටොමි ක්‍රොට්සර්ගේ හිමිකමයි. එනම් වයිට් හිමිකම් පාන්නේ නැතිවූ ගිවිසුම් පෙට්ටිය කල්වාරි කන්ද යට වැළලී ඇති බව ඔහු දැක ඇති බවත් එලෙසම ක්‍රොටිසර් හිමිකම් පාන්නේ නේබෝ කන්ද අසළ ඇති පිස්ගි කන්දෙහි ඔහු එය දැක ඇති බවය. පුරාවිද්‍යාඥ ප්‍රජාව මගින් මෙම පුද්ගලයන් දෙදෙනාම ඉතා අව සම්මානනයකට ලක්ව ඇති අතර දෙදෙනාගෙන් එක්කෙනෙකුට හෝ කිසිඳු සාක්ෂියක් සහිතව එම හිමිකම් කිසිවක් සනාථ කිරීමට හැකිවී නොමැත.

අවසානයේදී ගිවිසුම් පෙට්ටිය දෙවියන් වහන්සේට හැර අනෙකුත් සියල්ලන්ටම නැතිවූ දෙයක් බවට පත්ව ඇත. ඉහත ගෙන හැර පෑවක් මෙන් සිත්ගන්නා සුළු මතවාදයන් බොහෝමයක් ඉදිරිපත් වෙමින් පවතින නමුත් ගිවිසුම් පෙට්ටිය තවමත් සොයා ගැනීමට ඇත. 2 වන මකබි පොතෙහි කර්තෘන් බොහෝ විට නිවැරදි විය හැකත එනම් ස්වාමින් වහන්සේ, උන් වහන්සේම ආපසු එනතුරු ගිවිසුම් පෙට්ටියට කුමක් වූයේද යන්න අපට සොයා ගත නොහැකි වනු ඇත.



නැවතත් සිංහල මුල් පිටුවට



ගිවිසුම් පෙට්ටියට කුමක් සිදුවීද?